සංවේදී ලිපියක් සමගින් රාණි මුකර්ජිගේ දියණියගේ පළමු ඡායරූපය මාධ්‍යට

සංවේදී ලිපියක් සමගින් රාණි මුකර්ජිගේ දියණියගේ පළමු ඡායරූපය මාධ්‍යට

එක දිනකින් එක රැයකින් මේ වෙනස සිදු වුණා රාණි මුකර්ජි චොප්රා පවසනවා.

රාණි මුකර්ජි හා නිෂ්පාදකයෙකු වන ආදිත්‍ය චොප්රාගේ දියණිය ඉතාමත් පරිස්සමින් තම දියණිය ලොකු මහත් කරන බව පෙනුනා. මේ දක්වා ඒ නිසාම පැපරාට්සින්ගෙන් ඇගේ දියණිය සඟවා ගෙන මේ දක්වාම ඔවුන් සිටියා.

ඔවුන්ගේ පවුලේ අය හැරුණු කොට ළඟම මිතුරන්වත් ඇගේ දියණියව දැක තිබුණේ නැහැ.නමුත් එය අතීතයට එක්වූ කතාවක් බව මේ අධිසංවේදී මව රාණි මුකර්ජි දැන් පෙන්වා තිබෙනවා.

ඇය මේ අවස්ථාව උදා කළේ දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් ඇයට සුභ පතමින් මාධ්‍යට නිකුත් කළ ප්‍රථම ඡායරූපය සමගිනුයි. ඇය බොහෝ දුරට ඇගේ සුන්දරත්වයටම සමානයි. ඉතින් ඇය ඒ සමග ඉතා සංවේදී ලිපියක්ද නිකුත් කළේ අනෙක් අම්මලාටත් පොදු අදහස් දක්වමින්.

අදිරාට ලියූ රාණිගේ සංවේදී ලිපිය

මේ උණුසුම් අදහස් කැටිවූ ලිපිය රාණි තුළ ඇති බලාපොරොත්තු හා මවක ලෙස ඇය ආ ගමන හැම දෙමාපියෙකුටම වටහා ගන්න පුළුවන්.

මම මගේ පුංචි දුව අදිරාට හරිම ආදරෙයි. ඇය නැතිව මට හුස්මක්වත් ගන්න බැහැ. මගේ ජීවිතයම දැන් වෙනස් වෙලා වගේ. ඒ වෙනස හරිම හොඳ වෙනසක්. නමුත් එක් අතකට එය තරමක් බය හිතෙන අත්දැකීමක්. මොකද එක පාරටම ඔබ ජීවත් වෙන එක නවතිනවා. දැන් ඔබ ජීවත් වෙන්නේ ඔබේ දරුවා වෙනුවෙන්, ඇය මට නැවත ජීවිතයක් දීලා. අම්මා කෙනෙක් වුනාට පස්සේ මට රෑට නිදාගන්න බැහැ. මට දවල්ට නිදාගන්නත් බැහැ. මම නිතරම මේ ලෝකේ ඉන්න සිය දහසක් අම්මලා ගැන හිතනවා. ඇය ඇගේ අදහස් කියාගෙන යනවා. රාණි ගැන නොදන්නා ඇගේ මව් පදවිය ගැන නොදන්නා අලුත් අම්මලා දන්නවද දන්නේ නැහැ ඇයත් මව් පදවියේ අලුත් අත්දැකීම් දැනගනිමින් දිගු ගමනක් ආවා. ඇය අනෙක් අම්මලාගෙනුත් අහන්නේ ඇය වගේම ඔබත් මේ විදිහට කළාද කියලයි.

අනෙක් අම්මලාත් මං වගේ ව්‍යාකූල වෙනස් අත්දැකීම භාරගත්තේ කොහොමද? නැතිනම් ඒ මම විතරද? මම අම්මලා හැමෝටම ආචාර කරනවා. ඒ වගේම මේ අපූරු තෑග්ග මගේ අදිරා මට දුන්නට ස්තූතියි.

මව් පදවිය රාණිගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරලා   

ඇගේ ලිපියේ ඇයව මව් පදවිය මානසිකව සහ සංවේදී බවින් කෙතරම් වෙනස් කළා දැයි කියනවා. ඇයට එය අන් අය තේරුම් ගනීවි දැයි සැක සිතුනත් ඇය දන්නවා ඇගේ ජීවිතය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා.

