theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

4 අවම කියවීම
පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයිපාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

අම්මායි තාත්තායි දෙන්නාම රැකියාවක් කරනවා නම් බබාව හැමදාම ඉස්කෝලේ ගෙනියන්න ගේන්න ඒ දෙන්නට අපහසුයි .එහෙම නැත්තම් අම්මා ගෙදර හිටියත් තව චුටී බබාලා ඉන්නවා නම් අම්මාට ඒක කරන්න අමාරුයි. ඒ වගේ වේලාවට දරුවා පාසැල් ගෙන යන්න ගේන්න කාව හරි හොයා ගන්න වෙනවා.  පාසැල ලග නම් මොනවා හරි ක්‍රමයක් යොදන්න පුළුවන්. පහසුම විකල්පය වන්නේ පාසල් ප්‍රවාහන සේවාවක් සොයා සොයාගැනීම.

ඒත් දරුවා පාසැල් යන්නේ ටිකක් දුරකට නම් මොකද කරන්නේ? අද සමාජයේ දරුවන්ට වෙන අනතුරු, අතවර එක්ක දරුවාව පිටස්තර කෙනෙක්ගේ රැකවරනෙට පත් කරන කොට හිතන්න බොහෝ දේවල් තියෙනවා.

අද බොහොමයක් අයට තියෙන ගැටලුවක් තමයි පාසැල් වෑන් රියක (school van) දරුවා පාසැල් යවන එක සුදුසුද කියන එක අපි ඒ ගැන ටිකක් කතා කරමු.

පාසැල් ප්‍රවාහන ගැටළු වලට විකල්පයක් තිබේද?

දරුවා පාසැල් ගෙන යෑම 

දරුවන් පාසැල් ගෙන යෑම අම්මා තාත්තාට කරන්න පුළුවන් නම් හොදයි. දරුවාගේ ආරක්ෂාව, වගකීම තියෙන්නේ එතකොට දෙමාපියන් අතේ.

නමුත් ඔබට ඔබේ දරුවා ගෙන එන්න පෞද්ගලික ආරක්ෂිත වාහනයක් නොමැති නම් දරුවා ගෙන එන්න වෙන්නේ පොදු ප්‍රවාහන සේවයක,  බයිසිකලයක නම් අද වෙන අනතුරුත් එක්ක කොතරම් අනාරක්ෂිතද කියලා ඔබ දන්නවා.

දරුවා එක්ක බස් එකක දුම්රියක  යන එකත් පහසු නැහැ.

මාත් ඉස්කෝලේ ගියේ පාසැල්  වෑන් එකේ, මගේ පුංචි දෝණිත් ඉස්කෝලේ යන්නේ පාසැල්  වෑන් එකේ.

අද කාලේ ගොඩාක් අම්මලා තාත්තලාට තියෙන ගැටලුවක් තමයි දරුවාව පාසැල් වෑන් එකකින් පාසැල් යවන එක හොදද නරකද කියන එක. අද සමාජයේ සිදුවෙන දේවල් එක්ක දෙමව්පියන් එහෙම බය වෙන එකත් සාධරණයි.

දරුවා පාසැල් ප්‍රවාහන රථයක (වෑන් රියක/school van) යැවීමේ වාසී

  1. දරුවන් පාසැල් ගමන කරන්නේ දෙමාපියන් සමග නොවන බැවින් ඔවුන් අදහස් වලින් මෙන්ම ක්‍රියාවෙන්ද ස්වාධීනව කටයුතු කිරීමට පුරුදු වේ.
  2. දරුවා පෞද්ගලිකව පාසැල් ගෙන යාමට ඒමට ගතවෙන කාලය  දරුවා වෙනුවෙන් වු ප්‍රයොජනවත් යමකට වැය කල හැක
  3. පෞද්ගලික වාහන  නිසා පාරේ ඇති වෙන තදබදය අඩු කරගත හැක
  4. රැකියාවට යන දෙමව්පියන්ට දරුවන් පාසැල් යැවීමට විසදුමක් ලැබේ.

පාසැල් වෑන් රියක දරුවා යවන විට සැලකිලිමත් විය යුතු කරුණු‍

1.පැසැල් වෑන් රිය ආරක්ෂිතදැයි සොයා බලන්න.

පාසැල් වෑන් රිය තුල දරුවාට අතවර වෙන්න හැකි සේම අනෙක් දරුවන්ගේ හිරිහැර වලට ලක්වීමට සිදුවිය හැක. ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්න.

2. විශේෂයෙන් පාසැල් වෑන් රියේ රියදුරු ගැන සැලකිලිමත් වෙන්න.

රියදුරන් අතින් දරුවන්ට වෙන විවිධ අතවර අසන්නට වෙන යුගයක ඔබ ඔබේ දරුවා භාරදෙන රියදුරු ගැන වඩාත් සැලකිලිමත් වියයුතුය. එමනිසා ඔහු ගැන සොයා බලන්න. පාසැල් වෑන් රියේ සහයට කාන්තාවක් යනවා දැයි සොයා බලන්න ."

