theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

3 අවම කියවීම
පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

ක්ලෝරීන් මෙයට හේතුව ලෙස සිතුවත් එය එසේ නොවෙයි. ඊට තවත් අප්‍රසන්න හේතුවක් තියෙනවා. අම්මලාට මෙය ඉතා වැදගත් තොරතුරක් වේවි.

දරුවා පිහිනීමෙන් පසු ඇස් රතුවීම තිබෙන විට ඔබ හිතුවේ එය ක්ලෝරීන් නිසා කියලයි. නමුත් ඊට වෙනත් හේතුවක් ඇති බව ඔබ දැනගෙන හිටියාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග මර්ධන හා ආරක්ෂාව පිළිබඳ ඒකකයේ වාර්තාවන්ට අනුව එය ක්ලෝරීන් නිසා නොව මුත්‍රා හා දහදිය වැනි දේවල් නිසා ඇති වන්නක් බව පැවසෙනවා.

පිහිනීමෙන් පසු ඇස් රතුවීම

Women’s Health website එකේ ලිපියකට අනුව වෛද්‍ය මයිකල් බීච් ඇමෙරිකාවේ රෝග මර්ධන හා ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ සේවය කරන අතර ක්ලෝරීන් පිහිනීමට පසු ඇස් රතු වනවා යන්න මිත්‍යාවක් බව පවසනවා.

පිහිනුම් කරුවන් වතුරට මුත්‍රා කළවිට පාට වෙනස් වන බව සඳහන් කළත් එය මිනිසුන් බිය වැද්දවීමට දරන උත්සාහයක් බවත් එසේ පාට වෙනස් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

සමහර විට වැඩිහිටියන්, දරුවන් මෙන්ම ළදරුවන් ඔවුන්ට බඩේ අමාරු වැනි අවස්ථාවන් වල පිහිනුම් තටාක භාවිත කිරීම නිසා ඇතිවන ගැටළුවක් බව පැවසෙනවා.

ඩයරියා හෙවත් බඩයාම, පාචනය ඇති කරන ක්‍රයිප්ටොස්පොරිඩියම් ක්ලෝරීන් සමග මුසුවීමෙන් දින දහයකින් වැනි කාලයකින් පමණ එය විනාශ වීමට ගත වෙනවා.

මේ අතර ක්ලෝරීන් මගින් බඩේ අමාරු හා බඩයාම ඇති කිරීමට සමත් විෂබීජ ඉක්මනින් විනාශ නොකිරීම නිසා රෝග ඇති වීමට හේතු වෙනවා.

වැඩිහිටියෙකු හෝ දරුවෙකු තටාකයක මළපහ කිරීම මීට අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ ශරීරයේ ඇති විෂබීජ රෝග පැතිරීමට ප්‍රමාණවත් බව පැවසෙනවා. මිනිසුන් ගණනාවක් මේ පිහිනුම් තටාක භාවිත කරන නිසා ඉන් කොයි තරම් විෂබීජ පැතිරෙනවා දැයි ඔබට දැන් සිතාගන්න පුළුවන්.

නමුත් මේ නිසා ඔබ බියට පත්ව දරුවා පිහිනීම් පුහුණු වලින් ඉවත් කිරීම හෝ පිහිනීමට උනන්දු කිරීම නැවැත්විය යුතු නැහැ.

සිංගප්පුරුවේ ජාතික පරිසර ආයතනය (NEA) පරිසරය හා සෞක්‍ය යන ප්‍රතිපත්තිය යටතේ සිංගප්පුරුවේ පිහිනුම් තටාක පවත්වාගෙන යා යුතු ආකාරය පැහැදිළි කර, නියම කර තියෙනවා.

ඔබත් දරුවා පිහිනුම් තටාකයකට යැවීමට පෙර මේ කරුණු ගැන නැවත හිතා බලන්න.

  • අනිවාර්යයෙන්ම පිහිනුම් ඇස් පළඳනාවක් ( ගොගල්ස් ) දරුවාට පළඳවන්න. එමගින් ක්ලෝරීන් මුසුවෙන මුත්‍රා ඇතුළු අනෙකුත් බැක්ටීරියාවන්ගෙන් දරුවාගේ ඇස් රැක දෙනවා.
  • හැමවිටම දරුවා තටාකයට බැසීමට පෙර හා පසුව ඔහුව හොඳින් නාවන්න.
  • පිහිනුම් තටාකයට යාමට පෙර වැසිකිළි යාමට දරුවන් උනන්දු කරවන්න.
  • දරුවාට බඩේ අමාරු ඇත්නම් පිහිනීමට යැවීමෙන් වළකින්න.
  • පිහිනුම් තටාකයේ වතුර පානය නොකරන ලෙස දරුවාට කියා දෙන්න.
  • පිහිනීම අතර මැද වැසිකිළියට යාමට අවශ්‍යනම් ඒ සඳහා ඔවුන් උනන්දු කරන්න. පාවහන් පළඳවන්න. නැවත තටාකයට බැසීමට පෙරත් ඉක්මනින් හිස ඇඟ සෝදා නැවත යවන්න.
  • දරුවා ඩයපර් අඳිනවා නම් තටාකයෙන් පරිභාහිරව ඒවා මාරු කිරීම කරන්න.
  • දරුවා ගෘහස්ථ පිහිනුම් තටාකයකට යනවා නම් එහි බැක්ටීරියා හා මුත්‍රා ක්‍රියාකාරිත්වයට වාතාශ්‍රයක් නොමැති නිසා අවධානම වැඩි බැවින් එය දරුවාගේ පෙනහළු වලට බලපෑම් ඇති කළ හැකි බවට දැනුවත් වෙන්න.

ඔබත් මෙවැනි තොරතුරු දන්නේ නම් අප හා බෙදා ගන්න.

පිහිනීම ඉතා හොඳ ක්‍රීඩාවක් වගේම ව්‍යායාමයක් වුනත් ඒ පිළිබඳ නිසි දැනුම සමග දරුවන් යොමු කිරීමට theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්
බෙදාගන්න :
  • අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

    අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

  • පිරිමින් සිටින ජලයේ පිහිනීමෙන් ගැබ් ගැනීමක් විය හැකිද

    පිරිමින් සිටින ජලයේ පිහිනීමෙන් ගැබ් ගැනීමක් විය හැකිද

  • අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

    අවවාදයයි! ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වල අනතුරු ඇඟවීම් ගැන දන්නවාද?

  • පිරිමින් සිටින ජලයේ පිහිනීමෙන් ගැබ් ගැනීමක් විය හැකිද

    පිරිමින් සිටින ජලයේ පිහිනීමෙන් ගැබ් ගැනීමක් විය හැකිද

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it