theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට වසරක් පිරෙන්නට පෙර සීනි සහ ලුණු ලබා නොදිය යුත්තේ ඇයි?

3 අවම කියවීම
ඔබේ දරුවාට වසරක් පිරෙන්නට පෙර සීනි සහ ලුණු ලබා නොදිය යුත්තේ ඇයි?ඔබේ දරුවාට වසරක් පිරෙන්නට පෙර සීනි සහ ලුණු ලබා නොදිය යුත්තේ ඇයි?

ලුණු සහ සීනි දරුවාගේ කෑම වලට එක් කරන්නේ එය රසවත් කිරීමට වුවත් ඉන් දරුවාගේ වැඩීමට හා වර්ධනයට හානිකර වෙන්න පුළුවන්.

සීනි හා ලුණු දරුවාගේ කෑම වලට එක් කරන්නේ එය රසවත් කිරීමට වුවත් ඉන් දරුවාගේ වැඩීමට හා වර්ධනයට හානිකර වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව සමග මගේ දරුවාට හොඳම කෑම වර්ග මොනවාද? ඒගොල්ලන්ගේ බිළිඳු විය පසුවන තුරු දිය යුත්තේ මොනවා දැයි ඔබට සිතෙන්න පුළුවන්.

පළමුව ආහාර වලට මේ රසයන් එකතු කිරීමෙන් ලැබෙන දේ මොනවාදැයි ඔබ සිතන්න පුළුවන්. දරුවන් රස ගැන්වූ ආහාර වැඩියෙන් කන්න උනන්දුවක් දක්වනවා යැයි ඔබ සිතන්න පුළුවන්

නමුත් දරුවන් මව්කිරි රසට පුරුදු වෙලා ඉන්නකොට ඔවුන්ට අනෙකුත් රස ගැන දැනීමක් නැහැ. ඒ නිසා ඔවුන් ලුණු හෝ පැණි රස ගැන ඒ වනතෙක් දන්නේ නැහැ.

ලුණු මුසු කළ පසු ආහාර තවත් රසවත් වෙනවා යැයි සිතනවා ද ?

දෙමාපියන් බොහෝ විට කරන වැරැද්ද තමයි මේ ඔවුන් ලුණු රසට හුරුවී නැතිනම් ලුණු රසකල කෑම කන්න ඔවුන් කැමති වෙන්නේ නැහැ.

ලුණු බිළිඳු දරුවන්ගේ කෑම වලට එක් කිරීමෙන් වන හානි

දරුවෙකුට දිනකට ලුණු ග්‍රෑම් එකක් වත් උවමනා වන්නේ නැති තරම්. (0.4g සෝඩියම්) ප්‍රමාණයක් ලෙසත් දක්වන්න පුළුවන්. නමුත් එය මව් කිරි හෝ පිටි කිරි වලින් ලබාගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලුණු ලබාදීම මගින් දරුවාගේ වකුගඩු වලට ඉන් බලපෑමක් ඇතිවන්න පුළුවන්. මේ මගින් අධික්‍රියාකාරීත්වය වගේම කල්ගතවන විට වකුගඩු වල අබාධ ඇති වන්නත් පුළුවන්.

උවමනාවට වඩා ලුණු ශරීරයට ලැබීමෙන් ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග, ශ්වසන අබාධ වැනි රෝග ඇතිවන්න පුළුවන්. එංගලන්තයේ The Scientific Advisory Committee on Nutrition (SACN) නිර්දේශ කරන ආකාරයට පහත පරිදි ලුණු දරුවන්ට වයස අනුව අවශ්‍ය වෙනවා.

හුඟක් දෙමාපියන්. දරුවන්ගේ කෑම ගෙදරදීම හදාගන්න කැමති වුවත් වෙළඳපලින් ලබා ගන්නා විට එහි ඇති ලුණු අන්තර්ගතය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.

