theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

3 අවම කියවීම
ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයිඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

ඩෙංගු රෝගය 2018 වසරේ නැවතත් කුරිරු ලෙස හිස ඔසවන බවක් පෙනී යන්නේ මීගමුව ප්‍රදේශයෙන් මෙලෙස වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවත් කොළඹ නගරයේ සුප්‍රසිද්ධ දිරිය මවකගේ අනුවේදනීය අභාවයත් සමඟ. නිපුණ සහල් සහ ක්ලෝව් රිපබ්ලික් (Clove Republic) ආයතනයේ සභාපතිනිය වූ රන්ජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය පසුගියදා අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට බිලි වුනේ තම සැමියා සහ කුඩා දරුවන් දෙදෙනා මෙලොව තනි කරමින්.

දිවයින පුවත්පතේ පළවූ ලිපියකට අනුව මෙම වසරේ නොහොත් පසුගිය දින 17 තුල පමණක් ඩෙංගු රෝගීන් 1350කට අධික පිරිසක් වාර්තා වනවා. මේ අතර කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියක්ද වනවා.

ශෝකයෙන් දැවෙන මේ අයගේ පවුල් වලට TheAsianParent වෙනුවන් අපගේ සාතිශය ශෝකය පළකර සිටිනවා.

ඩෙංගු රෝගය මාරාන්තිකයි. මෙය වසංගත තත්වයකට පත් වීම ඉබේ සිදුවන්නේ නැහැ. එසේ වන්නේ රටවැසියන්ගේ නොසකකිලීමත් සහ ආත්මාර්ථකාමී ක්‍රියාවන් වල ප්‍රතිපලයක් ලෙසයි.

ඉතින් ඩෙංගු රෝගය 2018 වසරේදී පරාජය කරන්නට ඔබත් අපත් අදිටන් කළහොත් මෙවන් සෝචනීය තත්වයක් යළි උදා නොවන්නට අපට වගබලාගන්නට පුළුවන් වනවා.

ඩෙංගු රෝගය 2018

ඉතිං මේ වසරේ ඩෙංගු පරදන්නට නම්, ටිකක් හිතට අරන්, කැප වෙලා අපට කරන්නට පුළුවන් දේවල් කිහිපයක් තිබෙනවා.

ඩෙංගු රෝගය 2018 වසරේ පරාජය කරන්නට අපට කල හැකි දේ

මදුරු විදීම් වලින් ආරක්ෂා වන්න

1. නින්දේදී මදුරු දැල් භාවිතා කරන්න.

2. නිවෙස් වල ජනෙල් හැකි නම් නෙට් දමා මදුරුවන්ට ඇතුළුවිය නොහැකි කලාපයක් කරන්න

3. මදුරු කොයිල් වැනි මදුරු විරෝධක භාවිතා කරන්න

4. පවුලේ අය නිතරම මදුරු රෙපෙලන්ට් ගලවන්න (රෙපෙලෙන්ට් භාවිතයේදී උපදෙස් කියවීමෙන් පසුව භාවිත කරන්න. තුවාල මත හා ආවරණය වූ සමේ ගැල්වීම නුසුදුසුය.

5. හැකි තරම් ඇඟ වැසුණු ඇඳුම් පළඳින්න

මදුරු ව්‍යාප්තිය තුරන් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න

ඩෙංගු රෝගය 2018

දිනපතා

1. නිවසේ කුණු නිවැරදි ආකාරයට බැහැර කරන්න. පාරවල් අයිනට හෝ තැන් තැන් වල විසිකරන්න එපා... ඔබ නොදැනුවත්වම දරුවෙක්, මවක් හෝ ඕනෑම මනුෂ්‍යයෙක් මරනවා විය හැක.

2. නිවසේ අඳුරු අහුමුළු පරික්ෂා කර බලන්න. කෘමි නාශක යොදා ඒවා පිරිසිඳු කරන්න.

3. වතුර එකතු විය හැකි සෑම ස්ථානයක්ම වතුර එකතු විය නොහැකි ආකාරයට පිළිසකර කරන්න.

4. ගෘහස්ත පැළෑටි සහිත පෝච්චි සියල්ලක්ම පිරික්සා බලන්න. වතුර එකතු විය නොහැකි සේ පස් බුරුල් කරන්න

දින දෙකකට වරක්

1. මල් වාස් වල වතුර අස් කරන්න.

2. ශීතකරණය පිටුපස සහ අනෙකුත් වතුර එකතු වන ස්ථාන වල වතුර අස් කරන්න.

සතිපතා

1. මිදුල අතුගා වතුර එකතු වූ වියළි කොළ රොඩු පුළුස්සා දමන්න

2. වතුර එකතු කෙරෙන විදුලි උපාංග වේ නම් ඒවා පිරික්සා පිරිසිඳු කරන්න

මාස්පතා

1. වැහි පීලි සුද්ද පවිත්‍ර කරන්න. වියලි කොළ රොඩු ඉවත් කරන්න

2. වහල සහ බට ජොයින්ට් ආදිය පිරික්සා පිරිසිඳු කරන්න

විනාඩි දහය බැගින් වූ පියවර පහේ ඩෙංගු මර්ධන ක්‍රමවේදය

1. දවසක් හැර දවසක් මල් වාස් සහ අනෙකුත් භාජන වල ජලය මාරු කරන්න.

2. ජලය ගබඩා විය හැකි සියලු බහාලුම් මුනින් හරවා තබන්න.

3. මල්පෝච්චි තුළ සහ පිටත පිඟන් වල රැඳෙන ජලය ඉවත් කරන්න

4. පාවිච්චි නොකෙරෙන ජලය එකතු විය හැකි පුංචි ස්ථාන පවා වසාගන්න.

5. වහල, පීලි ආදිය පරික්ෂා කර මසකට වරක් පවිත්‍ර කරගන්න.

ඩෙංගු මදුරුවා  ව්‍යාප්ත වීම මර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග රැසක් ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් මේ පිටුව තුළින් සවිස්තරාත්මකව විස්තර කරනවා.

මිට අමතරව මෙම වසරේ නොහොත් 2018 වසරේ ඩෙංගු රෝගය පරාජය කිරීම සඳහා වෙනද නොකළ යමක් කරන්නට ආරාධනා කරමු. පරිසරයට හානිදායක ලෙස හෝ මදුරුවන් වර්ධනය වන ආකාරයට, නොසැලකිලිමත් ලෙස යමෙක් හැසිරෙනවා දුටුවහොත් ඔහුට/ඇයට මේ ගැන හොඳින් අවබෝධ කර දෙන්න.

ඩෙංගු රෝගයට ගොදුරු වූ හෝ බිලි වූ දන්නා හඳුනන අයගේ බිහිසුණු අත්දැකීම් ඔවුන් හා බෙදාගන්න. පරිසරය පිරිසිඳුව තබාගන්නටත් මදුරු ව්‍යාප්තිය සහමුලින්ම නවත්විමටත් ඔබට හැකි උපරිමයෙන් දායක වන්න.

ඩෙංගු රෝගය පිලිබඳ ඔබ දත යුතු තවත් කරුණු රැසක්ද පහත ලිපි ඇතුළුව තව ලිපි රැසකින් මේ පිටුවෙහි ඇතුලත් වනවා.

ඩෙංගු එක්ක සටන් කරන්න දන්නවද?

ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි
බෙදාගන්න :
  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

    බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

    බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it