theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නොසැලකිලිමත් කම නිසා තවත් තරුණ ජිවිතයක් මරුට: රාජකීය විදුහල් සිසුවාගේ ඛේදවාචකය

2 අවම කියවීම
නොසැලකිලිමත් කම නිසා තවත් තරුණ ජිවිතයක් මරුට: රාජකීය විදුහල් සිසුවාගේ ඛේදවාචකයනොසැලකිලිමත් කම නිසා තවත් තරුණ ජිවිතයක් මරුට: රාජකීය විදුහල් සිසුවාගේ ඛේදවාචකය

මෙම සිද්ධියෙන් දිවි අහිමි වූ අමාන් පුතුගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර සිද්ධියෙන් තුවාල ලැබ ප්‍රතිකාර ලබන දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

නොවැම්බර් 2017 දී උදෑසන රාජගිරිය මාදින්නාගොඩ පාර යාබදදී අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසක තාප්පයක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ කොළඹ රාජකීය විදුහල සිසුවකු මරුමුවට පත්වී තවත් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව හිරු පුවත් ඇතුළු අනෙකුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වුනා.

අලුයම 1.50 ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තවත් රාජකීය විදුහල සිසුන් සිව්දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය කියයි.

දහඅට හැවිරිදි රාජකීය විදුහල පාසල් සිසුවකු කැබ් රථය ධාවනය කර ඇති අතර එම කැබ් රථයේ සිසුන් දසදෙනකු සහ ඊට පිටුපසින් ධාවනය කළ තවත් මෝටර් රථයක පාසල් සිසුන් දෙදෙනකු ගමන් කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ ගල්කිස්‌ස, ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි අමාන් තිමිල් මොහොමඩ් (18) නමැති සිසුවෙකි.

මෙම සිසුන් පාසලේ ප්‍රදර්ශන කටයුතු පිළියෙළ කිරීමට සහභාගී වී එක්‌ සිසුවකු නිවසට ඇරලවීමට ගොස්‌ නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි කියවෙනවා. රථය පැදවූ අයට රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් අනතුර සිදුවී ඇතැයි හෙළිවී තිබේ.

මෙම කැබ් රථයට පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක්‌ද අසල තාප්පයක ගැටීමෙන් එම රියදුරුද තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් අස්‌මඩල මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. අවාසනාවන්ත සිදුවීමේ වීඩියෝ පහත වීඩියෝ සටහන ඩේලි මිරර් පුවත්පත විසින් මුදා හැර තිබුනා.  

සිද්ධිය ගැන රටවැසියන් විවිධ මත පල කරනවා. දෙමාපියන්ට, ගුරුවරුන්ට, පාසැලට වැරදි පැටවෙනවා. මේ කෙසේ වෙතත්, වරද කාගේ වුවත්, නැති වී ගිය ජීවිතයට යළි පණ පොවන්නට බැහැ. තවත් සිසුන් සිව්දෙනෙක් ජීවිත් වීමට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිදුවීම අලලා, මෙවන් අකල් මරණ වලක්වා ගන්නට මාපියන්, දරුවන් සහ පාසල් නියෝජිතයින් ආදී අපි සැමගේ මුලික යුතුකම් කිහිපයක් මෙසේ හුවා දක්වමු:  

දෙමාපියන්ගේ යුතුකම

දරුවන් සමඟ හොඳ සන්නිවේදනය තතුළින් කල නොකළ යුතු දේ වටහා දෙන්නටටත්... ඔබ යමකට ‘එපා’ කිවහොත් ඊට අවනත වීමටත් අවශ්‍ය පරිසරය සැකස ගත යුතු වනවා.

පාසැල් නියෝජිතයින්ගේ යුතුකම

අධි තරඟකාරීත්වය නිසා දරුවන්ට දරාගත නොහැකි තරමට ක්‍රියාකාරකම් වල නොයොදා කරන සුළු දෙය විධිමත්ව මනා අධීක්ෂණයක් යටතේ කිරීමෙන් රටට හොඳ පුරවැසියන් බිහිකළ හැකි වනවා.

දරුවන්ගේ යුතුකම  

තමාට ලද සම්පත් සුළු කොට නොතකා, වැඩිහිටි ය තමන්ට වඩා දවසක් හෝ වැඩිපුර අත්දැකීම් ඇසුරෙන් යමක් කියන්නේ තමාට වඩා යමක් දන්නා බැවින් යන්න නිහතමානිව පිලිගෙන් වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීමට බැහැපත් වනවා නම් සොඳුරු වන්නේ ඔබේම හෙට දවසයි.

මෙම සිද්ධියෙන් දිවි අහිමි වූ අමාන් පුතුගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර සිද්ධියෙන් තුවාල ලැබ ප්‍රතිකාර ලබන දරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

පින්තූර අන්තර්ජාලයෙනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • නොසැලකිලිමත් කම නිසා තවත් තරුණ ජිවිතයක් මරුට: රාජකීය විදුහල් සිසුවාගේ ඛේදවාචකය
බෙදාගන්න :
  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

    කේට් කුමරිය ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

    කේට් කුමරිය ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it