theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

5 අවම කියවීම
ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

ඔබේ රහස් ප්‍රදේශයේ රෝම පවත්වා ගන්නවාද නැතිනම් ඉවත් කරනවාද යන්න තීරණය ඔබ සතුයි.

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම දැන් රුල්ලට යන ක්‍රමයක් බවට පත්වෙමින් තියෙනවා. 

වෙනත් රටවල කාන්තාවන් නම් මෙලෙස රෝම ඉවත් කිරීම කරන්නේ බිකිනි වැනි ඇදුම් අදින නිසා ලස්සන වෙනුවෙන්.

නමුත් එහෙම ඇදුම් බහුලව අදින්නේ නැති ලාංකික කාන්තාවන් ඇත්තටම රෝම ඉවත් කරන්නේ වැඩි ආකර්ෂණයක් ගන්නද?

ඇත්තටම ලිංගික ආකර්ෂණයට මේ රෝම කොතරම් වැදගත්ද හා කොතරම් කාර්යය භාරයක් කරනවාද යන්න අපි අද දැනුවත් වෙමු.

ලිංගික ප්‍රදේශයේ රෝම වැවෙන්නේ ඇයි? එම රෝම ඉවත් කිරීම සුදුසුද? එහි වාසි හා අවාසි මොනවාද? මේ වගේ එළිපිට අහන්න බැරි ප්‍රශ්න ගොඩාක් ඔබ ලගත් තියෙනවා නේද? එහෙනම් අපි අද තරමක් දුරට ‌මේ ගැන කතා කරමු.

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

 ලිංගික ප්‍රදේශයේ රෝම වැවෙන්නේ ඇයි?

ඔබේ රහස් ප්‍රදේශයේ වැවෙන රෝම ඔබට අනවශ්‍ය කරදරයක් විදියට ඔබට දැනෙන්න පුළුවන්.

ඒ වගේම එම ප්‍රදේශයේ සනීපරක්ෂාව පවත්වා ගන්න රෝම ඉවත් කිරීම පහසුවක් ලෙස සලකන්න පුළුවන්.

ඇත්තටම ඔබේ රහස් ප්‍රදේශයේ ‌රෝම පවත්වා ගන්නවාද නැද්ද යන්න තීරණය ඔබ සතුයි. ඒ සදහා ‌මේ කාරණා පළමුව කියවන්න.

ඒ වගේම ‌මෙම රෝම ඉවත් කරගැනීම එතරම් නුවණට හුරු දෙයක් නොවෙයි කියලා ඔබට හිතෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ ගැන අද දැනුවත් වෙන්න.

  • මේ සම්බන්ධව පර්යේෂකයන් කියන්නේ හරි අපූරු කතාවක්. පුද්ගලයෙකු සංසර්ගයේ යෙදීමට සූදානම් බව ලිංගික හවුල්කරුවන්ට පැවසීමට ක්‍රමයක් ලෙස මෙම රෝම ක්‍රියා කරන බව ඔවුන් පවසනවා. සංසර්ගය අතරතුර ඝර්ෂණය වැළැක්වීම සඳහා මෙම රෝම ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරනවා. ‌මේ නිසා ලිංගික අවයව වලට වන හානිය වළක්වාගන්න පුළුවන්
  • ඔබගේ ලිංගික අවයව වලට බැක්ටීරියා හා අපද්‍රව්‍ය ඇතුල් වීම වැළැක්වීමට මෙම රෝම බාධකයක් සේ ක්‍රියා කරනවා. ඒ වගේම මේ රෝම ලිංගික ප්‍රදේශය වියලීමකට ලක් කරනවා. ඒ නිසා ආසාදනයන් ඇතිවීම පාලනය කරනවා. එම නිසා ඊස්ට් ආසාදන වගේ ‌රෝගී තත්වයන් ඇතිවීමෙන් ඔබට ආරාක්ෂා ‌වෙන්න පුළුවන්.
  • රෝම ස්පර්ශයෙන් ඉතා ඉක්මණින් සංවේදීතාවය ඇති වෙනවා. ඒ නිසා ලිංගික ප්‍රදේශයේ සංවේදිතාවය ආරක්ෂා කර ගැනීමට රෝම උපකාරී වෙනවා. 
  • ඒ වගේම රෝම පැවතීම මගින් ලිංගික ප්‍රදේශයේ දහඩිය දැමීම හා ඒ වා ඉවතට ගලා යෑම අඩාල වෙනවා. ඒනිසා ඔබේ ‌ෙදෙපා දිගේ දහඩිය ගැලීම යට ඇදුම් අධික ‌ලෙස ‌තෙත් වීම වළක්වාගන්න පුළුවන්.
  • විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණයට නිපදවෙන ෆෙරමෝන් ස්‍රාව වර්ග පිටවීවෙමින් නිසි ආකර්ෂණය ලැබෙනවා. ඒ සදහා එම ස්‍රාව නිෂ්පාදනය කරන ග්‍රන්ථි ආරාක්ෂා කිරීම රෝම මගින් සිදු කරනවා. 
  • සිරුරේ අනික් ප්‍රදේශ වල ‌රෝම ‌මෙන්ම ‌මෙම ‌රෝමද ඔබේ රහස් ප්‍රදේශයේ මනා උෂ්ණත්වයක් පවත්වා ගන්න උදව් කරනවා.

