theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ පාසැල් පියවර ජූනි 29දා සිට පියවර 4කින් යළි ඇරඹේ

5 අවම කියවීම
ලංකාවේ පාසැල් පියවර ජූනි 29දා සිට පියවර 4කින් යළි ඇරඹේලංකාවේ පාසැල් පියවර ජූනි 29දා සිට පියවර 4කින් යළි ඇරඹේ

දරුවන් නැවත පාසැලට හුරු කරන අලුත් අභියෝගය ගැනයි මේ

අද දෙරණ පුවත් නිවේදනයකට අනුව ඩිවයින තුළ නැවත පාසැල් ආරම්භය 2020 ජූනි 29 දා සිට පියවර හතරකින් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසන ලදී.

නැවත පාසැල් ආරම්භය 2020 ජූනි 29 දා සිට පියවර 4කින් සිදුවන ආකාරය

පියවර 1: ජුනි මස 29 වනදා - විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අධ්‍යාපන කාර්ය මණ්ඩලයට සහ පාසල් කළමනාකරණ මන්ඩළ සඳහා පාසැල් විවෘත වේ.

පියවර 2: ජූලි මස 6 වනදා - ළමුන් සඳහා පාසල් විවෘත වේ. පළමුවෙන්ම 13 වසර, 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබේ.

පියවර 3: ජුලි මස 20 වනදා සිට 24වනදා දක්වා - පාලසට පැමිණේන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් පමණි.

පියවර 4: ජුලි 27 වනදා සිට ආරම්භ වේ. මෙදින වසර 3, 4, 6, 7, 8 සහ 9 වන ශ්‍රේණි සිසුන් පාසැලට පැමිණෙනු ලැබේ.

1 සහ 2 ශ්‍රේණි වල සිසුන්ට පාලසට පැමිණීම සඳහා තවමත් දිනයක් තීන්දු කර නොමැති බව අමාත්‍යවරයා මෙහිදී පවසන ලදී.

ළමා පතාලයත් එක්ක මාස දෙකක් තිස්සේ හෙම්බත් වෙමින් පැසැල් වලින් නියම කරන ලද වැඩ වල දරුවන් නිරත කරමින් සිටි දෙමව්පියන්ට නම් මේ පුවත මහත් අසවැසිල්ලක් වනවා නියතයි.

නමුත් තවම කොවිඩ් 19 උවදුර පහව නොගිය වාතාවරණයක ඔබේ දරුවා පාසැල් යැවීමෙන් ඔහු හෝ ඇය රෝගයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි චකිතයක්ද ඔබේ සිත තුල ඇති බව අපි දන්නෙමු.

නමුත් එය අභියෝගයක් වේවි. දෙමව්පියන් වශයෙන් අපි එයට එක්ව මුහුණ දෙමු.

නැවත පාසැල් ආරම්භය සමග දරුවා පාසැල් යැවිය යුත්තේ කොහොමද?

5 වසර ශිෂ්‍යත්ව විභාගය

දරුවන් මේ දවස් වල ටිකක් දවල් වෙනකම් නිදාගන්න හුරු වෙලා. ඒ වගේම දවස තිස්සේ සෙල්ලමටත් වැඩි කාලයක් ගන්නවා.

එකතැනක එක මොහොතක් ඉන්න බැරි තරම් දැගලිල්ලත් වැඩියි. එයාලාට නිතර නිතර පුංචි පුංචි බඩගිනි එනවා.

ඒ වගේම තමයි ඇදිරි නිතීය නිසා නිවසටම කොටු වෙලා හිටපු එයාලාගේ මානසිකත්වය ටිකක් ගොඩ නගන්න වෙලා.

ජන ජිවිතය සාමන්‍ය කරමින් තිබුනට අපිට තාම ඉස්සර වගේ සමාජගත වෙන්න බැහැ.

රෝගය සීයට සීයක් ලෝකය තුල පාලනය කර නොමැති නිසා අපි කවුරුත් තවම සැලකිය යුතු මට්ටමක අවදානමක ඉන්නවා.

නමුත් කොවිඩ් නිසා නැවතුන ලෝකය, ජන ජිවතය හා ආර්ථිකය අපිට හැමදාම එකතැන තියන්න බැහැ.

