ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

ඔහු ජීවිතය පුරාම එකවගේ ආදරෙන් ඉඳීවි යැයි සිතන පෙර ලකුණු 6ක්

හැමදාමත් කුරුළු ජෝඩුවක් වගේ සතුටින් ඉන්න ඔබට ලැබෙයිද? නැද්ද? කොහොම කියන්නද ? එත් මේ ලකුණු 6 ඔබේ සබඳතාවය තුළ දකින්න තියනවද බලන්න...

ළඟකදී Kobznation මගින් කාන්තාවන් ගණනාවකින් අසන ලද ප්‍රශ්න මගින් ඔවුන් මෙතරම් දිගු කාලයක් ඔවුන්ගේ සබඳතාවය හොඳින් පවත්වාගෙන යාමේ රහස විමසුවා. මේ ඒ අනුසාරයෙන් කවුරුත් කියපු සැමියා ආදරෙයි බව කියා පාන වැදගත් කාරණා 6 ක්.

සැමියා ආදරෙයි බව කියා පාන වැදගත් කාරණා 6 ක්

1. මොනදේ වුනත් මුලින්ම කියන්නේ ඔබටද?

ඕපදුපයක් වුනත්, වෙනත් තොරතුරක් වුනත්, විහිළුවක් වගේම ගැඹුරු දෙයක් වුනත් මුලින්ම ඔහු ඔබට කියනවද? එහෙනම් ඔබට දිගු සබඳතාවයක් හිමි වෙනවා. ඔබේ සහකරු ඔබේ හොඳම මිතුරා නම් දවස තිස්සේ වුණ හොඳ නරක හැමදේම ඔබත් එක්ක මුලින්ම බෙදාගන්නවා නම් ඔබේ අනාගතය ශුභයි.

2. තවමත් ඔබව පුදුමයට පත් කරනවා නම් සැමියා ආදරෙයි

නිතර නිතර පුංචි තෑග්ගකින් හරි ඔබේ සහකරු ඔබව පුදුමයට පත් කරනවද? සමහර විට එය තොරතුරක් වෙන්නත් පුළුවන්.

කාලාන්තරක් ඔබේ ආදරය පවතින්න නම් විටෙන් විට එය අලුත් වීම වැදගත්. හැමදාම එකම දේ එකම විදිහට වීමෙන් එය නීරස වෙනවා. ශෝනා ස්ප්‍රින්ග, 'Marriage' හි කතෘ, පවසන ආකාරයට දෙදෙනෙක් උවමනාවට වඩා දැනගත්තහම එයා හතුරෙක් බවට පත්වෙනවා. ඒ නිසා අලුත් දේවල් එකතු කිරීම වැදගත්.

3. ඔබ දෙදෙනාම එකම පිලකද? සැමියා ආදරෙයි!

සබඳතා පිළිබඳ විශේෂඥ සහ Problem with Women...is Men හි කතෘ චාල්ස් ඔර්ලන්ඩෝ  පවසන ආකාරයට ලකුණු සටහනක් දෙදෙනාටම තබා ගැනීම යෝග්‍ය බවයි. මොනදේ වුනත් ඔබ දෙදෙනා දෙදෙනාට විරුද්ධව තරග කිරීම නොකළ යුතුයි.

මෙය ගෙදර දොරේ වැඩකට ආදේශ කිරීම තරම් සරලව සිතන්න. චාල්ස් ඔර්ලන්ඩෝ පවසන ආකාරයට දෙදෙනාම අවනතවීම සහ දෙදෙනාම වූ අතපසු වීමක් හෝ එක් අයෙක් කළ වැරැද්ද පිළිගැනිම සබඳතාවයට ශක්තියක්.

4. දෙදෙනා සමග ජිවිතයේ යථාර්තය අවබෝධ කරගන්නවා

ජීවිතය හොඳ නරක යන දෙපැත්තම එක වගේ තියෙනවා. ඒක ඔබ දෙදෙනාම වටහා ගැනීම වටිනවා. මේ හොඳ කාලය හා නරක කාලය යන දෙකේදීම දෙදෙනාම එකට සිටීමයි වැදගත් වෙන්නේ.

ඔබේ සබඳතාවයේ ශක්තිමත් බව කියාපානවා. මෙවැනි අමාරු කාලයක් එක්ව පසු කිරීම ඔවුන්ට ශක්තියක් වෙනවා. එය හොඳක් වුනත් නරකක් වුනත් ජිවිත කාලය පුරාම ඔබව එක්ව තබනවා.

5. ඔවුන් ඔබ හැරෙනකොට දන්නවා

මේක වැරදි දෙයක් කියලා හිතන්න එපා. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝටම වඩා ඔහු හට ඔබව දැනෙනවා. ඔබ දෙදෙනා හැම වෙලේම රණ්ඩු වෙනවා නම් ඔබ, දේපල හොඳ ජෝඩුවක් කියල අපි කියන්නේ නැහැ.

එත් ඉඳලා හිටලා රණ්ඩුවක් වෙන එක ඒ හැටි වරදක් නෙවෙයි. ඒක සමහර විටෙක හොඳ දෙයක් වෙනවා කියා මහාචාර්ය ගිල්ඩා කාල් පවසනවා.

තරහ ගත්තට කමක් නැහැ. එත් සමාව ගැනීම හා ඉන් ඉදිරියට ජීවිතය ගෙන යන හැටි ඔබට අවබෝධයක් තියෙනවා නම් විතරක්. වැදගත් කරණය තමයි තරහාව පැවතීමට ඉඩ දිය යුතු නැහැ. රණ්ඩුවක් ඉක්මනින් ඉවර කරන තරමට එය සුරක්ෂිතයි. නැතිනම් නිස්කාරනේ අනවශ්‍ය ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.

6. කිසිම මොහොතක් එපා වෙන්නේ නැහැ

ඔබ ඔහුව මුලින්ම හමුවූ දවසේ හැමදේම අලුත් නැවුම්. ඔහුත් සමග ආදරෙන් බැඳිලා ඔහුව තේරුම් ගනිමින් යද්දී හරියට රෝසමල් මාවතක් වගේ. අවුරුදු ගණනාවක් යනකොට ඔබට ඔහුව හුරු පුරුදුයි.

හැමදේම නරකයි. එත් ඔබට ඔබේ සහකරුගෙන් සහකාරිය සමග ගෙවන හැම මොහොතක්ම සතුටක් හා නැවුම් බවක් දැනෙනවා නම් ඔබ ඉන්නේ හරි තැන බව සිතන්න. කෙසේ කොතැනක සිටියත් ඔබ දෙදෙනාගේ එක්වීමෙන් සතුටක් දැනෙනවා නම් ඔබට යාමට ඇති දුර තවත් බොහොමයි.

ජිවිත කාලයම එක වගේ ආදරෙන් ඉන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබට හැමදාම එක වගේ උදවු වෙනවා.   

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