දිගු වේලාවක් වැසිකිළියේ වාඩි වි සිටි ඔහුගේ ගුද මාර්ගය, ගුදයෙන් එලියට ආවේ ඇයි?

දිගු වේලාවක් වැසිකිළියේ වාඩි වි සිටි ඔහුගේ ගුද මාර්ගය, ගුදයෙන් එලියට ආවේ ඇයි?

වැසිකිළි අසුනේ දිගු ‌වේලාවක් රැදෙන අයට හිමිවෙන ‌වේදනාකාරී ‌රෝගී තත්වයක් වන rectal prolapse ගැනයි ‌මේ.

පියවරුනි,  ඔබත් වැසිකිළියේ වාඩි වී සිටින අතරතුර ඔබේ ෆෝන් එකේ ගේම් සෙල්ලම් කරනවාද? උත්තරය ඔව් නම් අනිවාර්යයෙන්ම මේ කථාව කියවන්නත.

එහි අනතුරුදායක බව තේරූම් ගන්න ඔබටම හැකි වේවි.

 ඇත්තෙන්ම ඔබ සිංහාසනයක වසර ගණනාවක් සිටිනවා සේ ඔබගේ දුරකථනයේ ඇලි හෝ කියවමින් වැසිකිළිය මත වැඩි කාලයක් ගත කරනවා නම් ඔබට  ගුද මාර්ගය එළියට එන rectal prolapse නම් තත්වයට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්.

දුරකථනය භාවිතය

 

එයට හේතු විය හැකි බැවින් ඔබ එය නතර කළ යුතුය. චීනයේ පුද්ගලයෙකුට සිදු වු මේ සිදුවිම පසුගියදාක වාර්තා වුනා.

2019 පෙබරවාරි 9 වැනි දා ඔහු වැසිකිළියේ වාඩි වී පැය භාගයක් ස්මාර්ට් ජංගම දුරකතනයේ සෙල්ලම් කිරීමෙන් පසු මෙලෙස ගුද මාර්ගය එල්ලා වැටීමකින් පීඩා විඳි බව දේශීය චීන මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ ගුදය තුළ “බෝල ප්‍රමාණයේ ගැටිත්තක්” එල්ලී ඇති බව දුටු බැවින් ඔහුව වහාම රෝහලක් වෙත ඇතුල් කරනු ලැබුවා.

ඒ පුද්ගලයාට තනිව ඇවිදීමට නොහැකි වු අතර ඒ සදහා මිතුරෙකුගේ සහයෙනි. 

භයානක හෙලිදරව්ව

එහිදී වෛද්‍යවරුන් විසින් මෙම පුද්ගලයාගේ ගුදය තුලින් සෙන්ටිමීටර 16 ක් පමණ දිග “වලිගයක්” සොයා ගන්නා ලදී.

ප්‍රාදේශීය වාර්තාවට අනුව එය  ගුද මාර්ගය එළියට එන  rectal prolapse නම් තත්වයක් බව හඳුනා ගත්තා.

වැසිකිළියේ වාඩි වී එම කාර්යය කරමින්ම මෙම පුද්ගලයා තම ජංගම දුරකථනයේද වැඩි කාලයක් සෙල්ලම් කර ඇති බව වාර්තා වෙනවා.

ගුද මාර්ගය එළියට එන  rectal prolapse නම් තත්වයක්  යනු කුමක්ද?

 එය ගුද මාර්ගය හෝ මහා බඩවැලේ පහළ කෙළවර එළියට එන තත්වයකි. එය බරපතල වෙන විට, ගුද මාර්ගය ඔබේ ගුදයෙන් පහළට එල්ලා වැටෙයි.

විශේෂයෙන් එය ළමයින් සහ මහලු අය ගොදුරු විය හැකි තත්වයකි.

රෝහලේ වෛද්‍ය වෘත්තිකයෙකු වන ඩෑන් සු පැවසු අන්දමට මෙය යථා තත්වයට පත් කල හැකි නමුත් මෙය විශේෂ තත්වයක් බවයි.

ෆෝන් එකේ ගේම්: ළමා වියේ සිට ඔහුට තිබු නරක පුරුද්ද

සුට පවසන පරිදි මෙම පුද්ගලයා මීට පෙර වයස  අවුරුදු හතරේදී මෙම තත්වයෙන් පීඩා විද තියෙනවා.

