ඔබේ දරුවන් ප්‍රඥාවන්ත ලෙස ඔවුන්ගේ මුදල් වියදම් කරන්නත්, කළමනාකරණය කරගන්නත් ඔවුන් දන්නවා ඇතිද කියලා ඔබ මොහොතකට සිතුවාද? නැතිනම් ඔවුන්ගේ මුදල් ඉතිරි කර ගැනීම ගැන ඔවුන්ට කියලා දෙන්න.
දරුවන්ට මුදල්වල ඇති වටිනාකම පිළිබඳ කියාදෙන්න ඔබට පුළුවන්. එවිට ඔවුන් තරුණ වියට එළඹෙන විට මුදල් වල වටිනාකම තේරුම් ගනීවි.
1. මිනිසුන් මුදල් උපයන්නේ කොහොමද කියලා ඔවුන්ට කියන්න
මුදල් එන්නේ කොහොමද කියලා දරුවන් අසන විට සමහරුන් බැංකුවෙන් ගන්නවා නැතිනම් පොහොසත් මිනිසුන්ගෙන් ගන්නවා කියලා කියනවා. ඇත්තටම මේක වැරදි උත්තරයක්. ඔබේ දරුවන් කෙදිනක හෝ ඔබෙන් මුදල් පිළිබඳ විමසන විට සැබෑ ජීවිතයේ පාඩමක් ඔවුන්ට කියාදෙන්න. දරුවන්ට මුදල් ගැන කියා දෙන විට සැබෑ ජීවිතයේදී මිනිසුන් මුදල් උපයන ආකාරය පිළිබඳ ඔවුන් තේරුම් ගැනීම ඇත්තටම ගොඩක් වැදගත්. උපයන එම මුදල් රැකියාවට හා ජීවිතයට වෙනත් මිලදී ගැනීම් වලට සහය වන්නේ කොහොමද කියලා ඔවුන්ට පැහැදිලි කර දෙන්න.
යමක් අලෙවි කරන්නේ කොහොමද කියලත් ඔවුන්ට පැහැදිළි කරදීම හොඳයි.
ඔවුන්ට ආරම්භයක් ලබා දෙන්න ඔවුන්ගේ පරණ ඇඳුම් සහ සෙල්ලම් බඩු එකතු කරලා ඒවා ගරාජයේ තබා අසල්වැසියන්ට අලෙවි කරන්න කියාදෙන්න. එය ඔවුන්ගේ ආරම්භයට හොඳ මාර්ගයක් වෙයි.
2. නැණවත්ව අයවැය පවත්වා ගන්නේ කොහොමද කියලා ඔවුන්ට උගන්වන්න
අයවැය පවත්වාගන්න ආකාරය පිළිබඳව ඔවුන්ට ඉගැන්වීමට ඔවුන් සමග සෙල්ලම් මුදල් නෝට්ටු භාවිත කරමින් සෙල්ලම් කරන්න පුළුවන්. ඔවුන්ට බඩු ලැයිස්තුවක් ලබා දී එයින් අවශ්‍ය දේවල් මිලදී ගැනීමටත්, ඔවුන්ගේ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කිරීමටත් ඔබට ඔවුන්ට උදවු කරන්න පුළුවන්.
තවත් අතකට ඔවුන්ට මුදල් අයකැමික් ලෙස කටයුතු කිරීමට කියාදෙන්න. එය ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනයට හා විනෝදයට මාර්ගයක් වේවි. අවසානයේ ඔවුන්ගේ මුදල් වියදම් කර අවශ්‍ය බඩු ගැනීමටත් ඔවුන් සමග සාප්පු සවාරියක යෙදීමට ඔබට පුළුවන්.
3. ඔවුන්ට ඉතිරි කර ගැනීමට හැකි සුළු අමතර දීමනාවක් දෙන්න
මෙය ඔබේ දරුවන්ට ඔවුන්ට ලැබෙන අමතර මුදල් කෙතරම් සුළු වුවත් ඒවා නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය ඉගැන්වීමට හොඳ මාර්ගයක්. ඔවුන්ට විනෝදයෙන් මුදල් එකතු කර ගැනීමට හැකි පුංචි කැටයක් ලබා දෙන්න.
ඔබේ දරුවන්ට අවශ්‍ය සෙල්ලම් බඩු හා වෙනත් දේවල් මොනවද කියලා අහලා ඒ වෙනුවෙන් පුංචි මුදලක් ලබා දී එය මිලදී ගන්නට මුදල් එකතු කරන්න ඔබට උදවු කරන්න පුළුවන්. සෙමින් වියදම් කර ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ගැනීමට කියන්න. මෙයින් මුදල් ඉතිරි කිරීමේ වටිනාකම පිළිබඳව ඔවුන් වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා වගේම එය ඔවුන් වැඩිහිටියන් වූ විටත් ප්‍රයෝජනවත් වේවි.
4. ඉතිරිය වැඩි කරගන්න ආකාරය ගැන ඔවුන්ට කියා දෙන්න
ඉතිරිය වැඩි කරගන්න ආකාරය ගැන ඉගෙන ගැනීමට මුදල් වලින් යම් සීමාවක් ඉතිරි කිරීමට ඉඩ දී ඉලක්කය ළඟා වූ පසු ඔබට ඊට ගණනක් එකතු කරන්න පුළුවන්. එය ඔවුන්ට අනාගතයේදී හොඳ ඉතිරි කිරීමේ පුරුදු සංවර්ධනය කර ගැනීමට උදව්වක් වෙනවා. මිලදී ගැනීමට අවශ්‍ය දේ හා අනවශ්‍යා දේ අරපිරිමැස්ම ඉන් ඔවුන් ඉගෙන ගනීවි.
5. දරුවාට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ
දරුවන්ට අවශ්‍ය දේ පමණක් මිලදී ගැනීමෙන් මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න උගන්වන්න. අවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ ගැන ඔවුන්ට කියා දෙන්න. ඒ මගින් මිලදී ගැනීමේදී මූලිකත්වය ලබාදිය යුතු දේ ගැන ඔවුන් ඉගෙන ගන්නවා. ඒ වගේම අත්‍යවශ්‍ය දේට මූලිකත්වය දෙනවා. ගන්නන් වාලේ මුදල් වැය කරන්න එවිට ඔවුන් ඉගෙන ගන්නේ නැහැ.
ජීවිතයේ අරපිරිමැස්ම ඉතිරිය වැඩිවියට ගොස් ඉගෙන ගන්නවාට වඩා ඵලදායි හා වැදගත් වන්නේ කුඩා කල සිටම පුහුණු වීම් තුළින්ය. දෙමාපියන් ලෙස ඔබෙන් ඒ මග පෙන්වීම ලැබීම වැදගත්. theAsianparent Sri Lanka අපේ අත්වැල ඒ වෙනුවෙන්.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