ඔබෙන් සිදුවෙන අනතුරු

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

ඒ වගේම මෙම රෝම ඉවත් කිරීමේදී පමණක් නොව මෙම රෝම ඉවත් කිරීමට යාමේදී සිදුවෙන අනතුරු බහුලයි. මෙහිදි සිදුවන කැපීම් හා සීරීම් තුවාල ඉන් ප්‍රධානම දේ තමයි.

ලිංගික අවයව වැනි සියුම් දේ කැපී යෑම වඩාත් වේදනාකාරී වගේම භයානක වෙන්න පුළුවන්.

ඒ වගේම  මේ තුවාල වලන් විෂබීජ ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම අඩු සනීපාරක්ෂාවෙන් යුතු පිරිසිදු කමෙන් අඩු උපකරණ මෙලෙස රෝම ඉවත් කිරීමට භාවිතා කිරීම භයානකයි.

රෝම ඉවත් කිරීම කල යුතුද?

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම බොහොමයක් දෙනා කරන සාමාන්‍ය දෙයක්.

මෙසේ රෝම ඉවත් කිරීමෙන් ඒවායේ හැදෙන උකුණන් ගැටලුව අඩුවෙනවාත නමුත් ඊට වඩා වැඩියෙන් මෙසේ රෝම ඉවත් කිරීමෙන් පසු ලිංගික ප්‍රදේශයේ ඇතිවෙන කැසීම ඇතිවෙනවා පමණක් නොව සම යට ඉතිරිවෙන රෝම කූප ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මෙසේ රෝම ඉවත් කිරීම  ගොනෝරියා, ක්ලැමීඩියා වැනි ලිංගාශ්‍රිත රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩි කරන්න පුළුවන්.

ලිංගික ප්‍රදේශයේ අලංකාරය වෙනුවෙන් වගේම පිරිසිදු කිරීම පහසු නිසා එහි ඇති රෝම ඉවත් කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටිනවා. නමුත් ඉහත කරුණු සලකා බලන විට ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමට වඩා එම රෝම පවත්වා ගැනීම සුදුසු බව ඔබට පෙනේවි.

ඔබට මෙම වාසි ගැන හිතන විට ආයෙත් රෝම ඉවත් කරන්න හිතෙන එකක් නැහැ. ඒත් කුමන හෝ හේතුවක් මත ඔබ ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ නම් එය ආරක්ෂිතව කරන්න. මෙන්න අපෙන් පුංචි මග පෙන්වීමක්.

රෝම ඉවත් කරන ක්‍රම

  • රෝම බෑම නැතිනම් ෂේව් කිරීම

සබන් හෝ ඒ සදහා වු ආලේපනයක් භාවිතා කර දින දෙකකට වරක් මෙහිදි රෝම ඉවත් කරනු ලබයි.

  • රෝම ඉවත් කිරීමේ ආලේපන භාවිතය

මෙහිදි ආලේපන මගින් රෝම ඉවත් කිරීමක් කරන අතර මෙම ආලේපන අසාත්මිකද විය හැකි නිසා ප්‍රවේශම් වෙන්න.

  • වැක්ස් කිරීම

වැක්ස් ආලේපනයක් ගල්වා මෙහිදි රෝම උදුරා දැමීමක් වෙන අතර තරමක් වේදනාකාරී වෙනවා. රෝම යලි වර්ධනයට කාලයක් ගතවෙනවා.

  • ලේසර් කර රෝම ඉවත් කිරීම 

මෙය මිල අධික ක්‍රමයක් වෙන අතර ප්‍රමිතිය උසස් රූපලාවණය ආයතනයකින් කරගැනීම ආරක්ෂිත වෙනවා. 

ආරක්ෂිතව ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම

ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • නිවැරදිව බැලීමට අත් දර්පණයක් භාවිතා කරන්න.
  • මුලින්ම ආරක්ෂිත කතුරකින් රෝම කපන්න
  • මෙම ස්ථානයේ සම හා රෝම මෘදු කිරීමට ආලේපන ගල්වා මද වේලාවක් සිටින්න.
  • මේ සදහා ආරක්ෂිත රේසරයක් හෝ උපකරණයක් භාවිතා කරන්න.
  • එක් අතකින් සම තදින් අල්ලාගෙන අනෙක් අතින් රෝම ඉවත් කරන්න. දැඩි ලෙස රේසය තද කිරීමෙන් වළකින්න.
  • සෙමෙන් රෝම වර්ධනය වන දිශාවට ඒවා කපන්න
  • රෝම ඉවත් කල පසු ඔබේ සම උණුසුම් ජලයෙන් සෝදන්න.
  • ඉන්පසු රෝම ඉවත් කල ස්ථානයට මෘදු මොයිසරයිසර් එකක් ආලේප කරන්න. 

ඔබේ සනීපාරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. මෙය එතරම් අපහසු නැහැ.

ඔබේ රහස් ප්‍රදේශයේ රෝම පවත්වා ගන්නවාද නැතිනම් ඉවත් කරනවාද යන්න තීරණය ඔබ සතුයි. මේ ඔබේ රහස් ප්‍රදේශයේ රෝම තිබීමේ වැදගත් කම වගේම ඒ රෝම ඔබට ඉවත් කරන්න අවශ්‍ය නම් ඒ සදහා වු පුංචි මග පෙන්වීමකි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබට ‌මේ සම්බන්ධව ගැටලුවක් ඇතිනම් නැතිනම් අදහස් දැක්වීමට අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න.

මුලාශ්‍ර: youngwomenshealth.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?
බෙදාගන්න :
  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

  • පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

    පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

  • පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

    පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it