ඩයනා කුමරිය මතකයි නේද?
එදා ලොවක් වසග කල සුරූපි කුමරිය වුයේ ඇයයි. ඒ වගේම ඇය විලියම් හා හැරි කුමරුවන්ට හොද අම්මා කෙනෙක් වුනා. නොහිතු ලෙස ඇය තරුණ කාලයේ සිය ඉරණම් ගමන යමින් ජිවිතයෙන් සමුගත්තත් අදට මිනිසුන් ඇය ගැන කතා කරන්නේ හදවතේ පිරි භක්තියෙන්.
ඒ ඇය රජ කුමරියක් වුවත් රජ මාලිගාව තුල නොසිටිමින් සුවිසල් වු සමාජ මෙහෙවරක නිරත වු නිසයි. ඇය අසරණ වු දරුවන්ට සිය පුතණුවන් වු විලියම් හා හැරීට මෙන්ම ආදරය කරුණාව ලබා දුන්නා.
ඉතින් ඒ මිනිස් දේව දුතිය යන්න ගිහින්. මතකය පමණක් අපට ඉතිරි කර.
ජනතාවගේ හදවතේ අදටත් ජීවමාන වෙන ඇය මිනිසුන්ගේ කුමරියයි. ඩයනා කුමරිය රාජකීය පවුලේ සමාජිකාවක් වුනත් ඇයත් සාමාන්‍ය මවක්.
ඒ බව ඇය පෙන්වු අවස්ථා 10 ක් ගැන කථා කරමු.
සිරුරින් මිය ගිය මුත් අපගේ හදවගේ ජිවත් වෙන ඩයනා කුමරිය අදටත් “ජනතාවගේ කුමරිය” ලෙස ආදරයෙන් හඳුන්වනු ලබන්නේ ඇය සදළු තලයෙන් බැස සාමාන්‍ය මිනිසුන් අතරට පැමිණි නිසයි.
ඒ සමාජ සේවය පිණිසයි. රුවින් මෙන්ම ගුණවත් බවෙන්ද අගතැන් පත් ඇය අද දක්වාම, මතකයක් වී හෝ බොහෝ හදවත් වල ජීවමාන වෙනවා.
ඇයගේ ඛේදනීය මරණයෙන් දශක දෙකකට වැඩි කාලයක් ඉක්ම ගිහින් නේද? නමුත් ආදරණිය පුතුන් දෙදෙනෙකුට ඇය සෙනෙහෙබර මවක් වු මේ සුන්දර රජ කුමරිය කෙසේ නම් අමතක කරන්නද?
එසේනම් මෙම රාජකීය මවගේ මාතෘත්වයේ නිමේෂයන් දෙස අපි යලිත් වරක් හැරී බලමු.
අම්මා නම් භූමිකාවට ආදරණියව පණ පෙවු ඩයනා කුමරිය
බොහෝ දෙනෙක් ජිවිතයෙන් සමුගත් ඩයනා කුමරිය හා විලියම් කුමරුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් සමඟ සංසන්දනය කරනවා.
ඒ ඔවුන්ගේ සමාන විලාසිතා හැඟීම හැරුණු විට, ඔවුන් දෙදෙනාම ආකර්ශනීය පෞරුෂයන්, නිහතමානීකම සහ කාරුණික හැසිරීම යන සියල්ල නිසය්.
සියල්ලටම වඩා, ඔවුන් දෙදෙනාම ප්‍රයෝගික අම්මලා දෙදෙනෙක්.
ඩයනා කුමරියගේ ලෝකයට කවදාවත් අමතක නොවන මාතෘත්වය විදහා දක්වන අවස්ථා කිහිපයක්
-
ඩයනා කුමරිය දරුවන් තුල විශ්වාසය ගොඩ නැංවුවා

සාමාන්‍ය අම්මලා තම දරුවන්ට පෝනියන් පැදීමට ලබා දෙන්නේ නැහැ. නමුත් ඇය තම පිරිමි ළමයින්ට පෝනියන් සහ අශ්වයන් පැදීමට ඉගැන්වූවා.
එහි අත්දැකීම හරියට ඔබේ දරුවාට බයිසිකලයක් පැදීමට ඉගැන්වීමට සමාන වෙනවා. ඔබේ විශ්වාස නැති දරුවාට විශ්වාසයෙන් යුතුව සැරිසැරීමට ආකාරය පෙන්වන විට ඔවුන්ට විශ්වාසයක් ඇති වෙනවා.
ඔවුන් වැටුණොත් ඔවුන් අල්ලා ගැනීමට ඔබ එහි සිටින බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් ඒ අභියෝගයට මුහුණ දෙනවා
-
ඇය දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වුවා

දරුවන් පාසැල් ගෙන ගොස් රැගෙන ගියේත් ආවේත් ඇයයි
ඕනෑම මවක් මෙන්, ඩයනා කුමරියගේ උදය කාලය ගෙවී ගියේ දරුවන් දවසට සූදානම් කරමිනි. ඇය කලාක් මෙන් අප සැමටද වෙහෙස මහන්සි නොබලා කලබලයෙන් තොරව කටයුතු කල හැකියි නේද?
-
ඩයනා කුමරිය සිය දරුවන්ට ආදරය ලබා දුන්නා

ඇය ලගින් සිටිය සෑමවිටම දරුවන් වැළද ගැනීම හා සුරතල් කිරීම කලා.
ඕනෑම වයසක දී අම්මාගේ වැළඳ ගැනීම තරම් සැනසීමක් තවත් නැහැ නේද? ඇය බොහෝ විට විලියම් හෝ හැරී උකුලේ තබා ගෙන සුන්දර කතා බහක යෙදුන ආකාරය මතකයිද?
නැත්නම් ඔවුන්ව නිතරම බදාගත්තා නැත්තම් සුරතල් කලා නේද? මෙය ආදරණීය අම්මාවරුන්ට නිසැකවම කරන්න පුළුවන් දෙයක් වෙනවා.
-
දරුවන් ගැන විමසිලිමත් වුවා.

ඇය වෙරළට ගිය විට සැබෑ ජීවිතාරක්ෂකයෙකු සිටියද දරුවන් ගැන විමසිලිමත් වුනා. ඩයනා කුමරිය වැනි ප්‍රයෝගික අම්මලා මවකගේ ඇසට වඩා ආරක්ෂිත දෙයක් තවත් නැති බව දන්නවා.
-
ඩයනා කුමරිය දරුවන්ට ලස්සන විලාසිතා කළා

90 දශකයේ දී ඉන්ස්ටග්‍රෑම් තිබුනා නම්, ඩයනා කුමරියත් සිය පුතුන්ගේ ඡායාරූප ගැලපෙන දවසේ විලාසිතා බෙදාගන්න තිබුනා.
එය මේ දිනවල අම්මලා කරන්න කැමති දෙයක් නේද?
-
ඩයනා කුමරිය පවුලේ ඡායාරූප සැසි සංවිධානය කළා

සිය පවුලේ සෑම මොහොතක්ම ඡායාරූප ගත කරගන්න අම්මලා උනන්දු වෙනවා. ඡායාරූප සඳහා ඇය සියලු දෙනා එකතු කර ගත් ආකාරය ඇයගේ මාතෘක්වය මනාව පෙන්වා දෙනවා.
-
දරුවන් වෙනුවෙන් කැප වුවා

ඔබේ දරුවාගේ ගෙදර වැඩ නිවැරදිව කරන බවට වග බලා ගැනීම සඳහා ඔබත් ඔහු ලගින්ම සිටිනවාද?
එසේනම් ඔබත් ඩයනා කුමරියට සමානයි. විලියම් කුමරු ඔහුගේ පාසැලේ ගෙදර වැඩ කරනකම් ඇය ලගින් සිටියා
-
ඇගේ පුතුන් ආරක්ෂිත බව ඇය නිතරම සහතික කළා.

ඇගේ කුඩා පුතුන් ස්කයි සෝපානයක ආරක්ෂිත බව ඇය සහතික කළ බව මතකද?
ඩයනා කුමරිය දක්ෂ ලෙස ඇගේ ආම්පන්න තදින් අල්ලාගෙන සිටින අතර දරුවන් දෙදෙනාව ආරක්ෂිතව අල්ලා ගෙන සිටියා. එය අම්මා කෙනෙක්ගේ බහු කාර්යය ස්වරූපයක් වෙනවා.
-
ඩයනා කුමරිය පුතුන් සෙල්ලම් කරන විට ඉවසීමෙන් බලා සිටියා

ජූලි මාසයේදි පුතුන්ට ඔවුන්ගේ හැලොවීන් ඇඳුම් ඇඳීමට අවශ්‍ය වූ විට ඇය එය දරුවන්ගේ පරිකල්පනය බව අවබෝධ කරගත්තා. ඇය එලෙස සෙල්ලම් කිරීමට ඉඩ දෙන අතරම දරුවන් ආරක්ෂිත බව ඇය සහතික කළා.
10. ඩයනා කුමරිය දරුවාගේ හදවතේ ජිවත් වුවා

ඩයනා කුමරියට විලාසිතාව හා හැඩගැස්වීම පිළිබඳ කීර්තියක් තිබුණද, එය ඇගේ දරුවන් ලගදි වෙනස් වුනා. විලියම්ට හෝ හැරීට ඇගේ කොණ්ඩය අවුල් කිරීමට හෝ ඇයගේ සිරුරේ සෙල්ලම් කිරීමට අවශ්‍ය වුවේ නම් ඇය ඒ සඳහා සූදානම්ව සිටියා.
ඇය තම දරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අනෙක් සාමාන්‍ය මවක් මෙන් වුයේ මෙසේයි. ඇයව වැල්ලේ වළලා දැමීමට ඔවුන්ට ඉඩ දීම, රෝලර්කෝස්ටර් පැදීම සහ ඔවුන් සමඟ ප්‍රහේලිකා සෙල්ලම් කිරීම වැනි සියල්ල ඇය ඒ වෙනුවෙන් කළා.
ඩයනා කුමරියනි අපට ඔබේ මාතෘත්වය, සුන්දර සිනහව හා උණුසුම් පෞරුෂය අපට අමතක නොවේවි. ඔබේ අඩුව සැමදා අපට දැනේවි.
ඔබටත් මේ සුරූපී රාජකීය මවගෙන් ගන්න පුළුවන් ගුණාංග තියෙන්න ඇති නේද? ඒ ආදරණිය අම්මා ගැන ඔබ දන්නා තවත් සුවිශේෂි කරුණු තිබේ නම් පහතින් සටහනක් යොදා අප හා බෙදාගන්න අමතක කරන්න එපා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.