theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස අනුව මව්කිරි දොවාගෙන ගබඩා කරගන්නේ මෙහෙමයි

7 අවම කියවීම
දරුවාගේ වයස අනුව මව්කිරි දොවාගෙන ගබඩා කරගන්නේ මෙහෙමයිදරුවාගේ වයස අනුව මව්කිරි දොවාගෙන ගබඩා කරගන්නේ මෙහෙමයි

මව්කිරි පොම්ප කිරීම හා ගබඩා කිරීම දරුවාගේ වයස අනුව දැක්වෙන ප්‍රමාණය මෙන්ම මව්කිරි නිෂ්පාදනය වැඩි කිරීම, මව්කිරි දොවාගත යුතු කාල පරාස ආදිය ගැන ඔබ දත යුතු දේ

අම්මා කෙනෙක්ට මවුකිරි දීමේදී නොයෙක් ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ අතරින් වඩාත් බහුලව දකින්නට පුළුවන් ගැටලුවක් තමයි දරුවාට හැම මොහොතකම මව්කිරි දෙන්නට නොහැකි වීම. මීට ප්‍රතිකර්මයක් ලෙසෙ අපට මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම සලකන්නට පුළුවන්

මේක ගොඩක් වෙලාවට අත්විඳින්නට සිද්ධ වෙන්නේ රැකියාවට යන මව්වරුන්ට. රැකියා හේතු නිසා එක දිගට මව්කිරි දීමේ හැකියාව අභියෝගයක් වෙන්න ඉඩ තියනවා.

මේ වෙලාවට තමයි කිරි දොවා ගැනීම වඩාත් ඉතාම ප්‍රයෝජනවත් විකල්පයක් බව තේරෙන්නේ. ඒ නිසා මව්කිරි කල්තියා දොවාගෙන තබාගැනීමේ හැකියාව, බොහෝ අම්මලාට තිබෙන හොදම විකල්පයක්.

කොතරම් ප්‍රමාණයක් දොවා ගැනීම සුදුසුද? මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීමේදී සීමාවක් තිබෙනවාද? උවමනාවට වඩා දොවා ගන්නවද? නැත්නම් දොවා ගන්නා ප්‍රමාණය ප්‍රමාණවත් මදිද? කිරි දොවා ගැනීම ආරම්භ කර ගැනීමට විශේෂිත කාල වකවානුවක් තිබෙනවා ද? මෙවැනි ප්‍රශ්න රාශියක් අම්මාගේ හිතට ගලා එන්නට පුළුවන්.

මෙම ලිපියෙන් කියන්නට යන්නේ, මව් කිරි දොවා ගැනීම පිළිබඳ අම්මට ඇතිවෙන ඇතිවන පුළුවන් නොයෙක් ගැටලුවලට පිළිතුරු තමයි. විශේෂයෙන්ම විශේෂඥ දැනුම යොදාගෙන මෙම ගැටලුවලට පිළිතුරු දීමට අපි බලාපොරොත්තු වනවා

ගර්භණී අවදියේ මව්කිරි පොම්ප කිරීම කරන්නට පුළුවන් ද?

ගර්භණී කාලයේ දී සාමාන්‍යයෙන් කිරි දොවා ගැනීම එතරම් නිර්දේශ කරන කාරණාවක් නෙවෙයි. විශේෂයෙන්ම ඔබේ පළමු ගැබ් ගැනීම් නම් ඒ කිසිසේත් නිර්දේශ කරන්නේ නැහැ. මීට හේතුව වන්නේ ඔබගේ තනපුඩු මව්කිරි දීම සඳහා තවමත් සකස් වී නොමැති බැවිනි.

 එම නිසා මව්කිරි දොවා ගැනීමට උත්සාහ කිරීම් තුළින් නියමිත කාලයට පෙර, දරු ප්‍රසූත කිරීමේ අවදානම වැඩි වෙනවා.

මව්කිරි පොම්ප කිරීම

මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම, දරු උපතට කලින් සිදු කළ යුතු අවස්ථා

මෙසේ මව්පිුපියන් දරුවන් බිහිකිරීමට පෙර, මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම අවශ්‍ය වෙන විශේෂ අවස්ථා තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මීට එක හේතුවක් වන්නේ විශේෂයෙන්ම මවට ගර්භණී දියවැඩියාව (gestational diabetes) තිබීමයි. මෙසේ දියවැඩියාව තිබෙන කෙනෙක් ලෙස හඳුනාගත් මවක් බිහි කරන දරුවාගේ බොහෝ වෙලාවට රුධිරයේ  සීනි මට්ටම පහළ අගයක් ගනන්වා (hypoglycemic/low blood sugar). 

මෙම අවදදානම අඩු කර ගැනීමට මවගේ මව්කිරි කල්තියා දොවාගෙන තබා ගැනීමෙන් දරුවාට පිටිකිරි දීම වෙනුවට උපන් අලුත මව්කිරි දීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙවැනි විශේෂ අවස්ථාවකවල දරුවා බිහිවීමට කලින් මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගන්නා අවස්ථා  තියෙන්නට ප් පුළුවන්.    

වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන ඇති පරිදි, ප්‍රමාණවත් පියයුරු පටක,  ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග,  පියයුරු සැත්කම් වලට භාජනය වී ඇත්නම් ආදිය ඇති ගර්භනී මව්වරුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ව අනුව ප්‍රසූතියට කලින් මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම නිර්දේශ කරනවා. 

මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම

අලුත උපන් දරුවකුගේ මවක් ම්ව්කරි කොපමණ ප්‍රමාණයක් දොවාගත යුතු ද?

දරුවා ඉපදී පළමු දවස් පහ ඇතුළත මුල්ම මව්කිරි ටික නිපදවෙනවා.

මේ නිසා තමන්ගේ පියයුරු දෙකෙන්ම විනාඩි 5ත් 10ත් අතර කාලයක් සෑම පැයකට ම වරක් මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගත යුතු වනවා.

මවගේ සිරුර දරුවාට මවුකිරි දීමට හැඩ ගැසෙන මේ මුල්ම කාලයේ නිපදවෙන මුල්ම මව්කිරි රන් කිරි ලෙසින් හැඳින්වෙනව. 

එය මිනිත්තු කිහිපයකට වරක් ඉතා කුඩා ප්‍රමාණ වලින් නිපදවෙන්නේ දරුවාගේ මිදි ගෙඩියක් පමණ කුඩා පුංචි කුසට සරිලන ප්‍රමාණයෙන් පමණයි. 

එහි අඩංගු විශේෂ ප්‍රෝටීන අලුත උපන් බිළිඳාට බොහෝ ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වනවා.

මෙම සංසන්දනය මඟින් ඔබේ අලුත උපන් බිළිඳාගේ බඩ කොතරම් කුඩාද යන්න ගැනත්, දරුවාට කොපමණ කිරි ප්‍රමාණයක් දොවාගත හැකිද යන්න ගැනත් යම් ඉදිරි දර්ශනයක් ලබා දේවි:

මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම: ප්‍රමාණ හා කාල වකවානු

මුල්ම දිනය - මිලි ලීටර් 5 සිට 7 දක්වා (රටකජු හෝ චෙරි ප්‍රමාණය)
තුන්වන දිනය - මිලි ලීටර් 20-27 (walnut ප්‍රමාණය)
7 වන දිනය - මිලි ලීටර් 45 සිට 65 දක්වා (ඇප්රිකොට් ඇටයේ ප්‍රමාණය)
30 වන දිනය - මිලි ලීටර් 80 සිට 150 දක්වා (බිත්තරයක ප්‍රමාණය)

මව්කිරි පොම්ප කිරීම

මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම: මාස දෙකේ සිට හය දක්වා

ඔබේ ශරීරය මේරූ කිරි නිපදවීමට පටන් ගත් විට, සෑම පැය දෙක තුනකට වරක් පියයුරු දෙකෙන්ම කමව්කිරි දොවාගත හැකියි. නමුත් මෙසේ දොවාගැනීමේදී එක් පියයුරකින් විනාඩි 30කට වඩා කාලයක් එක දිගට දොවාගැනීමෙන් වැළකියයුතුයි. 

 එක් එක් මවගේ ශරීරය වෙනස් මෙන්ම අද්විතීයයි. මේ නිසා මව්කිරි දෙවීමෙදී  කොපමණ කිරි ප්‍රමාණයක් නිපදවෙනු ඇත්දැයි නිශ්චිත ලෙස නිගමනය කිරීම අපහසුය. විශාල පියයුරු ඇති මවක් කුඩා පියයුරු ඇති මවකට වඩා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවන්නේ නැත.

මව්කිරි වලින් පමණක් යැපෙන, වයස අවුරුදු 1 සිට මාස 6 දක්වා දක්වා දරුවන් සාමාන්‍යයෙන්  දිනකට අවුන්ස 25 (මිලි ලීටර් 750) ක් පමණ මව්කිරි ප්‍රමාණයක් පරිභෝජනයට ගනු ඇත.

සාමාන්‍යයෙන් දිනකදී පරිභෝජනය කෙරෙන මව්කිරි ප්‍රමාණය අවුන්ස 19-30 ක් බවත් (දිනකට මිලි 570-900) කියැවෙනවා.

දරුවාගේ වයස අනුව මව්කිරි දොවාගෙන ගබඩා කරගන්නේ මෙහෙමයි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම: මාස 6 සිට 12 දක්වා

ඔබේ දරුවා ඝන ආහාර ගැනීම ආරම්භ කිරීමත් සමඟ අළුතින් එක්වූ ආහාර වේල සමඟ සමපාත වන පරිදි මව්කිරි දොවන ප්‍රමාණය අඩු කරන්නට පිළිවෙනි.

මේ  අනුව, ඔබේ මව්කිරි දොවාගැනීම දැන් සෑම පැය තුන හතරකට වරක් විය කරගන්නට පිලිවෙනි.

දරුවාට වයස අවුරුදු එකක් සම්පූර්ණ වීමත් සමඟ, ඔහු දිනකට කුඩා නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් පහක් පමණ ආහාරයට ගත යුතුය.

මෙම අවස්ථාවෙහිදී, දරුවා පරොභෝජනය කරන ඝන ආහාර ප්‍රමාණය අනුව, ඔබ දිනකට දෙතුන් වතාවක් පමණක් මව්කිරි දොවාගැනීම ප්‍රමාණවත් වනවා. 

මේ නිසා මදිපාඩුවට ඔබ නිපදවන මව්කිරි ප්‍රමාණය දරුවා ගන්නා ආහාර ප්‍රමාණය මත පදනම් වනවා.  

දරුවාට වයස අවුරුදු 2ක් පමණ වන තෙක්ම දරුවාට මව්කිරි දීම නිර්දේශ කෙරෙනවා. 

ශරීරයේ මව්කිරි නිපදවීම වැඩි කිරීමට උපදෙස්

  • Diet කිරීමෙන් වලකින්න. කාබෝහයිඩ්රේට වලින් සපිරි, සමබර ආහාර වේලක් ආහාරයට ගන්න. 
  • අවම වශයෙන් දිනකට වතුර වීදුරු 7 ක් හෝ 8ක් වත් පානය කරන්න. නිතරම ශරීරය සජලව තබාගැනීමට වගබලාගන්න.
  • මීට අමතරව, මව්කිරි දොවාගන්නා විට උණුසුම් වතුර වීදුරුවක් හෝ බෝතලයක් පුරුද්දක් ලෙස ඔබ අසලින් තබාගන්න. 
  • මව්කිරි දොවාගන්නා විට හැකි තරම් විවේකීව සිටින්නට උත්සාහ කරන්න. මෙය ඔබට උපරිම මව්කිරි ප්‍රමාණයක් දොවාගැනීමට ඉඩ සලසයි.
  • ඔබේ මනස සන්සුන් කරන ක්‍රමෝපාඅයන් ටිකක් සොයාගන්න. භාවනාත්මක සංගීතය, සිත නිවන වීඩියෝපට වැනි දෑ සිත සන්සුන් කිරීමට උපකාර වන ක්‍රම කිහිපයකි. මේ අතර දරුවා ගැන මෙනෙහි කරගන්න. පැටියාගේ පින්තූරයක් හෝ ඇඳුමක් ළඟ තියාගන්න. 
  • මෙම පුංචි ‘මතක් කිරීම්’ මව්කිරි පහසුවෙන් ශ්‍රාවය වීමට ඉඩ සලසාවි, උපකාර වේවි. මෙමගින් මව්කිරි දොවාගැනීම වඩාත් කාර්යක්ෂමව කරගත හැකි වනු ඇත.
  • දරුවාගේ වයසට අනුව රාත්‍රියේදී පවා ඔබේ මව්කිරි දොවාගැනීම දිගටම කරගෙන යා හැක. 

