සාම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුව: රසම්

lead image

රසම් යනු සාම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න පහසුවෙන් සකස් කල හැකි ආහාරයකි. දකුණු ඉන්දියාවේ බොහොමයක් මෙය ආහාර වේලක කොටසක් ලෙස සලකනවා.

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ආහාරයක් වශයෙන් සලකනු ලබන රසම් අපූරු රසයෙන්, සුවදින් මෙන්ම සැර ගතියෙන් අනුනය.

එය  බත් සමග ආහාරයට ගත හැකිය.  කිරි එරීම හා අලුත් මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන සුදු ලුණු වැඩි ප්‍රමාණයක්  රසම් වල අඩංගු වෙනවා. ඒ සුදු ලූණු වල සෙරනියම්, විටමින් B 6  සංඝටක අඩංගු වන නිසා වන අතර එමගින්  දරු ඵල වැඩි වීමක්ද සිදු වේ.

එය සකස් කිරීමට පහසු සාම්ප්‍රදායික  සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මෙන්ම එමගින් ආහාර වේලට සැර බවකුත්, සුවඳත් එකතු වෙනවා .

අවශ්‍ය ද්‍රව්‍ය

හොදින් තලාගත් සුදු ලූණු බික් 10

සියඹලා තලපය  තේ හැදි  1

අබ ඇට තේ හැදි 1/4

කහ තේ හැදි 1/4

සුදුරු තේ හැදි 1/4

කුඩු කර ගත් ගම්මිරිස් තේ හැදි 1/4

කොත්තමල්ලි තේ හැදි 1/4

පරිප්පු කෝප්ප 1/2

රතු මිරිස් 3

වතුර කෝපප 03

ගී තේ හැදි   03

තක්කාලි 02

රස අනුව ලුණු

කරපිංචා කොළ

සාදන ක්‍රමය

* පරිප්පු තේ හැදි 1 ක්, කොත්තමල්ලි, සූදුරු, ගම්මිරිස්, රතු මිරිස් හා සුදු ලූණු වලින් භාගයක් විනාඩියක් බැදගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙම මිශ්‍රණය තලපයක් වන තුරු කුඩුකර ගන්න.

* භාජනයක් ලිප තබා වතුර කෝප්පයක්, සියඹලා තලපය, තක්කාලි, කහ, ඉතිරි සුදු ලූණු හා රස අනුව ලුණු යෙදු මිශ්‍රණය නටවා ගන්න.

* දැන් කලින් සකස් කර ගත් පරිප්පු මිශ්‍රණය හා වතුර එයට එකතු කරගන්න. පරිප්පු හොදින් ඉදෙන තුරු තම්බා ගන්න .

* වෙනත් බදුනක් ලිප තබා රත් කරන්න .අබ පුපුරන විට ලිපෙන් ඉවතට ගෙන ඉහත මිශ්‍රණය එකතු කරන්න. දැන් ඔබට කරපිංචා වලින් රසම් බදුන සරසන්න පුලුවන් .

තවත් සාම්ප්‍රදායික  සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන ඔබ දැනුවත්ද? එසේ නම් ඒ පිලිබඳ පහලින් සටහනක් යොදන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී