theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"අම්මලාට දරුවෝ ලැබුනහමත් ඉස්සර වගේ ඉන්න පුළුවන්": මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රාගේ අදහස්

5 අවම කියවීම
"අම්මලාට දරුවෝ ලැබුනහමත් ඉස්සර වගේ ඉන්න පුළුවන්": මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රාගේ අදහස්"අම්මලාට දරුවෝ ලැබුනහමත් ඉස්සර වගේ ඉන්න පුළුවන්": මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රාගේ අදහස්

සචිනි අයේන්ද්‍රා ඉස්සර වගේම ලස්සනට ඉන්නේ කොහොමද කියලා මෙම interview එක කියවලා දැනගන්න.

දරුවන් ඉන්නකොට අම්මලාට වැඩ මැවෙනවා. ඒකෙ නිමාවක් නැහැ. ඉස්සර වගේ අඳින්න පළදින්න හැඩට ඉන්න වගේම හුඟක් අම්මලාට තමන්ගේ රැකියාවත් අත්හරින්න වෙනවා. මොකද දරුවෝ බලාගන්න හරි කෙනෙක් නැතිව අද කාලේ රැකියාවට යන එක අම්මා කෙනෙකුට ලොකු ප්‍රශ්නයක්. sachini ayendra family

උදේ ඉඳන් රෑ වෙනතුරු කරන වැඩ වලින් විවේකයක් ගන්න ඇයට කොහොමත් බැහැ. සමහර විට රෑ නින්දට යනතුරුත් අන් අය හැමෝම නින්දට ගිය පසුත් අම්මාගේ රාජකාරිය නම් ඉවර වෙන්නේ නැහැ.

සිනමාවේ රුපවාහිනියේ කැපී පෙනෙන චරිත මේවා කොහොම කරනවා ඇති ද? ඔවුන්ටත් වෙලාවක් තියෙනව ද? අපේ අම්මලාට හිතෙනවා. ලස්සනට රූපය තියාගෙන මේ නිළියන් මව් පදවිය හොබවන්නේ කොහොමද?

ලංකාවේ ජනප්‍රිය නිළියක් වන සචිනි අයේන්ද්‍රා ත් දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක්. (sachini ayendra family) එක්කෙනෙක් පෙරපාසල් වයසේ ඉන්නේ. එයාට අවුරුදු 5 යි. අනිත් පොඩ්ඩට අවුරුදු 2 ½ යි. ඉතින් අපේ අම්මලාට තේරෙනවනේ ගෙදර කටයුතු කොයි තරම්ද කියලා.

ඒ නිසාම අපි සචිනි අයේන්ද්‍රා ට කතා කරන්න හිතුවා. දරුවන්ගේ රාජකාරි සමග ඇය ඇගේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ හැමදේටම ඇයට වෙලාවක් තියෙනවද? හිතේ නැගුණු ප්‍රශ්න අපි දවසක ඇගෙන් ඇහුවා. ඇය ඉතාම ලස්සනට ඇගේ කාලය දරුවන්ටත්, රැකියාවටත් යොදවන හැටි ඇය අපට කිව්වා.

වෘත්තිමය රංගන ශිල්පිනියක් ලෙස ඇය නැවතත් රංගනයට පිවිසිලා ඉවරයි. දරුවන් දෙදෙනාම ලැබුනට පස්සෙ ඇයගේ ජීවිතය කණපිට පෙරලුනා ද? නැද්ද? අපි සචිනිගෙන් අහලා බලමු.

sachini ayendra family

සචිනි අයේන්ද්‍රා ගේ ලස්සන දුවලා

මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රා ගේ අදහස් (sachini ayendra family)

මව් කිරි දෙන ගමන් අනිත් දේවල් සමබර කරගන්න පුළුවන්

1. ඉතින් සචිනි කියන්න හුඟක් ජනප්‍රිය අම්මලාට මව් කිරි දෙන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඔබ ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කොහොමද?

“මව් කිරි දරුවාට අත්‍යවශ්‍ය බව මම දැනගෙන හිටියා. ඒකෙන් දරුවට ලැබෙන පෝෂණය වෙන කිසිකෙනෙකුට දෙන්න බැහැ. බබාලා දෙන්නටම මව් කිරි දීම ඒ නිසා මං කොහොමත්ම අතපසු  කළේ නැහැ. ඒ වගේම මගේ අනෙකුත් වැඩ සමබර කර ගත්තා.”

