theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

4 අවම කියවීම
හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාවහාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

ඔබේ අලුත උපන් බබාට කාටවත් kiss කරන්න දෙන්න එපා

ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා (Iowa) නගරයේ විසූ නිකෝල් සහ ෂේන් සිෆ්රිට් හට එය කාර්යබහුල සතියක් වුනා. සුන්දර මරියානා (Mariyana)  ජුලි මස 1 වෙනිදා උපත ලැබූ අතර ජූලි 7 වැනිදා නිකොල් සහ ශේන් විවාහ දිවියට ඇතුල් වුනා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ උත්සවය සඳහා පැය කීපයක් පමණක් තිබියදී ඔවුන්ගේ වටිනා මොලකටියා ගැන සිතෙහි යම් අපහසුතාවක් ඇති වුනේ දරුවාගේ කුමක් හෝ වෙනසක් ඇති බව හැඟුණු නිසා. ඔවුන් තමන්ගේම විවාහ මංගල්‍යයෙන් නික්ම ගිය අතර පුංචි මරියානාව වහාම රෝහල වෙත ගෙන ගියා.

හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

හර්පීස් රෝගය

හර්පීස් රෝගය: රෝග විනිශ්චය

රෝහලේදී ලැබුණු මාරාන්තික රෝග විනිශ්චයෙන් මාරාන්තික රෝග විනිශ්චය තුෂ්නිම්භූත වුනා.

CNN වාර්තාවට අනුව කළු ඇමරිකානු දරුවන් සඳහා වූ,  ඩේස් මොයින්ස්හි පිහිටි ළමා රෝහලෙහි වෛද්‍යවරුන් පවුලේ අයට පැවසුවේ, පුංචි මරියානාට මෙනින්ජයිටිස් HSV-1 නම් මාරාන්තික වෛරසයක් ශරීරගත වී ඇති බවයි.

තවදුරටත් එය පැහැදිලි කල වෛද්‍යවරුන් පැවසුවේ විෂබීජ සහිත විවෘත තුවාලයක් ඇති යමෙකු විසින් පුංචි මරියනවා සිප ගන්නට ඇති බවයි.

“විවෘත තුවාලයක් ඇති කවුරු හෝ පුංචි මරියානාගේ අත්ල ස්පර්ශ කරන්නට ඇති බවත්, ඉන්පසු පුංචි මරියානා ඇගේ අත කටේ දාගන්නට ඇති.”

ෂේන් සහ නිකොල්ව මෙනින්ජයිටිස් HSV-1 වයිරසය ශරීරගත වීදැයි පරීක්ෂණයට භාජනය කෙරුණු අතර ඔවුන් දෙදෙනා තුළම මෙම වයිරසය ශරිරගත වී තිබුනේ නැහැ.

බිලිඳා තුලට වයිරසය ශරීරගත වන්නට ඇත්තේ වෙනත් තුන්වන පාර්ශවයකින් බව එහිදී නිගමනය වුනා.

හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

හර්පීස් රෝගය: සීග්‍ර ප්‍රතිශක්ති ඌනථාව

පුංචි මරියානාගේ තවමත් වර්ධනය වන ප්රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව සටන් කළ නමුත් රෝග නිර්ණයට පසුව ඇයගේ තත්වය වේගයෙන් පිරිහී ගියා. පැය කීපයක් තුළදී ඇයගේ පුංචි ඉන්ද්‍රියයන් අක්‍රීය වන්නට පටන් ගත්තා.

මෙයින් පසුව, පුංචි මරියනාට හුස්ම ගැනීමට නොහැකි වුනා. එබැවින් ඇය රෝහලේ නවජ උපාදාන ඒකකයේ තබා ප්‍රතිකාර කළා. ඇගේ තත්වය තවත් නරක අතට හැරෙමින් තිබූ නිසා ඇයව තවත් රෝහලකට මාරු කරනු ලැබුවා. මෙහිදී අයව ජිවිත උපකාරක පද්ධතියකට බද්ධ කර ඇයට රුධිර ප්‍රවේශන ලබා දී, ඇගේ කුඩා සිරුරෙන් පිටවන තරල ඉවත් කරනු ලැබුවා.

පුංචි මරියානාට වැඩි කල් මාරයා හා සටන් කරන්නට බැරි වුයේ ඇගේ පුංචි සිරුරට දරාගත මේ හානිය දරා ගන්නට බැරි වූ නිසා. දින කීපයකට පසු එනම් ජූලි 18 වනදා – කුඩා මරියානා ඇගේ සටනින් පරාජ වී මෙලොවින් සමු ගත්තා. මිය යන විට ඇයගේ වයස සති තුනක් පමණයි.

හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

නිකොල් ඇගේ ෆේස්බුක් පිටුවෙහි පුංචි මරියානා වෛරසය සමඟ කල සැම සටනක්ම පියවරෙන් පියවර වාර්තා කළා. ජූලි 18 දින ඇය වාර්තා කලේ මෙසේයි: “පුංචි මරියානා මෙලොව ගත කල ඇයගේ ජීවිතයේ දින 18 තුල මුළු ලෝකයටම විශාල බලපෑමක් ඇති කළා. මරියානාගේ කෙටි ජිවිත කතාව අලුත උපන් හා උපදින්නට යන සෑම බිලිඳකුටම පාඩමක් කරගන්නට අපි ඇරයුම් කරනවා.”

අලුත උපන් සියළු බිලිඳුන්ගේ දෙමාපියන්ට දෙන අනතුරු ඇඟවීම

මෙම කඳුළු කතාවේ අන්තර්ගත සු විශේෂ පාඩමක් තියෙනවා: කිසි විටෙකත්, කිසිවකුට ඔබේ අලුත උපන් බිලිඳා සිප ගන්නට හෝ ස්පර්ශ කරන්නට ඉඩ දෙන්න එපා.

නිකෝල් පවසන පරිදි, “ඔබේ දරුවා හුදකලා කරන්න, කිසිවෙකුට ඔවුන් වෙත පැමිණෙන්නට ඉඩ තබන්න එපා. ඔවුන් නිරතුරුවම තම දෑත් සෝදන බවට බග බලා ගන්න. ඔබේ දරුවා සිඹගන්න ඉඩ තබන්න එපා. ඔබෙන් නොවිමසා දරුවා පිටතට රැගෙන යාමට ඉඩ දෙන්න එපා.”

හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

මෙම උපදෙස් මතක තබා ගන්න:

  • (ඔබ ඇතුළුව) කිසිවෙකුටත් අලුත උපන් බිලිඳා සිඹ ගත නොයුතුය, විශේෂයෙන්ම මුඛය හෝ අත්ල සිඹිම සුදුසු නැහැ. අලුත උපන් බිලිඳා ඉතා සංවේදී වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් දුර්වල හා වර්ධනය වෙමින් පවතින නිසා වේගයෙන් රෝග වැළඳීමේ අවධානමක් තිබෙනවා. මේ නිසා සුළු සෙම්ප්‍රතිශ්‍යවක් වැළඳුනත් බිලිඳකුට භයානක ප්‍රතිපල ඇති වන්නට ඉඩ තිබෙනවා.
  • ඔබත් නිතර අත් සේදිය යුතු අතර ඔබේ දරුවා බැලීමට අමුත්තන් පැමිණෙන විට, ඔවුන්ගේ අත් නිතරම සෝදන මෙන් ඉල්ලා සිටින්න. ඔබෙන් නොවිමසා දරුවා ඔසවා ගන්නට ඉඩ නොහරින්න. දරුවාගේ ආරක්ෂාව පතා අමුත්තන්ට කිසි සේත්ම දරුවා ස්පර්ශ කිරීමට නොදීම ඔබ සතු වගකීමයි.
  • දරුවා කිසි සේත්ම සිඹින්නට එපා යන්න සෘජුවම අමුත්තන්ට කියා සිටිය යුතුයි. “දරුවාගේ එන්නත් ලබා දී නැති හෙයින් ඇයව සිප වැළඳ ගැනීමෙන් වළකින්න. මන්ද ඇය පහසුවෙන් අසනීප විය හැකි බැවිනි.”
  • වැඩිහිටි දරුවන්ට ඔබේ අලුත උපන් බිලිඳා බැලීමට එමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්න. විශේෂයෙන් පෙර පාසැල් සහ පාසැල් යන වයසේ ළමයින් පාසල තුළ විවිධාකාර වූ ක්ෂුද්‍ර ජිවින්ට නිරාවරණය වී ඇති හෙයින් එමගින් ඔබේ දරුවාට පහසුවෙන් රෝග සම්ප්‍රේෂණය විය හැකි බැවිනි.

මෙම අගනා පුංචි ජීවිතයේ වියෝ වීම TheAsianParent හි අපගේ හෘදයාංගම ශෝකය පුංචි මරියානාගේ පවුල වෙත පිරිනමන්නේ ඉමහත් ශෝකයෙන්.

පුංචි මරියානාට නිවන් සුව!

මෙහි අන්තර්ගත සියල්ය් චායාරුප නිකොල් සිෆ්රිට්ගේ (Nicole Sifrit) facebook ගිණුමෙන් ලබා ගන්නා ලදී.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව
බෙදාගන්න :
  • Newborn dies after contracting herpes from a kiss

    Newborn dies after contracting herpes from a kiss

  • අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

    අවාසනාවන්ත ලෙස හර්පීස් රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

  • Newborn dies after contracting herpes from a kiss

    Newborn dies after contracting herpes from a kiss

  • අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

    අවාසනාවන්ත ලෙස හර්පීස් රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it