theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

5 අවම කියවීම
ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්නලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

ලිංගික ඉන්නන් ලිංගික ඇසුර මගින් ‌බෝවෙන සමාජ ‌රෝගයක්. ප්‍රවේශම් ‌වෙන්න

ලිංගික ඉන්නන්ගේ ලක්ෂණ ගැන කතා කරන්න කලින් ඔබට මේ රෝගය ගැන පුංචි හැදින්වීමක් කරන්න අවශ්‍ය වෙනවා.

ඇත්තටම ලිංගික ඉන්නන් කියන්නේ ලිංගේන්ද්‍රිය මත ඇතිවෙන මෘදු වර්ධනයකි. මෙය human papillomavirus (HPV) වයිරසයේ ඇතැම් වික්‍රියා නිසා ඇති වන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයකි. මෙම රෝගයේ ලක්ෂණ ලෙස එම ප්‍රදේශයේ  වේදනාව, අසහනය සහ කැසීම ඇති වෙනවා.

මෙය බහුලව දකින්න ලැබෙන රෝගයක්ද වෙනවා. නිතර ලිංගිකව හැසිරෙන හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලට යොමු වෙන ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම මේ රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා. මෙය කාන්තාවන් තුල භයානක තත්වයක් ඇති කරනවා.

එහිදි කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා හා කාන්තා බාහිර ලිංගික අවයව වල පිළිකා ඇති වෙන්න පුළුවන්.

මතුපිටින් බලා ‌මෙහි එතරම් අවදානමක් නැතැයි ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඒ තුලින් ඇතිවෙන පිළිකා තත්වයන් ඔබේ ජිවිතයට පවා තර්ජනයක් ‌වෙන්න පුළුවන්.

මෙම රෝගයට හොදම ප්‍රතිකාරය වන්නේ රෝගය පාලනය කිරීමයි.

ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

ලිංගික ඉන්නන්ගේ ලක්ෂණ

ලිංගික ඉන්නන් බෝවිමට  මුඛය, යෝනි මාර්ගය සහ ගුද මාර්ගය හරහා සිදුවෙන සංසර්ගයන් හේතු වෙනවා. ආසාදනය වු සැනින් මේ ඉන්නන් හට ගන්නේ නැහැ.

සති කිහිපයක් යන විට තනි හෝ පොකුරු ඉන්න් ලෙස සමෙන් පිටතට ගැටිතතක් සේ නෙරා යෑම් හට ගන්න පුළුවන්.

එම ඉන්නන්ගේ පැහැය සමේ වර්ණයට වඩා තද පැහැයක් ගන්නවා.

ඒ වගේම පිරිමින්ගේ ශිෂ්ණය, වෘෂණ කෝෂ, ඉකිළිය, කළවා හා ගුද මාර්ගයේ ඇතුලත හා පිටත මෙම ඉන්නන් ඇති වෙන්න පුළුවන්.

කාන්තාවන්ගේ යෝනි මාර්ගය හෝ ගුද මාර්ගය ඇතුලත, යෝනි මාර්ගය හෝ ගුද මාර්ගය හා ගැබ් ගෙලෙහි මෙම ඉන්නන් දකින්න පුළුවන්

තවද මුඛ සංසර්ගය මගින් පොදුවේ මෙම ඉන්නන් තොල් මත, මුඛයේ, දිව මත හා උගුරේ ඇති වෙන්න පුළුවන්.

ලිංගික ඉන්නන්ගේ ලක්ෂණ විමසා බලමු

  • යෝනී මාර්ගයෙන් ස්‍රාවයන් පිටවීම
  • කැසීම
  • ලේ ගැලීම
  • දැවිල්ල
  • මෙම ඉන්නන් පැතිරෙන විට වේදනාව හා අපහසුතාවය ඇතිවීම

ලිංගික ඉන්නන් ඇතිවීමට හේතු

ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

HPV වෛරසය නිසා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන මෙම රෝගය සමහර අවස්ථා වල ලිංගික ඉන්නන් මතු නොවී පැතිර යන්න පුළුවන්.

මෙය සාමාන්‍යයෙන් ඔබේ අත් පා වල හට ගන්නා ඉන්නන් මෙන් නොවන අතර එම අත පය වල හට ගන්නා ඉන්නන් ලිංගික අවයව කරා ව්‍යාප්ත වීමක් නොවේ.

මෙම රෝගයේ අනතුරුදායක පැතිකඩ

ලිංගිකව සක්‍රීය හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වනන් මෙම රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් තියෙනවා.

ඊට අමතරව මෙම රෝගයට පහත කණ්ඩායම්ද ගොදුරු වෙන්න පුළුවන්.

  • වයස අවුරුදු 30 අඩු පුද්ගලයින්
  • දුම්පානය කරන්නන්
  • ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්
  • ළමා අපචාර කර ඇති පුද්ගලයින්
  • රෝගය සහිත මවකට උපදින දරුවන්

ගැබ්ගෙලෙහි පිළිකා, ඩිස්ප්ලාසියාව ලෙස හැඳින්වෙන ගැබ්ගෙලෙහි සෛලවල පූර්ව වෙනස්වීම් ,  ශිෂේණය හා ගුද පිළිකා ද ඇති වීමට මෙම රෝගය හේතු වෙන්න පුළුවන්.

රෝගය හදුනාගැනීමේදි වෛද්‍යවරු පිරිමින්ගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම කරනු ලබන අතර ලිංගිකව එකතු වු අවස්ථා හා ආකාරය පිළිබද විමසීම කරනවා.

නමුත් කාන්තාවන්ගේ ඒ පිළිබද විශේෂ පරීක්ෂණ මගින් අනාවරණය කරනු ලබනවා. ඔබ ‌හොදට දන්න පැප් පරීක්ෂණයත් ඉන් එකක්.

