theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගිකව එක්වීමෙදී මුඛ ආවරණ පළඳින්නට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දෙති

4 අවම කියවීම
ලිංගිකව එක්වීමෙදී මුඛ ආවරණ පළඳින්නට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දෙතිලිංගිකව එක්වීමෙදී මුඛ ආවරණ පළඳින්නට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දෙති

ලිංගිකව එක් වෙද්දි මුඛ ආවරණ පැළඳීමෙන් කොරෝනා වලින් බේරිලා ඉන්න හැකියාවක් තියෙනවා කියලා හොයාගෙන තියනවා.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් යුවළවල් සඳහා ආරක්ෂිතව ලිංගිකව එකතුවීම ගැන උපදෙස් විද්‍යාඥයන් පිරිසක් විසින් දෙනු ලබනවා.

ආරක්ෂිතව ලිංගිකව එකතුවීම ගැන හාවඩ් විශ්වවිද්‍යාලයෙන් කල අනතුරු හැඟවීම.

හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අනතුරු අඟවලා තියනවා ලිංගිකව එකතු වීම මඟින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන්නට ඉඩක් තියෙනවා කියලා.

ඒ නිසා ඔවුන් යුවළවල් වලට අවවාද කර සිටිනවා ඔවුන් ඔවුන්ගේ සහකරුවන් සමඟ ආරක්ෂිතව ලිංගිකව එකතුවීම කරන විට කොරෝනා වෛරසය පැතිරීම අවම කරන ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනට කරල ලෙසට.

සිප ගන්නෙත් මුඛ ආවරණ දාගෙනද?

ඒ කියන්නෙ යුවළක් සිප ගැනීමෙන් වළකින ලෙසට ඔවුන් පවසනවා.

අනිවාර්‍යයෙන්ම ලිංගික කාර්‍යයට පෙර හා පහු ස්නානය කරන ලෙසත්, ලිංගික කාර්‍යයේ නිරත වන විට මුඛ ආවරණ පැළඳගෙනම එය සිදු කරන ලෙසත් එම විද්‍යාඥයන් පිරිස අවවද කරනවා.

ආරක්ෂිතව ලිංගිකව එකතුවීම

එම විද්‍යාඥයන් පිරිස කරන ලද අධ්‍යාපනයෙන් සොයාගෙන තියෙනවා විවිධ ලිංගික කටයුතු සහ ඒවා නිසා කොරෝනා ව්‍යාප්ත වෙන්නට තියන අවධානම ගැන.

විවිධ ලිංගික කටයුතු අතර ආරක්ෂිතව ලිංගිකව එකතු වීම සහ කොරෝනා ව්‍යාප්තිය.

සොයා ගන්නා ලද එම කරුණු වලට අනුව තම නිවස තුල සිටින අයෙක් සමඟ කරන ස්වයං වින්දන කටයුතු කොරෝනා ව්‍යාප්තියේ අඩු අවදානම් ආකාරයක් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

නමුත් තමගේ නිවසේ වාසය නොකරන අයෙක් සමඟ ලිංගිකව එකතු වීම ඔවුන් දමන්නේ අධි අවදානම් කියන ගොඩට. එය ආරක්ෂිතවලිංගිකව එකතුවීම කියලා ඔවුන් සලකන්නේ නෑ.

ලිංගික කටයුතු වලින් ඈත් වෙන්න කියලා පර්‍යේෂකය කණ්ඩායම කියනවාද?

බොහෝ මිනිසුන්ට ලිංගික ක්‍රියා වලින් වැළකී සිටීම කළ නොහැකි බව පර්යේෂකයන් පිළිගන්නවා. ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ආරක්ෂිතව ලිංගිකව එකතුවීම

වෛද්‍ය ජැක් ටර්බන් විසින් මෙහෙයවන් ලද පර්‍යේෂකයන් විසින් ආරක්ෂිතව ලිංගිකව එකතුවීම ගැන පල කල අදහස්.

වෛද්‍ය ජැක් ටර්බන් විසින් මෙහෙයවන ලද පර්යේෂකයන් විසින් අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ වාර්ෂික සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ අධ්‍යයනයේ මෙසේ සඳහන් විය.

  • “සමහර රෝගීන්ට පුද්ගල ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම අත් කරගත හැකි ඉලක්කයක් නොවේ."
  • "මෙම තත්වයන් තුළ, ඔවුන් ස්වයං නිරෝධායනය කරන පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීම ආරක්ෂිතම ප්‍රවේශයයි. නමුත් ආරක්ෂිතව ලිංගිකව එකතුවීම සඳහා වග බලා ගත යුතුයි."
  • "අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා ලිංගිකව සම්ප්‍රේෂණය වන අනෙකුත් ආසාදන අවදානම අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මෙම කාලය තුළ අඛණ්ඩව උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳවද රෝගීන්ට තොරතුරු ලබා දිය යුතුය."

කොරෝනා හැදී දවස් 30ක් යනකල් තහනම්.

සුවය ලැබූ කොරොන වයිරස් රෝගීන් දින 30 ක් ලිංගිකව හැසිරීමෙන් වැළකී සිටිය යුතු යැයි විශේෂඥයෙකු ප්‍රකාශ කිරීමෙන් ටික කලකට පසු මෙම අධ්‍යයනය සිදු විය.

