ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම මළදරු උපත් ඇතිවීමේ අවධානමක්

ගර්භණි කාලයේ උඩු අතට නිදාගැනීමෙන් මළදරු උපත් සිදුවීමේ අවධානම ඉහළයි.

ගර්බනී සමයේ පිට කොන්ද යට වන සේ මුහුණ උඩු අතට නිදා ගැනීම නිසා ඉපදෙන්නට සිටින බිළිඳාට බොහෝ ගැටළු ඇතිවන බව අධ්‍යනයක් මගින් සොයාගෙන තියෙනවා. ඒ වගේම මේ නිසා වර්තමාන අධ්‍යනයන්ට අනුව මළදරු උපත් ඇතිවීමේ අවධානමක්ද ඇති බව පැවසෙනවා.

ගර්බනී සමයේ උඩු අතට නිදා ගැනීම: දරුවාට නිසි ලෙස ඔක්සිජන් සැපයෙන්නේ නැහැ

වෛද්‍යවරුන් ගර්භණි සමය තුළ උඩු අතට නිදා ගැනීම නොකළ යුතු බවට උපදෙස් දෙන අතර ඉන් කොන්දේ වේදනා, හුස්ම ගැනීමේ අපහසුතා, රුධිර පීඩනය වැනි රෝග ඇතිවීමේ අවධානමක් තියෙනවා.

ඒ වගේම මළදරු උපත් ඇතිවිය හැකි බවද කියනවා. මෙහිදී දරුවාට මවගෙන් ඔක්සිජන් සැපයීම අඩු කරන නිසා මවට නැවත රුධිරය සම්බන්ධ කරන නාලිකාද අවහිර වෙන බවට උපකල්පනය කරනවා. මහාචාර්ය පීටර් ස්ටෝන් (නිරීක්ෂකයෙකු) පවසන ආකාරයට සමහර මව්වරුන්ට හා බිළිඳුන්ට මෙම තත්වය දරාගත හැකි වුවත් තවත්  සමහරුන්ට එය අපහසුයි.

ඒ නිසා ඔක්සිජන් ලැබීම අඩු දරුවන් මරණයට පත් වෙන්න පුළුවන්.

බිළින්ඳන්ට වෙනස්කම් වලට හැඩගැසිය හැකියි

අධ්‍යනයන්ට අනුව මිනිත්තු 30 ක් වැනි කාලයක් උඩුකුරුව නිදාගැනීමෙන් බිළිඳාගේ හැසිරීම වෙනස් වන බව පැවසෙනවා. ඒ වගේම ඔවුන් ඔක්සිජන් හා ලේ ගමනය හරියට වෙන්නේ නැති වූ විට බිළිඳා ඊට අනුව වෙනස්වන ආකාරය හරිම පුදුම සහගත බව ඔහු පවසනවා.

සමහර දරුවන් මෙසේ ගර්භාශයේ පරිසරයට අනුව හැඩ ගැසුනත් එසේ කළ නොහැකි බිළිඳුන් ද ඉන්නවා. ඔවුන්ට මෙය දරාගත නොහැකි වීමෙන් මළදරු උපත් ඇතිවීමේ අවධානමක් තියෙනවා. මීට අමතරව අනාගතයේදීත් නිදාගන්න ස්වරූප ගර්භණී කාලයට බලපාන ආකාරය අධ්‍යනයට සුදානම්ව සිටිනවා.

ගර්භණි සමය තුළ නිදාගැනීමට සුදුසු ඉරියව්

ඕනෙම අම්මා කෙනෙක් දන්නවා ගර්භණි කාලය තුළ නිදාගන්න පහසු ඉරියව්වක් සොයාගැනීම විරල බව. ඔවුන්ට නිදාගැනීමට සුවපහසු ආකාරයක් සොයමින් ඇයට කොයිතරම් අපහසුතාවයට පත්වෙන්න වෙනවද කියලා මව්වරුන් දන්නවා.

ඒ නිසාම ඔබේ සැනසිල්ලට අපි මේ මගපෙන්වීම් කිහිපය සොයා ගත්තා.

  • හොඳින් ද්‍රාවනයන් ශරීරයට එක් කරගන්න: දහවල් කාලය තුළ ද්‍රාවනයන් හුඟක් ලබා ගැනීමෙන් අම්මලාට  රෑ නින්දෙන් ඇහැරෙන්නට සිදුවන්නේ නැහැ. නමුත් නිතර නිතර වැසිකිලියට යාමට සිදුවීමත් ගර්භණි කාලය තුළ සිදුවන දෙයක් නිසා ඔබ එය සමබර කර ගැනීම වැදගත්.
  • ව්‍යායාම: ආතතිය අඩු වූ විට ඔබට සුව නින්දක් ලැබෙනවා. ඍණාත්මක අදහස් හා සිතුවිලි සිතින් අයින් කර සහනදායි සිතුවිලි සමග නින්දට යන්න.
  • දහවලට කෙටි වෙලාවක් නිදා ගැනීමට යොදා ගන්න: රාත්‍රී නින්ද ඔබට නොලැබෙන්නේ නම් දහවල් කාලයේ කෙටි කාල පරාසයන් කිහිපයකදී නින්ද ලබා ගන්න. මන්ද නින්ද ඔබටත් දරුවාගේ වර්ධනයටත් ඉතාම වැදගත් නිසා.
  • ශරීරයට ආධාර කර ගත හැකි කොට්ට භාවිත කරන්න: ගර්භණි සමය වෙනුවෙන් සාදන ලද කොට්ටයක් තෝරා ගන්න. දණහිසට එක කොට්ටයක් ආධාර කරගෙන නිදාගැනීමද පහසු ඉරියව්වක්. ඒ වගේම තවත් කොට්ටයක් කුස යටින් තබා ගැනීමෙනුත් ඔබට පහසුවක් ලැබෙනවා. 
  • පෝෂ්‍යදායි ආහාර: කැෆේන් හා ඇල්කොහොල් ඔබේ කෑම හා බීමෙන් ඉවත් කරන්න. හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමෙන් ඔබට සුව නින්දක් හා සංතෘප්තියක් ලැබෙනවා.

ගර්භණි කාලයේ ඔබ හැම දේ ගැනම පරෙස්සමින් සුදානම් වෙන්න හිතනවා. theAsianparent Sri Lanka අපි ඔබේ ඒ සූදානමට අත්වැලක් වන්නට මේ ලිපිය ලියන්න හිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියන