theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ කිරිදත් නරක් වුණාට කමක් නැද්ද?

5 අවම කියවීම
දරුවන්ගේ කිරිදත් නරක් වුණාට කමක් නැද්ද?දරුවන්ගේ කිරිදත් නරක් වුණාට කමක් නැද්ද?

ලංකාවේ දරුවන්ගෙන් 63%කගේ දත් දිරා ගොසින්. මෙම ප්‍රතිශතයේ අගය වෙනස් කරන්නට අපි ඔබට දායක වන්නට හැකි වේවිද?

ශ්‍රී ලංකාවේ අවුරුදු පහේ දරුවන්ගෙන් 63%කගේ දත් දිරායාම සිදුවී ඇති බව සංඛ්‍යාලේඛන වලින් පෙන්වයි.

“ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට අළුත් දතක් දියෝ” කියා පුංචි කාලේ කිරි දත් හැලුණු විට එයා කාටත් නොපෑගෙන තැනකට විසි කරමින් ලේනන්ගෙන් අලුත් දත් ඉල්ලූ සම්ප්‍රදාය අද කාලයේත් ඇතැමුන් අතර පවතිනවා.

නමුත් බොහෝ දරුවන්ට එම සුන්දර අත්දැකීම නැති තරම්. ඊට හේතුව කිරි දත් වැටෙන්නටත් කලින් ඒවා ගලවා දැමීමට සිදුවී තිබීමයි.

ශ්‍රී ලංකාවේ අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී අපගේ අවධානය වැඩියෙන් යොමු කළ යුතු කරුණ වන කිරි දත් වලට සිදුවන හානි එම දරුවන්ගේ ස්ථිර දත් වල තත්ත්වයට.  බලපාන්නේ කෙසේද යන්න දන්ත වෛද්‍යවරු පෙන්වා දෙනවා.

කිරි දත් වැටෙන නිසා ඒවා එතරම් වටිනා ඒවා නොවන බවට මවුවරුන් තුළ විශාල වැරදි විශ්වාසයක් තිබෙන බව පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ,. ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා බිබිසී සිංහල සේවයට පවසා තිබෙනවා.

''කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕනා. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ.

දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා.

ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

වෛද්‍යවරුන්ට අනුව දත් දිරායාම ට තුඩු දෙන ප්‍රධාන සාධක

  1. වැරදි ආහාර පුරුදු
  2. දත් මැදීමේ වැරදි පුරුදු

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වන අතර අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වනවා.

දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20ක් වනවා. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වන අතර අවුරුදු 12දී පමණ කිරි දත් වැටීමද සම්පුර්ණ වනවා.

දත් දිරායාම

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදා විස්ත කෙරුනා.

  1. අවුරුදු 5
  2. වයස අවුරුදු 12
  3. අවුරුදු 15 වශයෙනි.

මේ අතුරින් අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේත් අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇති බව මහත් කණගාටුවට කරුණක් වනවා.

Image caption

අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වේ

දරුවන් සමඟ නිතර ගැවසෙන අයගේ දත් පිරිසිදු වීම වැදගත්:

මෙහිදී දරුවන් ගැන පමණක් නොව දරුවන් අසල නිතර සිටින්නවුන් ගැනද අදහසක් මතු වුණා.

දත් දිරායාම2

දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවේ නිතර දරුවන් සමග කාලය ගත කරන අයගේ මුඛයේ පිරිසිදු බවද දරුවන්ගේ දත් නිසි ලෙස පවත්වාගෙන යාමට වඩාත් වැදගත් වන බවයි.

''මවගේ පමණක් නොව දරුවා ළඟින් සිටින පියා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්.

විශේෂයෙන් ගර්භනී කාලයේ සිට මවගේ මුඛ සෞඛ්‍ය ඉතා ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනා.

එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.'' යනුවෙන් ඇය පෙන්වා දුන්නාය.

බොහෝ විට මවුවරු දරුවන්ගේ දත් මැදීම ආරම්භ කරන්නේ කටේ දත් කිහිපයක් පැමිණි පසුවයි.

නමුත් දරුවාගේ මුඛයේ පළමු දත ඇති කාලයේදීම දත් මැදීම ආරම්භ කළ යුතු බවට වෛද්‍යවරු පෙන්වා දෙනවා.

ඒ අතර එහිදී දරුවන් සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් යුත් බුරුසුවක ගෑවෙන-නොගෑවෙන තරමට පටලයක් සේ ෆ්ලෝරයිඩ් සහිත දන්තලේපයක් යොදා ගත යුතු බවද වෛද්‍ය නිදේශය වී තිබෙනවා.

දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියන්කා තවදුරටත් පැවසුවේ මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කර, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම ඉතා යෝග්‍ය බවයි.

දත් දිරායාම වළක්වාලීමට ෆ්ලෝරයිඩ් මගින් ඉටුවන වැදගත් ලක්ෂණ තුනක්

දත් දිරායාම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පෆ්ලෝරයිඩ් මගින් දත් දිරා යාම වළක්වන්නේ කෙසේද?

ෆ්ලෝරයිඩ් දත් දිරායාම වළක්වා ගැනීමට උපකාරී වනවා.

ඒ සමේ බැක්ටීරියා සහ මුඛයේ ඇති සීනි වලින් එල්ල වන ඇසිඩ් ප්‍රහාරවලට දත් වඩාත් ප්‍රතිරෝධී කරමින්.

එමෙන්ම එය මුල් අවදියේ දත් දිරායාම ප්‍රතිවර්තනය කිරීමටද සමත් වනවා.

වයස අවුරුදු 6 ට අඩු ළමුන් තුළ, ෆ්ලෝරයිඩ් ස්ථීර දත් වර්ධනයට සම්බන්ධ වන අතර අම්ලවලට දත් ඛනිජකරණය කිරීම එම නිසා අපහසු වනවා.

ෆ්ලෝරයිඩ් වේගයෙන් නැවත සකස් කිරීම සඳහා උපකාරී වන අතර දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ දැනටමත් පුපුරා ගිය දත් වල අම්ල නිෂ්පාදනය අඩාල කරනවා.

දත් ආශ්‍රිත රෝග:

  1. දත් දිරායෑම
  2. විදුරුමස් ආශ්‍රිත රෝග
  3. දත්වල පැහැය වෙනස් වීම
  4. මුඛ පිළිකා
  5. දත්වල විකෘති
  6. අනතුරු නිසා දත් වලට හානි සිදුවීම

දත් දිරායාම ''කෝම්බ'' හැදෙන්න කලින් හඳුනා ගැනීමට සරළ ක්‍රමයක්:

දත් දිරයාමේ ආරම්භක අවස්ථාව දත්වල සුදු ලප හට ගැනීමයි. එම අවස්ථාව හඳුනා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යෑම ම අත්‍යාවශ්‍ය නොවේ.

හොඳින් ආලෝකය ඇති තැනක සිට දත්වල, දතත් විදුරුමසත් අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි පැහැති පැල්ලම් තිබේදැයි නිරීක්ෂණය කිරීමෙන් දත් දිරායමේ මුල් අවස්ථාව හඳුනාගත හැකි බව දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා පැවසුවාය.

එලෙස පැල්ලම් දක්නට ලැබේනම් ප්‍රතිකාර ගැනීමෙන් තවදුරත් දත් දිරායාම වළක්වා ගත හැකිය යන්න වෛද්‍ය මතය වේ.

එහෙත් බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ දත්වල කුහර හටගත් පසුවය.

දත් දිරායාම වැළක්වීමට කළ හැකි දේවල් 8ක්

  1. ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දිනකට දෙවරක්වත් දත් මදින්න. සෑම ආහාර වේලකටම පසුව සහ විශේෂයෙන් නින්දට යාමට පෙර මදින්න.
  2. මුඛ-බී ඉන්ටර්ඩෙන්ටල් බුරුසුව, රීච් ස්ටිම්-යූ-ඩෙන්ට් හෝ සල්කබ්‍රෂ් වැනි දන්ත ෆ්ලෝස් හෝ අන්තර් දන්ත පිරිසිදු කරන්නන් සමඟ දිනපතා ඔබේ දත් අතර පිරිසිදු කරන්න.
  3. ෆ්ලෝරයිඩ් අඩංගු මුඛ සේදීමකින් දිනපතා මෙයට පිළියමක්. සමකයට හේතු වන බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වන විෂබීජ නාශක ද්‍රව්‍යද සමහර සේදුම් වල ඇත.
  4. පෝෂ්‍යදායී හා සමබර ආහාර අනුභව කරන්න. දත් මතුපිට රැඳී සිටිය හැකි කැන්ඩි, ප්‍රීට්සෙල් සහ චිප්ස් වැනි කාබෝහයිඩ්‍රේට් වලින් වළකින්න. ඇලෙන සුළු ආහාර අනුභව කරන්නේ නම්, දත් මදින්න.
  5. ඔබේ දත් ශක්තිමත් කරන අතිරේක ෆ්ලෝරයිඩ් භාවිතය පිළිබඳව ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න.
  6. දත් සීල්න්ට් (ප්ලාස්ටික් ආරක්ෂිත ආලේපනයක්) ගැන ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසන්න.
  7. ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කරන්න. දත් දිරායාමෙන් ළමයින් ආරක්ෂා කිරීම සඳහා අවම වශයෙන් දිනකට ෆ්ලෝරයිඩ් සහිත වතුර පයින්ට් එකක් අවශ්‍ය වේ.
  8. වෘත්තීය පිරිසිදු කිරීම සහ වාචික පරීක්ෂණය සඳහා ඔබේ දන්ත වෛද්‍යවරයා වෙත නිතර යන්න.

වෛද්‍යවරු පෙන්වාදෙන ආකාරයට මුඛ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් දිවියකට ඉතා වැදහත් වනවා.

දත් නිරෝගී තත්වයෙන් පැවතීම මානසික සුවයට, පෞරුෂ වර්ධනයට, දරුවන්ගේ මොළයේ වර්ධනයට, ශාරීරික වර්ධනයට මෙන්ම ශක්තිය වැඩිවීමට ද හේතු වන බව වෛද්‍යවරු පවසනවා.

එබැවින් දරුවන් කුඩා කාලයේ පටන් සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට හා නිවැරදි ලෙස දිනකට දෙවරක් දත් මැදීම සඳහා පුරුදු කිරීම ඉතා යෝග්‍ය බව වෛද්‍ය මතයයි.

 

මූලාශ්‍ර: webmd.com, bbc.com

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන්
  • /
  • දරුවන්ගේ කිරිදත් නරක් වුණාට කමක් නැද්ද?
බෙදාගන්න :
  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

  • බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

    බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

  • බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

    බබාට සෙම්ගෙඩි හැදුනොත්? ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it