theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

5 අවම කියවීම
සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයිසති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

කොවිඩ්-19 සමයේ නිවසේ සිටියත් අපි ‌නොදැනුවත්වම අනාරක්ෂිත ‌වෙන්න පුළුවන්.

කොරෝනාවෙන් ආරක්ෂා වීම ගැන දසතින් කතා ඇහෙන්න පටන් අරන්න. නිවසට ‌වෙලාම ඉන්න.

හැමවේලාවකම ඇහෙන්නේ ඒ කතාව ‌නේද?

නිවසට වී සිටි පමණින් ඔබ ‌කොරොනා වලින් ආරක්ෂිතද?

නමුත් ඇමරිකාවේ චාලට්ස් නගරයෙන් ඇසෙන මේ කතාව ඔබේ අවධානය පිණිසයි.

ලැබුන කොවිඩ් පරීක්ෂනයේ ප්‍රතිඵලත් එක්ක චාලට්හි කාන්තාවකට අප්‍රියෙල් මස 9 වන බ්‍රහස්පතින්දා රාත්‍රිය එතරම් සුභදායක වුනේ නැහැ. ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තත්වයකින් පෙළුනු නිසා කොවිඩ්-19 සංකූලතා වැඩි විය හැකි බැවින්, ඈගේ ආරක්ෂාව පිණිස නිවසින් හැකි තරම් පිට නොවී සිටීමට කල්තියාම වෛද්‍ය උපදෙස් ලැබී තිබුණා.

නිවස තුලම රැදි සිටියද ඇයට වැළදි තිබුන උණ, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව හා කැස්ස යන රෝග ලක්ෂණ කොවිඩ් 19 නිසාම ඇති වු බව තහවුරු වුනා.

මෙම කාන්තාව සති තුනකින් නිවසින් පිටට ඇවිත් තිබුනේ නැහැ. නමුත් ඇයට කොවිඩ් 19 වැළදිලා තිබුනා.

කොරෝනාවෙන් ආරක්ෂා වීම සදහා පියවර ගත් ඇයට එහෙම වුනේ කොහොමද?

සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි

දැනටමත් ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධයකින් පෙළෙමින් සිටි රේචල් බෘමර්ට් කොරෝනා උවදුර සැල වීමත් සමගම භීතියට පත් වුනා.

ඇය මේතරම් අසනීප වු හා බිය වු ප්‍රථම අවස්ථාව මෙය වුනා. 

ඇයගේ පවතින රෝගි තත්වය හේතුවෙන් කොරෝනා වැළදීමෙන්  සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇයට තිබුනා.

ඒ නිසාම ඇය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසටම වී සති තුනක කාලයක් ගත කර තිබුනා.

අවසන් වරට ඇය නිවසින් පිටතට ගොස් තිබුනේ ෆාමසියට වු අතර එයද සති තුනකට පෙරයි.

නිවස තුලට වී සිටිමෙන් ඇයට කොවිඩ් 19 වලින් ආරක්ෂා විය හැකි යැයි ඇය හිතුවා.

සාප්පු සවාරි සියල්ල යන නමුත් වෙනම කාමරයක විසු ඖෂධවේදියා හා ඔහුගේ බිරිද හැරුනු කොට ඇය ඇසුරු කර තිබුනේ තවත් එක් කාන්තාවක් පමණයි.

ඒ රේචල්ට සිල්ලර බඩු දොරකොඩටම ගෙනවිත් දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු කාන්තාවයි.

පසුව ඇයටද කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තියෙනවා.

රේචල් මේ සම්බන්ධව දක්වන්නේ මෙවන් අදහසක්. ඇය එම කාන්තාව සමග සම්බන්ධතාවයක් නොතිබු අතර රෙචල් එම කාන්තාව ස්පර්ශ කර තිබුනේ නැහැ.

ඒ වගේම සෑම දිනෙකම ඇයට ලියුම් ලැබුන අතර ඇය ඒවා පවා ස්පර්ශ කර තිබුනේ අත්වැසුම් සහිතවයි.

ඇය පිටතින් ආහාර පවා ඇනවුම් කර තිබුනේ නැහැ. නමුත් එය එක් වැරැද්දක් කර තිබුනා. 

