theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත

4 අවම කියවීම
බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොතබබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත

නිරෝගීමත් ළදරු කාලයකට රත කල්කය ‌ගොඩාක් ‌සෞඛ්‍යයමය ප්‍රතිලාභ ලබා ‌දෙනවා.

සිංහල හෙළ වෙදකමේ මේ රත කල්කය සදහා ලබා දෙන්නේ වැදගත් තැනක්.

උපතින් මාස 6 ක් යන තුරු බබාට මව්කිරි හැර වෙනත් කිසිවක් ලබා දෙන්න එපා කියලා නිර්දේශ කර තිබුනත් බබාට රත කල්කය ලබා දීම ආදි කාලයේ සිටම අපේ දේශිය වෙදකම තුල පැවත එනවා.

බබාට රතකල්කය ලබා දීම ගැන ආච්චිලාගේ තුල නම් තියෙන්නේ ‌ලොකු විශ්වාසයක්.

ඉස්සර හැම දරුවෙකුටම රතකල්කය ලබා දුන් නිසා එම රතකල්කය පානය කල පරම්පරාව දැන් තම දරුවන්ට එය ලබා දීම ගැන ‌ගොඩාක් හිතනවා.

එය ‌‌නොකල යුත්තක් ‌‌‌සේ සලකා බැහැර කරන්නන් ‌මෙන්ම වැඩි විස්තර සොයා බලා තම දරුවන්ට ‌මෙය ලබා ‌දෙන්නන් අද සමාජයේ සුලභව ඉන්නවා.

*ඔබේ දරුවා ඕනෑම ශාකසාර ඖෂධයක් ලබා දීමට පෙර ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් අනිවාර්යයෙන් ලබා ගන්න.

බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත

රත කල්කයේ අඩංගු මොනවාද?

  • කොල්ලු
  • වදකහ - මදක් බැද කුඩුකර ගන්න
  • වැල්මී
  • රත් හදුන්
  • සුදු හදුන්

ඉහත ඖෂධ 5  සම ප්‍රමාණ වලින්  එයට සහිද ලුණු-බරට බරක් යොදා දෙහි යුෂ යොදමින් අඹරා ගන්න.

සමහර ප්‍රදේශ වල ‌මේ සදහා තව යම් යම් ඔසු මුසු කරනු දකින්න ලැබෙනවා.

එය පිරිසිදුව පිළියෙල කරගත යුතු අතර හුලං නොවදින භාජනයක ගබඩා කිරීමෙන් කල් තබා ගන්න පුළුවන්.

යකඩ පියනක් සහිත භාජනයක් භාවිතා කරන්න එපා. ‌මෙහි අඩංගු ‌දෙහි නිසා එම පියන මලකඩ කන්න ඉඩ තියෙනවා.

පිරිසිදුව සකස් කර ගැනීම ‌මෙන්ම පිරිසිදුව ගබඩා කිරීමත් වැදගත් ‌වෙනවා.

බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත

රත කල්කය ලබා දෙන්නේ කෙසේද?

රත කල්කය ලබා දෙන ප්‍රමාණය දරුවාගේ වයස, බර, රෝගී තත්වය අනුව වෙනස් වෙන බැවින් ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා.

*මාස හයකට අඩු ළදරුවන්ට මව්කිරි දීම හැර වෙනත් කිසිවක් ලබා නොදීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කරන හෙයින්, අලුත උපන් බිළිඳුන්ට රතකල්කය ලබාදීම නිර්දේශ කළ නොහැකිය.

ලොකු දරුවෙකුට නම් (වයස අවුරුදු 1ට වැඩි): 

  • කොත්තමල්ලි ඇට ස්වල්පයක් කබලේ බැද තම්බාගත් ගන්න. එම වතුරට රත්මල් තම්බාගත් වතුර කලවම් කර, රත කල්කයෙන් කොත්තමල්ලි ඇටයක්‌ පමණ එක්කරන්න. එය දිය කර පොවන්න.
  • මී පැණි* ස්‌වල්පයකට රතකල්කයෙන් කොත්තමල්ලි ඇටයක ප්‍රමාණය කලවම් කර දෙන්න.
  • දරුවාට පිටි කිරි ලබාදෙනවා නම් එම කිරි ස්‌වල්පයකට රතකල්කය කලවම් කර දෙන්න.

*වයසෙන් අවුරුදු 1ට අඩු දරුවන්ට මී පැණි නුසුදුසුයි.  

දිනකට වරක්‌ හෝ දෙවරක්‌  සතියක්‌ හෝ දෙකක්‌ දිගටම මෙය ලබා දීම ප්‍රමාණවත් වෙනවා. මෙය බබාට වගේම අම්මාටත් දෙන්න පුළුවන්.

රත කල්කය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ උදේ වරුවේයි. දරුවා නහවා ඉන්පසු ලබා දීම සුදුසු වෙනවා. 

