නිවසටම බඩු ගෙන්වා ගත්තත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න

නිවසටම බඩු ගෙන්වා ගත්තත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න

කොවිඩ් 19 පැතිර යන සමයේ නිවසට බඩු ‌ගෙන්වා ගැනීමේදි ‌මේ පියවර අනුගමනය කරන්න.

නිවසට බඩු ගෙන්වා ගැනීම සදහා  ක්‍රම වේදයක් දැන් රට තුල ක්‍රියාත්මකයි.

කොවිඩ් 19 නැතිනම් අපි කවුරුත් දන්න කොරෝනා ආසාදනය අපි කවුරුත් අතර සමාජ දුරස්ථභාවය ඇති කරලා හමාරයි.

දැනට රටේ පවතින ඇදිරි නිතීය තත්වය වරින් වර ලිහිල් කර එදිනෙදා අවශ්‍යතා මිල දී ගැනීමට අවස්ථාව දුන්නද ඒ අවස්ථා වල ජනතාවගේ වු ක්‍රියාකලාපය මත කොළඹ ඇතුලු අධි අවදානම් දිස්ත්‍රික්ක කිහිපයක ඇදිරි නිතීය නැවත දැනුම් දෙන තුරු ඉවත් නොකරන්න තීරණය කෙරුනි.

 

ඒ අනුව ජනතාවට එදිනෙදා ජිවිතය පවත්වා ගැනීමට හැකිවෙන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ නිවෙසටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තියෙනවා.

නිවසට බඩු ගෙන්වා ගැනීම යටතේ ඔබ දැනටමත් භාණ්ඩ මිලදී ගන්න ඇති නේද?

groceries delivery during curfew

ඒ අනුව කොවිඩ් 19 තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමට පහත ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙස අපි ඔබට මතක් කරනවා.

මේ ‌කොරොනා පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක ඒ පිළිබදව ලබා දී තිබු උපදෙස් මාලාවකි.

මේ උපදෙස් අනුගමනය කර ඔබේත් ‌වෙළද නියෝජිතයාගෙත් ආරක්ෂාව තහවුරු කරන්න.

නිවසට බඩු ගෙන්වා ගැනීම ක්‍රමවේදයේදි අනුගමනය කල යුතු ආරක්ෂිත විධිවිධාන

1.මෙම මිලදී ගැනීම් සදහා නිවසේ සිටින තරුණ හා නිරෝගීම පුද්ගලයින් ඉදිරිපත් වෙන්න.

2.වෙළද නියෝජිතයා හා ඔබ අතර අවම වශයෙන් මීටර් 1 ක දුරස්ථභාවයක් පවත්වා ගන්න.

3.ගණුදෙනුව සම්පුර්ණ කල පසු කොහේවත් ස්පර්ශ නොකර අත් හොදින් සබන් දා සෝදන්න.

නිවසටම බඩු ගෙන්වා ගත්තත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න

4.ඔබට ශ්වසන රෝගයක රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ වෙනත් පුද්ගලයෙකු මිල දී ගැනීම් සදහා යොදවන්න.

5.හැකිනම් නිවසට ගෙන එන බඩු මල්ලේ වටිනාකම පමණක් ගෙවන්න සුදානම් කරගන්න. එවිට ඔබට ඉතිරි මුදල් ගැනීමට සිදුවන්නේ නැහැ. එය ඔබේ මුදල් ගණුදෙනු සීමා කරනවා.

6.මෙම මිලදී ගත් භාණ්ඩ වල උඩු කවර ඉවත් කර එම කවර  ආරක්ෂිතව ඉවතලන්න. ඉන්පසු ඔබ හොදින් සබන් ගා අත සෝදන්න.

ඒ වගේම ඔබ හැකිනම් පිටස්තර පුද්ගලයින්ට මෙලෙස විවෘත වෙන විට මුඛ ආවරණයක් පළදින්න.

ඒ වගේම ඔබට අවශ්‍ය භාණ්ඩ එකවර දින කිහිපයකට ඇතිවෙන්න  ගෙන්වා ගන්න.

එවිට වරින් වර ඔබ මුදල් ගණුදෙනු කිරීම වළකිනවා. ඔබ ලබා ගන්නා ඉතිරි මුදල් නැවත ස්පර්ශ නොකර ආරක්ෂිතව තබා අත් සබන් දා සෝදන්න.

ඔබ ඒ මුදල් නැවත ස්පර්ශ කිරීමෙන් පසු අත් සේදීම අමතක නොකරන්න.

මේ ආරක්ෂිත උපදෙස් පිළිබදිමින් කොවිඩ් 19 ආසාදනයෙන් ඔබ ආරක්ෂා වෙන අතර අන් අයද ආරක්ෂා කරන්න.

නිවසටම වී සිටින්න. අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ගෙන්වා ගන්න.

කොවිඩ් 19 ආසාදනයෙන් අපේ රට බේරාගන්න ඔබේ දායකත්වය දෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි