ශිල්පා ශෙට්ටි වගේම ඔබත් තෝරා ගත යුතුම බ්ලවුස් විලාසිතා 7 ක්

ශිල්පා ශෙට්ටි වගේම ඔබත් තෝරා ගත යුතුම බ්ලවුස් විලාසිතා 7 ක්

ඔබත් සාරි බ්ලවුස් විලාසිතා ගැන සොයමින් හිටියද? අපි ඔබ වෙනුවෙන් ශිල්පා ශෙට්ටි කුන්ද්‍රා විසින් නිතර තෝරා ගන්න බ්ලවුස් විලාසිතාවන් 7 ක් ඔබට ඉදිරිපත් කරන්න හිතුවේ ඒ නිසයි.

මම සම්ප්‍රදායික ඇඳුමට කැමතියි. ඒ නිසා උත්සවයකට මම හුඟක් වෙලාවට සාරිය තොරගන්න තමයි කැමැති. ඉතින් මේ යාර 9 ක විශ්මය එක්ක ඒකේ සාරි හැට්ට විලාසිතා එකටත් මම සුවිශේෂී තැනක් දෙනවා.

මොකද හුඟක් වෙලාවට අපි සාරියට අවධානය දුන්නට බ්ලවුස් එකට අවධනය දෙනවා අඩුයි. ඒ නිසා ලස්සනටම අදින්න ලැබෙන අවස්ථාවන් නැති වෙලා බලාපොරොත්තු ඉන් කඩ වෙන්න පුළුවන්.

ඉතින් ඔබත් මේ කරුණු ගැන හිතනවා නම් ශිල්පා ශේට්ටි තෝරාගත්තා හරිම ආකර්ෂණීය සාරි හැට්ට විලාසිතා දිහා බලලා එය ඔබේ විලාසිතාවක් කරගන්න පුළුවන්.

සාරි හැට්ට විලාසිතා
1. ලේස්

www.instagram.com/p/BCXW8Gko2cd/

ලේස් සාරියකට බ්ලවුස් එකක් සොයා ගන්න එක ටිකක් අමාරුයි. ඉතින් ඊට වෙනත් රෙද්දක් හොයනවට වඩා ලේස් වලින්ම බ්ලවුස් එක මසා ගැනීම හොඳයි. ඔබට වෙනසක් අවශ්‍යනම් බ්ලවුස් එක ජෝජට් හෝ ෂිෆෝන් මිශ්‍ර කර ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රැලි සහිතව සාරිය සරල ලෙස ඇඳීම ලේස් සාරියකට වඩාත්ම උචිතයි. නැතිනම් ඔබේ බ්ලවුස් එකට ඇති අවධානය නැතිව යන්න පුළුවන්.

2. මිරර් වර්ක්

www.instagram.com/p/BEBdbmio2bu/

මිරර් වර්ක් සහිත බ්ලවුස් හරිම ලස්සනයි වගේම ඕනෙම සාරියක් සමග ගැලපෙනවා. ඔබට මේ ආකාරය අත් නැතිව සහ විවිධ වර්ණ මිශ්‍ර කර සම්පුර්ණයෙන් වැසෙන ලෙස වුවත් මසාගන්න පුළුවන්.

ශිල්පා ඇගේ මිරර් වර්ක් සහිත අත්දිග බ්ලවුසය කදිමට ඇගේ ලස්සන ඉස්මතු කරනවා. ඔබට කොට අත් වගේම පිටුපස මිරර් වර්ක් යොදගෙන වුනත් උත්සාහ කර බලන්න පුළුවන්. මං හිතන්නේ මෙය ඔබේ සාරි බ්ලවුස් එකතුවේ තිබිය යුතුමයි කියලයි.

3. සාරි හැට්ට විලාසිතා: එම්බ්‍රොයිඩර්

www.instagram.com/p/BB5ixA3I2TS/

එම්බ්‍රොයිඩර් කලාව හැමදාම අලුත්. මෙහි ලස්සන නිමාව ඇත්තටම කදිම පෙනුමක් ගෙනදෙනවා. ඔබ වැඩිය රළු සාරි අත්කම් වලට කැමති නැත්නම් ඔබට අත් රහිත බ්ලවුසයක් අඳින්න පුළුවන්. ඉන් ඔබට ඉතා හොඳ පෙනුමක් ලබාගන්න පුළුවන්.

4. බනරාසි

www.instagram.com/p/BAum1XLo2U8/

බනරසි එදා සිටම කාගේත් සිත් ගත් විලාසිතාවක්. බනරාසි බ්ලවුසය ඔබේ ශරීරයට වගේම සාරියේ ඇති තදපාට පෙනුමට වැඩි වටිනාකමක් එක් කරනවා. මෙවැනි තද පැහැති සාරි තෝරා ගන්නකොට සාරි බ්ලවුසයෙන් අවධානය ගිලිහෙන්නේ නැති ආකාරයට පාට ගලපා ගන්න පුළුවන්.

5. නෙට්

www.instagram.com/p/BAmx6LqI2Rh/

නෙට් එදා ඉඳන්ම පාවිච්චි කලත් එය හරි ආකාරයට මුසු කිරීමෙන් හොඳ පෙනුමක් ලබාගන්න පුළුවන්. ඇය මෙහිදී නෙට් බ්ලවුසයක්, සාරියක් හා බලූන් පෑන්ට් එකත් ඉතා කදිමට මුසු කරගෙන තියෙනවා.

6. සාරි හැට්ට විලාසිතා: සීකුවින්

www.instagram.com/p/9-cRFVI2c4/

සීකුවින් බ්ලවුස් කවදත් නෙත් ඇදගන්නවා. මෙහිදී තෝරා ගන්නා වර්ණය හා රෙදි වර්ගයත් බලපානවා. ඕනෙම දුර්වර්ණ සාරියකට කාන්තියක් ගෙන්න ඊට පුළුවන්. බොහෝ විට සීකුවින් හැට්ටයක් තෝරා ගන්නවා නම් සාරිය චාම් වීමෙන් හැට්ටයේ පෙනුම ඉස්මතු කරගන්න පුළුවන්.

7. සිල්ක්

www.instagram.com/p/5B6Yg3I2Zy/

සිල්ක් ඕනෙම කාලෙකට ගැලපෙන සාරි වර්ගයක්. දැන් හැමෝම පිට හුඟක් විවෘත්ත කරලා දිග අත් සහිත බ්ලවුසය අඳින එකේ නරකද උරහිස් වලින් මෑත් කරපු මේ වගේ බ්ලවුස් එකක් සකසා ගත්තොත්.

 මේ පින්තූර  අනුසාරයෙන් ඔබට තවත් මේ ගැන දැනගන්න පුළුවන්.

හැමදාම ලස්සනට පිළිවෙලට වැඩ කරන අම්මා ලස්සනට ඇන්ඳහම ඇගේ වටිනාකම තවත් වැඩි වෙනවා. theAsianparent Sri Lanka අපේ කැමැත්ත එයමයි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියන

 

 

 

Written by

Deepshikha Punj