මගේ ජිවිතයේ මේ අවස්ථාව අන් අය වටහා ගනී ද කියලා මම දන්නේ නැහැ. මට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න ඉඩ දෙනවා. ඒවාට සමහර විට මම පිළිතුරු දෙනවා. සමහර විට පිළිතුරු දෙන්නෙත් නැහැ. මම ඇය ගැන හරිම ආඩම්බරයි. ඇයගේ හදවත විශ්වාස කරන්නයි මම ඇයව උනන්දු කරනවා.

කිසි කෙනෙකුගෙන් ගැරහුම් නොලබන්න, කිසි දෙයකට පීඩනයක් නොලබන්න, නිදහසේ ජීවත් වෙන්න, සතුටින් සිනාසෙන්න, හදවතින්ම සිනාසෙන්න අවස්ථා  ඇය දියණිය ගැන තවත් විස්තර කරනවා.

පළමු වතාවටයි ඇය අදිරා ගැන කියන්නේ

මේ ලිපිය ඇගේ දියණිය ගැන කතා කළ දෙවන අවස්ථාවයි. පළමු වතාව වන්නේ ඇය මවක් වූ අවස්ථාවේ ඒ පිළිබඳ කළ සංවේදී සටහනයි.

ඒ අවස්ථාවන් මගේ රසික රසිකාවියන්ට හා සුභ පතන්නන්ට හුඟක් ස්තූතියි. අද අපිට අදිරා දෙවියන් විසින් තෑගි කළා. ඔබේ සුබ පැතුම්, ප්‍රාර්ථනා හා යාඤාවන්ට හුඟක් ස්තූතියි. මේ සතුට සමගින් අපි අපේ ජීවිත වල නව පිටුවක් පෙරලනවා.

මේ අදහස් වලින් අපිට දැනෙන්නේ ඔබ කොයි තරාතිරමේ සිටියත් මව් පදවියෙන් ලැබෙන සතුට කාටත් පොදුයි කියලයි.

මේ නිසාම ඇය කිසි විටෙකත් ඇගේ දියණියගේ ඡායරූප ගන්න මාධ්‍යට ඉඩ දුන්නේ නැහැ. අලුත් අම්මලාට මෙය හොඳ ආදර්ශයක්.

අලුත් දෙමාපියන් හා සමාජ ජාල

අලුත් දෙමාපියන් ලෙස ඔබ ලද සතුට ලෝකයටම කෑගහලා කියන්න ඔබට හිතෙනවා. සමහරු පැටියා කොයි වගේද කියලා පින්තූර අරගෙන සමාජ වෙබ් අඩවි වලට මුදා හරිනවා.

නමුත් ඔබ මේ ගැන දෙවරක් සිතිය යුතුයි. රාණි මුකර්ජි පවසනවා.

  • නාන අවස්ථාවන් වල ඉන්න පින්තූර පළකිරීමෙන් වළකින්න.

මෙය ළමා අපචාරකයන්ට කදිම අවස්ථාවක් වගේම දරුවා ලොකු වන විට එය දරුවාට අපහසුවක් ගෙන දෙන්න පුළුවන්.

  • පළමු වතාවට පොටි එකේ ඉඳගන්න අවස්ථාව

මෙවැනි පින්තූර පෞද්ගලික දේවල් වන නිසා ප්‍රචාරය කිරීම නුසුදුසුයි වගේම දරුවා වැඩිහිටියෙකු වූ විට එය අපහසුතාවයට පත් වන දෙයක් විය හැකයි.

  • දරුවාගේ මුහුණේ පින්තූර

ඔබ මෙය නොකලත් සමහරුන් තිරය ළඟට වෙලා මෙවැනි පින්තූර ප්‍රචාරය කරන බව සිතන්න. සමහර විට මේවට ලැබෙන ප්‍රතිචාර කැතයි, මහතයි, ඇස් ලොකුයි වගේ නරක ප්‍රතිචාර වෙන්න පුළුවන්. ඉන් නිකරුනේ ඔබත් දරුවාත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.

මව් පදවිය අලුත් අත්දැකීමක් වගේම අලුතෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. ඔබ නොසිතන සමහර පැතිකඩයන් theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය නිරාවරණය කරන්නේ ඒ නිසයි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Deepshikha Punj

කතන්දර ලිපි