සමහර දරුවන්ට සමහර ඖෂධ ‌හෝ ආහාර ආසාත්මික වීමේ හැකියාවක් තියෙන නිසා ඔබ ‌මෙවන් ඖෂධ ලබා ‌දෙන්නේ නම් ‌වෛද්‍ය උපදෙස් ලබාගන්නා ‌ලෙස අපි යලිත් මතක් කරනවා.

මෙහි ප්‍රයෝජන

බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත

දේශීය වෛද්‍යවරුන්ට අනුව, ඉතා වටිනා ඖෂධ රාශියක් එකතු වී සකස් ‌වෙන ‌මෙම රතකල්කය මගින් සිරුරට ‌‌බොහොමයක් ‌සෞඛ්‍ය වාසි ලබා දීම කරනවා.

දේශීය වෛද්‍යවරුන්ට අනුව රතකල්කය  තුල ඇති ප්‍රතිලාභ:

  • සමේ රෝග තත්ත්වයන් ගෙන් ආරක්ෂා වීම
  •  ආහාර දිරවීම හොඳින් සිදුවීම
  • අජීර්ණ, බඩ එළිය යෑම වැළැක්වීම
  • මළ , මුත්‍ර හොඳින් පිට වීම
  • ශරීරයේ ලේ පිරිසිදු වීම
  • ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම
  • පුංචි දරුවන්ගේ දිවේ බැඳෙන මැලියම් ඉවත් වීම 
  • බඩගිනි වීමට ලබා දීම
  • බඩ පිපුම සදහා ලබාදීම
  • දැවිල්ල හා උණුසුම අඩුකරවීම
  • සෙම් පිත් රෝග සමනය වීම
  • දාහය සමනය වීම
  •  විෂබීජ නැසීම

වර්තමාන දෙමව්පියන් දරුවන්ට රත කල්කය නොදෙන්නේ ඇයි?

  • ඔවුන් මේ ඖෂධය ගැන දැනුවත් නැහැ.
  • එය සකස් කරන්න දන්නේ නැහැ.
  • පිරිසිදු නැහැ කියලා හිතනවා
  • මාස 06 ට අඩුයි නම් දෙන්න බයයි
  • මුල ද්‍රව්‍ය සොයාගන්න අපහසුයි

ඒ වගේම ඔබට ‌මෙම ඖෂධ දරුවාට ලබා ‌දෙන්න බියක් ඇත්නම්  දරුවාට මෙවන් ඖෂධ වර්ග ලබා දීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

එදා ගෙදරක නොවරදින ඔසුවක් වු මෙම රතකල්කය කාලයත් සමග නොසැලකිල්ලට ලක් වුවද යලිත් මේ ගැන අලුත් පරම්පරාව උන්නදු වීම සතුටට කරුණකි.

දේශිය වෛද්‍ය කලාව සමග අභාවයට යමින් පවතින මෙවන් දිව්‍ය ඖෂධ වල වටිනාකම අපි කොයි කවුරුත් අමතක නොකළ යුතුය.

බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාවන් අතර ඝට්ටනය නොවෙමින් නිසි  වෛද්‍ය උපදෙස් අනුව ඔබේ දරුවාට රතකල්කය ලබා දීමෙන් ඔහුට නිරෝගී සම්පත්තිය ලබා දෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබත් ‌මේ රතකල්කය ඔබේ දරුවාට ලබා දී තියෙනවාද?

එසේනම් ඔබේ අත්දැකීම් හා ඔබ‌‌‌ගේ දරුවාට ඉන් ලැබුන ‌සෞඛ්‍යමය ප්‍රතිලාභ ‌මෙන්ම එය භාවිතා කිරීමේදි ඔබට පැන නැගුනු ගැටළු අප සමුහයේ මිතුරු මව්වරුන් සමග ‌බෙදාගන්න අමතක කරන්න එපා.

ඔබ රත කල්කය ගැන දන්නේ ‌මොනවාද? ‌මේ ගැන අදහසක් දක්වන්න කැමතියිද? එසේ නම් පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න.

මුලාශ්‍ර - Sinhala Vedakama (Dr. Kalpana Jayashree), Divaina, Navaliya

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • බබාට දෙන්න කලින් දැනුවත් විය යුතු රත කල්කයේ සැබෑ වතගොත
බෙදාගන්න :
  • විනාඩි තුනකට මුළු ඇමෙරිකාවම නිහඬ කළ පුංචි අංජලිකා

    විනාඩි තුනකට මුළු ඇමෙරිකාවම නිහඬ කළ පුංචි අංජලිකා

  • පෙරුම්කායම් ගැන ඔබ දැනගන්න අවශ්‍ය කාරණා

    පෙරුම්කායම් ගැන ඔබ දැනගන්න අවශ්‍ය කාරණා

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • විනාඩි තුනකට මුළු ඇමෙරිකාවම නිහඬ කළ පුංචි අංජලිකා

    විනාඩි තුනකට මුළු ඇමෙරිකාවම නිහඬ කළ පුංචි අංජලිකා

  • පෙරුම්කායම් ගැන ඔබ දැනගන්න අවශ්‍ය කාරණා

    පෙරුම්කායම් ගැන ඔබ දැනගන්න අවශ්‍ය කාරණා

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it