මව්කිරි පොම්ප කිරීම

වර්ධන වේගය අනුව මව්කිරි පොම්ප කිරීම සහ ගබඩා කරගැනීම

ඔබේ ළදරුවාගේ සීග්‍ර වර්ධන වේගයන් අතරතුර, මව්කිරි දොවාගන්නා වාර ගනන වැඩි කරගෙන කාල පරතරටය අඩු කරගත හැකියි.

නිදසුනක් ලෙස, ඔබ සාමාන්‍යයෙන් සෑම පැය දෙකකට වරක් මව්කිරි දොවාගන්නේ නම්, මෙම අවදි වල සෑම විනාඩි 60 කට හෝ 90 කට වරක් මව්කිරි පොම්ප කරගත හැක. මෙමගින් මව්කිරි අතිරික්තයක් ගබඩා කරගැනීමට ඔබට හැකි වනු ඇත.  

ඔබට මව්කිරි කොපමණ ප්‍රමාණයක් පොම්ප කළ හැකිද යන්නට බලපාන සාධක මොනවාද?

පොදුවේ ගත් කල, ඔබට කොපමණ කිරි ප්‍රමාණයක් නිස්පාදනය කළ හැකිද යන්න පදනම් වන්නේ ‘ඉල්ලුම සහ සැපයුම’ න්‍යාය මතයි.

එබැවින් ඉල්ලුමක් තිබේ නම් සැපයුමක් ඇති අතර ඉල්ලුම වැඩි නම් සැපයුමද ඉහළ යනු ඇත. ඒ හා සමානව, ඉල්ලුම අඩු නම් සැපයුම ද අඩු වනු ඇත.

අඩු ඉල්ලුමට අමතරව, ඔබේ මව්කිරි නිස්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපාන තවත් සාධක කිහිපයක්  

  • ආතතිය හා කාංසාව
  • අස්ථායී හැඟීම් හෝ අස්ථායී මානසික සෞඛ්යය
  • අඩු ආහාර ගැනීම සහ විජලනය
  • මව්කිරි නිෂ්පාදනය කිරීම ප්‍රමාද කිරීම
  • නිතර තද ඇඳුම් ඇඳීම සහ එක දිගට යට ඇදුම් (බ්‍රා එක) පැළඳීම

මව්වරුනි, ඔබ සිහිතබාගත යුතු විශේෂ දෙයක් වන්නේ කිසිවිටෙක දරුවාට බලෙන් මව්කිරි දීම හෝ ආහාර කැවීම නොකළ යුතු බවයි.

දරුවාගේ කුසගින්න පෙන්වන ඉඟි සොයා බැලීම හා ඔබේ දරුවාගේ පෝෂණ රටාව තේරුම් ගත යුතුයි.

මේ තුළින් ඔබටත් දරුවාටත් පහසු ලෙස හා වැඩදායී ලෙස දරුවාගේ පෝෂණය සපයන්නට ඔබට හැකි වනු ඇත. 

දරුවන් සෑම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. පෝෂණ අවශ්‍යතාවන්, කුසහගින්න, පෝෂණ රටා මේ සියල්ල දරුවාගෙන් දරුවාට වෙනස් වන බව සිහි තබාගන්න.

මේ නිසා සෑම දරුවෙක්ම මව්කිරි පරිභෝජනය කරන ප්‍රමාණය එකිනෙකාගෙන් වෙනස වනු ඇති.

දරුවන්ගේ විශේෂ සංවර්ධන සංධිස්ථාන වලදී වැඩි මව්කිරි ප්‍රමාණයක් පරිභෝජනය කරනු ඇති.

හොඳ ප්‍රමිතියකින් යුත් උසස් තත්වයේ පියයුරු පොම්පයක් (breast pump) මිළදී ගැනීමටත් අමතක කරන්නට එපා.

මෙය මව්කිරි දොවාගැනීම හා ගබඩා කිරීම කෙරෙහි බලපාන විශේෂ සාධකයක් වනු ඇති.  

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්කිරි දෙවීම හා ගබඩාව
  • /
  • දරුවාගේ වයස අනුව මව්කිරි දොවාගෙන ගබඩා කරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

    මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

  • වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

    වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

  • මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

    මව්කිරි දොවා ගැනීමේදී හා අසුරා තිබීමේදී සිදු වන අත්වැරදි

  • වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

    වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it