අභියෝගයක් වුනත් අපි එයට මුහුණ දිය යුතුයි. ඒ නිසාම තවදුරටත් සමාජ දුරස්ථතාවය රදවා ගනිමින් එදිනෙදා වැඩ කටයුතු පවත්වා ගෙන යාම වැදගත් වෙනවා.

දරුවන්ගේ පාසැල් ගමනත් එසේ විය යුතුයි.

තරමක් ලොකු දරුවන් තත්වය තේරූම් ගෙන එයට අනුගත කල හැකි වුවද ප්‍රාථමික පාසැල් දරුවන් හා පෙර පාසැල් දරුවන් මේ සදහා හුරු කිරීම පහසු නොවේවි.

ඔවුන්ට මාස්ක්ස් පැළදීම හා සමාජ දුරස්ථතාවය අලුත් අත්දැකීමක් වේවි.

ඒ නිසා ඔවුන් ඒ සදහාද අනුගත කළ යුතු වෙනවා.

දරුවා පාසැල් ගමනට නැවත හුරු කිරීම

දක්ෂ වීමේ රහස්

වසංගත තත්වය නිසා දරුවන්ට සමාජ දුරස්ථතාවය හා සනීපාරක්ෂක පුරුදු කියා දීම වැදගත් වෙනවා.

  • දරුවාව උදේම අවදි කරන්න

මේ දවස් වල බබාලාගේ උදේම නැගිටින පුරුද්ද නැතුව ගිහින් ඇති නේද?

ටිකක් දවල් වෙනකම් නිදාගන්න පැටව් ටික ඇහැරන්න අපිටත් ලෝභයි වගේ.

නමුත් දැන් නැවත පාසැල් පටන් ගතහොත් එකවර එයාලාට උදේම ඇහැරෙන්න අසිරෑ වේවි.

ඒ නිසා මේ දවස් වල දරුවන්ව ටිකක් උදෙන්ම අවදි කරන්න.

  • පැසැල් වැඩ පුරුදු කරන්න

මාස දෙකක් විතර පොත පතෙන් ඈත්වෙලා නිදාහසේ සෙල්ලමින් ගත කල ජිවිත එකවරම පොත පතටම නැඹුරු කරන්න දරුවන්ට අසීරු වේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඉගන ගත්ත ගොඩාක් දේවල් එයාලටත් අමතක වේවි. දැන් දරුවන්ව නැවත නැවත පොත පතට නැඹුරු කරන්න කාලේ උදාවෙලා.

පුංචි පුංචි ක්‍රියාකාරකම් කරන්න දෙන්න. පරණ පාඩම් මතක් වෙන ක්‍රියාකාරකම් වල යොදවන්න

  • නිතර සබන් දාලා අත්  සෝදන්න පුරුදු කරන්න

පාසැල පටන් ගත්තාහම දරුවන්ගේ බෑගයට අනිවාර්යයෙන් සබන් කෑල්ලක් යොදා යවන්න.

නිතර නිතර සබන් යොදා අත් සෝදන්න දරුවන්ව පුරුදු කරන්න.

නිතර මුහුණ අත පත ගෑම අවදානම් බව හැකිනම් කියා දෙන්න. ඒ වගේම කිවිසුම් යන විට එය කල යුතු ආකාරය කියා දෙන්න. 

  • අනෙක් අය ගෙන් දුරස්ව ඉන්න කියා දෙන්න

දරුවන්ට සමාජ දුරස්ථතාවය හදුනා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම ඒක එයාලාට කරන්න අපහසුම දේ වෙන්නත් පුළුවන්. 

නමුත් මේ වසංගත තත්වය තවම පහව ගොස් නැති නිසා දරුවන් ඈත් වී සිටිම සුදුසු වෙනවා.

ඒ නිසා පැහැදිලි කල හැකි වයසක සිටින දරුවන්ට ඒ පිළිබද අවබෝධයක් ලබා දෙන්න.

  • වේලාවට ආහාර ගන්න පුරුදු කරන්න

පාසැල් නැවත පටන් ගත් පසු නිතර නිතර ආහාර ගන්න ලැබෙන්නේ නැහැ.

ඒ නිසා දැන් පැයෙන් පැයට බඩගිනි හැදෙන පොඩ්ඩන්ට නැවත එක වේලාවකට කන්න පුරුදු කරන්න කාලේ හරි.

ඒක නිසා මේ සති කිහිපය දරුවන්ට පෙර තිබු වේලාවන් අනුව ආහාර ගන්න පුරුදු කරන්න. එවිට පාසැල් නැවත පටන් ගත් පසු දරුවන් අපහසුතාවය ලත්වීම වළකිවි.

  • දරුවාගේ මානසිකත්වය ගොඩ නගන්න

ඇත්තටම මෙවන් දීර්ඝ කාලයක් නිවාස තුලට කොටු වී සිටිමෙන් ඔවුන්ගේ මානසිකත්වය ටිකක් වැටී තියෙන්න පුළුවන්. 

නැවුම් බවක් ලබා ගන්නවත් තවම එළියට බැහැලා ඇවිදින එක අවදානම්. ඒක නිසා නිවසේ විවිධ ක්‍රියාකාරකම් මගින් දරුවාගේ මනස ගොඩ නගන්න.

ලස්සන කතාන්දර පොත් රසවිදින්න දෙන්න. දරුවා එක්ක පැල සිටුවන්න. ලස්සන චිත්‍රයක් අදින්න දෙන්න.

නැත්නම් නිර්මාණයක් කරන්න දෙන්න. වීඩියෝ ඇමතුම් ගත හැකි නම් මෙතෙක් කල් දුරස් වී සිටි නැදෑ මිතුරන් ඒ හරහා සමීප කරන්න. 

දරුවාට නැවත මනසට සුවපහසු බවකු ලැබ දෙන්න.

ලංකාවේ පාසැල් පියවර ජූනි 29දා සිට පියවර 4කින් යළි ඇරඹේ

  • ෆේස් මාස්ක් පැළදීම ඉතා කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම දරුවන් ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය නොදන්නා බැවින් ෆේස් මාස්ක් අනිසි ලෙස ස්පර්ශ කරන්න පවා ඉඩ තියෙනවා.
  • පාසැල පටන් ගත් පසු දරුවාට යම් රෝග ලක්ෂනයක් ඇති නම් හෝ දරුවා රෝගී බවක් පෙන්වන්නේ නම් ඔහුව පාසැලට යවන්න එපා. 
  • පාසැල විෂබීජහරණය කර පවත්වා ගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේදැයි සොයා බලන්න.
  • දරුවා පාසැල් යන ප්‍රවාහන මාධ්‍යය දරුවාට කොතරම් සමාජ දුරස්ථතාවය ලබා දෙන්නේද හා විෂබීජහරණය කර ඇතිදැයි විමසිලිමත් වෙන්න.
  • දරුවාට පාසැලේදී භාවිතය සදහා  නිවසේ පිසු ආහාර හා නිවසින් ජලය ලබා දෙන්න.
  • දරුවාගේ භාවිතය අවශ්‍ය සෑම භාණ්ඩයක්ම පෞද්ගලිකව සපයන්න.
  • දරුවා පාසැල් ඇරී නැවත නිවසට පැමිණි පසු හොදින් ඇග පත සෝදන්න.  ඇදුම්ද සෝදා දමන්න

පාසැල තුල කාලෙකට පස්සේ හමුවෙන මිතුරන් ගෙන් ඈත් වී ඉන්න එක ඔවුන්ට වැඩි වේදනාවක් ලබා දේවි. නමුත් රෝගයෙන් සුව වීමට වඩා එයින් ආරක්ෂා වීම වැදගත් නිසා අනිවාර්යයෙන් මෙම වසංගතයට ස්ථීර විසදුමක් එන තෙක් ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න. එය ඔබ සතු වගකීමකි. ඒ නිසා නැවත පාසැල් ආරම්භය සදහා හොදින් සුදානම් වෙන්න.

මෙම ලිපියට එකතු කිරීමට ඔබටත් යමක් තියෙනවාද? එසේනම් ඔබේ අදහස් අප හා බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • ලංකාවේ පාසැල් පියවර ජූනි 29දා සිට පියවර 4කින් යළි ඇරඹේ
බෙදාගන්න :
  • කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

    කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

  • ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

    ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

  • කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

    කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

  • ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

    ඔබේ කුළුඳුල් දරුවා පාසල් යන්නට ආරම්භ කළපසු ඔබට දැනෙන හැඟීම් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it