theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැඩිහිටියන්ට ගරු කරන්න දරුවන් කුඩා කල සිට හුරු කල යුත්තේ ඇයි?

4 අවම කියවීම
වැඩිහිටියන්ට ගරු කරන්න දරුවන් කුඩා කල සිට හුරු කල යුත්තේ ඇයි?වැඩිහිටියන්ට ගරු කරන්න දරුවන් කුඩා කල සිට හුරු කල යුත්තේ ඇයි?

වැඩිහිටියන්ට ගරු කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න

වැඩිහිටියන්ට ගරු කිරීම ගැන දරුවන්ට කියා ද‌ෙන්න. තම දරුවන් ට එවැනි දේ පාසලෙන් හෝ අනෙක් අයගෙන් ඉගෙන ගන්න ඉඩ හරිනවාට වඩා ඔබ විසින් කියා දීම ඔබේ යුතු කමක්.

මෙවන් ගුණාංග ඔබේ දරුව තුල වර්ධනය නොකිරීම හේතුවෙන් පසු කලෙක ඔබ පසු තැවෙන්නට පුලුවන්.

අතීතයේ දරුවන් ට වර්තමානයේ දරුවන් ට මෙන් නොව empathy (සංවේදනාව) sympathy (අනුකම්පාව) හොඳින් වැටහුණා යනු මගේ හැඟීමයි. තම පවුල් සංස්තාව දැනට වඩා විශාල වීමත්, දෙමව්පියන් අද මෙන් කාර්‍යබහුල නොවීමත්, දරුවන් රූවපාහිනිය හෝ ටැබ් වැනි දේ සමඟ නොව වැඩිහිටියන් සමඟ තම කාලය වැය කිරීමත් මේ දේවල ට හේතු වන්නට ඇති.

වැඩිහිටියන්ට ගරු කිරීම: අනුකරණය ගැන දැනුවත් වෙන්න

ආච්චිලා සීයලා

දරුවන් පලමුව සමාජය ගැන ඉගෙන ගන්නේ පවුලෙනි.

ඔවුන් තමන්ගේ පරිසරය තුල ජීවත් වෙන අම්මා, තාත්තා ,ආච්චි, සීයා සහ අනෙකුත් අයගේ භාෂාව, චර්‍යාවන් අනුකරණය කරයි.

ඒ පිලිබඳ මනා අවබෝධයකින් කටයුතු නොකලොත් ඒ මගින් දරුවන්ට ලොකු බලපෑමක් සිදු වේ.

ඔබ නොදන්නවා වුනාට ඔබේ දරුවා ඔබව ඉතා සමීපයෙන් නිරීක්ෂණය කරන බවත්,ඔබව අනුකරණය කරන බවත් අමතක නොකරන්න.

උදාහරණයක් ලෙස ඔබ ඔබේ වැඩිහිටියන්ට සලකන ආකාරය ඔබේ දරුවන් ඒ පිලිබඳ ලබන පලමු පාඩම බවත් මතක තියා ගන්න.

තම මව, පියා, නැන්දණිය හෝ මාමණ්ඩිය සමග ඔබ ජීවත් වනවා යැයි සිතන්න. ඔබ ඔවුන් කෙරෙහි අප්‍රසාදයක් දක්වයි නම් එය නිසැකයෙන්ම ඔබේ දරුවාට හැඟේවි.

බොහෝ විට එක්ව ජීවත් වීමේදී මෙවන් අපහසුතාවන්ට ඔබට මුහුණපෑමට සිදුවුවත් එය දරුවාගේ මනස විකෘති වන ආකාරයට පිටතට ආයුතු නොවෙයි.

වැඩිහිටියන් කවුදැයි ඔවුන්ට හදුන්වා දෙන්න

වැඩිහිටියන්ට ගරු කිරීම

වැඩිහිටියන් කවුදැයි දරුවන්ට හදුන්වා දිය යුත්තේ අපිමය.

එසේ හදුන්වා දීමේදී මේ ඉන්නේ අම්මා, තාත්තා, ආච්චි අම්මා, සීයා, අයියා, අක්කා ලෙස නිසි තත්වයෙන් හදුන්වා දෙන්න.

ඔවුන් ඇමතීමට වෙනත් නම්, සුරතල් නම් හෝ ඔයා, එයා, මෙයා යන වචන භාවිතා නොකරන්න. මෙවන් අවස්තාවක ඔබට එකී වැඩිහිටියන්ගේද සහය පැතීමට සිදුවේ.

එනම් ඔවුන්ට ද හැකිතාක් ඔයා, මෙයා යන වචනයෙන් දරුවාට ආමන්ත්‍රණය නොකොට පුතා, දුව යන්නෙන් අමතන්නට යැයි ඉල්ලීමක් කරන්න ඔබට සිදුවෙයි.

වැඩිහිටියන්ට ගරු කිරීම: ඔබ වැඩිහිටියන්ට සලකන හා ගරු කරන ආකාරය පිලිබඳ දරුවන් විමසිල්ලෙන්

වැඩිහිටියන්ට ගරු කිරීම

ඔබත් වැඩිහිටියන්ට කතා කිරීමේදී භාෂාව මනාව හැසිරවීම ඉතා වැදගත්ය.

ඔබ වැඩිහිටියන්ට බැන වදින්නේ නම් අනිවාර්යයෙන්ම අනාගතයේ දිනෙක ඔබට පසුතැවීමට සිදුවෙනු ඇත.

මන්ද ඔබව නිරීක්ෂණය කරන ඔබේ දරුවා දිනෙක ඔබට එසේ අමතනු නිසැකය. වැඩිහිටියන්ට සැලකීමේදීද එසේය.

ඔබේ වැරදි ආදර්ශ දිනෙක ඔබ පෙලනු නිසැක සේම ඉදිරි දරු පරපුරටම වැරදි ආදර්ශයක් පරම්පරාවෙන් දයාද වෙනු නියතය.

අම්මා, තාත්තා, ගුරුවරු හා වැඩිහිටියන්ට සලකන්න වෙනම දිනයක් අවශ්‍ය නොවන බව ඔබේ දරුවාට පහදා දෙන්න.

බටහිර සංස්කෘතිය විසින් පෙරදිග සමාජය ආක්‍රමණය කල අවස්ථාවක් ලෙස මව්වරුන්ට, පියවරුන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අවුරුද්දේ එක දිනයක් වෙන් කිරීම මා දකිනවා.

එය එසේ වූයේ සෑම දෙයම වාණිජකරණය වීම නිසා පමණක් බව තේරුම් ගැනීම වැදගත්.

මේ වැඩිහිටියන් වෙනුවෙන් අවුරුද්දට එක දිනයක් වෙන් කිරීම වෙනුවට අවුරුද්ද පුරාම වැඩිහිටියන්ට සලකන අයුරු ඔබේ දරුවාට කියා දෙන්න.

වර්තමානයේ පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්තාන වල දරුවන් මේ දිනයන් සැමරීමට නොයෙක් දේ කරන්නට දරුවා පොලඹවයි.

මින් අදහස් කරන්නේ එවන් දිනක විශේශිත වූ ලෙස ආදරයක් ප්‍රකාශ කිරීම වැරදි දෙයක් ලෙස නොවෙයි.

එහෙත් නිවසේදී කිසි විටෙක උදව්වක්, උපකාරයක් නොකර ඒ දිනයන් හිදී පමණක් වැඩිහිටියන් ට සැලකීම තවත් එක් නිදහසට කරුණක් කර නොගන්නට ඔවුන්ට කියා දෙන්න.

අම්මාට, තාත්තාට, ආච්චි අම්මාට, සීයාට වතුර කෝප්පයක් ගිහින් දෙන්න ඔබේ දරුවාට උගන්වන්න.

අම්මාගේ, තාත්තාගේ, ගුරුවරයාගේ දෙපා නැමදින්න ඔබේ දරුවාට කියා දෙන්න. එය ක්‍රිවයාවෙන්ද පෙන්වන්න.

සියාට, ආච්චි අම්මාට පුංචි පුංචි අත් උදව් දීලා සතුටු වෙන්න ඔබේ දරුවාට උගන්වන්න.

එය පුරුද්දක් කර ගන්නා දරුවන් කවදාවත් ඒ ගැන මැසිවිලි නොනඟා සිටීවි.

මෙහි තවත් පැති කඩක් මේ සමඟම පෙන්වා දිය යුතු බව මඟේ හැඟීමයි.

පෙර සඳහන් කලසේම දරුවන් ට ක්‍රියාවෙන් පෙන්විය යුතු තවත් දෙයක් වන්නේ මවත් පියාත් එකිනෙකා අතර කෙතරම් අඬ දබර තිබුනත් දරුවන් තම මවට හා පියාට තිබිය යුතු ගෞරවය, සැලකිල්ල පවත්වාගෙන යාමට එය ප්‍රශ්නයක් නොවන බවත් ය.

දරුවා ප්‍රතමයෙන් ගරු කිරීමට පුරුදු විය යුත්තේ තම මවටත් පියාටත් වගේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ටත් වන බව ඔබ මතක තබා ගන්න.

තම පුංචි පවුලෙන් ඇරඹෙන මේ යහ ගුණය ඉන් ඔබ්බට ගෙනයාම එවිට එතරම් අපහසු නොවනු ඇත.

ඉවුම් පිහුම්, වගාවන්, නිවස පිරිසිදු කිරීම් වැනි මේ කොතෙකුත් දෙයට දරුවන් සහභාගී කරවා ගෙන හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යාමෙන් ඔවුන් පුරුදු වේවි නිරායාසයෙන්ම වැඩිහිටියන් ට උදව් කිරීමට.

එවිට අවුරුද්දට එක දවසක් ආදරේ වචනයෙන් ප්‍රකාශ කරනවාට වඩා අවුරුද්ද පුරා වැඩිහිටියන්ට ක්‍රියාවෙන් සෙනෙහස නිසි ගෞරවය ලබා දෙන්න ඔවුන් පුරුදු වේවි.

එවිට  ඔබේ ආදර්ශමත් දරුවා අනාගත ලෝකය දිදුලවාවි.

දරුවා උගතෙකු, බුද්ධිමතෙකු පමණක් නොව ගුණ යහපත් වැඩිහිටියකු කිරීම අප කාගේත් යුතුකමක් සහ වගකීමකි.

 

මුල් ලිපිය: නදීශා ලක්මිණී

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • වැඩිහිටියන්ට ගරු කරන්න දරුවන් කුඩා කල සිට හුරු කල යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

    ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

  • සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

    සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

  • ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

    ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

  • සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

    සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it