අම්මේ වෑන් ඇන්ටි අද ඇඩුවා. වෑන් අන්කල් වෑන් එක නවත්තලා ඇඩිල්ල නැවැත්තුවේ නැත්තම් යන්නේ නැහැ කිව්වා.

මම ගෙදර එන්න බැරිවෙයි කියලා බය වුනා. මගේ පෙරපාසැල් යන දියණිය දිනක් ගෙදර ඇවිත් කිව්වා. මගේ හිත තිගැස්සුනා. පසුව සොයා බලද්දී වෑන් එකේ ගිය එය අයිති කාන්තාව හා රියදුරු අතර අනියම් සම්බන්ධතාවයක් තිබුනා.

එවැනි අවස්ථාවක දරුවාට සිදුවිය හැකි අනතුරු බොහොමයක් වෙනවා .ආදරණීය දෙමව්පියනි අන්න ඒ නිසා මේ පිලිබඳ සැලකිලිමත් වෙන්න.

3. දරුවාට ලං වී දවසේ සිදුවීම් විමසන්න.

ඔබේ කාර්‍යබහුල දවසින් පුංචි විනාඩි දහයක් වැය කරලා ඔබේ දරුවාගේ දවස ගෙවුන හැටි අහන්න. මෙහිදි ඔබ උපායශීලී වියයුතුය. පුංචි දරුවන් සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. එත් බිය නිසා හෝ වෙනත් කරුණක් නිසා ඔවුන් බොරු කියන්න පුළුවන්.

ඔබ කල යුත්තේ දරුවා සමග කතා කිරීම නොව දරුවාව කතා කරවීමයි. ඒක හරිම පහසුයි. " අද වෑන් එකේ ආන්ටි ඉස්කෝලේ ලගටම ආවා නේද පුතේ?" "වෑන් එක හයියෙන් යනවාද බ්‍රේක් කරද්දී ඔයාගේ නින්ද කැඩෙනවා ඇති නේද?" ප්‍රශ්නය අසන විදියෙන් දරුවාට උත්තරය කියවෙන්න ප්‍රශ්න අහන්න අපි බුද්ධිමත් විය යුතුය.

4. වෑන් රිය ධාවනය කරන්නේ ආරක්ෂිතව දැයි සොයා බලන්න.

දරුවා පාසැල් ගිය විට  ඔබ වගකීමෙන් නිදහස් යැයි සිතන්න එපා. සමහර රියදුරන් හරිම අනාරක්ෂිතව රිය පදවනවා.

පසුගිය කාල වල සිදු වු පාසැල් වෑන් සම්බන්ධ අනතුරු එයට උදාහරණ ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

ඔබ දරුවා පාසැල් යන වෑන් රිය ධාවනය වන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ඔබට මේ ගැන සොයා බලන්න පුළුවන්.

5. දරුවාට නිසි දැනුම ලබාදෙන්න.

දරුවාට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න කියා දිය යුතුය. කුඩා දරුවාට සියල්ල මැනවින් තේරුම් ගන්න අපහසු වේවි.

ඒත් ඔබේ දරුවාට "පුතේ පරිස්සමෙන් පාර පනින්න." "තනියම කොහෙවත් යන්න එපා" "කවුරුත් කතා කලාට යන්න එපා" වගේ පුංචි පුංචි දේවල් කියාදෙන්න පුළුවන්.

6 පාසැල් ප්‍රවාහන සේවයේ එන දරුවා ප්‍රමාද නම් සොයා බලන්න.

දරුවාගේ පාසැල් වෑන් රිය ප්‍රමාද නම් අනිවාර්යයෙන්ම දුරකථන ඇමතුමක් දී සොයා බලන්න.

එය ඔබ ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් ඉන්නා බවට වෑන් රියදුරුට දැනුම් දීමක් වෙනවා මෙන්ම හදිසි අවස්ථාවක් නම් ඔබට දරුවා ලගට යාමට පහසු වෙනවා

දරුවන් සෑම විටම අපි අසලින් තබා ගැනීම සුදුසු නොවනවා මෙන්ම ප්‍රයෝගිකත් නැහැ.

ඒත් ඔබ ඔබේ දරුවා පාසැල් යැවු පමණින් දරුවාගේ වගකීම වෑන් රථයේ රියදුරු හෝ ගුරුවරියගේ මත තබා නිදහස් විය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ.

දරුවා බාහිර සමාජය තුල සිටියදී ඔබේ ඇස් හා කන් ඔහු මතම තබා විමසිල්ලෙන් හා සැලකිලිමත්ව ඉන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි
බෙදාගන්න :
  • පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.

    පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.

  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

  • පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.

    පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.

  • පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

    පාසැල් බෑගය සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it