COVID-19 ජයගත් රෝගීන් දින 30 ක් සහකරුවන්ට සමීපව සිටීමෙන් වළකින්නැයි තායි රෝග පාලන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥ වීවරත් මනෝසුති උපදෙස් දී ඇති අතර සිපගැනීමෙන් පවා වළකින ලෙස අනතුරු අඟවා තිබේ.

සහයට එන කොන්ඩම්

"Khaosod English" වෙත අදහස් දක්වමින් මනෝසුති පැවසුවේ වෛරසයෙන් නිදහස් යැයි තමන් විශ්වාස කරන අය ලිංගිකව හැසිරෙන විට කොන්ඩම් භාවිතා කළ යුතු බවයි.

ආරක්ෂිතව ලිංගිකව එකතුවීම

සිප ගැනීමෙන් වෛරසය ආසාදනය විය හැකි බැවින් පරිස්සම් වන්න. මොකද සිප ගන්න විට ඛේටය හරහා මෙය ආසාදනය වන්නට වැඩි ඉඩක් තියෙනවා.

"මෙම වෛරසය මුඛය හරහා පැතිර යා හැකි බව දන්නා බැවින් සිපගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. ආරක්ෂිතව ලිංගික එකතු වීමත් වැදගත්."

ශුක්‍ර තරලයේදි කොරෝනා වෛරසය තියනවාද?

මනෝසුතිගේ උපදෙස් පදනම් වී ඇත්තේ මෑතදී කළ අධ්‍යයනයකින් වන අතර, සමහර පිරිමින්ගේ ශුක්‍ර තරලය තුළද වෛරසය ඇති බවට සාධක හමු වී ඇත.

මෙම අධ්‍යයනයේ දී ෂැංකියු මහ නගර රෝහලේ පර්යේෂකයෝ චීනයේ හේනාන් පළාතේ පිරිමි කොරොන වයිරස් රෝගීන් 38 දෙනෙකුගෙන් ශුක්‍රාණු සාම්පල ලබා ගත්හ.

ශුක්‍රාණු සාම්පල පරීෂාවෙන් මොනවාද හොයා ගත්තේ?

කණ්ඩායම විසින් ජනවාරි 26 වනදා සහ නැවත පෙබරවාරි 16 වන දින සාම්පල විශ්ලේෂණය කළ අතර පිරිමින්ගෙන් 16% කට ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය ඇති බව සොයා ගන්නා ලදී.

තමන්ගේ පරිස්සම තමන් බලා ගත යුතුයි. ආරක්ෂිතව ලිංගිකව එකතු වීම කොහොමටත් හොඳය.

ජමා හි ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන් මෙසේ ලියන ලදී; “ශුක්‍රාණු වල වෛරසයේ පැවතීම දැනට තේරුම් ගෙන ඇති ප්‍රමාණයට වඩා සුලභ විය හැකිය.

එමෙන්ම සාම්ප්‍රදායික නොවන ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසරසයන් ඔවුන්ගේ ලිංගික ස්‍රාවයන් තුළ සම්පූර්ණයෙන්ම නොමැති බව නොසිතිය යුතුය.”

වැදගත්ම දේ

හොඳම දේ ආරක්ෂා වීමයි. ආරක්ෂිතව ලිංගිකව එකතුවීම් කවරදාටත් හොඳ සංල්පයක් නිසා ඔබේ සෞඛ්‍ය රැක ගැනීම තිබෙන්නේ ඔබේ අතේ බව සිහි තබාගෙන කටයුතු කරන්න.

රෝග වලින් ආරක්ෂා වීම ඔබේත් වගකීමක් වන අතර එය ඔබට දිවිය සතුටින් ගත කිරීමටද හේතු වේ.

කොරෝනා වසංගතය අවසානයක් දකින තුරු හැකිතරම් ආරක්ෂා වන්න සිහි තබා ගන්න.

තාවකාලික සතුටකට වඩා දිගු කාලීන නිරෝගී බවවටින බවත් සිහියේ තබා ගෙන ඔබගේ ලිංගික ක්‍රියාකාරකම් සිදු කරන්නට වග බලා ගන්න.

මුහුණු ආවරණයක් යනු රකුසෙක් නොවන බවත් මේ සියල්ලක්ම ඔබේම යහපතට බවත් සිතන්න.

මූලාශ්‍ර:- mirror.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ලිංගිකව එක්වීමෙදී මුඛ ආවරණ පළඳින්නට සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දෙති
බෙදාගන්න :
  • ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

    ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

  • ගැබිනි අවදියේ ලිංගිකව එක්වීම ගැන තාත්තලා දත යුතු කාරණා

    ගැබිනි අවදියේ ලිංගිකව එක්වීම ගැන තාත්තලා දත යුතු කාරණා

  • ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

    ගර්භනී සමය තුළ ලිංගිකව එක්වීම ගැන ඔබ දෙගිඩියාවෙන්ද?

  • ගැබිනි අවදියේ ලිංගිකව එක්වීම ගැන තාත්තලා දත යුතු කාරණා

    ගැබිනි අවදියේ ලිංගිකව එක්වීම ගැන තාත්තලා දත යුතු කාරණා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it