දෙන්නෙකුට කන්න ඕනෙ නෑ?

2. නමුත්  සාමාන්‍ය අම්මා කෙනෙකුට වගේ ඔබට හුඟක් කාලා දරුවට කිරිදෙන්න සුදානම් වෙන්න පුළුවන් වුනාද? ඔබට ඔබේ පෙනුමත් ඉතා වැදගත් නිසා.

“ඔව්. මගේ රැකියාවට මගේ පෙනුම ලස්සනට ඉන්න එක හරිම වැදගත්. නමුත් මව් කිරි දෙන එක ඊට බාදාවක් නම් නෙමෙයි”. ඇය පැහැදිළි කළා.

3. එතකොට ඔබ දරුවෝ ලැබෙන්න ඉන්නකොට දෙනෙකුට කෑවේ නැද්ද?

“නැහැ. කොහෙත්ම නැහැ. ඒක මිත්‍යා විශ්වාසයක්. දෙන්නෙකුට කනවා කියලා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම නිසා අම්මලා නිකම්ම මහත් වෙනවා. අවශ්‍ය වෙන්නේ හරි ආහාර නිසි ලෙස ගැනීම විතරයි. ඒකට දෙන්නෙක් කන කෑම කන්න ඕනේ නෑ.”

4. එතකොට ඔබ එතරම් කෑම කෑවේ නෑ. එහෙමද?

“හොඳට කෑවා. හැබැයි පෝෂණය අවශ්‍ය පරිදි මම කෑම තෝරා ගත්තා. ගර්භණි මවකට සාමාන්‍ය අම්මා කෙනෙකුට වඩා දිනකට කැලරි 300 ක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අපිට එක අයිස් ක්‍රීම් එකක් කෑවත් ලැබෙනවා.

නමුත් වරදවා තේරුම් ගන්න එපා. මම කිව්වේ උදාහරණයක්. පැණිරස කෑම නම් මම පුළුවන් තරම් ඈත් කළා. එත් දැන් ඕනෙම කෙනෙකුට අන්තර්ජාලයට ගියොත් එක් එක් ආහාර වල තියෙන කැලරි ප්‍රමාණයන් දැනගන්න පුළුවන්.

ඒ අනුව අපිට අවශ්‍ය ආහාර රටාව අපේ ජිවන රටාවට ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහට හදාගන්න පුළුවන්. නැතිනම් කෙනෙක් කියන්න පුළුවන් මට ඔය කෑම, බීම ගන්න ඒ හැටි සල්ලි නැහැ කියලා. නමුත් උත්තරය එක නෙමෙයි.

අපිට පුළුවන් දැරිය හැකි මිලට ඉතා හොඳ අලුත් එළවළු, පලතුරු කන්න පුළුවන්.ඒ නිසා මම , මම ගන්න ආහාර ගැන සැලකිලිමත් වුණා. ඒක ආහාර පාලනයක් නෙමෙයි”. හරි දේ හරි විදිහට කෑමට ගත්තා. ඒක දරුවට කිරි දෙන්න වගේම ගර්භණි කාලයෙත් මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි”.

5. එතකොට ඔබේ ශරීරය මහත් වුනේ නැද්ද?

“ඇයි නැත්තේ දරුවෝ ලැබෙන්න ඉන්නකොට මම මහත් වුණා. අපිට අපේ ශරීරයේ ඇතිවන හෝර්මෝන වල වෙනස්කම් ගර්භණි කාලයේදී කොහොමත් පාලනය කරන්න බැහැ. ඉතින් මාත් ඒ තත්වයට මුහුණ දුන්නා. හැබැයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ නොඉක්මවා කෑම ගත්තේ නම් නැහැ”.

