theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

7 අවම කියවීම
රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?

ශරීරයේ වගේම රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන අනාවැකි රාශියක් කියන්නට පුලුවන් කියලා ඔබ දන්නවාද?

ශරීරයේ වගේම රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන අනාවැකි රාශියක් කියන්මට පුලුවන්.

ඔබේත් මේ වගේද?

ඔබේ රහස් ප්‍රදේශයේ රෝම වේගයෙන් වැවෙනවාද? ගණකමින් වැඩියිද? නැත්නම් ඉක්මණින් ගැලවෙනවාද? මේ කොයි හේතුව උනත් හෝමෝන තමයි මේ දේවල් වලට හේතුව වන්නේ.

රෝම තියෙන්නේ කොහේ කොහේද?

ශරීරයේ අවයව වල රෝම තිබීම සාමාන්‍ය දෙයක්. ශරීරයේ රෝම කිව්වාම අපිට කෙස් නේ මතක් වෙන්නේ. ඊට අමතරව අපේ සම මත තුනී රෝම ස්තරයක් තියෙනවා. ඒ වගේම ඇහි බැමි වලත් ගණකම රෝම තිබෙනවා. නිකටේ, අත් යට වගේම ඔබේ රහස් ප්‍රදේශ වලත් රෝම පවතිනවා.

රහස් ප්‍රදේශයේ රෝම

රෝම වල ගණකම සහ ජාන

නිවුයෝක් නගරයේ මවුන්ට් සිනායි වල තියන වෛද්‍ය විද්‍යාලයේ සම පිළිබඳ සහකාර මහාචාර්‍ය ග්‍රේ ගෝල්ඩන්බර්ග් කියනවා මෙහෙම කතාවක්. ඔහු කියනවා ශරීරයේ තියෙන රෝම වල ගණකමට බලපාන්නේ ජානමය හේතු කියලා. සමහර අයගේ සම මතුපිට ඇහැට පේන්නෙත් නැති තරමට තමයි රෝම පිහිටලා තියෙන්නේ. ඒත් සමහර පුද්ගලයින් ඉන්නවා ඔවුන්ගේ සම රෝම වලින් වැහිලා. සමහර විට ගණකමට වගේම තද අඳුරු පැහැයක් ගන්නවා ඒවා.

ශරීරයේ, රහස් ප්‍රදේශයේ රෝම එක පාර වෙනස් උනාද?

මෙහෙම තිබිලා ඔබේ ශරීරයේ රෝම එක පාරටම වෙනස් වෙන්න ගන්නවා නම් ඒක ඔබේ සෞඛ්‍යය ගැන මොකක් හරි දෙයක් කියනවා වෙන්න පුලුවන්. එක පාරටම තුනියට තිබුනු රෝම ගණකම වෙලා නම්, ගණකමට තිබුන රෝම ටික ගැලවිලා යනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඕනි කාරණාවක්.

එහෙම වෙන්න හේතු මොනවාද කියලා අපි දැන් බලමු.

1. ඔබේ පුරුෂ හෝමෝන අසමතුලිත වීම නිසාත් ශරීරයේ වගේම රහස් ප්‍රදේශයේ රෝම ද වෙනස් වෙනවා.

එක පාරටම ඔබේ රෝම ගණකමින් වැඩි වෙන්න අරගෙන, වැවෙන වේගයත් වැඩි වෙලා නම් හෝ රෝම ගැලවෙන්නට පටන් අරගෙන නම් හේතුව මේක වෙන්න බොහෝ ඉඩ තිබෙනවා. පිරිමි හෝමෝන කිව්වාට ඒක ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වෙනස් ප්‍රමාණ වලින් තිබෙනවා.

ටෙස්ටොස්ටෙරෝන් වගකිව යුතුයි

ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය තමයි මේකට වග කියන්න ඕනි. ඔබ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අඩංගු ඖෂධ හරි ශක්තිජනක දෙයක් හරි ගත්තා නම් ගණකමින් වැඩි, වේගයෙන් වැවෙන රෝම බලාපොරොත්තු වෙන්න පුලුවන්.

පිරිමි අයගේ වගේ රෝම ගැහැණු අයගෙත් එනවාද? රහස් ප්‍රදේශයේ රෝම ත්??

සමහර වෙලාවට කාන්තාවන්ගෙත් අනවශ්‍ය රෝම වැවෙනවා. පිරිමි අයගේ සාමාන්‍යයෙන් බඩ ප්‍රදේශයේ, පපුව ප්‍රදේශයේ වගේම තන පුඩුව අවටත් රෝම තියෙනවා ඔබ දැක ඇති. අඩුම තරමේ තන පුඩුව වටා රෝම 7ක් 8ක් වත් තියෙනවා.

රහස් ප්‍රදේශයේ රෝම

කාන්තාවන්ටත් එහෙම රෝම එන්නේ කොයි කාලේද?

මෙන්න මේ ආකාරයේ පුරුෂ රෝම රටාවන් කාන්තාවන්ගෙත් මතු වෙනවා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි උනාම. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වෙලා ගිහින් ආර්තවහරණයට ලක් උනාට පස්සේ.

ආර්තවහරණයෙන් පස්සේ මොකද වෙන්නේ?

එතකොට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් මට්ටම ඉහල යනවා.

  • කොන්ඩය ගණකමින් අඩු වෙනවා.
  • නමුත් මුහුණේ රෝම ගණකමට අතට අසු වෙන්න ගන්නවා.
  • නිකටේ පවා එවිට රෝම මතු වෙන්න පුලුවන්.

2. ඔබට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) කියන තත්වය තිබීම නිසාත් රහස් ප්‍රදේශයේ රෝම වෙනස් වෙනවා.

මේ තත්වය ඇති වෙන්නේ ප්‍රජනක හෝමෝන වල අසමතුලිතතාවයක් නිසා. ඇමරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව දරුවන් හදන වයසේ ඉන්න කාන්තාවන් 10 දෙනෙක්ගෙන් එක් අයෙක් මේ තත්වයෙන් පසු වෙනවා.

මේකෙදි වෙන්නේ ඩිම්බ කෝෂයේ ගැටලු සහගත බව. මාසයකට වරක් ඩිම්බ පිට කරනවා ඔසප් චක්‍රයේ අවස්ථාවක. PCOS තත්වය තියෙද්දි ඩිම්බ හරි ප්‍රමාණයට මෝරන්නේ නෑ. එහෙම වෙලා ඒක පිට වීමෙදිත් ප්‍රශ්න ඇති වෙනවා. සාමාන්‍ය කෙනෙක් ගේ වගේ නියමාකාරයෙන් ඩිම්බ මෝරලා පිට වෙන්නේ නෑ.

PCOS තියෙනවා නම් මේ ලක්ෂණ තියෙනවා.

මේ තත්වය ඔබට දැක ගන්නට පුලුවන් වෙනවා රහස් ප්‍රදේශයේ රෝම වලින් වගේම ශරීරයේ තියෙන අනිකුත් රෝම වලින්.

  • ඔබේ කොන්ඩය තුනී වෙනවා.
  • නිකටෙත් රෝම වැඩෙන්න ගන්නවා.
  • ශරීරයේ අනවශ්‍ය රෝම වැඩෙනවා.
  • ප්‍රධානම දේ ඔසප් වීම අක්‍රමවත් වෙනවා.

මේ දේවල් වලට හේතු වෙන්නේත් ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි වීමයි.

3. යකඩ ඌණතාවයකින් පෙළීමත් ඔබේ රහස් ප්‍රදේශයේ රෝම වගේම ශරීරයේ රෝමත් වෙනස් කරනවා.

හැම කෙනෙක්ටම වගේ රෝම වලටත් වැවෙන්නට වගේම ගැලවිලා යන්නටත් කාලයක් තියෙනවා.

ඒත් කැපී පෙනෙන විදියට

  • කොන්ඩය ගැලවී යාම,
  • රහස් ප්‍රදේශයේ රෝම ගැලවී යාම,
  • සම මතු පිට රෝම ගැලවී යාම

වගේ තත්වයක් තියෙනවා නම් නීරක්තිය වගේ තත්වයක් නිසා වෙන්නට ඉඩ තියනවා.

ඔබ මස් මාංශ කන්නේ නැති කාන්තාවක් නම් ලොකු අවධානමක් තියෙනවා.

ශරීරයට යකඩ ලැබෙනවා මදිකම නිසා මෙහෙම වෙන්න පුලුවන්. ඔබ මස් මාංශ ආහාරයට ගන්නේ නැති, ඔසප් රුධිරය අධික ලෙස පිට වන කාන්තාවක් නම් ඔබ ඉන්නේ ලොකු අවධානමක.

  • ඔබගේ කොන්ඩය තුනී වෙලා ගැලවිලා යන්න පුලුවන්.
  • නියපොතු අඳුරු වෙලා ඉක්මනින් කැඩෙනසුළු වෙන්න පුලුවන්.

ඒ නිසා වෛද්‍යවරයෙක් හමු වී රුධිර පරීක්ෂාවකින් රුධිරයේ හිමොග්ලොබින් තත්වය දැන ගන්න.

4. තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න නිසා ඔබේ රෝම වෙනස් වෙනවා කියලා දන්නවාද?

ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ සමනළයෙක්ගේ හැඩය ගත්ත කුඩා ග්‍රන්ඨියක්. ඒක පිහිටලා තියෙන්නේ බෙල්ල ඉදිරියෙන්මයි. මේ හෝමෝනය පාලනය කරනවා ඔබේ ශරීරය ශක්තිය භාවිතා කරන විදිය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම මේ වගෙයි

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන හෝමෝනය (තයිරොක්සින්) ඔබේ ශරීරයේ නියමිත විදියට නැත්නම් ශරීරයේ සියලු ක්‍රියා මන්දගාමී වෙනවා. එතකොට කොන්ඩය හැලෙන එක වේගවත් වෙනවා වගේම ඉක්මනින් කොන්ඩය වැවෙන්නෙත් නෑ.

ඔබේ රොම වල අඩු වීමට තයිරොක්සීන් හෝමෝනයේ සම්බන්ධයක් තියෙනවා නම් මේ ලක්ෂණ ඔබට බලා ගන්නට පුලුවන්.

ඔබේ නියපොතු වල ඉරි වගේ මතු වෙනවා. ඒවා ප්‍රාණවත් පාටක් නෑ. මේ බව හරියටම දැන ගන්න නම් තයිරොක්සින් පරීක්ෂාවක් කර ගන්න ඕනි.

5. මෑතකදී ඔබේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වෙනස් වීම රහස් ප්‍රදේශයේ රෝම වලට බලපෑ හැක.

ඔබේ ශරීරයේ නිපදනවන ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම ඔබේ ශරීරයේ රෝම,රහස් ප්‍රදේශයේ රෝම වලට බලපෑම් කරනවා.

හොඳ ඊස්ට්‍රජන් මට්ටමක් තියෙනවා නම්;

හොඳ ඊස්ට්‍රජන් මට්ටමක් තිබුනොත්, ගණකමින් යුතු රෝම වැඩෙනවා. කොන්ඩය වෙනදාට වඩා ගණකම් වෙනවා. රහස් ප්‍රදේශයේ රෝම ගණකමින් වැඩි වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

රහස් ප්‍රදේශයේ රෝම

ඊස්ට්‍රජන් මට්ටම අඩු උනොත්;

හැබැයි මේ ඊස්ට්‍රජන් මට්ටම අඩු උනොත් කොන්ඩය තුනී වෙලා, ගණකමින් අඩු වෙලා යනවා.

ඊස්ට්‍රජන් හෝමෝනයේ එක පාරටම වෙනසක් වෙනවා නම් එක්කෝ ගර්භණී වීමක් වෙන්නට ඕනි. නැත්නම් උපත් පාලන පෙති ගැනීම නතර කරන්නට ඕනි.

6. ඔබ ගන්නා ඖෂධ වලත් අතුරු ප්‍රතිපල තියෙන්න පුලුවන් ඔබේ රෝම වල ස්වභාවයේ වෙනස් වීමට.

වෛද්‍ය ගෝල්ඩන්බර්ග් පවසන්වා ඔබ ගන්නා සමහර ඖෂධ ඔබේ ශරීරයේ රෝම වැඩීමට බලපෑම් කරන්න පුලුවන් කියලා.

ඔබ විශාදයෙන් පෙළේ නම්;

ඔබ විශාදයෙන්, මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට ප්‍රති පීඩක ඖෂධ ගන්නට සිදු වෙනවා. ඒක හේතු වෙන්න පුලුවන් තාවකාලික කොන්ඩය යාමකට. ඒ වගේම රහස් ප්‍රදේශ වලත් රෝම අඩු වෙන්න පුලුවන්.

දරු ප්‍රසූතියෙන් පසුව, බරපතල සැත්කමකට පසුව, අධික මානසික ආතතිය නිසාත් රෝම ගැලවී යන්නට පුලුවන් කමක් තියෙනවා.

