theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

5 අවම කියවීම
නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

නොමේරූ දරු උපතක් යනු ‌මොනවාද? එසේ වීමට ‌හේතු හා එය වළක්වා ගැනීමට ඔබට කල හැකි ‌දේවල් ගැන අපි අද දැනුවත් ‌වෙමු.

නොමේරූ  උපත් විවිධ හේතුන් නිසා සිදුවෙනවා. දරුවෙකු ගර්භාෂය තුල සිටින සම්පුර්ණ කාලය සති 40 ක් ලෙස සැලකෙන අතර ඒ සෑම මොහොතකම කුමක් හෝ වර්ධනයක් සිදුවෙමින් පවතිනවා. එනම් දරුවෙකු මව්කුස තුල ගත කරන සම්පූර්ණ කාලය දින 280ක් වෙනවා.  ඒ සම්පුර්ණ කාලය තුල සම්පුර්ණ වර්ධනයක් ලැබීම නිරෝගී දරු උපතක් සදහා හේතුවෙනවා.  අන්න ඒ නිසාම දරු ගැබ තුල පූර්ණ කාලය සම්පූර්ණ කල දරු උපතක් ‌ලබා ගැනීම කෙරෙහි අපි සම්පූර්ණ අවධානය ‌යොමු කල යුතුයි. ඒ නිසාම අද ‌නොමේරූ දරු උපතක් යනු ‌මොනවාද? එසේ වීමට ‌හේතු හා එය වළක්වා ගැනීමට ඔබට කල හැකි ‌දේවල් ගැන අපි අද දැනුවත් ‌වෙමු.

නොමේරූ  උපත් කියන්නේ ඇත්තටම මොකද්ද?

නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

දරුවෙකු සති 28ත් සති 37ත් අතර උපත ලබයි නම් එය නොමේරූ දරු උපතක් ලෙස සලකණු ලබයි.

එයිනුත්  සති 28ත් සති 32ත් අතර සිදුවන දරු උපත් අධි නොමේරු දරු උපත් ලෙස සලකනවා.  ශ්‍රී ලංකාවේ ඉපදෙන දරුවන්ගෙන් 10%ක් නොමේරූ ‌‌උපත් ‌වෙනවා.
දරුවා උපත ලබා මුල් මාසය තුළ ලංකාවේ සිදුවන ළදරු මරණ හා මුල් වසර තුළ සිදුවන මරණවලට මෙම නොමේරූ දරු උපත් හේතුවෙනවා.

සති 28ට අඩු ‌වෙන් බිහි වන දරුවන්ට සාපේක්ෂව ඇතිවිය හැකි සංකූලතා වැඩිය.

 ඒ වගේම මෙලෙස අඩු වයසින් උපත ලබන දරුවන්ට මුළු ජිවිත කාලය මුලුල්ලේම අත්විදින්න වෙන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.

නොමේරූ දරුවන්ට ඇතිවිය හැකි සංකූලතා

නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

  • උපතින්ම පෙනහලු නිසිලෙස වැඩී නොමැති වීමෙන් එහි ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා ස්වසන ගැටළු ඇතිවෙන්න පුළුවන්. 
  • නොමේරූ දරුවන්ගේ සිරුරේ ආහාර මාර්ගය හා බඩවැල වැනි අවයව ද නිසිලෙස වර්ධනය වී නොමැති වීම නිසා කිරි දිර වීමේ ගැටළු මතු වෙන්න පුළුවන්.
  • මෙම  දරුවන්ට ස්වාභාවිකව සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකිය.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලයි . ඒ නිසා බිළිඳුන් විසබීජවලට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව ඉතා ඉහළය. 
  • නොමේරූ දරුවන්ට මොළය තුළ රුධිර ගැලීම් ඇති වීමේ අවදානමක් ද ඇත.
  • ඒ වගේම අනාගතයේ ස්නායු ආබාධවලට ගොදුරු වීමේ හැකියාව ද පවතිනවා.
  • මෙම දරුවන් දීර්ඝකාලීනව ඔක්සිජන් ලැබීම හේතු කොට ගෙන ඇස් පෙනීමේ දුර්වලතා හෝ ඇස් අන්ධවීමේ අවදානම ද  ඇතුළු ඇසේ ආබාධවලට ද ලක්විය හැකිය.

මේ නොමේරූ උපත් වළක්වන්න පුළුවන්ද?

සමහර කාන්තාවන්ගේ ගැබ් ගෙල පටුයි. සමහරුන්ගේ එය දුර්වලයි. මේ නිසා එවැනි කාන්තාවන්ට ඉක්මනින්ම ප්‍රසුතිය සිදුවෙනවා.

ඒ වගේම පෙර දරු ප්‍රසුතින්ගේදි මෙවැනි නොමේරූ දරු උපත් සිදුවී ඇත්නම් එවැනි උපතක් නැවත සිදුවීමේ ලොකු අවදානමක් තියෙනවා. ඒ වගේම නිවුන් දරුවන් කුස දරා සිටින මව්වරුන්ටද ප්‍රසුතිය කලින් සිදුවීමේ අවදානමක් තියෙනවා.

මීට අමතරව ගැබ්ගෙල බුරුල් වීම හා විවිධ ආසාදන තත්ත්වයන්ද නොමේරූ දරු උපත් සදහා හේතු වෙනවා.
තව දියවැඩියාව , අධික රුධිර පීඩනය වගේම හෘද රෝග තිබීමත් මෙයට හේතු වෙන්න පුළුවන්.

මෙවැනි අවස්ථාවන්හිදි ඔබේ වෛද්‍යවරයා ඔබට පුර්ව ප්‍රතිකාර ලබා දෙනවා. එවන් ප්‍රතිකාර දෙකක් පහත දක්වා ඇති අතර එය නිවුන් දරුවන් කුස දරා සිටින අවස්ථාවක ප්‍රතිඵල රහිත වෙනවා.

  1. පොජෙස්ට්‍රරෝන් හෝමෝනය එන්නතක් විදියට හෝ යෝනි මාර්ගයට පෙති විදියට ඇතුල් කිරීමක් කිරීමට වෛද්‍යවරයා නිර්දේශ කරනවා. එහිදි පෙර දරු ප්‍රසුතින්ගේදි මෙවැනි නොමේරූ දරු උපත් සිදුවී ඇති මව්වරුන්ට හා කෙටි ගැබ් ගෙලක් ඇති කාන්තාවන්ට නොමේරූ දරු උපතක් ඇතිවීමේ අවදානම පහත හෙලනවා.
  2. ගැබ්ගෙල මැහුමක් යෙදීම දෙවන ක්‍රමය වෙනවා. නොමේරූ දරු උපතක්  සිදු වු හෝ ගබ්සා වූ, කෙටි ගැබ්ගෙලක් ඇති, හෝ  ඉතා ඉක්මනින් විවෘත කිරීමට (විස්තාරණය කිරීමට) පටන් ගන්නා  ගැබ් ‌ගෙලක් ඇති කාන්තාවන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනු  ලබයි.

ප්‍රසුතිය කලින් සිදුවෙන බව දැනුනොත්

නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

ලේ ගැලීමක් , තරල ගලා ඒමක් හෝ වේදනාවක් වැනි දරු ප්‍රසූතිය සිදුවෙන්න යන බවට සලකුණක් දැනුනොත් වහාම වෛද්‍යවරයා අමතන්න. 

දරු ප්‍රසූතිය කලින් ආරම්භ වුවහොත්, ළදරු දැඩි සත්කාර ඒකකයක් (NICU) ඇති රෝහලකට යාම වඩාත් සුදුසුය. 

