theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මව්පදවියට සූදානම් වීම සදහා ඔබට උපදෙස්

3 අවම කියවීම
මව්පදවියට සූදානම් වීම සදහා ඔබට උපදෙස්මව්පදවියට සූදානම් වීම සදහා ඔබට උපදෙස්

මවක් වීමට සුදානම් වන ඔබ දැනගත් විය යුතු කාරණා

මවක් වීමට සුදානම්වීම යනු ලේසී පහසු කටයුත්තක් නෙමෙයි.

මවක් වීමට හිතු පමණින් එය ඉටු කරගැනීම පහසු නැහැ. මේ ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ ඒ ගැන අපිට උපදෙස් ලබා දෙන ලිපියකි. 

මවක් වීමට පෙර ඔබ ඒ සදහා සූදානම් වෙන්න ඕන. ඒ කොහොමද කියන එක ඔබට පැහැදිලි කරන්නම්.

මවක් වීමට සුදානම්වීම: මවක් වීමට සුදුසු වයස

ස්වයංවින්දනය

මවගේ වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි. අවුරුදු 18කට පෙර මවක් වීම සුදුසු නැහැ.

මොකද ගැහැණු ලමයෙකු අවුරුදු 18 වෙනකම් ශාරීරිකව හා මානසිකව වැඩෙනවා.

ඒ නිසා සම්පූර්ණ ශාරීරිකව හා මානසිකව වැඩෙන්නටපෙර ගැබිනියක් වීමට සුදුසු නැහැ .

මොකද වයස 18ට අඩුවෙන් ගර්භනී වීමේදී විවිධ සංකූලතාවයන්ට ලක්වීමට ඇති අවදානම වැඩියි.

ඒ වගේම අවුරුදු 35ට වඩා මවගේ වයස වැඩිවූවිට මව විවිධ රෝගයන්ට ගොදුරුවීමේ අවදාම වැඩියි.

ගර්භනී සමයේ දියවැඩියාව , අධික රුධිර පීඩනය වැනි සංකූලතාවයන් හටගන්නට වැඩි අවධානමක් තියෙනවා.

දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමටද මවගේ වයස වැඩිවීම බලපාන්නට පුළුවන්.

ඒ නිසා කාන්තාවන් වන ඔබ නිසි වයසේදී විවාහ වී මවක් වීම ඉතා වැදගත්.

මවක් වීමට සුදානම්වීම: ඔබේ ශරීර සෞඛ්‍ය 

මව්පදවියට සූදානම් වීම සදහා ඔබට උපදෙස්

මවට යම්කිසි රෝගී තත්ත්වයක් ඇතිනම් එය බිහිවන දරුවාටද බලපාන්න පුළුවන්.

ඒ වගේම ගර්භනී සමයේ යම් රෝගී තත්ත්වයක් නිසා මවට මවට විවිධ සංකූලතා හටගන්න ඉඩ තියෙනවා.

ඒ නිසා මවට දියවැඩියාව , අධික රුධිර පීඩනය , අපස්මාරය , හර්ද්‍යාබාද , හෝමෝන අසමතුලිතතාවයන් ඇතිනම් ඒවා මනාව පාලනය කරගැනීම ඉතා වැදගත්.

විශේෂයෙන්ම ඔබ දරුවකු බලාපොරොත්තුවෙන් පසුවනවානම් ඒ බව ඔබ ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා හට දැනුම් දී එයට අවශ්‍ය ලෙස ඖෂධ ලබාගන්න.

ඔබේ උසට සරිලන බරක් තිබීම

මවගේ බර අඩුනම් එය දරුවාගේ වර්ධනයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම බර අඩු කාන්තාවන් හට ගැබ්ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්.

ඒ නිසා ගැබ්ගැනීමට සූදානම් වන ඔබේ BMI අගය 18.5 ( දහ අටයි දශම පහ) ට වඩා වැඩියෙන් තබාගැනීම වැදගත්.

BMI අගය 25 ට වඩා වැඩිනම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භනී සමයේ මෙන්ම ප්‍රසූතියේදී සංකූලතාවයන් හටගන්නට පුළුවන්.

බර වැඩි කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස නොවන නිසා ඔබට දරුවන් ප්‍රමාද වෙන්න පුළුවන්.

ඒ නිසා BMI අගය 25ට වැඩිනම් ව්‍යායාම මගින් හා ආහාර පාලනය මගින් බර අඩුකරගැනීම වැදගත්.

මවක් වීමට සුදානම්වීම:පෝෂණය

සතියට ආහාර වට්ටෝරු

 

මව පෝෂනීය ආහාර වේලක් ගැනීමට හුරු වීම වැදගත්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම අප ලබාගන්න ආහාර වල අවශ්‍ය පමනට ෆෝලික් අම්ලය නැති නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ලබාගන්න.

ඒ මගින් දරුවාගේ මොලය හා සුෂුම්නාව ආශ්‍රිතව හටගන්න දරුණු සංකූලතාවයන් පහසුවෙන් මගහරවාගන්න පුළුවන්.

ෆෝලික් ඇසිඩ් ලබාගතයුතු කාලය පිලිබඳව ඔබේ වෛද්‍යවරයා හමුවී දැනගන්න එවිට ඔබට ගැලපෙන ලෙස සැලසුම් කරගන්න පුළුවන්.

ලෙඩ රෝග වලින් සිගිත්තා රැකගැනීමට ප්‍රතිශක්තිකරණය

මවට ගර්භනී සමයේ හටගන්නා සමහර ලෙඩරෝග වලින් දරුවාට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්.

රුබෙල්ලා රෝගය නිසා මවගේ කුසතුල දරුවාට දරුණු සංකූලතාවයන් ඇතිවෙනවා.

මෙය රුබෙල්ලා එන්නත ගැබ් ගන්නට පෙර ලබාගැනීම මගින් පාලනය කරන්න පුළුවන්.

රුබෙල්ලා එන්නත ලබාගැනීම හා එහි වැදගත්කම් පිලිබඳව මීට පෙර ලිපියක් මෙම සමූහයේ පල කර ඇති.

ඒ වගේම පිටගැස්ම දරුවාට උපතේදීම වැලදීමේ අවධානම අඩු කරගන්නට ගර්භනී සමයේ පිටගැස්ම එන්නත ලබාගන්න පුළුවන්.

ගැබ් ගැනීමට ඔබේ සරු කාලය හදුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් ඒ නිසා සරු කාලය හදුනාගන්න පිලිවෙල මීට පෙර ලිපියක් මගින් පැහැදිලි කර ඇති.

වෛද්‍යතුමන්ගේ මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මව්පදවියට සූදානම් වීම සදහා ඔබට උපදෙස්
බෙදාගන්න :
  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it