රෝම වැවීම මේ නිසා වේගවත් වෙනවා

ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය, ඩැනසෝල්, ග්ලූකෝකෝටිකොයිඩ්ස් (ස්ටෙරොයිඩ් වර්ගයක්) අඩංගු ඖෂධ නිසා නම් රෝම වැවීම වේගවත් වෙනවා. විශේෂයෙන්ම ඔබේ රහස් ප්‍රදේශ වල රෝම ගණකම් වෙනවා.

ගොඩක් අවස්ථා වල මේ රෝම වැවීම, ගැලවීම සදාකාලික නෑ. ඔබ මේ ඖෂධ ගැනීම නවත්වපු ගමන්ම ආයෙම කලින් තිබුන තත්වයට පත් වෙනවා.

7. ස්වයං ප්‍රතිශක්තිකරණ ගැටලු තිබීම ත් රෝම වලට බලපානවා.

මේ වගේ හේතුවක් නම් ටිකක් කලාතුරකින් තමයි ඇති වෙන්නේ. මේකෙදී වෙන්නේ ඔබේ හිසේ වට ප්‍රදේශයේ කෙස් ගස් ටික ගැලවිලා යනවා.

නැත්නම් සම්පූර්ණ කෙස් ටිකම හැලිලා යනවා. තට්ටය පෑදෙනවා. එහෙමත් නැත්නම් මුළු ශරීරයේම රෝම ගැලවිලා යනවා. කෙස්, අත්, කකුල් වල, රහස් ප්‍රදේශයේ රෝම, ඇහි බැමි, ඇහි පිහාටු වල රෝම වගේ සියල්ලම ගැලවිලා යනවා.

හිත කලබල කර ගන්න ඕනිද?

මේ වගේ ප්‍රශ්නයකට ස්ටෙරොයිඩ් වර්ගයේ ප්‍රතිකාර සිදු කරනවා. නැවත හැලී ගිය රෝම වරධනය වෙන නිසා හිත කලබල කර ගන්න හොඳ නෑ.

8.ඉතාමත්ම කාලාතුරකින් ඇති වන තත්වයක් වන ගෙඩියක් වැනි තත්වයක් තිබීම.

මාස 6ක් වැනි කාල සීමාවක් තුල සීඝ්‍ර ලෙස පිරිමි කෙනෙක්ගේ වගේ රෝම නිකටේ,බඩේ, පපුවේ, තන පුඩු අසල, මුහුණෙ වැවෙනවා නම් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න වෙනවා.

ගෙඩියක් තිබ්බොත් මොකද වෙන්නේ?

ඒ කියන්නේ ඉබේ ශරීරයේ පිරිමි හෝමෝන මට්ටම වැඩියි කියන එක නේ. එහෙම වෙන්න ඔබේ ශරීරයේ ගෙඩියක් වැනි දෙයක් තියෙන්නට ඉඩ තියෙන අතර ඒ ගෙඩියෙන් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිදහස් කරනවා වෙන්නට පුලුවන්.

මේ වගේ තත්වයන් නිතර වෙන දෙයක් නම් නෙමෙයි. නමුත් එවැන්නක් යැයි ඔබට සැක සිතුනොත් පමා නොවී වෛද්‍ය උපදෙස් ගන්න ඕනි.

වෛද්‍යවරයෙක් කරා යන්න ඕනි කොයි කාලයේදිද?

ඔබේ ශරීරයේ රෝම, රහස් ප්‍රදේශයෙන් රෝම වල වෙනසක් කියන්නේ ඔබට අසනීපයක් කියන එකම නෙමෙයි.

ගොඩාක් අයට ඒ වගේ දේවල් වෙන එක හරිම සාමාන්‍ය දෙයක් කියලා වෛද්‍ය ගෝල්ඩන්බර්ග් පවසනවා.

නමුත් එක පාරටම නිකටේ, මුහුණේ, පපුවේ රෝම වැඩෙන්න ගත්තොත් ඒක වෛද්‍ය හේතුවක් වෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනි.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර:-www.prevention.com/health/a20467472/body-hair-causes/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • රහස් ප්‍රදේශයේ රෝම වලින් ඔබේ ශරීරය ගැන කියවෙන මේ අනාවැකි ගැන දැන සිටියාද?
බෙදාගන්න :
  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

  • ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

    ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම හානිදායකද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it