මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) රෝගය යනු කුමක්ද?

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) රෝගය යනු කුමක්ද?

මී උණ යනු කුමක්ද? ඔබට මී උණ වැළඳීමේ අවදානයක් තිබේද? ඊන් වළකින්නේ කෙසේද යන්න ඇතුළු වැදගත් තොරතුරු රැසක්.

පසුගියදා අප්‍රියෙල් මස 18දා කොළඹ නාවික හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවුක බටයෙක් මී උණ රෝගය හේතුවෙන් මියා යාමේ පුවතක් වාර්තා වුණා.

මේ පුවතත් සමඟ ලංකාවේ මී උණ පැතිරීමේ අවදානමක් ගැන යම් තැති ගැන්මක් දෙමාපියන් අතර ඇතිවී තිබෙනවා.

මි උණ රෝගය ගැන මනාව දැනුවත් වී සිටීමත්, ඉන් වැළකෙන ආකාර ගැන අවබෝධයෙන් සිටීමත් අනවශ්‍ය තැති  ගැන්මකින් තොරව පවුලේ සැමගේ ආරක්ෂාව සැළසීමට දෙමාපිය අපට උදව් වනවා.

මී උණ/ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis)  යනු සතුන්ගෙන් බෝවෙන දුර්ලභ බැක්ටීරියා ආසාදනයකි. එය සත්ව මුත්‍රා හරහා, විශේෂයෙන් බල්ලන්, මීයන් සහ ගොවිපල සතුන්ගෙන් පැතිරෙයි.

ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකි නමුත් උන් රෝග වාහකයන් විය හැකිය.

බොහෝ අවස්ථාවන්හීදී, මී උණ රෝගය නොහොත් ලෙප්ටොස්පයිරෝසිස් අප්‍රසන්න නමුත් ජීවිතයට තර්ජනයක් නොවේ.

එය කලාතුරකින් සතියකට වඩා වැඩි කාලයක් පවතී.

නමුත් 10% ක් පමණ රෝගීනට දරුණු මී උණ /ලෙප්ටොස්පයිරෝසිස් ඇති විට, ඔවුන් සුව වන නමුත් නැවත අසනීප වේ.

මෙය වේල්ස් (Weil’s) රෝගය ලෙස හැඳින්වෙන අතර එය පපුවේ වේදනාව සහ ඉදිමුණු අත් සහ කකුල් වැනි බරපතල ගැටළු ඇති කළ හැකිය. මෙහිදී බොහෝ විට රොගියා රෝහල් ගත කිරීම අවශ්‍ය වේ.

මී උණ (Rat fever) රෝගය වැළඳෙන්නේ කෙසේද?

මී උණ/ලෙප්ටොස්පිරෝසිස් හටගන්නේ ලෙප්ටොස්පිරා ඉන්ට්‍රෝගන්ස් නම් බැක්ටීරියාවෙනි.

මෙම ජීවියා බොහෝ සතුන් විසින් ප්‍රවාහය කරන අතර එය සත්ව වකුගඩු වල ජීවත් වේ. එය ඔවුන්ගේ මුත්රා හරහා පස් හා ජලය මත පතිත වේ.

හැන්ටා වයිරසය

යමෙක් ආසාදිත සතෙකු මුත්‍රා කළ පස් හෝ ජලය අවට ගැවසේ නම්, සීරීම්, විවෘත තුවාල හෝ වියළි ප්‍රදේශ වැනි සමේ බිඳීම් හරහා විෂබීජයට ඔබේ ශරීරය ඇතුළු විය හැකිය.

එය කෙනෙකුගේ නාසය, මුඛය හෝ ලිංගේන්ද්‍රිය හරහාද ඇතුළු විය හැකිය.

ලිංගික එක්වීමේදී හෝ මව්කිරි දීම හරහා මී උණ ආසාදනය විය හැකි වුවද එය කෙනෙකුගෙන් තවත් කෙනුකුට ආසාදනය වීම ඉතා දුර්ලභය.

කෙනෙකු සත්වයින් ගැවසෙන ස්ථාන වල හෝ එළිමහනේ හෝ වැඩි කාලයක් ගත කරන්නේ මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇත.

පහත රැකියා වල නිරත වූවන්ට මී උණ රෝගය වැළඳීමේ වැඩි ඉඩක් ඇත:

  • ගොවි මහතුන්
  • පශු වෛද්‍යවරුන්
  • භූගත සේවකයින් (මලාපවහන වල හෝ පතල් රැකියා කරන්නන්)
  • සතුන් මරණ ස්ථාන වල සේවය කරන්නන්
  • හමුදා නිලධාරීන්

ආසාදිත සතුන් ගැවසෙන ස්ථාන වල ගංගා, ඇල දොළ ආදියේ නෑමෙන්, පිහිනීමෙන් ආදිය මෙම රෝගයට ගොදුරු විය හැකිය.

මී උණ/ලෙප්ටොස්පයිරෝසිස් බොහෝ විට උණුසුම් දේශගුණ තුළ දක්නට ලැබේ.

මෙම බැක්ටීරියාව ලොව පුරා ජීවත් වුවද, එය විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, අග්නිදිග ආසියාව, මධ්‍යම සහ දකුණු ඇමරිකාව සහ කැරිබියන් යන රටවල බහුලව දක්නට ලැබේ.

මී උණ රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් සති 2ක් ඇතුළත මී උණ/ලෙප්ටොස්පයිරෝසිස් (leptospirosis ) රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පටන් ගනී.

ඇතැම් අවස්ථාවල දී රෝග ලක්ෂණ මාසයක් යන තුරු පවා නොපෙන්විය හැකිය.

මී උණ රෝග ලක්ෂණ

මී උණ රෝගය වැළඳුණු විට එය දරුණු ලෙස පහර දෙයි. ආසාදියාට උණ වැළඳේ. එය 104’F දක්වා ඉහළ යා හැක. අනෙකුත් සාමාන්‍ය රෝග ලක්ෂණ අතර පහත ලඛ්ෂණ දැකිය හැක:

  • හිසරදය
  • මාංශ පේශි කැක්කුම
  • සෙංගමාලය (සම සහ ඇස් කහ වීම)
  • වමනය
  • පාචනය
  • සමේ කැසීම

මෙම රෝග ලක්ෂණ බොහොමයක් උණ සහ මෙනින්ජයිටිස් ඇතුළු වෙනත් රෝග වලට සමාන වේ, එබැවින් සුපරික්ෂාකාරීව පරීක්ෂා කිරීම වැදගත් වේ.

මී උණ සඳහා පරීක්ෂා කිරීම සඳහා, වෛද්‍යවරයා විසින් සරල රුධිර පරීක්ෂණයක් කර ප්‍රතිදේහ සඳහා රුධිරය පරීක්ෂා කරනු ඇත. මේවා බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ ශරීරය නිපදවන ප්‍රතිදේහ වේ.

රෝගියාට මින් පෙර ශරීර පද්ධතිය තුළ රෝගය වැළඳී ඇත්නම්, රුධිර පරීක්ෂාව මඟින් ව්‍යාජ ධනාත්මක බවක් ලබා දිය හැකිය (නැතහොත් පෙර ආසාදනයෙන් ප්‍රතිදේහ පෙන්වීම).

එම නිසා ප්‍රතිඵල නිවැරදි දැයි තහවුරු කර ගැනීම සඳහා සතියකට පමණ පසු වෛද්‍යවරයා විසින් දෙවන පරීක්ෂණය සිදු කරනු ඇත.

වෛද්‍යවරයාට විසින්  DNA පරීක්ෂණයක්ද නිර්දේශ කළ හැකිය. එය වඩාත් නිරවද්‍ය, නමුත් වඩා මිල අධික වන අතර වැඩි කාලයක් ගත වන අතර ලෝකයේ බොහෝ ප්‍රදේශවල එය තවමත් ලබා ගත නොහැක.

මී උණ (Rat fever): ප්‍රතිකාර හා වැළැක්වීම

පෙනිසිලින් සහ ඩොක්සිසයික්ලයින් ඇතුළු ප්‍රතිජීවක සමඟ ලෙප්ටොස්පයිරෝසිස් ප්‍රතිකාර කළ හැකිය.

උණ සහ මාංශ පේශි වේදනාව සඳහා වෛද්‍යවරයා විසින් ඉබුප්රොෆෙන් නිර්දේශ කළ හැකිය.

රෝග තත්වය සතියක පමණ කාලයක් පවතිනු ඇත.

නමුත්, ආසාදනය වඩාත් දරුණු නම් රෝගියාට රෝහලට යාමට සිදු විය හැකිය.

වකුගඩු අකර්මණ්‍ය වීම, මෙනින්ජයිටිස් සහ පෙනහළු ආබාධ වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. රෝගියාගේ ශරීරයට ප්‍රතිජීවක එන්නත් කිරීමට අවශ්‍ය විය හැක.

ඒ අතර ඉතා බරපතල අවස්ථාවලදී ආසාදනය ශරීරයේ අවයව වලට හානි කළ හැකිය.

රෝගයෙන් වැළකී සිටීම ප්‍රධානය. නිරෝගීව සිටීමට ඔබට කළ හැකි දේ:

අපිරිසිදු ජලය හා ගැටීමෙන් වළකින්න. විශේෂයෙන්ම අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින  රටවල  නම්, ජලය පිරිසිඳු යැයි ඔබට විශ්වාසයක් නැත්නම් එය බීමට ගැනීමෙන් වැළකිය යුතුයි.

මී උණ

නමුත් ලෙප්ටොස්පයිරෝසිස් බැක්ටීරියාවට වෙනත් ශරීර විවරයන් හරහා ඇතුළු විය හැකි බැවින්, මිරිදිය ප්‍රදේශවල පිහිනීම, දිය සෙල්ලම් කිරීම, යාත්‍රා කිරීම හෝ මසුන් ඇල්ලීම ආදියෙන්ද වැළකී සිටීම හොඳ අදහසකි.

ලුණු වතුර සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ.

ආසාදිත සතුන්ගෙන්, විශේෂයෙන් මීයන්ගෙන් ඈත්ව සිටින්න. මීයන් සහ අනෙකුත් මී ඝනයේ සතුන්, බැක්ටීරියා වල ප්‍රධාන වාහකයන් වේ. බටහිර ලෝකයේ පවා මීයන්ගෙන් 20% කට රෝගය තිබිය හැකිය.

ඔබට මීයන් හැසිරවීමට හෝ ඔවුන්ගේ වාසස්ථාන සමඟ සම්බන්ධ වීමට සිදුවුවහොත් ප්‍රවේශම් වන්න වගබලාගන්න.

සංවර්ධිත රටවල, සාමාන්‍යයෙන් ගොවිපල සතුන්ව එන්නත් කරනු ලැබේ. එබැවින් අවදානම අඩුය.

සතෙකු රෝගාතුර නම්, උන්ගේ දෂ්ට කිරීම් සහ ශරීර තරල වලින් වැළකී සිටින්න. සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝගය වාතය හරහා පැතිරිය නොහැක.

විශේෂයෙන් ඔබ සංචාරය කරන විට ඔබේ වටපිටාව ගැන සැලකිලිමත් වන්න.

දුර්වල සනීපාරක්ෂාව ඇති රටවල, මී උණ රෝග බහුලව දක්නට ලැබෙන අතර එය වළක්වා ගැනීමට අපහසු විය හැකිය.

එමනිසා, රෝග ලක්ෂණ හඳුනාගෙන ඔබ අසනීප වුවහොත් උපකාර ලබා ගන්නට වගබලා ගන්න.

විෂබීජ නාශක භාවිතා කරන්න. බ්ලීච්, ලයිසෝල්, අම්ල ද්‍රාවණ සහ අයඩින් බැක්ටීරියා වලට මාරාන්තික වේ.

පිරිසිදු කිරීම සඳහා ඒවා සැම විටම ළඟ තබාගැනීමටද වගබලා ගන්න.

මුලාශ්‍ර - webmd.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera

කතන්දර ලිපි