ගර්භණි සමයේ සුරාන්තය ලබා ගැනීම සුදුසුද?

ගර්භණි සමයේ සුරාන්තය ලබා ගැනීම සුදුසුද?

ගර්භණී සමය තුල ලිංගික ක්‍රියාවන් ගැන ඔබත් ‌දෙගිඩියාවෙන්ද?

ගර්භණී සමයේ සුරාන්තය ලැබීම ගැන ගොඩාක් තර්ක විතර්ක තියෙනවා. ඒ ගැන ටිකක් ගැඹුරට සොයා බලමු.

බොහෝ විට මුල් තෙමස තුල ගර්භණි  කාන්තාවන් බොහොමයකට ඇතිවන උදෑසන වමනය, ඔක්කාරය හා තෙහෙට්ටුව  ඇතිවෙනවා.

ඒ නිසාම ඔවුන්ට ස්වයං වින්දනය ඇතුළු ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැති කර දමනවා.

තවත් පිරිසකට ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් හොමෝන මට්ටම ඉහළ යාම නිසා ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයේ වැඩි වීමක් දක්නට පුළුවන්.

එහිදි කාන්තාවන් ස්වයං වින්දනය තුලින් ලිංගික තෘප්තිය නැතිනම් සුරාන්තය  සොයා යන්න පෙළඹෙන්න පුළුවන්.

ගර්භණී සමයේදී ස්වයංවින්දනයේ යෙදීම ආරක්ෂිත බව බොහෝ වෛද්‍යවරු පවසනවා.

ඒ මගින් මානසික ආතතිය අඩු කිරීම සහ රුධිර ප්‍රවාහනය වීම වේහවත්වීම වැනි ප්‍රතිලාභ පවා ලබා දිය හැකි බවත් ඔවුන් එකඟ වෙනවා.

නමුත් ගර්භණි අවධියේදී ස්වයංවින්දනයේ යෙදීම හා සුරාන්තය ලබා ගැනීම ආරක්ෂිතද නැතිනම් අවදානම් සහගතද යන්න බොහෝ කාන්තාවන්ට ගැටළුවක්.

එය ආරක්ෂිත බව දැනගත් විට ඔබ පුදුම වේවි. මෙම ලිපියෙහි ඒ හා සම්බන්ධ කාරණා කිහිපයක් අඩංගු වෙනවා.

ඔබ සිටින්නේ අවදානම් අඩු ගර්භණි අවධියක නම් ඔබගේ මානසික ආතතිය අඩු කිරීමට හා ඉහළ ගිය ලිංගික ආශාවන් පාලනයට ස්වයංවින්දනයේ යෙදීම හොද ක්‍රමයක් වෙනවා.

නමුත් සෑම විටම මෙය වෛද්‍ය උපදෙස් මතම සිදුකිරීම ආරක්ෂිත වෙනවා.

පිරිසිදු කම හා සනීපාරක්ෂාව මෙහිදි ඉහලින් අවශ්‍ය වෙනවා.

තවද ස්වයං වින්දනය ලැබීමේදි ගර්භාෂයේ සිදුවෙන සමහර හැකිලීම් කුසතුල සිටින දරුවාට සැනසීමක් ලබා දෙන බව සමහර වෛද්‍යවරු විශ්වාස කරනවා.

සමහර කාන්තාවන්ට ගර්භණි සමයේදි ඉහල සුරාන්තයක් ලබාගන්න පුළුවන්.

ගර්භණි සමයේ සුරාන්තය ලබා ගැනීම සුදුසුද?

ගර්භණී සමයේ සුරාන්තය ලැබීම අනතුරුදායකද?

