theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබ් ගැනීමට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුද?

3 අවම කියවීම
ගැබ් ගැනීමට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුද?ගැබ් ගැනීමට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුද?

ගැබ් ගැනීමට මාස තුනකට කලින් රුබෙල්ලා එන්නත ලබා ගන්න.

රුබෙල්ලා හා ගැබ් ගැනීම අතර සම්බන්ධයක් තියෙනවාද?

සෑම කාන්තාවක්ම දරුවෙකු පිළිසිද ගැනීමට ප්‍රථම රුබෙල්ලා එන්නත ලබා ගෙන තිබිය යුතුද?

මේ ඒ සම්බන්ධව ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ගේ වැදගත් ලිපියකි. ඒ මහතාගේ අවසරය මත අපි ඔබ වෙනුවෙන් එම ලිපිය යලි පල කරනු ලබනවා.

රුබෙල්ලා හා ගැබ් ගැනීම

රුබෙල්ලා කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්.

ජර්මන් සරම්ප කියල පරන ගම් වල කියන්නෙත් මේ තත්වයට.

රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස් තරමටම ගැබිණි මවකට එතරම්ම හානිකර වන්නේ නැහැ.

නමුත් මෙය නොසලකා හරින්න එපා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව , උණ තත්වයක් ලෙස මෙය වැලදෙන්න පුළුවන්.

පසුව සමේ සරම්ප වැනි ලප මතුවෙන්න පුළුවන්. මෙම තත්වය දින 7 සිට 10 දක්වා කාලය ඇතුලත ඉබේම සුව වෙනවා.

මේ නිසා ඇතිවන උණ හා වෙනත් අපහසුතාවයන් සදහා පැරසිටමෝල් ලබාගැනීම ප්‍රමාණවත්.

ගර්භනී උදරය තද වීම

සැ: යු: මේ නිසා කිසිම විටෙක මේ එන්නත ලබාගැනීම නොසලකා හරින්න එපා. මන්ද එයින් ඔබ කුස තුල උපදින දරුවාට විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ මොනවාද ?

රුබෙල්ලා වැළදීමෙන් කළලය ඇති අවදානම

10 Of the Most Common Pregnancy Myths Debunked

මෙම වෛරසය වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කරන්න අවදානමක් තියෙනවා.

ඒ සමග දරුවාට වන බලපෑම දරුගැබට වෛරස ඇතුල්වන කාලසීමාව අනුව වෙනස් වෙනවා.

ගර්භනී මවට මුල් මාස කිහිපය තුල රුබෙල්ලා ආසාදන ඇතිවුවහොත් congenital rubella cyndrome නම් දරුණු රෝගී තත්වය දරුගැබට ඇතිවෙන්න පුළුවන්.

එවැනි දරුවන් හදවත් සහ ස්නායු පද්දතියේ දරුනු ආභාද, ඇස් පෙනීම් හා කන් ඇසීම දුර්වල වීම, මන්ද බුදිධික හා උපතින් ආබාධ සහිත දරුවන් ලෙස බිහිවීමට පුළුවන්.

ඒ වගේම මල දරු උපත් , ගබ්සා වීම, නොමේරූ හා බර අඩු දරු උපත් මෙම තත්වය නිසා ඇතිවෙන්න පුළුවන්.

මාස තුනෙන් පසුව මෙම ආසාදන තත්වය ඇතිවීමෙන් එතරම්ම දරුණු ආබාධ වලට ගොදුරුවීමේ අවදානමක් අඩුයි.

නමුත් මේ නිසා දරුවාගේ කන් ඇසීම අඩුවීම වගේ තත්වයන් වෙන්න පුළුවන්.

රුබෙල්ලා රෝගය සදහා ප්‍රතිශක්තිකරන එන්නතක් තිබෙනවා.

එම රුබෙල්ලා එන්නත ලබාගැනීමෙන් මේ රෝගය නිසා දරුවාට වන හානිය අවම කරන්න පුළුවන්.

කලින්ම මෙම එන්නත ලබාගැනීම මගින් හෝ රුබෙල්ලා රෝගය වැලදීමෙන් ශරීරය තුල මෙයට එරෙහි ප්‍රතිශතය වර්ධනය වෙනවා.

ගැබ් ගැනීමට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුද?

එවැනි ප්‍රතිශතය ඇති කාන්තාවන් හට ගර්භනී සමයේ මේ රුබෙල්ලා රෝගය ඇතිවීමේ අවධානම ඉතා අඩුයි.

කලකට පෙර කාන්තාවන් සදහා පමනක් මෙම එන්නත ලබාදුන් අතර වර්තමානයේ සෑම දරුවෙක් හටම MMR එන්නත ලබා දෙනවා. ඒ මගින් සරම්ප , කම්මුල් ගාය රුබෙල්ලා යන රෝග තුනම පාලනය කරන්න පුළුවන්.

ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවක්නම අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නත ලබාගෙන ඇතිදයන්න සොයා බලා ලබා නොමැති නම් එය කලින්ම ලබාගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

එන්නත කලින් ලබාගත්තාද යන්න අමතකනම් වෛද්‍යවරයකු හමුවී එම එන්නත ලබාගන්න පුළුවන්.

සැ: යු: අනිවාර්යයෙන් ගැබ් ගැනීමට මාස තුනකට පෙර මෙය ලබාගන්න. ගැබ් ගැනීමට මාස තුනකට පෙර හෝ ගර්භනී කාන්තාවන් හට මෙම එන්නත නිර්දේශ කරන්නේ නැහැ.

එවන් අවස්තාවකදී රුධිර පරීක්ෂණයක් මගින් දැනට රුබෙල්ලා ආසාදනය සදහා ප්‍රතිශක්තිය තිබේද යන්න පරීක්ෂා කරගන්න පුළුවන්.

එම පරීක්ෂණය මගින් එම කාලය තුල ඔබට රුබෙල්ලා මර්ධනය සදාහා අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති බව තහවුරු වන්නේ නම් ඔබට රුබෙල්ලා රෝගය ඇතිවීමේ අවදානම ඉතා අඩුයි.

ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ගේ මුල් ‌ෆේස් බුක් සටහනට

රුබෙල්ලා එන්නත දැනට අපේ දරුවන්ට පාසැල් වියේ ලබා දීමට කටයුතු කරනු ලබනවා. නමුත් කිසියම් හේතුවක් නිසා එම එන්නත ඔබට මග හැරී ඇත්නම් ඔබ ගැබ් ගැනීමට බලාපොත්තු වෙන දිනට මාස 03 කට කලින් එය ලබා ගැනීම ආරක්ෂිත වෙනවා.

බැලු බැල්මට රෝගයෙන් ගැබිනි මවට එතරම් අහිතකර ප්‍රතිඵල නොපෙන්නුවත් ඉන් කළලයට ඇති අවදානම මේ ලිපිය කියවීමෙන් ඔබ වටහා ගන්න ඇතැයි අප සිතනවා. නිරෝගී දරු පැටියෙක් ඔබේ තුරුළට ගැනීමට ඇති ඔබේ කිරි සිහිනය සැබෑ කර ගැනීමට අත්වැලක් වීම අපගේ අරමුණයි.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ගැබ් ගැනීමට බලාපොරොත්තු වන සෑම කාන්තාවක්ම රුබෙල්ලා එන්නත ලබාගත යුතුද?
බෙදාගන්න :
  • ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

    ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

  • ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

    ගැබ්ගෙල පිළිකාවට එරෙහි එන්නත ඔබේ දියණියට දැන් ලබා දෙන්නට පුළුවන්

  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it