theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

5 අවම කියවීම
ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

එකම ‌කතන්දරය නැවත නැවත කියවීමේ ප්‍රතිලාභ ‌ගොඩාක් තියෙනවා.

පොත් නැවත කියවීම් ගැන ඔබ මොකද හිතන්නේ? ඔබට ඒ වගේ පුංචි පුංචි ආයාචනා නිතර ඇහෙනවාද?

“අම්මේ, තාත්තේ ඒ පොතම ආයෙත් කියලා දෙන්නකෝ” 

මේ වගේ පුංචි ඉල්ලීම් කීයක් නම් ඔබට ලැබෙනවාද?

හැමදාම රෑට කියවන පොත නැතුව අලුත් පොතක් ඔබේ දරුවාට කියවන්නද කියලා ඔබ දරුවාගෙන් අහන්න පුළුවන්.

නමුත් සමහර විට  20 වන වරටත් අඛණ්ඩව ඔබට එකම පොත කියවන්න සිදුවෙන්න පුළුවන්. 

මව්වරුනි, පියවරුනි,  එකම කතාව නැවත නැවතත් ඇසීමට ඔබේ දරුවාට ඇති අවශ්‍යතාවය ගැන කණගාටු වෙන්න එපා.

ඔබේ දරුවාට පොත් නැවත කියවීමෙන් විස්මිත සංවර්ධන වාසි කිහිපයක් ලැබෙන බව විද්‍යාත්මකව ඔප්පු කර තියෙනවා.

ළමයින්ට පොත් නැවත කියවීම් නිසා වැදගත් හැගීම් හා මානසික වශයෙන් ප්‍රතිලාභ තියෙනවා

ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

කථනයේ හා වචන මාලාවේ සංවර්ධනය සහ සාක්ෂරතාවය යන කරුණු සලකා බලන ව්ට දරුවන්ට පොත් කියවීම කොතරම් වැදගත්ද යන්න අපි දන්නවා.

නමුත් කුඩා දරුවන්ට එකම කථාව නැවත නැවතත් කියවන ලෙස ඉල්ලා සිටීමේ පුරුද්දක් තියෙනවා නේද?

එකම කථාව කියවීමට සිදුවෙන වාර ගණන කොතරම්ද යත් මෙසේ  නිතර කියවන පොත් නැවත කියවීමෙන් කිසියම් ප්‍රයෝජනයක් තිබේදැයි ඔබම කල්පනා කරාවි.

අන්තිමට ඔබ හා දරුවා දෙදෙනාටම  දරුවාගේ ප්‍රියතම පොතේ සෑම වචනයක්ම සහ පින්තූරයක්ම කටපාඩම් වෙනවා.

පිටු අංක  හය ​​සිට පිටු අංක අට දක්වා පිටු මඟ හැරීම ගැන ඔබට අමතක වෙන්න පුළුවන්.

කුඩා දරුවන්ට (විශේෂයෙන් කුඩා ළදරුවන්ට) පොත් නැවත කියවීමෙන්  ඔවුන්ගේ ඉගෙනීමට හා මානසික සංවර්ධනයට ඉතා වැදගත් ක්‍රමවේදයක් වන නැවත නැවත සිහිපත් කිරීම සිදු වෙනවා.

ළමයින්ට පොත් නැවත කියවීම් පිටුපස ඇති විද්‍යාත්මක පැත්ත

ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

ළමයින් නැවත නැවත කියවීම තුළින් ඉගෙන ගන්නවා. සෑම රාත්‍රියකම එකම පොත තමන් වෙනුවෙන් කියවන ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ මේ නිසයි.

ඔවුන්  පොතෙන් කියා දෙන සියල්ල ඉගෙන අවසන් බව ඔබ සිතන්න පුළුවන්. නමුත් එය සත්‍ය නොවේ.

ඔබ එම පොත නැවත කියවන සෑම අවස්ථාවකම ඔබේ දරුවාගේ මොළය විසින් භාෂාව, වචන, කතාවේ ගලායාම (තාර්කික අනුක්‍රමය), වර්ණ, හැඩයන් සහ සංඛ්‍යා වැනි දේවල් ලබා ගනු ලබනවා.

ඒ තුලින් අරුම පුදුම ඉගෙනුම් ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින අතර එය විද්‍යාවෙන් සනාථ වී තියෙනවා.

කුඩා දරුවන්ට එකම කතාව දෙවරක් නොව හතර වතාවක් කියවීම තුලින් සෙල්ලම් බඩුවක් සෑදීමට අවශ්‍ය ක්‍රියා ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කළ බව 2010 දී කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කරනවා.

එකම පොත බොහෝ වාරයක් කියවන දරුවන්ට  සෑම විටම විවිධ පොත් කියවන දරුවන්ට සාපේක්ෂව නව වචන වල තේරුම මතක තබා ගත හැකි බව 2011 දී කරන ලද තවත් අධ්‍යයනයකින් හෙළි වුනා.

තරමක් වයසින් වැඩි ළමයින්ට අවුරුදු තුන සිට පහ දක්වා එකම කතාව නැවත නැවත කියවීමෙන් ඔවුන්ට නව හා අද්විතීය වචන ඉගෙන ගැනීමට උපකාර වන බව තවත් අධ්‍යයනයකින් හෙළි වුනා.

දරුවෙකුගේ පොතක සොයාගත හැකි දුර්ලභ වචන මොනවාදැයි දැන් ඔබ කල්පනා කරන්න පුළුවන්.

රූපවාහිනියට හා සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවාදයන්ට වඩා සියයට 50 ක් පොත් වලින් දුර්ලභ වචන ඉදිරිපත් කරන බව පර්යේෂණ වලින් පෙන්වා තිබෙනවා.

වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කිරීමේදී ඔබ අවසන් වරට "දළඹුවා" හෝ "ජිරාෆ්" වැනි වචන භාවිතා කළේ කවදාද? මදක් සිතා බලන්න .

ඉගෙනීම හා නැවත කියවීමේ ක්‍රියාවලිය

පොත් නැවත කියවීම ඔබේ දරුවන්ට අතිශයින්ම සිත් ඇදගන්නා සුළු ක්‍රියාවකි. ඒ ඔවුන්ට ඊළඟට කුමක් සිදුවේදැයි අපේක්ෂා කළ හැකි වීමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ නිසා ඔවුන්ට සාක්ෂාත් කරගැනීමේ මෙන්ම  සිය කුසලතාවන් ගැන ආඩම්බරය පිළිබඳ හැඟීමක් ලබා දෙනවා.

එකම කතාවක් ඇසෙන සෑම අවස්ථාවකම, ඔවුන්ගේ මතක කුසලතාවන් හුරුපුරුදු වචන සමඟ සම්බන්ධ වන බැවින් හොඳ ව්‍යායාමයක් ලබා ගන්නවා.

සාමාන්‍යයෙන් තාර්කික අනුපිළිවෙලක් අනුගමනය කරන කතාවේ ප්‍රවාහය අවබෝධ කර ගන්නා ඔවුන් තර්කනය පිළිබඳ මූලික අදහස් ඉගෙන ගන්නවා.

පුනරාවර්තනය මගින් ඉගෙනීම වැඩි දියුණු කරන මොළයේ ස්නායු සම්බන්ධතා ශක්තිමත් කරනවා.

එය දරුවෙකුගේ මොළයේ රටාවක් නිර්මාණය කරන අතර එය අවසානයේදී අවබෝධයට මග පාදනවා.

නුහුරු නුපුරුදු සංකල්පයකට හෝ අදහසකට නැවත නැවත නිරාවරණය වීමෙන් පසුව එය වටහා ගැනීම පහසු වෙනවා.

ඔබේ දරුවා එකම වචන සහ වාක්‍ය අසන සෑම අවස්ථාවකම ඔහුගේ මොළය විසින් වැදගත් සම්බන්ධතා ඇති කර ගන්නා අතර නව වචන මාලාව ඉගෙන ගැනීමට ඔහුට උපකාර කරනවා .

මව්වරුනි, පියවරුනි,  ඉගෙනීම පුනරාවර්තනය කිරීම වැඩි කිරීමට අමතක කරන්න එපා.

ඒ නිසා, වාක්‍යයක් මැද නතර වී එය අවසන් කිරීම සදහා  ඔබේ කුඩා දරුවා දිරිමත් කරන්න.

ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඔවුන්ගේ ප්‍රියතම පොතේ කොටසකින් පුංචි රගදැක්වීමක් ඒ කියන්නේ නාට්‍යයක් කරන්න.

කතාව අත්දැකීමකට සම්බන්ධ කරන්න.

පොත් නැවත කියවීම සංවර්ධනය කිරීම දිරිගැන්විය හැකි බොහෝ ක්‍රම තියෙනවා.

ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

 

පොත් නැවත කියවීමෙන්ද සැනසීමක් ලැබෙනවා

 

එකම පොත නැවත නැවත කියවීමෙන් ලබන මානසික ප්‍රතිලාභවලට අමතරව, ඉන් ලැබෙන තවත් වැදගත් වාසියක් තියෙනවා.

එනම් පොත් නැවත කියවීම ඔබේ කුඩා දරුවාට සැනසීමක් ගෙන දෙයි.

ඉදිරිය දැකීමට හැකිවීම මගින් ළමයින් ආරක්ෂාව සොයා ගන්නවා. ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමෙන් සැනසිල්ලක් ලැබෙනවා.

එය ඔවුන් දන්නා බව දැන සිටීමෙන් ඔවුන්ට පාලනයක් සහ විශ්වාසයක් ලැබෙනවා.

ළමයින් ඔවුන්ගේ ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා රටාවන් සහ හුරුපුරුදු බව සොයනවා.

ඔවුන්ගේ ප්‍රියතම පොත නැවත නැවත කියවන ලෙස ඔවුන් ඔබෙන් ඉල්ලා සිටිමෙන්  ඔවුන් මෙය සොයා ගන්නවා.

ලෝකයේ ඔවුන්ගේ ප්‍රියතම පුද්ගලයින් වන්නේ අම්මයි තාත්තයි. නැවත කියවීම දෙමව්පියන් එක්ක දරුවන්ට ගොඩාක් ආරක්ෂාවක් ගෙන දෙන ක්‍රියාකාරකමක සමීපව නිරත වීමට අවස්ථාව ලබා දෙනවා.

ඉතින්, දෙමව්පියෙනි, ඊළඟ වතාවේ (බොහෝ විට අද) ඔබේ දරුවා නැවත එකම නැවත පොත කියවන ලෙස ඉල්ලා සිටියහොත් එයට එකග වෙන්න.

ඒ මගින් ඔබ ඔබේ කුඩා දරුවා සඳහා ඉගෙනීමේ නව ලෝකයන් විවර කරන බව දැන ගන්න.

දැන් දරුවා හොදින් සුරතල් කරමින් ඔහු වෙනුවෙන් කියවන්න.

මූලාශ්‍ර: Frontiers in Psychology, World Economic Forum

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය: Nalika Unantenne

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?
බෙදාගන්න :
  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

    උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

  • දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

    දරුවන්ට කියවීම පුරුදු කරන විට අත්හල යුතු කාරණා 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it