නොමේරූ දරු උපතක් සිදු වීමේදි සාමාන්‍යයෙන් පහත ප්‍රතිකාර මවට දෙනු ලබයි.

  • දරුවාට සහ මවට ආසාදන වීම් වළක්වා ගැනීමට ප්‍රතිජීවක ඖෂධ
  • ළදරුවාගේ පෙනහළු වර්ධනය වේගවත් කිරීමට සහ දරුවා ඉක්මණින් උපත ලැබුවහොත් හුස්ම ගැනීමේ අපහසුතා අඩු කිරීමට ඖෂධ
  • දරු ප්‍රසූතිය තාවකාලිකව මන්දගාමී කිරීම හෝ නැවැත්වීම සඳහා ප්‍රතිකාර 

ළදරුවා සති 34 ට වඩා වැඩි නම් සහ පෙනහළු වර්ධනය වී ඇත්නම් හෝ මවගේ හෝ දරුවාගේ සෞඛ්‍යය ගැටළු තිබේ නම් වෛද්‍යවරු ප්‍රසුතිය නතර කිරීමට උත්සහ නොකරයි.

අන්න ඒ වගේ අවස්ථාවක ඔබට අනිවාර්ය‌යෙන්ම ‌‌‌‌නොමේරූ  දරු උපතකට මුහුණ ‌දෙන්න ‌වෙනවා.

නමුත් බිය‌ෙවෙන්න එපා. ‌වෛද්‍යවරු ඔබ‌ගේ හා ඔබේ දරුවාගේ ‌සෞඛ්‍ය රැකගැනීම ‌වෙනුවෙන් කල යුතු උපරිමය කරනවා.

එවැනි අවස්ථාවක අම්මා කල යුතු දේවල්

නොමේරූ දරු උපත් සැමවිටම වළක්වා ගන්න බැහැ. නමුත් එසේ වීමට ඇති අවස්ථා අඩු කරගන්න පුළුවන්. ඒ සදහා පහත උපදෙස් පිළිපදින්න.

නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්

නොමේරූ  උපත්

  1. ගර්භනී අවධියේදී ප්‍රතිකාර සඳහා නිතර  ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
  2. දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ මානසික අවපීඩනය වැනි සෞඛ්‍ය වලින් ආරක්ෂා වෙන්න.
  3. දුම් වැටි, මත්පැන් හා හෝ නීති විරෝධී ඖෂධ භාවිතා නොකරන්න.
  4. සෞඛ්‍ය සම්පන්න ආහාර ඇතුළත් ආහාර වේලක් ලබා ගන්න.
  5. නිරෝගී බරක් පවත්වා ගන්න.
  6. ආසාදන වලින් ආරක්ෂා වන්න (ඔබේ අත් හොඳින් සෝදන්න; අමු මස්, මාළු හෝ පැස්ටරීකරණය නොකළ චීස් අනුභව නොකරන්න, ලිංගිකව හැසිරෙන විට කොන්ඩම් භාවිතා කරන්න).
  7. ඔබේ ජීවිතයේ මානසික ආතතිය අඩු කරන්න.

ඔබ ගැබ්ගෙන හෝ ගැබ් ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇති කාන්තාවන්ට ගැටලු රහිත දරු ප්‍රසුතියක් කරා ගමන් කරන්න පුළුවන්.

ඔබට ‌‌මේ ගැන යම් ගැටලුවක් ඇතිනම් ‌ෙහෝ අදහසක් දැක්වීමට අවශ්‍ය නම් ඒ සදහා පහලින් ඇති කමේන්ට් තීරූවේ සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • නොමේරූ උපත් වළක්වන්න ඔබට කළ හැකි ‌දේවල් 7 ක්
බෙදාගන්න :
  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

    අවුරුදු 12ක සොයුරිය සිය සොහොයුරාට මෙලොව එළිය දකින්නට උදව් කරයි - පිංතුර කියන කථාවක්

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it