theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

5 අවම කියවීම
උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයිඋපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

උපතේ සිට පළමු මාස 24 තුල ඔබේ දරුවාට කියවීම කළ ය්‍රත්තේ ‌මෙහෙමයි.

බබාට පොත් කියවීම නිසා ලැබෙන දේවල් ඔබ දැනුවත්ද?

කියවීම මිනිසා සම්පුර්ණ කරන බව කතාවක් තියෙනවා. ඇත්තටම කියවීමෙන් යමෙක් එකතු කරගන්නේ දැනුමයි.

දැනට අපේ සමාජය පොතින් පතින් ගිලිහි නවීන තාක්ෂණය සොයා යන යුගයක, දරුවන් පවා දණගාන්නත් කලින් අත තබන්නේ ජංගම දුරකථනයටයි.

එය ඇත්තටම සමාජය තුල ඇති හොද වෙනස්වීමක් නොවේ.

කියවීම ගිලිහි යන සමාජය තුල ඔබේ දරුවා කියවීමට නැඹුරු කිරීම ඔබ සතු වගකීමකි. ඒ සදහා දරුවාගේ වයස අනුව ඔබට කළ හැකි දේවල් තියෙනවා.

දරුවා තුල කියවීමේ රුචිකත්වය ඇති කිරීමට නම් ඔබ පළමුව දරුවා රූපවාහිනිය, දුරකථනය වැනි දේවල් වලින් ඈත් කර පොතට පතට ලංකල යුතු වෙයි.

පොත්පත් වලට මුල් කාලීනව විශාල ලෙස නිරාවරණය වීමෙන් දිගු කාලීන වෙනසක් ඇති වන අතර, දරුවන්ගේ භාෂා හැකියාවන් ඉහළ නංවනවා.

ඒ වගේම කියවීමට ඉගෙන ගැනීමට ඔවුන් වඩාත් උනන්දු කරවයි.

උපතේ සිට මාස 12 දක්වා බබාට පොත් කියවීම

උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

උපතේ සිට මාස 6 දක්වා: 

 මේ වනවිටත් බබාගේ පෙනීම  වර්ධනය වෙමින් පවතින බැවින් බබාට කියවීම ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. 

ඒ නිසා බබාට ඇහෙන්න කියවන්න වෙන්නේ ඔබටයි. වයස අනුව බබාට තෝරගත යුතු පොත් වෙනස් වෙනවා. 

බබාට වචන අඩු නැතිනම් වචන නැති  විශාල, වෙනස හොදින් පෙන්වන පින්තූර  සහිත පොත් තෝරන්න.

රූකඩ, දර්පණ වැනි ක්‍රියාකාරකම් සහිත පොත් ද බබාට ලබා දෙන්න පුළුවන් බව  බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ කියවීමේ අධ්‍යයනයේ කතුවරියක සහ එහි ළමා රෝග පිළිබඳ මහාචාර්යවරියක් වන පමෙලා හයි නිර්දේශ කරනවා. 

ඔබ දෙදෙනාටම පොතක් රස විඳීමට වඩා හොද ක්‍රම රැසක් තියෙනවා. 

ඔබ කැමති නම්, වැඩි දියුණු කල පොත් හෝ සඟරා ඔබේ දරුවාට කියවන්න පුළුවන්. වචන තේරුම් ගැනීම මේ වයසේ  කුඩා ළදරුවන්ට වැදගත් නැහැ.

ළදරුවන් සඳහා, කියවීම යනු ඔබේ කටහඩේ ස්වරය සහ ඔබට හුරතල් කිරීම වෙනවා.

මාස 7 සිට 12 දක්වා: 

දරුවන්ගේ වයසින් අඩ වසක් ගෙවී ගිය පසු ඔවුන් එදිනෙදා ජීවිතයේ නම් සහ දේවල් වැනි වඩාත්ම අර්ථවත් වචන පැවසීමට පටන් ගන්නා බව  වර්ජිනියා පොලිටෙක්නික් ආයතනයේ මානව සංවර්ධනය පිළිබඳ මහාචාර්යවරයකු වන කොස්බි රොජර්ස් පවසකවා.

එම වදන වලට උදාහරණ වන්නේ "බල්ලා," "අම්මා," "තාත්තා," "කිරි" හෝ "බෝතලය" වැනි වචනයි.

වයසකට අනුව  එක් වස්තුවක් හෝ පුද්ගලයෙකු පමණක් ඇති පොත් සුදුසු වෙනවා.

ඔහු හඳුනාගත් දෙයක් නම් කිරීමෙන් ඔබේ දරුවාගේ වචන මාලාව ශක්තිමත් වෙනවා. 

පිංතූර සැබෑ දේ නියෝජනය කරන බව දරුවාට තේරුම් ගැනීමටද උදව් වෙනවා.

ඔහු උනන්දුවක් දක්වන පින්තූර පෙන්වන්න. තවද ඔබ කියවන දේ ඔබේ මුහුණ, අත් සහ කටහඩ මගින්  නිරූපනය කරන්න.

ළදරුවාට ඔබ සමග නැවත ළදරු බසින් මිමිණීමට ඉඩ දෙන ලෙස වෛද්‍ය රොජර්ස් පවසනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙම "සංවාද" ඔහුට අවස්ථාව ලබා ගැනීම ගැන ඉගෙන ගැනීමට උපකාරී වන අතර වෙනත් කෙනෙකු මෙන් එකම දේ කෙරෙහි අවධානය යොමු කිරීම ගැනද ඔහුට උගන්වනවා.

