රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය දෙමාපිය පදවියට පා තබයි!

රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය දෙමාපිය පදවියට පා තබයි!

රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය දෙමාපිය පදවියට පා තබයි. මේ ඔවුන් දෙපළ විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කල ලස්සන වීඩියෝවක් සමඟ කවි පදවැලකි

පුංචි තිරයේ අපි කවුරුත් හඳුනන දයාබර තරුවක් වන රොෂාන් පිලපිටිය මහතා පිය පදවියට පා තබා තියෙනවා. ඔහු දරු සුරතල් බලන අයුරු කාචයට හසුකරගෙන ෆේස්බුක් ගිණුමට එකතු කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ රිද්මා පිලපිටිය මහත්මියයි.

රොෂාන් පිලපිටිය මහතාගේ මේ වීඩියෝව ඇය එකතු කරන්නේ මාලනී ජයරත්න විසින් රචිත, ට්ට්. ඇම්. ජයරත්නයන් ගායනා කරන අම්මා සඳකි ගීයෙන් උපුටාගත් මේ ගී පදවැලක් සමඟයි. 

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Posted by Ridma Umayangana Dissanayake Pilapitiya on Tuesday, 17 September 2019

 

ඒ වාගේම මේ ලස්සනම ලස්සන, එස්. මහින්ද හිමියන් විසින් රචිත කවි පද වැලද, ඇගේ ආදරණීය පුතනුවන් වෙනුවෙන්ම ඇගේ ෆේස්බුක් ගිණුමේ දිගහැර තිබෙනවා. 

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිදු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබදු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බොහෝ වේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පූතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත්
හිරිහැරයත්
නිවනට සරි කොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේනම්
නැති බැරි හිග අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ 

අම්මා .2019/09/18.

රිද්මා පිලපිටිය මහත්මියටත් රොෂාන් පිලපිටිය මහතාටත්  theAsianparent හි අපෙන් ආදරණීය සුභ පැතුම්!

ඔබේ කැදැල්ලට එකතු වූ කිරිකැටි පුතුටත් ජීවිතයේ ජයෙන් ජය හා දීර්ඝායු පතනවා!

 

පින්තූරු: Lady.lk වෙතින්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera