theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු.

2 අවම කියවීම
ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු.ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු.

ආත්මාර්ථකාමී බව මොහොතකට අමතක කරමු. හිතන්න මොහොතක්, ඔබේ අම්මාත් ඔබව කුසේ දරාගෙන මෙහෙම යන්න ඇති නේද? ඔබ නැතිනම් ඔබේ බිරිද ඔබේ දරුවා කුස දරාගෙන මෙහෙම යන්න ඇති නේද? එහෙනම් ඔබේ දියණියත් ඇයගේ දරුවෙකු කුස දරාගෙන මෙහෙම යාවි...

පොදු ප්‍රවාහන සේවා තුල අනිවාර්යයෙන්ම අසුනක් ලැබිය යුතු කොට්ඨාස කිහිපයක් ඉන්නවා. පුජ්‍ය පක්ෂය, වැඩිහිටියන්, ආබාධිත අය, ගර්භණී මව්වරුන් හා දරුවන් වඩාගත් මව්වරුන් මේ අතරට ගැනෙනවා.

මේ අතරින් මම අවසාන කොට්ඨාස දෙක ගැන මදක් ඉදිරියට කථා කරන්න කැමතියි.

කාලය වෙනස් වෙලා දැන් ඉස්සර වගේ නෙමෙයි. ප්‍රවාහන සේවා තුල අසුනක් ලැබිය යුත්තන්ට අසුනක් දීමටත් මිනිස්සු කැමති නෑ. මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වෙලා. 

පොදු ප්‍රවාහන සේවා තුල ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු. මෙන්න මගේ කතාව

මගේ ගර්භණී සමයට මේ වේලාවේ මගේ හිත දුවගෙන යනවා. මම දවසකට උදේ හවස කිලෝමීටර් අසුවක් පමණ දුම්රියෙන් ගමන් කලා.

මිනිස්සු අසුනක් දෙන්නේ කොච්චර අකමැත්තෙන්ද කියලා මම දැක්කා. ඔවුන් අසුනින් නැගිටින්නෙත් හිතින් බනිමින්, මුණේ ඉරියව් ප්‍රසන්න නෑ, අනේ මේ මිනිස්සු මගේ නුපන් දරු පැටියටත් බනිනවා  ඇති කියලා මම හිතින් දුක් වුනා.

මට මිනිස්සුන්ගේ අසුන් ගන්න උවමනාවක් තිබුනේ නැහැ. මට ඕනී වුනේ කාටවත් කරදරයක් නැතිව යන්න. අන්න ඒ නිසාම කොතරම් අපහසුකම් තිබුනත් මම කලින් එන්න පුරුදු වුනා.

සමහරදාට දුම්රිය පොලට මුලින්ම ආවේ මම,ඒත් දුම්රිය ආපු ගමන් මට නගින්න අවස්ථාවක් නොදී මිනිස්සු පොර කා දුම්රියට නැගගත්තා. ඉන්පසු ඔවුන්  අසුන පිරිනමන්නට මැලි වුනා.

වරද කොතැනද?

ඇත්තෙන්ම මම මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබට මතක් කලේ අදද බොහොම  ගර්භණී කාන්තාවන්ට මේ තත්වය උදාවෙලා තියෙනවා කියලා මම දන්න නිසයි

ඇත්තටම වරද කොතැනද? වරද තියෙන්නේ අපේ ආකල්ප වල, කාලයත් සමග අපි ආත්මාර්ථ කාමී වෙලා.

ඔව් ඔබට දුර යන්න තියෙනවා , ඔබට දවසම වැඩ කරලා මහන්සියි. ඔබට අසුනක් අවශ්‍යයි . ඒත් බලන්න ගර්භණී මවක් දිහා නැතිනම් දරුවෙක් වඩාගත් මවක් දිහා ඇයට ඔබට වඩා ඒ අසුන අවැසියි. බලන්න එයා ජීවත දෙකක් ලග තියාගෙන ඉන්නේ, වැටුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.

ආත්මාර්ථකාමී බව මොහොතකට අමතක කරමු. හිතන්න මොහොතක්, ඔබේ අම්මාත් ඔබව කුසේ දරාගෙන මෙහෙම යන්න ඇති නේද? ඔබ නැතිනම් ඔබේ බිරිද ඔබේ දරුවා කුස දරාගෙන මෙහෙම යන්න ඇති නේද? එහෙනම් ඔබේ දියණියත් ඇයගේ දරුවෙකු කුස දරාගෙන මෙහෙම යාවි.

දැනට ආකල්ප වශයෙන් විනාශයට ගිය වැඩිහිටි පරපුර යථා තත්වයට ගෙන ඒම හරිම අසීරු කාර්යයක්, ඒත් අපගේ අනාගත පරපුර ඒ සදහා සුදානම් කලහැකි නේද?

මොනවාද අපිට කරන්න පුලුවන්.

1 . එවන් අයට දරුවා ඉදිරියේ අසුනක් පිරිනමා ආදර්ශමත් වෙන්න.

2. එවන් අයට අසුනක් ලබාදෙන්න දරුවාට අවස්ථාව දෙන්න.

3. එවන් අයට අසුනක් ලබාදිය යුත්තේ ඇයි යන්න දරුවාට වටහා දෙන්න

මෙවන් පුංචි ගුණාංග ප්‍රගුණ කිරීම මගින් ඔබේ දරුවාට හදවතක් ඇති සංවේදී දරුවෙක් වෙන්න ඉඩ දෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඇයට අසුනක් දෙන්න අනාගත පරපුරට කියා දෙමු.
බෙදාගන්න :
  • අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "

    අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

  • පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.

    පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.

  • අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "

    අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

  • පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.

    පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it