පිහිනීමෙන් පසු දරුවන්ගේ ඇස් රතුවීමට හේතු වෙන අප්‍රසන්න හේතු කිහිපයක්

lead image

ක්ලෝරීන් මෙයට හේතුව ලෙස සිතුවත් එය එසේ නොවෙයි. ඊට තවත් අප්‍රසන්න හේතුවක් තියෙනවා. අම්මලාට මෙය ඉතා වැදගත් තොරතුරක් වේවි.

පිහිනීමෙන් අනතුරුව දරුවාගේ ඇස් රතුවී තිබෙන විට ඔබ හිතුවේ එය ක්ලෝරීන් නිසා කියලයි. නමුත් ඊට වෙනත් හේතුවක් ඇති බව ඔබ දැනගෙන හිටියාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග මර්ධන හා ආරක්ෂාව පිළිබඳ ඒකකයේ වාර්තාවන්ට අනුව එය ක්ලෝරීන් නිසා නොව මුත්‍රා හා දහදිය වැනි දේවල් නිසා ඇති වන්නක් බව පැවසෙනවා.

Women’s Health website එකේ ලිපියකට අනුව වෛද්‍ය මයිකල් බීච් ඇමෙරිකාවේ රෝග මර්ධන හා ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ සේවය කරන අතර ක්ලෝරීන් පිහිනීමට පසු ඇස් රතු වනවා යන්න මිත්‍යාවක් බව පවසනවා.

පිහිනුම් කරුවන් වතුරට මුත්‍රා කළවිට පාට වෙනස් වන බව සඳහන් කළත් එය මිනිසුන් බිය වැද්දවීමට දරන උත්සාහයක් බවත් එසේ පාට වෙනස් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

සමහර විට වැඩිහිටියන්, දරුවන් මෙන්ම ළදරුවන් ඔවුන්ට බඩේ අමාරු වැනි අවස්ථාවන් වල පිහිනුම් තටාක භාවිත කිරීම නිසා ඇතිවන ගැටළුවක් බව පැවසෙනවා.

ඩයරියා හෙවත් බඩයාම, පාචනය ඇති කරන ක්‍රයිප්ටොස්පොරිඩියම් ක්ලෝරීන් සමග මුසුවීමෙන් දින දහයකින් වැනි කාලයකින් පමණ එය විනාශ වීමට ගත වෙනවා. මේ අතර ක්ලෝරීන් මගින් බඩේ අමාරු හා බඩයාම ඇති කිරීමට සමත් විෂබීජ ඉක්මනින් විනාශ නොකිරීම නිසා රෝග ඇති වීමට හේතු වෙනවා.

වැඩිහිටියෙකු හෝ දරුවෙකු තටාකයක මළපහ කිරීම මීට අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ ශරීරයේ ඇති විෂබීජ රෝග පැතිරීමට ප්‍රමාණවත් බව පැවසෙනවා. මිනිසුන් ගණනාවක් මේ පිහිනුම් තටාක භාවිත කරන නිසා ඉන් කොයි තරම් විෂබීජ පැතිරෙනවා දැයි ඔබට දැන් සිතාගන්න පුළුවන්.

නමුත් මේ නිසා ඔබ බියට පත්ව දරුවා පිහිනීම් පුහුණු වලින් ඉවත් කිරීම හෝ පිහිනීමට උනන්දු කිරීම නැවැත්විය යුතු නැහැ. සිංගප්පුරුවේ ජාතික පරිසර ආයතනය (NEA) පරිසරය හා සෞක්‍ය යන ප්‍රතිපත්තිය යටතේ සිංගප්පුරුවේ පිහිනුම් තටාක පවත්වාගෙන යා යුතු ආකාරය පැහැදිළි කර, නියම කර තියෙනවා.

ඔබත් දරුවා පිහිනුම් තටාකයකට යැවීමට පෙර මේ කරුණු ගැන නැවත හිතා බලන්න.

  • අනිවාර්යයෙන්ම පිහිනුම් ඇස් පළඳනාවක් ( ගොගල්ස් ) දරුවාට පළඳවන්න. එමගින් ක්ලෝරීන් මුසුවෙන මුත්‍රා ඇතුළු අනෙකුත් බැක්ටීරියාවන්ගෙන් දරුවාගේ ඇස් රැක දෙනවා.
  • හැමවිටම දරුවා තටාකයට බැසීමට පෙර හා පසුව ඔහුව හොඳින් නාවන්න.
  • පිහිනුම් තටාකයට යාමට පෙර වැසිකිළි යාමට දරුවන් උනන්දු කරවන්න.
  • දරුවාට බඩේ අමාරු ඇත්නම් පිහිනීමට යැවීමෙන් වළකින්න.
  • පිහිනුම් තටාකයේ වතුර පානය නොකරන ලෙස දරුවාට කියා දෙන්න.
  • පිහිනීම අතර මැද වැසිකිළියට යාමට අවශ්‍යනම් ඒ සඳහා ඔවුන් උනන්දු කරන්න. පාවහන් පළඳවන්න. නැවත තටාකයට බැසීමට පෙරත් ඉක්මනින් හිස ඇඟ සෝදා නැවත යවන්න.
  • දරුවා ඩයපර් අඳිනවා නම් තටාකයෙන් පරිභාහිරව ඒවා මාරු කිරීම කරන්න.
  • දරුවා ගෘහස්ථ පිහිනුම් තටාකයකට යනවා නම් එහි බැක්ටීරියා හා මුත්‍රා ක්‍රියාකාරිත්වයට වාතාශ්‍රයක් නොමැති නිසා අවධානම වැඩි බැවින් එය දරුවාගේ පෙනහළු වලට බලපෑම් ඇති කළ හැකි බවට දැනුවත් වෙන්න.

ඔබත් මෙවැනි තොරතුරු දන්නේ නම් අප හා බෙදා ගන්න.

පිහිනීම ඉතා හොඳ ක්‍රීඩාවක් වගේම ව්‍යායාමයක් වුනත් ඒ පිළිබඳ නිසි දැනුම සමග දරුවන් යොමු කිරීමට theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