සමාජ වෙබ් අඩවි මගින් ඔබේ විවාහය හසුරන ආකාර 6 ක්

සමාජ වෙබ් අඩවි මගින් ඔබේ විවාහය හසුරන ආකාර 6 ක්

සමාජ වෙබ් අඩවි වර්තමානයේ අපේ ජීවිතවල සුවිශේෂී අංගයක් බවට පත්වෙලා ඉවරයි. විශේෂයෙන් අපේ සබඳතා වලට ඉන් බොහෝ බලපෑම් ඇති කරනවා. ඒ වගේම අපේ විවාහ ජිවිත වලට පවා දරුණු ලෙස බලපෑම් කරන අවස්ථා තියෙනවා. ඒත් ඒ කොහොමද?

සමාජ වෙබ් අඩවි වර්තමානයේ අපේ ජීවිතවල සුවිශේෂී අංගයක් බවට පත්වෙලා ඉවරයි. මේ නිසා සන්නිවේදනය ඉතාමත් පහසු වෙලා වගේම ලෝකය යාකරන්නේ හරිම වේගයෙන්.

විශේෂයෙන් අපේ සබඳතා වලට ඉන් බොහෝ බලපෑම් ඇති කරනවා. ඒ වගේම අපේ විවාහ ජිවිත වලට පවා දරුණු ලෙස බලපෑම් කරන අවස්ථා තියෙනවා. ඒත් ඒ කොහොමද?  Familyshare සහ Huffington post වල ලිපි තුළින් සබඳතාවයන් විනාශ කරන ආකාරයන් දක්වා තිබුණා.

සමාජ වෙබ් අඩවි මගින් ඔබේ විවාහය හසුරන ආකාර 6 ක්

1. සමාජ ජාල කාලය කා දමනවා

අපිට කරන්න දෙයක් නැති උනාම විවිධ තොරතුරු ප්‍රවෘත්ති අපේ පාළුව නැති කරනවා. අපි එය නොහිතුවත් විශේෂයෙන් ස්මාර්ට් ෆෝන් එකකින් නම් යන්නට හැකි සීමාවන් කොතෙක් දැයි කියන්න බැරි තරම්. ඔබ දුරකතනයේ බොහෝ වෙලාවක් රැඳීම වරදක් ලෙස දකින්න බැරි වුනත් ඔබත් ඔබේ සහකරුත් ඔබ දෙදෙනා වෙනුවෙන් ඇති කාලයට වඩා දුරකථනය සමග කාලය ගත කිරීම එතරම් හොඳ කාරණයක් නොවන බව මතක තබා ගත යුතුයි.

2. සමාජ වෙබ් අඩවි මගින් ඔබට යථාර්ථය පෙන්වන්නේ නැහැ

ඔබ හොඳින් තේරුම් ගත යුත්තක් වන්නේ සමාජ ජාල වල පෙන්වන මිතුරු මිතුරියන්ගේ පින්තූර සැබෑ ඒවා නොවන වග. මේ මගින් හැමදෙනාම උත්සාහ කරන්නේ තමන්ගේ විශිෂ්ටම පින්තූරය අන්තර්ජාලයට මුදාහැරීමයි. මේවා දකින ඔබ ඔබේ සබඳතා සැසඳීමට ක්‍රියාත්මක වන්න එපා.

3. වැරදී අය සමග සබඳතා අරඹන්නට අත දෙයි

හුඟ දෙනෙක් විවාහයට පෙර වෙනත් සබඳතා තිබූ අය ඉන්නවා. නමුත් ඒවා විවාහයෙන් පසු නැවත ඇති නොවුනත් වර්තමානයේ මෙවැනි සබඳතා යළි ඇතිවන්නට සමාජ වෙබ් අඩවි ඉතා හොඳ මාධ්‍යයක් වී අවසන්. සමහර විට ඔබේ පරණ පෙම්වතා සමග නිකමට කතා කරන්න පටන් ගත්තත් අතීතයට යාම ඔබට වළක්වන්න බැහැ. එය අඳුරු පරිච්ඡේදයකට මුල පිරීමක් විය හැකියි. නමුත් ඔබ මෙවැනි සංවාද වලට පිවිසීමට පෙර ඔබත් සැමියාත් අතරට මෙවැනි ප්‍රශ්නයක් පැමිණීමට ඇති අවස්ථාව ගැන දැනුවත්ව සිටීම හරිම වැදගත්.

