theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

3 අවම කියවීම
මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

"සැම ස්වාමිපුරුෂයෙක්ම ටික කාලයක්  ලිංගික සම්බන්ධතා නොලබන විට ඒ ගැන උනන්දුවක් නොදක්වයිද? නැත්නම් මගේ සැමියාට මගේ ආකර්ෂණීය බවක් නොපෙනේද?"

මම අවුරුදු විසිගණන් වල මැද භාගයේදී  විවාහ වු අතර අවුරුදු තිහක් වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක්  වුනා. එය ලිංගික හැසිරීමට ආශාවක් ඇත නොවෙන්න තරම් මහලු වයසක් කියා මම සිතන්නේ නැහැ. කෙසේ වෙතත්, පසුගිය දෙවසරක කාලය තුළ මගේ ලිංගික ජීවිතය සැබවින් ම ක්‍රියාත්මක වෙන්නේ  නැහැ .

මට අවුරුදු 3 ක් වයසැති දරුවෙක් සහ මාස හයක් ළදරුවෙක් ඉන්නවා. උත්සහ කරන මේ වයස් කාණ්ඩ දෙක අතරේ මම බොහෝ දිනවල මගේ සනීපාරක්ෂාව  රැකගැනීමට උත්සහ කරනවා.

මම මගේ සැමියාගේ නෑදෑයන් සමඟ විස්තාරිත  පවුලක ජීවත් වන අතර මගේ කුඩා දරුවන් රැකබලා ගැනීම සඳහා නිවසේ වැඩිහිටියන් සිටින නිසා මට පහසු  බව න්‍යෂ්ටික පවුලක ජීවත් වන බොහෝ මිතුරන් පවසනවා . මම සිනහාසෙනවා, හොඳයි, එය තවත් දවසක තවත් පරිච්ඡේදයක් වෙනවා.

දැන්, මගේ නිවසේ   තවත් දෙදෙනෙක් ඉන්නවා යනු මගේ  වගකීම   වැඩිවන අතර   ලේලියක  සඳහා තවත් බොහෝ සීමා කිරීම් ඇතිවෙනවා.

මවක් බවට පත්වීමෙන් පසු  ලිංගික ජීවිතය විනාශ වෙනවාද?

මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද? මම ටික කාලයකට සම්පූර්ණයෙන්ම ලිංගික ජීවිතයෙන් ඈත්  වුනා ...

කොහොමවුණත්, මගේ ස්වාමිපුරුෂයා හා මගේ ලිංගික ජීවිතය ගැන නැවත කථා කරමු. මගේ පළමුවන දරුවා ලැබුන විට මට පශ්චාත් මානසික ආතතියෙන් බොහෝ  කාලයක් පීඩා වින්දා.

ඇත්ත වශයෙන්ම, මෙය මම පළමුවරට අත්වින්ද අතර මම  වසර  පහක්  සේවය කල රැකියාව අත්හැර දමා සැබවින්ම මව්කිරි දෙන්නියක බවට පත්වුනා.

මම ටික කාලයකට සම්පූර්ණයෙන්ම ලිංගික ජීවිතයෙන් ඈත්  වුන අතර මම මෙය මගේ ස්වාමිපුරුෂයාත් සමඟ බෙදා ගත්තා.

ඔහු තේරුම් ගත්තා.මම ලිංගික හැසිරීම මම එකග අයුරින්  කිරීමට ඔහු උත්සාහ කළා. ඒ වෙනුවට ඔහු මා අසලින් මට පිටුපා නිදාගැනීම තෝරා ගත්තා.

ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සඳහා මට හැගීමක්  නොතිබුණු නිසා මම සිපගැනීමක් හෝ ‍රැකබලා ගැනීමක් නොකිරීම නිසා මම විසිලුවට ලක් වුනා.

හොඳයි, සියල්ල යථා තත්වයට පත්වෙලා මම ලිංගික හැසිරීමට ආශා කරන්න පටන් ගන්නා විට   මගේ සැමියා එක්වරක්  පමණක්  ලිංගික හැසිරීම සඳහා පුරුදු වෙලා.

අපි  කතා කර හෝ යමක් කිරීමට කටයුතු කිරීමට පෙර  මම නැවත ගැබ්ගත්තා. ඔව්, අප කෙතරම් අවම ලෙස ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා වුවත්  මගේ සාරවත්භාවය එහි උච්චතම බවෙහි තිබුනා. මගේ දෙවන ගර්භණීවීම බෙහෙවින් අසීරූ වූ අතර මට බොහෝ විට ඇඳ විවේක ගන්නට සිදුවුනා.

ඒ වගේම මගේ වෛද්‍යවරයා  ලිංගික සබදතා සිමීත කිරීමට  මට උපදෙස් දුන්නා. අද මගේ දෙවෙනි දරුවාට මාස හයක් වන අතර මගේ ලිංගික ජීවිතයේ පැවැත්වීමට මට අදහසක් ඇති  නමුත් මගේ ස්වාමිපුරුෂයා එයට  වෙනස් අරමුණක  සිටන බව පෙනේ.

ඔහු යම් යම් වැඩකටයුතු සමග මානසික පීඩා ඇති අතර බොහෝ  විට ලිංගික හැසිරීම ගැන පමණක් ජීවිතයේ සිහින නොදැකිය යුතු බව  පැවසීමට එය නිදහසට කරුණක් කරගන්නවා.

මම එකඟ වෙමි, නමුත් ජීවිතය ආදරණීය සම්බන්ධතාවයක් බව මා විශ්වාස  කරනවා.

මගේ ස්වාමිපුරුෂයාට කිසිම හැගීමක්  නැහැ.

ළදරුවන් දෙදෙනෙකු පෝෂණය කිරීම, සැමියාගේ සමීප නැදෑයින් රැකබලා ගැනීම , වෙහෙස කාරී දවසක් එක්ක, දවස පුරාම දරුවන් එක්ක ඉන්න වඩා වෙහෙසට පත්වෙන්නා මමයි. ඒ වෙනුවට, මගේ ස්වාමිපුරුෂයා තමන්ගේ විවේකය ලබගැනීමට හැකි පමණ නිදාගන්න කැමතියි.

මගේ දරුවන්ට ආහාර, මව්කිරි  ලබාදී නින්දට යවා අවසන් වෙනවිට මගේ සැමියා ඉක්මනින්ම නින්දට වැටිලා. ඉතින් ලිංගිකව හැසිරීම සඳහා මං කාලයක් හොයා ගන්නේ කොහෙන්ද?

අපි ප්‍රමාද වී අවදිවෙනවා දකින්න කැමති නැති වැඩිහිටියන් නිවසේ සිටින නිසා උදෑසන ලිංගික හැසිරීම අපහසුය.

සැම ස්වාමිපුරුෂයෙක්ම ටික කාලයක්  ලිංගික සම්බන්ධතා නොලබන විට ඒ ගැන උනන්දුවක් නොදක්වයිද? නැත්නම් මගේ සැමියාට මගේ ආකර්ෂණීය බවක් නොපෙනේද? මම අදහස් කරන්නේ ඔබ විසින්  එකම පුද්ගලයා සමඟ වසර ගණනාවක් ජීවත් වීමෙන් පසු ලිංගිකත්වය තුළ අසාමාන්‍ය තත්වයක් නොමැති බව  ඔබට කිව හැකිද?.

මෙම ගැටලුවට විසඳුමක් තිබේද?

නම් ගම් හෙලි නොකල මේ කාන්තාවගේ ලිපිය ඔබට දරු උපතින් පසු ලිංගික හැසිරීම ගැන තවත් ගැටලුකාරී පැතිකඩක් පෙන්වනවා . ඔබ වෙනුවෙන් මේ ලිපිය ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මවක් බවට පත්වීමෙන් පසු ලිංගික ජීවිතය විනාශ වෙනවාද?
බෙදාගන්න :
  • සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

    සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

    සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it