ඉඟියක්: 

මෙම වයසේ ළදරුවන් ඔවුන්ගේ සෙල්ලම් බඩු පවා කඩා බිද දමන  බැවින් සාමාන්‍ය පොත් ඉරා දමන්න පුළුවන්.

ඒනිසා වැඩිපුරම බෝඩ් පොත් භාවිතා කරන්න. ඒවා හැපීම වැනි  රළු ලෙස හැසිරවීම් වලටද ඔරොත්තු දෙනවා.

පිටු හැරවීමේදි ළදරුවෙකුට උපක්‍රමශීලී වියයුතු වුවත් රෙදි පොත් ද සුදුසුයි.

මාස 13 සිට 24 දක්වා බබාට පොත් කියවීම

උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

මාස 13 සිට 18 දක්වා:

දැන් ඔබට පිටුවකට වාක්‍යයක් හෝ දෙකක් සහිත පොත් හඳුන්වා දීමට පටන් ගන්න පුළුවන් ටිකක් සිනහා යන සුළු වුවත් ඔබ කතාව කියවන අතරතුර එය  රග දක්වන්න.

උදාහරණයක් විදියට, ඔබ සතුන් ගැන කියවන්නේ නම්, සත්ව හඩ වල් නිකුත් කරන්න.

ඔබේ දරුවා එය විහිලුවක් යැයි සිතන්න පුළුවන් බවත් කෝවන් පවසනවා.

වැඩි කල් යන්නට මත්තෙන්, ඔහු නැවත "මූ" හෝ "බා" ඔබ හඩවල් ඔබ වෙත නිකුත් කරාවි.

ඔන්න හොදටම සිනහා වෙන්න ඔබ සුදානම් වෙන්න.

"බල්ලා කෑගහන්නේ  කුමක්ද?" වැනි ප්‍රශ්න ඇසීමෙන් දරුවා කියවීම සදහා  සහභාගී කර ගන්න.

නැතිනම් "අර ඉන්නේ බළලා " ඔබ පොතෙහි පින්තූර වල  ඇති දේ පිළිබඳ සැබෑ ජීවිත උදාහරණ පෙන්වා දීමට ඔබේ දරුවා පොළඹවන්න.  

මෙම වයසේදී, ඔබේ දරුවා නිතර නොදකින දේවල් වල පින්තූර පෙන්වන්න පුළුවන්.

ඒ වගේම මාස 15 සිට 18 දක්වා, ඔබේ දරුවාට තනි වචනයෙන් ප්‍රශ්නවලට පිළිතුරුසපයන්න පුළුවන්. 

ඒ නිසා "ඒ කුමක්ද?" ඇය ගෙන් අසන්න.

ඇය එයට පිළිතුරු දෙන්නේ නම්, "ඔව්, ඒක විශාල කොළ පාට මෝටර් රථයක්" යැයි පවසමින් ඇයගේ ඇගේ වචන මාලාව ඉහළ නංවන්න ඔබට පුළුවන්.

මාස 19 සිට 24 දක්වා:

උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි

මෙම වයසේදි බොහෝ කුඩා ළමුන් කියවීම පුරුද්දක් ඇති කර ගන්නවා. හුරුපුරුදු පොත් සඳහා ද එලෙසම පුරුද්දක් ඇති කර ගැනීම සාමාන්‍යයි.

මාස 18 න් පසු දරුවන් එකම පොත නැවත නැවත කියවන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්.

එපමණක් නොව ඔබ එහි කියන වචන වල සුළු වෙනසක් වුව කිරීමට ඔවුන් ඉඩ නොදෙයි.

මෙහි වාසිදායක තත්වයක්ද තියෙනවා. ඒ මගින් දරුවන්ට හැඟීමක් ඇති කර ගැනීමට සහ නව වචන මතක තබා ගැනීමට උපකාරී වන බව මතයක් තියෙනවා.

දරුවන්ගේ කියවීමේ පුරුද්ද ඉන් නවතින්නේ නැත .

එය ඉදිරියට ගලා යා යුතු වැදගත් පුරුද්දකි. දරුවාට තනියම කියවන්න හැකි වෙන තුරු දරුවාට කියවීම දෙමව්පියන්ගේ වගකීමකි.

ඒ සදහා නින්දට යන වේලාව නැතිනම් සවස පුංචි වේලාවක් වෙන් කරගන්න.

එය දරුවාගේ දැනුම වැඩි කරනවා පමණක් නොවේ ඔබ හා දරුවා අතර බැදීමද වැඩි කරනවා.

ඒ වගේම දරුවාට තනිව කියවීමට හැකි වු පසු හැකි තරම් ගුණාත්මක පොත් දරුවාට ලං කරන්න.

දරුවාව පුස්තකාලයක් වෙත යොමු කරන්න ඔබට පුළුවන්.

දැන් සමාජය තුල ගුණාත්මක බව අඩු පොත් මෙන්ම වැරදි ආදර්ශ දෙන පොත පත ඇති බැවින් හැකි සෑම විටම ඒ ගැන සැලකිලිමත් වෙන්න.

මේ සම්බන්ධව ඔබේ අදහස් අප හා ‌බෙදා ගන්න.

 

මුලාශ්‍ර - www.parents.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • උපතේ සිට මාස 24 දක්වා දරුවන්ට කියවන්න හුරු කරන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

    ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

  • ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

    ඔබ ලවා එකම පොත කියවා ගන්නට දරුවා කැමති ඇයි කියලා දන්නවාද?

  • අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

    අවුරුදු 6ක් ව‌ෙන විට මගේ දුව තනියම කියවන්න ඉගෙන ගත්තේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it