 ගර්භණී සමයේ සුරාන්තය ලැබීමට ස්වයංවින්දනයේ යෙදීමේ වාසි

  • මානසික ආතතිය අඩුකරනවා
  • සුව නින්දක් ලැබෙනවා
  • ගර්භණිත්වය සම්බන්ධ වේදනා හා අමාරු අඩු කරනවා
  • එන්ඩොර්ෆින් මුදා හැරීම වැඩි කරනවා

ස්වයං වින්දනය ආරක්ෂිත ලිංගික ක්‍රමයක් වෙන අතර ලිංගික ස්‍රාව මුහුවීමක් නොවන නිසා ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග ඇතිවීමේ අවදානමක් නැහැ.

 ගැබිනි සමයේ සුරාන්තය ලැබීමේ අතුරු ආබාධ

සමහර කාන්තාවන්ට ගර්භණිත්වයේ පසුකාලයේදි සුරාන්තය ලැබීමෙන් පසු ගර්භාෂ සංකෝචන දැනෙන්න පුළුවන්.

සමහර විට අපහසුතාවයක් දැනුනද මෙහි කලබල වෙන්න දෙයක් නැහැ.

තවත් සමහර කාන්තාවන්ට සුරාන්තය ලැබීමෙන් පසු ඔසප් දින වල මෙන් උදර වේදනා ඇතිවෙන්න පුළුවන්. මෙහිද අවදානමක් නැහැ.

 සුරාන්තය ලැබීම අනතුරුදායකද?

සාමාන්‍යයෙන් අවදානම් රහිත ගැබිනි සමයක් ගත කරන්නියකට සුරාන්තය හෝ ස්වයං වින්දනය හානිකර නැහැ.

එහෙත් නොමේරූ දරු උපත් සදහා අවදාම ඇති අයට යෝනි මාර්ගය තුලට ශිෂ්ණය ඇතුල් කිරීම නිසා හෝ සුරාන්තය ලැබීම නිසා ප්‍රසව වේදනා ඇතිවිය හැකිය.

තවද නියපොතු ඇති කාන්තාවන්‌ගේ නිය නිසා යෝනියේ බාහිර හා අභ්‍යන්තර සිරීම් ඇති වී ඒ මගින් බැක්ටියා ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා.

එය ගර්භණි කාන්තාවකට ටිකක් භයානක තත්වයක්. ඒ නිසා නියපොතු කෙටිව හා දෑත් පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න.

ගර්භණි සමයේ සුරාන්තය ලබා ගැනීම සුදුසුද?

ගැබිනි සමයේ සුරාන්තය හා ස්වයංවින්දනයෙන් වැළකිය යුත්තේ කුමන අවස්ථා වලද?

සමහර කාන්තාවන් විවිධ හේතුන් නිසා සංකීරණ ගර්භණි අවධියක් ගත කරනවා.

එවන් කාන්තාවන්ට ගර්භණි අවදිය තුල ස්වයං වින්දනය ඇතුලු ලිංගික ක්‍රියාකාරකම් හා සුරාන්තය ලබා ගැනීම නොකරන ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා.

මේ තහංචිය සුළු කාලයකට වෙන්නත් පුළුවන් නැතිනම් මුළු ගර්භණි අවදිය පුරාම වෙන්නත් පූළුවන්. කොහොම වුනත් ඒක නිර්දේශ කරනු ලබන්නේ වෛද්‍යවරයායි.

  • ලිංගික ක්‍රියා සදහා තහංචි වැටෙන සංකූලතා
  • ගැබ් ගෙල ආවරණය කරන වැදෑමහ ඇති විට
  • ගැබ් ගෙල දුර්වල නම්
  • නොමේරූ පටල බිදියෑම් ඇතිනම්
  • නොමේරූ දරු ප්‍රසූතියේ ඉතිහාසයක් තිබේ නම්
  • යෝනි මාර්ගයෙන් ලේ ගැලීම් ඇතිවිට
  • ගර්භාෂ ආසාදන ඇතිවිට
  • අශ්‍යන්තර ගර්භාෂයේ වර්ධන සීමාවන් ඇති විට

මෙවන් අවස්ථාවල සුරාන්තය ලබා ගැනීම හෝ ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීම  නැවැත්වීමට වෛද්‍යවරයා විසින් උපදෙස් ලබා දෙනවා.