එංගලන්තයේ ජාතික සෞක්‍ය සංවිධානයට (NHS) අනුව ග්‍රෑම් 100 ක ග්‍රෑම් 0.6 ක් සෝඩියම් අඩංගු වීම වැඩි ලුණු අගයක් ලෙස සලකනවා. ලුණු ප්‍රමාණය 2.5 න් වැඩිකිරීමෙන් සෝඩියම් අන්තර්ගතය දැනගන්න පුළුවන්. පෝෂණය පිළිබඳ විද්‍යාත්මක උපදේශන ඇකඩමිය

මාස 0-6 දක්වා
ග්‍රෑම් 1 ( ග්‍රෑම් 0.4 සෝඩියම් )

මාස 6-12
ග්‍රෑම් 2 ( ග්‍රෑම් 0.4 සෝඩියම් )

අවුරුදු 1-3
ග්‍රෑම් 2 ( ග්‍රෑම් 0.8 සෝඩියම් )

අවුරුදු 4-6
ග්‍රෑම් 3 ( ග්‍රෑම් 1.2 සෝඩියම් )

අවුරුදු 7-10
ග්‍රෑම් 5 ( ග්‍රෑම් 2 සෝඩියම් )

අවුරුදු 11 සිට ඉහළට
ග්‍රෑම් 6 ( ග්‍රෑම් 2.4 සෝඩියම් )

හුඟක් දෙනෙක් යන්තම් ලුණු ටිකක් දැම්මට කමක් නෑ කියලා කියනවා. ඒත් යන්තම් ප්‍රමාණය එක එක්කෙනාගෙන් වෙනස් වෙන්න පුළුවන්.

හුඟක් වෙලාවට යන්තම් පොඩ්ඩක් ගන්න ලුණු ග්‍රෑම් ¼ පමණ වෙන්න පුළුවන්.

මේ විදිහට වේල් තුනටම බබාගේ කෑමට ලුණු එක් කළොත් 0.75mg පමණ වෙන්නේ දරුවා ගන්න මව්කිරි හෝ පිටි කිරි වලට අමතරවයි.

ලුණු අඩංගු නොකර බබාගේ කෑමට රස එක් කරගන්නේ කොහොමද? ඔබට කුළුබඩු වලින් කහ කුරුඳු වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම සමහර දෙමාපියන් සීනි දිය යුතු නැති බව කියූ විට පැණි රස පලතුරු පවා නොදී ඉන්නවා. නමුත් පලතුරු වලින් ලැබෙන සීනි වලින් හානියක් නොවන අතර සුදු පැහැති නිෂ්පාදිත සීනි දරුවාට හිතකර වන්නේ නැහැ.

අවුරුද්දට අඩු දරුවන්ට සීනි අගුණ ඇයි ?

  1. සීනි සෑදීමේදී බොහෝ රසායනික ක්‍රියාවලීන්ට භාජනය වන නිසා එය දරුවන්ට වගේම ළදරුවන්ටත් අහිතකර විය හැකියි.
  2. උවමනාවට වඩා සීනි ගැනීමෙන් දත් නරක් වීම හා දත් වල ගැටළු ඇතිවිය හැකියි.
  3. අධික ලෙස සීනි ගැනීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට නුසුදුසු විය හැකියි.
  4. පර්යේෂණ වලට අනුව වැඩිපුර සීනි ගන්න දරුවන් හෘද රෝග, අධික තරබාරුව හා දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු විය හැකි බව සොයා ගෙන ඇත.

සීනි වෙනුවට ආදේශකයක් තිබේද?

සීනි සහිත ආහාර දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය නැතත් ඉඳහිට පැණිරස පළතුරක් ලබාදීමේ වරදක් නැහැ.

ස්වභාවිකව පැණි රස ලබාදෙන ආහාර වර්ග මොනවාද?

  1. ඔබට ඊට ඕනෑම පැණිරස පළතුරක් දිය හැකියි.
  2. මාස 8 න් පසු රට ඉඳි සිරප් දරුවාට ලබාදෙන්න පුළුවන්.
  3. වසරක් ගතවූ පසු ඔවුන්ට මීපැණි එක කරන්න පුළුවන්.

වර්තමානයේ බොහෝ රෝග වලට මුල සීනි හා ලුණු ගනිද්දී අපේ දරුවන් මුල සිටම ඉන් රැකගැනීම වැදගත් නිසා theAsianparent Sri Lanka මේ පණිවිඩය ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ඔබේ දරුවාට වසරක් පිරෙන්නට පෙර සීනි සහ ලුණු ලබා නොදිය යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

    දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it