ඇය ඉදිරිපස ආලින්දයේ සිට පාර්සල් ඇතුලට ගෙන එන විට අත්වැසුම් පැළඳීමට ඇය සිතුවේ නැහැ.

කැස්ස, උණ, හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුව ඇතුළු COVID-19 හා සම්බන්ධ රෝග ලක්ෂණ බොහොමයක් බ්‍රමර්ට් අත්විඳ තිබුනා.

නමුත් ඒ සදහා පරීක්ෂණයකට යොමු විය යුතු නිර්ණායක සපුරාලීමට දින කිහිපයක් ගත වී තියෙනවා.

ඇයගේ සිදුවීම සැලකීමේදි  ආසාදන ප්‍රභවය කුමක් වුවත්,  COVID-19 පහසුවෙන් ආසාදනය වෙන නමුත් හදුනා ගැනීම දුෂ්කර රෝගයක් බව අපි කොයි කවුරුත් වටහා ගත යූතුය.

මීට පෙර කවදාවත් මේ වගේ රෝගි නොවු බවත් උණ වැළඳී ඇතත් මෙවන් දරුණු උණක් නොවැළදුන බවත් රෙචල් පැවසුවා.

කොරෝනාවෙන් ආරක්ෂා වීම සදහා පියවර ගත් ඇයට කුමක් සිදුවීද?

  • මාර්තු 18 දින නිවසෙන් එක් වරක් පාමසියට පිටවු ඇය ඒ වන විටත් ස්වයං නිරෝධායනයේ යෙදි සිටි අතර ඉන් පසු නිවසෙන් පිට වී තිබුනේ නැහැ.
  • පළමු රෝග ලක්ෂණ මාර්තු 22 වන විට පෙන්නුම් කර තිබුනා. නමුත් එය COVID-19 ද යන්න පැහැදිලි නැහැ. හිසරදය, කැස්ස, උණ, සුවඳ හා රසය නැතිවීම සහ හුස්ම හිරවීම වැනි ලක්ෂණ  ඇයට ඇති වි තිබුනා.
  • අප්‍රේල් 5 වැනිදා පරීක්ෂා කර තිබු අතර අප්‍රේල් 9 ඇයට කොවිඩ් 19 වැළදි ඇති බව තහවුරු වුනා.
  • ඇයගේ සැමියා මාර්තු මුල රැකියාවට ගියද ඉන්පසු නිවසේ සිට රැකියාවේ නියුතුව තියෙනවා.
  • ඔවුන් තාවකාලිකව වෙන් වෙන් කාමර වල ජිවත් වු අතර මුළුතැන් ගෙය පමණක් පොදුවේ භාවිතා කර තියෙනවා.
  • නමුත් එය ඉතා පිරිසිදුව පවත්වා ගෙන තියෙනවා. ඇය හා ඔහු මුණ ගැසෙන විට ඔහු මුහුණු ආවරණයක්ද පැළද සිට තියෙනවා.
  • ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කාන්තාවක්  මාර්තු 20 දින ඇයට අවශ්‍ය සිල්ලර බඩු ගෙනවිත් දොරකොඩින් තබා තිබුනා.
  • රෙචල් දොර ලග සිට ස්තුතියි කියා තිබු නමුත් එම කාන්තාව ස්පර්ශ කර නැහැ.
  • ඇය අවසාන පඩියේ සිටි අතර ඔවුන් අතර නියමිත දුරක් පවත්වා ගෙන තිබුනා.
  • පසුව පරීක්ෂණ අනුව එම කාන්තාවටද කොවිඩ් 19 වැලදි තිබුනා.

වරද සිදු වුයේ කොතැනද?

නිවසට බඩු ගෙන්වා ගැනීම

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වරද සිදු වී තිබුනේ ඇය නොසිතු තැනකින් විය යුතුයි.

ඇය එම කාන්තාව ගෙනවිත් දී තිබු සිල්ලර භාණ්ඩ පිරිසිදු කිරීමකින් තොරව අත්වැසුම් රහිතව නිවස තුලට ගෙන තිබුනා.

නිවෙස තුලම රැදෙමින්, නිතර අත් සෝදමින් හා ලියුම් පවා අත්වැසුම් සහිතව ස්පර්ශ කල ඇයට අවසානයේදි කොවිඩ් 19 වැළදුනා.

මේ කථාවෙන් අපිට ලැබුන පාඩම

කොවිඩ් 19 හා ලෝකයට සටන් කල නොහැකි තත්වයක් තවම සිටියදි අපි එම රෝගය මැඩ පැවැත්වීමට සමාජ දුරස්ථතාවය පවත්වා ගන්නවා.

නමුත් එදිනෙදා ජිවිතය අඩාල නොවනු පිණිස අපගේ අවශ්‍යතා නිවෙසට ගෙන්වා ගැනීම ඇති පහසුකම් අපි භාවිතා කරනවා .

නමුත් එහිදි අපි කොතරම් දුරට ආරක්ෂිත පියවර ගන්නවාද?

ඔබගේ ඇණවුම් කල භාණ්ඩ රැගෙන එන්නා ඔහුද නොදැනුවත්ව ආසාදිතයෙක්  වුවහොත් ඔබට පහසුවෙන්ම රෝගය වැළදෙන්න පුළුවන්.

ඒ නිසා ‌කොරෝනාවෙන් ආරක්ෂා වීම සදහා පහත ආරක්ෂිත උපදෙස් පිළිපදින්න

කොරෝනා බෝවන ආකාර

  • නිවසේ සිටින තරුණ හා නිරෝගි කෙනා මේ සදහා ඉදිරිපත් වෙන්න.
  • වෙළද නියෝජිතයා හා ඔබ අතර මීටරයක දුරක් පවත්වා ගන්න.
  • ඔබ හා ඔහු යන දෙදෙනාම මුණ ගැසෙන විට මුඛ ආවරණ දෙදෙනාම පැළද සිටිය යුතුයි. හැකිනම් අත් වැසුම් පළදින්න
  • මුදල් ගණුදෙනු හැකිතාක් අවම කර කාඩ්පත් වලින් මුදල් ගෙවීම ආරක්ෂිත වෙනවා.
  • එසේ නොමැති නම් ඉතිරි මුදල් නොලැබෙන සේ ගානට ගෙවන්න. නැතිනම් ලැබෙන ඉතිරි මුදල් වෙනම පෙට්ටියකට දමා ආරක්ෂිතව තබන්න. ඒවා අනාරක්ෂිතව ස්පර්ශ කරන්න එපා.
  • නිවස තුලට බඩු ගෙන ඒවා බහා ඇති කවර හා උඩු කවර ඉවත් කරන්න. ඒවා ආරක්ෂිතව බැහැර කරන්න.
  • ඉන්පසු ඔබේ මුඛ ආවරණය  හා අත් වැසුම් වරක් භාවිතා කරන ඒවා නම් ආරක්ෂිතව බැහැර කරන්න. නැවත භාවිතා කල හැකි ඒවා නම් ඒවා සහ ඇද සිටි ඇදුම් රෙදි සෝදන මැසිමට නැතිනම් සබන් වතුර බේසමකට දමන්න.
  • ඉන්පසු හොදින් සබන් ගා අත් සෝදන්න.
  • දැන් ඔබ උඩු කවර ඉවත් කල භාණ්ඩ නාස්තිය අවම වෙන සේ ගබඩා කරන්න.
  • ටින් ආහාර හා  බෝතල් කල ආහාර සබන් රෙදි කඩකින් පිසදා සෝදා හොදින් පිස වේලන්න. ඉන්පසු ගබඩා කරන්න.
  • මේ කටයුතු අවසානයේදි නැවත ඔබ සබන් දා අත් සෝදන්න.

රේචල්ගේ සිදු වීම සම්බන්ධ විඩීයෝව පහලින්

මුලාශ්‍ර – www.wcnc.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සති තුනකින් ගෙදරින් එළියට නොබැස්ස කතට Covid 19 වැළදුනේ මෙහෙමයි
බෙදාගන්න :
  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

  • COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

    COVID-19 වසංගතය මැද මව්කිරි දෙන මව්වරුන්ට උපදෙස්

  • Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

    Covid-19 නිසා තවමත් ගෙදරට වෙලා ඉන්න දරුවන් එක්ක අපිට කරන්න පුළුවන් දේවල් 8ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it