නමුත් එම අවස්ථාවේදි වෛද්‍යවරුන්ට එය යථා තත්වයට පත් කිරීමට සමත් වී තියෙනවා.

මෙම අවස්ථාවේදි එසේ කිරීමට නොහැකි වු නිසා වෛද්‍යවරු මෙවර එය සැත්කමකට භාජනය කර මෙම නෙරා යාම ඉවත් කරන ලදී.

ඔහුට ඇවිදීමට හැකි වුයේ දින දෙකකට පසුයි. 

රෝගියාගේ ගුදය පිටත අඟල් 6.3 ක බල්බයක් මෙන් ඉලිප්පිමක් ඇති බවත් රෝගියාගේ බඩවැල් බිත්තියේ ලේ පැල්ලම් සහ තැළීම් ඇති බවත් සීටී ස්කෑන් පරීක්ෂණයකින් හෙළි වුනා .

මළපහ කිරීමට උත්සහ කිරීමේදි, ඔහුගේ ශ්‍රෝණි මාංශ පේශි දුර්වල වන්නට ඇති බව සු පවසනවා.

වැසිකිළියේ වැඩි වේලාවක් වාඩි වී සිටීම මෙවැනි තත්වයකට හේතු වුනා. මෙම පුද්ගලයා මේ වන විට සුවය ලබමින් සිටීනවා.

 මෙම තත්වය ඇති ඕනෑම අයෙකු එය හඳුනාගත් වහාම ප්‍රතිකාර ලබා ගත යුතු බවට සූ දන්වා සිටිනවා.

ෆෝන් එකේ ගේම්: rectal prolapse යනු ළමා මහලු කොයි කවුරුත් අතර බහුලව  ඇතිවෙන තත්වයක්ද?

ඇමරිකානු කොලන් හා රෙක්ටල් ශල්‍ය වෛද්‍ය සංගමය (ASCRS) පවසන පරිදි, ගුද මාර්ගයේ ප්‍රසාරණය මිනිසුන් 100,000 ක් අතරින් 2.5 කට පමණ බලපානවාලු.

වයස අවුරුදු 50 ට වැඩි අයට එය බොහෝ දුරට බලපාන, අතර වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන්ට මෙම තත්වය වර්ධනය වීමට හය ගුණයකින් වැඩිය. 

කෙසේ වෙතත්, පිරිමින් වයස  40 වන විට මෙම තත්වය වර්ධනය ආරම්භ වීමට පටන් ගන්නවා.

මෙම තත්වය හදිසි සිදුවීමක් නොවන අතර ක්‍රමයෙන් එය ප්‍රත්‍යක්ෂ වන අතර ටික කලකට පසු යථා තත්ත්වයට පත්වෙනවා. 

ගුද මාර්ගය යථා තත්ත්වයට පත් නොවූ විට, මෙම තත්වයෙන් පෙළෙන රෝගීන්ට ඔවුන් “බෝලයක්” මත හිඳගෙන සිටින බවක් දැනෙන්නට පුළුවන්.

රෝගීන්ගෙන් 50% ක් පමණ නිදන්ගත මළ  බද්ධය අත්විඳින අතර ප්‍රතිකාර නොකළහොත්, මෙම තත්වයට හදිසි ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවා ඔහුගේ පොටි පුහුණුව පටන් ගන්නා වයස අවුරුදු 1 සිට 5 දක්වා වූ කාලය තුල දී මෙම තත්වය ඇතිවීම පටන් ගන්න පුළුවන්.

මෙසේ සිදුවීමට හේතු සොයා ගෙන නැහැ..

ෆෝන් එකේ ගේම්: rectal prolapse ඇතිවීමට හේතු

දිගු වේලාවක් වැසිකිළියේ වාඩි වි සිටි ඔහුගේ ගුද මාර්ගය, ගුදයෙන් එලියට ආවේ ඇයි?

දරුවාට මෙම තත්වය ඇතිවීමේ අවදානම වැඩි කරන සාධක

  • ඔබේ දරුවාගේ ගුද මාර්ගය ආසාදනයකින් ඔහුගේ එය ඉදිමී ඔහුගේ ගුදය හරහා පහළට ගමන් කරන්න පුළුවන්. මෙවන් ආසාදනය පරපෝෂිතයන් හෝ බැක්ටීරියා මගින් ඇතිවෙන්න පුළුවන්.
  • මලබද්ධය නිසා ඔබේ දරුවා මළ පහ පිට කිරීමට වෙහෙස වෙන්නට සිදුවෙනවා. අධික ලෙස තල්ලු කිරීමෙන් ඇතිවන පීඩනය ගුද මාර්ගයේ ප්‍රසාරණය වීමට හේතු වෙනවා
  • මන්දපෝෂණය නිසා ඔබේ දරුවාගේ ගුද මාර්ගයේ රඳවා තබා ගැනීමට උපකාරී වන මේද පටක නැතිවීම වේගවත්ව සිදුවෙනවා.
  • පාචනය නිසා  ඔබේ දරුවාගේ ගුද මාර්ගයේ ඉදිමීම ඇතිවී මෙම තත්වය ඇතිවීමේ අවදානම ඉහළ යනවා.
  • සිස්ටික් ෆයිබ්‍රෝසිස් (සීඑෆ්) හෝ ulcerative colitis (UC) වැනි නිදන්ගත තත්වයන් නිසා  මන්දපෝෂණය හා මල බද්ධයට ඇතිවෙන්න පුළුවන්. ulcerative colitis (UC) නිසා පාචනය ඇති කරනවා.

ගුද මාර්ගය, ගුදයෙන් එළියට එන  rectal prolapse තත්වයේ  රෝග ලක්ෂණ

ඔබේ දරුවා මළපහ  කිරීමේදී යම් දුෂ්කරතා ගැන කියනවා නම් හෝ සාමාන්‍යයෙන් එය වටා ආතතිඒ නිසා ආතතියට පත්ව සිටී නම්, ඔබට ගුද මාර්ගය එළියට එන  rectal prolapse ඇතිවීමේ  සලකුණු තිබේදැයි පරීක්ෂා කරන්න..

  • ඔබේ දරුවාගේ මළපහ පිටකිරීමේ චලනය කරන විට හෝ ඉන්පසුව ගුද පටක පෙනීම
  • මළපහ කරන  අතරතුර වේදනාව හෝ අසහනය
  • ගුද මාර්ගය ඉදිමුණු, රෝස හෝ රතු  වුනු ස්වභාවයක් ගැනීම
  • ඔබේ දරුවාගේ ගුද මාර්ගයෙන් ලේ ගැලීම හෝ ශ්ලේෂ්මල පිටවීම ( යට ඇඳුම් හෝ නැපි වල  දැකිය හැක)

ඔබ මෙම සලකුණු දුටුව හොත් ගුද මාර්ගය එළියට එන  rectal prolapse තත්වය දැයි තහවුරු කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වෛද්‍යවරයා විසින් ඔබේ දරුවාගේ ගුදය,  ගුද මාර්ගයේ පරික්ෂා කරනු ඇත.

ගුද මාර්ගය, ගුදයෙන් එළියට එන rectal prolapse  පරීක්ෂා කිරීම

පිටතින් දැකිය නොහැකි ගැටිති ඔබේ දරුවාගේ ගුදය තුළ ඇති බව වෛද්‍යවරයා හදුනා ගන්න පුළුවන්.

ඔබේ දරුවාගේ මළපහ පිටකිරීම  ගැන ද වෛද්‍යවරයා ඔබෙන් විමසනු ඇත.

ඒ අවස්ථාවේදි ඔබේ දරුවාට වෙනත් වෛද්‍යමය තත්වයන් තිබේ නම් ඔවුන්ට දන්වන්න..

වෛද්‍යවරයා මේ සදහා  පහත සඳහන් පරීක්ෂණ කරන්න පුළුවන්:

  • දහඩිය ක්ලෝරයිඩ් පරීක්ෂණයකින් ඔබේ දරුවාගේ දහඩියෙහි ඇති ක්ලෝරයිඩ් ප්‍රමාණය පරික්ෂා කරනු ලබනවා. මෙම පරීක්ෂණය සිස්ටික් ෆයිබ්‍රෝසිස් (CF) පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නවා. ඔබේ දරුවාට CF තිබේ නම්, ඔහුගේ දහඩියෙහි ඉහළ ක්ලෝරයිඩ් ප්‍රමාණයක් අඩංගු වෙනවා.
  • එක්ස් කිරණ, අල්ට්‍රා  සවුන්ඩ් හෝ සීටී ස්කෑන් මගින් ඔබේ දරුවාගේ ගුද මාර්ගයේ ගැටළු පරීක්ෂා කරන්න පුළුවන්. මේ මගින් බඩවැල් වඩා හොඳින් නිරීක්ෂණයට වෛද්‍යවරයා ඔබේ දරුවාට වෙනස පෙන්වන ද්‍රවයක් ලබා දෙන්න පුළුවන්. දරුවාට අසාත්මිකතා ඇත්නම් ඒ බව පවසන්න.
  • ඔබේ දරුවාගේ මළපහ නියැදියක් මගින් ඔබේ දරුවාගේ රෝගයට හේතුවන විෂබීජය කුමක්දැයි පරික්ෂා කරනු ලබනවා..

ප්‍රතිකාර

මේ සදහා ප්‍රතිකාර තියෙනවා.

  • ප්‍රතිජීවක ලබාදීම මගීන්  බැක්ටීරියා ආසාදන සමඟ සටන් කරනවා..
  • ප්‍රතිපරපෝෂිත මගින් පරපෝෂිත ආසාදන සමඟ සටන් කරවනා.
  • මළ බද්ධය වැළැක්වීම සඳහා මළ මෘදුකාරක උපකාරී වෙනවා.
  • මල බද්ධය වැළැක්වීම සඳහා විරේචකයන් ඔබේ දරුවාගේ බඩවැල් ලිහිල් කරනවා.
  • මෙම රොග් තත්වය බරපතළ  නම්, එන්නත් කිරීමෙන් ඔබේ දරුවාගේ ගුද මාර්ගය ගුදය හරහා එළියට  ගමන් කිරීම වලක්වනු ලබනවා. වෛද්ද්‍යවරයා විසින් ඔබේ දරුවාට ඖෂධ හෝ නිර්වින්දක එන්නත් එකක් හෝ කිහිපයක් ලබා දෙන්න පුළුවන්.. පසුව, සුදුසු ඖෂධයක් යෙදීම සඳහා ඉඳිකටුවක් ගුද මාර්ගයට ඇතුල් කරනු ලබනවා. ඉඳිකටුවක් ගුද මාර්ගයට ඇතුළු වන විට ඔබේ දරුවාට යම් පීඩනයක් හෝ අපහසුතාවයක් දැනෙන්න පුළුවන්.
  • බරපතළ අවස්ථාවන්හිදී, වෙනත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක නොවන්නේ නම් සැත්කම් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබේ දරුවාගේ ගුද මාර්ගය, ගුදයෙන් පිටතට පැමිණිම වළක්වා ගැනීම සඳහා ශල්‍යකර්ම මගින් එය නිවැරදි කරන්න පුළුවන්. මෙම  ශල්‍යකර්මය මගින් ගුද මාර්ගයට මැහුම් දැමීම, දැලක් දැමීම හෝ ගුද මාර්ගයේ කොටසක් කපා ඉවත් කිරීම සිදුවෙන්න පළුවන්.

මෙම තත්වයෙන් මිදීමට දරුවෙකුට සහය වීම කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් ගොඩාක් තියෙනවා.

ගුද මාර්ගය, ගුදයෙන් එල්ලා වැටීම  හා එයට ඇති ප්‍රතිකාර පිළිබඳ වැඩි විස්තර සඳහා අන්තර්ජාලයේ ඒ සදහා වු වෙබ් අඩවි පරින්ෂා කරන්න පුළුවන්.

වැසිකිළිය භාවිතා කරන විට ෆෝන් එකේ ගේම් එපා

දිගු වේලාවක් වැසිකිළියේ වාඩි වි සිටි ඔහුගේ ගුද මාර්ගය, ගුදයෙන් එලියට ආවේ ඇයි?

වැසිකිළියට යාමේ පරමාර්ථය වන්නේ මළපහ පිටකිරිමයි.  ඒ නිසා එය “සුඛෝපභෝගී කාලය” ලෙස නොසැලකිය යුතුය.

වැසිකිළි කාලය තුළ බහු කාර්යයන් වීමෙන් ගුද මාර්ගය එළියට එන  rectal prolapse  තත්වයක්  ඇති කිරීමට පුළුවන්.

එබැවින් දෙමව්පියෙනි, ඔබ ඔබේ නැන්දම්මා, අමුත්තන් හෝ ළමයින්ගෙන් නිදහස් වී වැසිකිළි අසුනට වී ජංගම දුරකථනයේ පැය ගණන් කල් ගෙවීමට හිතනවා නම් මේ තත්වය ඔබටත් ඇතිවිය හැකි බව අමතක නොකරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.