6. ඔබ දැන් ඉන්න සුපුරුදු පෙනුමට අවේ කොහොමද?
“ ලොකු රහසක් නැහැ. මං අර ඉස්සෙල්ලා කව්වා වගේ හරි කෑම වර්ග හරි විදිහට කිරි දෙන ගමන් ගත්තා. ඒවගේම ව්‍යයාමත් කළා. හැබැයි ව්‍යායාම වලට වඩා මගේ බර අඩු කළේ ආහාර කියලයි මං හිතන්නේ”.

sachini ayendra family

සචිනි අයේන්ද්‍රා

ආයෙත් සුපුරුදු රැකියාවට යන්න…

7. දරුවා ලැබුණා කියලා ඔබේ රැකියාව දිගටම කරගෙන යන්න ඔබට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලත් අපිට කියන්න.

“මම මගේ දරුවෝ ලැබුණු මුල් කාලයේ රඟපෑම් හෝ වෙනත් රාජකාරි වැඩකට එකතු වුනේ නැහැ. දෙවැනි බබා ලැබුනහම නම් අවුරුද්දක්ම වැඩ කරන එක නැවැත්තුවා. දැන් පළවෙනි එක්කෙනාට අවුරුදු 5 යි. හොඳින් කතාකරනවා. ඉතින් එයා ගැන බයක් නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

“බබාලා දෙන්නගේ වැඩ මම ගෙදර ඉන්නවනම් මගේ අතින්ම කරනවා. නමුත් වෘත්තීය වශයෙන් මම රංගන ශිල්පිනියක් නිසා මට රැකියාවට යන විට දරුවන් බලාගන්න උදවුවට කෙනෙක් සහ නිවසේ වැඩට කෙනෙක් ඉන්නවා.

“මං ඒගොල්ලන්ගේ උදවු ගන්නවා. දරුවා ලැබුනා කියලා අපි අපේ දක්ෂතාවය, හැකියාව නිකරුනේ මියැදෙන්න දෙන්න හොඳ නැහැ. ඒකට අපි ආත්ම ශක්තියෙන් වැඩකළ යුතුයි.”

8. කවුරුත් අහන දෙයක් තමයි ඔබට ඔබේ දරුවන් බලාගන්න අය විශ්වාසද කියලා.

“මම ඔවුන්ට ඉතා හොඳින් සලකනවා රහස එයයි. තෑගි බෝග දෙනවා, ලස්සනට කතා කරනවා. ඉතින් ඔවුන් මගේ බබාලාට හොඳින් සලකනවා.”

හෙට දවස අද සැලසුම් කරන්න

“කාලය නෑ කියලා තැවෙන එකට වඩා හැමදේම සැලසුම් කළොත් ඒක ඒ හැටි අපහසු නෑ. හෙට යන ගමනට ඇඳුම් මම ලෑස්ති කරන්නේ ඊට ඉස්සෙල්ලා දවසේ රෑ.

“එතකොට බබාලා හෙට අඳින ඇඳුම්, ගෙදර අයට හෙට හදන කෑම, බබාලට හෙට ඉස්කෝලෙට ගෙනයන කෑම හැමදේම මම සුදානම් කරන්නේ ඊට ඉස්සෙල්ලා දවසේ. ඒ නිසා  මගේ හෙට දවස ඊට පෙර සැලසුම් කරලා ඉවරයි.

“ඒ නිසා මට වැඩිපුර ආතතියක් නැහැ. හැම වෙලාවේම මට ලැබෙන අවස්ථාවන් මම දරුවන් වෙනුවෙන් වෙන් කරනවා.

“හැමදේටම සැලසුමක් තියෙනවනම්. ජීවිතය පහසුයි. එය දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන් ඔබට සුදානම් විය හැකියි. සචිනිගේ කාර්ය බහුල ජිවිතයට සැලසුමක් තිබීම නිසා ඇය සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලනවා වගේම ජිවිතය විඳිනවා.”

ජීවිතය සැලසුම් කර ගන්න. අනාගතයට සතුටින් මුහුණ දෙන්න. theAsianparent Sri Lanka අපි ඔබ සමග හැමදාමත් රැඳෙනවා.

කියවන්න: කුළුඳුලේ මව් පදවිය ලද උපේක්ෂා ස්වර්ණමාලිනීගේ අදහස් කිහිපයක්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • "අම්මලාට දරුවෝ ලැබුනහමත් ඉස්සර වගේ ඉන්න පුළුවන්": මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රාගේ අදහස්
බෙදාගන්න :
  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

    පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

    පෙම්වතුන් ලෙස කල ආදරය දෙමාපියන් වු පසු ගියේ කොයිබද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it