විශේෂයෙන් කාත්තා සුරාන්තය ඇතිවීමේදි ගර්භාෂයේ මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා.

සමහර අවස්ථා වලදි ඒ නිසා පුර්ව ප්‍රසව වේදනා, නොමේරූ දරු උපත් මෙන්ම වෙනත් බරපතල සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

යෝනී මාර්ගයට ශිෂ්ණය ඇතුල් නොකරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුන විට ස්වයං වින්දනය සුරාන්තය ලැබීමට හොද විකල්පයකි.

නමුත් එයින් ඔබ ලබන සුරාන්තය සීමා රහිත නම් ස්වයං වින්දනය ඇතුලු සියලුම ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකීම සුදුසු වෙනවා.

යෝනී මාර්ගයෙන් තරල හෝ රුධිර වහනයක් සිදු වෙනවා නම් සියලුම ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළකී වහාම වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ගර්භණි සමයේ සුරාන්තය ලබා ගැනීම සුදුසුද?

බොහෝ කාන්තාවන් සඳහා ස්වයංවින්දනය ගර්භණී සමයේදී ලිංගික ශක්තිය සඳහා සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවකි.

ගර්භණීභාවය සෞඛ්‍ය සම්පන්න සහ අඩු අවදානම් සහිත වෙන විට ස්වයංවින්දනය සම්පුර්ණයෙන්ම ආරක්ෂිත වන අතර සෞඛ්‍යමය වාසි ලබා ගන්නත් පුළුවන්.

ගර්භණි අවදිය තුල ඉහළ යන හෝමෝන නිසා ඔබ තුල ඉහල උද්දීපනයක් ඇති වෙන්න පුළුවන්.

එහිදි සමහර විට ඔබට සහකරු හා එක්වීම අපහසු වෙන්න පුළුවන්. නැතිනම් එලෙස එක්වීමෙන් තෘප්තිමත් විය නොහැකි වෙන්න පුළුවන්.

එවන් අවස්ථාවකදි ස්වයං වින්දනය මගින් සුරාන්තය ලබා ගැනීමට යොමු වීමෙන් ඉහල ලිංගික උද්දීපනය සමනය කරගන්න පුළුවන්.

ඒ වගේම සෑම විටම ඔබගේ වෛද්‍යවරයා මේ සම්බන්ධව දෙනු ලබන උපදෙස් පිළිපදින්න.

ඔබගේ සායන වාර අතර තුරදි වෛද්‍යවරයා ඔබගේ සෞඛ්‍ය තත්වය අනුව ලිංගිකව එක්වීම සුදුසුද නුසුදුසුද යන්න පිළිබද උපදෙස් දෙනු ලබනවා.

ශ්‍රී ලංකාවේ නම් ග්‍රාමීය වශයෙන් කෙරෙන සායන මගින් පවත්වනු ලබන සැසි මගින්ද මේ සම්බන්ධව දැනුවත් කිරීම් කරනු ලබනවා.

ඒ නිසා ඒවා සදහාද ඔබ ‌දෙපළම සහභාගී වී අවශ්‍ය දැනුම ලබාගන්න.

ඔබේ වෛද්‍යවරයා මේ පිළිබද සදහන් නොකලේ නම් ඒ ගැන වෛද්‍යවරයා ගෙන් විමසන්න අමතක කරන්න එපා.

එය ලැජිජා වීමට කරුණක් ‌නොවන බවත් එය සියලුම මිනිසුන්ට ඇති මානුශික අවශ්‍යතාවයක් ගැන විමසීමක් වන බවත් මතක තබා ගන්න.

මේ සම්බන්ධව ඔබත් දන්නා කාරණා ‌හෝ ‌තොරතුරු ඇත්නම් පහතින් දැක්වෙන කමෙන්ට් තීරයේ අප හා ‌බෙදා ගන්න.

මුලාශ්‍ර – medicalnewstoday

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.