සමාජ වෙබ් අඩවි මගින් ඔබේ විවාහය හසුරන ආකාර 6 ක්

4. ඔබේ සබඳතාවයේ වැදගත් අවස්ථා උවමනාවට වඩා ප්‍රසිද්ධ වෙනවා නම්

ඔබේ සහකරු ගැන තොරතුරු ප්‍රසිද්ධියේ දැක්වීම හොඳයි. නමුත් ඊට සීමාවන් තබාගැනීම වැදගත්. ලෝකයට ඔබ දෙදෙනා අතර වූ බහින්බස් වීම ගැන දැනගන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ එය ලෝකයට ප්‍රකාශ කළාට පසු නැවත ගන්න බැහැ. ඔබට කණගාටු වෙනවා හැරෙන්න ලෝකයාගේ මතය වෙනස් කරන්න බැහැ.

5. සමාජ වෙබ් අඩවි සන්නිවේදනය විනාශ කරයි

සමජ ජාලයන් ඔබවත් ඔබේ සන්නිවේදනයත් විනාශ කිරීම සිදුකරන්නේ ඔබ නොදනුවත්වමයි. ඔබේ සහකරුට වඩා සමාජ ජාලයක රැඳීම ඔබට සැනසුමක් ලැබේ නම් ඒ ගැන නැවත හිතන්න. විශේෂයෙන් ඔබේ සහකරුට ඔබෙන් ලැබිය යුතු කාලය ඔබ එයට විඩංගු කිරීම ඉතාම අසාධාරණ බව මතකයේ තබා ගන්න.

රෑ නින්දට පෙර හුඟක් අය සමාජ ජාල වල ගැවසෙන නිසා ඔබේ සබඳතාවයේ වටිනා කාලය ඔබට නැතිවෙන්න පුළුවන්. ඒ නිසා හැකිනම් නින්දට පැයකට පෙර ඉන් මිදී සැහැල්ලුවෙන් නින්දට යන්න පුරුදු වෙන්න.

ලිංගික සම්බන්ධතා

 6. ආකර්ෂණය නැති කරයි

හුඟ දෙනෙක් නින්දට පෙර සමාජ වෙබ් අඩවි වෙත පිවිසීම කරනවා. ඉන් ඔබට ඔබේ සහකරු සමග ගතකරන්නට ඇති කාලය ඇහිරී යනවා. සහකරුට ඔබත් සමග කතා කරන්න හෝ ටිකක් නිවිසැනසිල්ලේ ඉන්න අවශ්‍ය නම් එයට බාධා වෙනවා. එය ඔබේ නින්දටත් බාධාවක් වෙනවා.

ඔබට හැකිනම් නින්දට පැයකට පෙරවත් සමාජ ජාලයන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. හුඟ දෙනෙක් නින්දට පෙර සමාජ වෙබ් අඩවි වෙත පිවිසීම කරනවා. ඉන් ඔබට ඔබේ සහකරු සමග ගතකරන්නට ඇති කාලය ඇහිරී යනවා.

අපි නොසිතන බොහෝ සිදුවීම් ජිවිත වල අතුලාන්තයම විනාශකාරී ලෙස වෙලා ගන්න බව මතක තබා ගත යුතුයි. theAsianparent Sri Lanka ඔබේ ජීවිතය පරිපූර්ණ කරන්නට මේ තොරතුරු එක් රැස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