මෙම ඉන්නන් පහව ගියද HPV වෛරසය ඔබේ සමේ සෛල වල ඉතිරි වෙන්න පුළුවන්. මේ නිසා ඔබගෙන් රෝගය පැතිර යාමේ අවදානමක් තියෙනවා.

ඒ නිසා ඔබට රෝගය වැළදි ඇත්නම් එය ඖෂධ මගින් කළමණාකරනය කරන්න අවශ්‍ය වෙනවා.

ඒනිසා මෙම රෝග ලක්ෂණ හෝ ඔබට මෙම රෝගය වැලදී ඇතිබවට සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.

එහිදි ඖෂධ මගින් රෝගය පාලනය කරන අතර පෙනෙන ඉන්නන් නොපෙනී ගියද වෛද්‍යවරු සුළු සැත්කමක් මගින් ඒවා ඉවත් කරනු ලබනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කාන්තාවන්ට වැඩි පිළිකා අවදානමක් මේ මගින් ඇති වෙන නිසා එම රෝගය ඔබට වැළදි ඇත්නම් මාස 03 කට හෝ 06 කට වරක් පැප් පරීක්ෂණය කරගන්න. ‌

රෝගය පිළිබද අවදානයෙන් සිටීම හා නිරන්තර ප්‍රතිකාර ලබා ගැනීම ඔබගේ ‌සෞඛ්‍යයට සුදුසු ‌වෙනවා.

මෙම රෝගයට අත්බෙහෙත් කිරීමට යාමෙන් වැරදි ප්‍රතිඵල ලැබීම හෝ රෝගය උග්‍රවීම වෙන්න පුළුවන්.

ඔබට මෙවැනි රෝගයක් ඇති වු විට ලැජ්ජාව නිසා එය රහසිගතව තබා ගන්න ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්

. නමුත් රෝගය වැළදී ඇත්නම් අත්බෙහෙත් කිරීම පසෙකලා වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

ලිංගිකව ඉන්නන්ය ඇතිවෙන ‌රෝගය වළක්වා ගැනීමට හා කළමනාකරණයට විවිධ එන්නත් ඇති අතර ඒ පිළිබද වැඩි විස්තර වෛද්‍යවරයා ගෙන් විමසන්න. ‌

වෛද්‍ය නිර්දේශයකින් ‌තොරව ඖෂධ හා එන්නත් ගැනීම භයානක ‌වෙන්න පුළුවන්.

ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

මෙම රෝගය සගවා ගෙන සිටිමෙන් ඔබගේ සහකරු වුවද රෝගයට ගොදුරු වෙන්න පුළුවන්.

ආරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම ලිංගික ඉන්නන් වැළැක්වීම පමණක් නොවේ අනෙක් ලිංගිකව සම්ප්‍රෙෂණය වෙන රොග සදහාද ඔබට ආරක්ෂාවක් ලබා දෙනවා. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී කොණ්ඩම් පැළදීම වැනි ක්‍රම සුදුසු වෙනවා.

බොහෝ අය ලිංගාශ්‍රිත ‌රෝගයක් සැදුන විට ලැජ්ජාව නිසා ‌‌හෝ ‌වෙනත් ‌හේතුවක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට මැලි ‌වෙනවා.

එහි අවසාන ප්‍රතිඵලය ‌ලෙස ඔබ ‌බොහෝ අයෙකුට ‌රෝගය රැගෙන යන ‌රෝග වාහකයෙකු ‌ලෙස ක්‍රියා කිරීමයි.

සංස්කෘතිය නිසා ‌හෝ ‌වෙනත් ‌හේතුවක් නිසා ආසියානු කලාපය තුල විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම එක් රාමුවක් තුල සිදු ‌වෙනවා තමයි.

නමුත් අප රටත් ඒඩ්ස් වැනි මරානිතික ‌රෝග වලට ‌ගොදුරු වු ‌රෝගීන් යම් ප්‍රමාණයක් සිටින රටක්.

ශ්‍රී ලංකාවේ පිරිමින් නහවා ‌ගෙට ගත් විට ශුද්ධයි කීවද ඔබ ඔවුන් සමග භයානක ‌රෝග නිවස තුලට ගන්නවා විය හැකියි.

කිමෙද ‌මෙවන් ‌රෝග සිරුර පිරිසිදු කල පමණින් ඉවත් ‌නොවේ. කාන්තාවන්ට කියා ‌මෙම තත්වයේ ‌වෙනසක් නැහැ.

ඔබත් ‌මෙම ‌රෝගය සෑදුන ‌කෙනෙක් හා අනාරක්ෂිතව ලිංගිකව එකතු වුවහොත් අනිවාර්යයෙන්ම ඊලග බිල්ල ඔබ ‌වේවි.

ඒ නිසා ‌මේ උපදෙස් ප්‍රවේශමෙන් පිළපදිමින් ඔබත් ‌මෙවන් ‌රෝග වල ‌ගොදුරක් ‌නොවීමටත් ඔබට ‌රෝගය වැළදි ඇත්නම් ඔබ ‌අන් අය ‌ගොදුරු කර ගැනීමටත් කටයුතු කරන්න.

ඔබට මේ සම්බන්ධව ගැටලු ඇත්නම් හෝ අදහස් දක්වන්න අවශ්‍ය නම් පහලින් සටනක් යොදන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න
බෙදාගන්න :
  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

    නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

  • සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

    සමේ ඉන්නන් සහ ලප කැළැල් ඉවත් කිරීමට ගෙදරදීම කල හැකි අත්බෙහෙත්

  • නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

    නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it