දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

lead image

දැන් අම්මි ලගට මං ඇවිත් මාසයක් ඉවරයිලු. මං හිතන්නේ අම්මි දැන් දැනන් ඇති එයත් එක්ක පුංචි අමුත්තෙක් ඉන්නවා කියලා.

දැන් අම්මි ලගට මං ඇවිත් මාසයක් ඉවරයිලු. මං හිතන්නේ අම්මි දැන් දැනන් ඇති එයත් එක්ක පුංචි අමුත්තෙක් ඉන්නවා කියලා. අම්මිගේ දගකාරම් අඩුවෙලා වගේ, මට දැනෙනවා අම්මේ දැන් ඔයා අඩිය තියන්නෙත් හෙමින් පරිස්සමට.

අම්මිගේ  ගර්භාෂයට ආපු දවසට වඩා මං දැන් දස දහස් ගුණයක් ලොකුයි. මගේ දිග අගලක් විතර ඇති ප්‍රමාණයෙන් මං රටකජු ඇටයක් විතර ඇති, හැබැයි ඔයාලා මට අගලා කියලා විහිලු කරන්න එපා.

මට දැන් කියන්නේ කලලය කියලා. අම්මිගේ ගර්භාෂය සිනිදු තට්ටු අතුරමින් මට සුව පහසුව දනවනවා. මගේ පුංචි අත් වර්ධනය වෙලා පුංචි ඇගිලි වල නියපොතුත් තියෙනවා.

මේ පුංචි මට ඕනි කරන ඔක්සිජන්, පෝෂණය දෙන්නෙත් මගේ අපද්‍රව්‍ය ගෙනයන්නෙත් අම්මිවයි මාවයි සම්බන්ධ කරලා තියෙන ආදරණීය බන්ධනය, එයා තමයි වැදැමහ. 

අම්මිට දැනුනේ නැති වුනාට මම අම්මිගේ බණ්ඩිය ඇතුලේ පුංචි රවුමක් එහෙම යනවා.

මගේ හදවත සම්පුර්ණයෙන්ම විකසනය වෙලා. ඇහෙනවාද අම්මේ මගේ හදවත ගැහෙනවා. අම්මාගේ හදවතට වඩා තුන්ගුණයක වේගයෙන්, මගේ පුංචි පුංචි අවයව ගොඩාක් විකසනය වෙලා ඒවා තම තමන්ගේ වැඩ හීනීයට පටන් අරන්.

මං කොල්ලෙක්ද? කෙල්ලෙක්ද  කියලා මගේ අම්මා දැන ගන්න ආසයි නේද? හැබැයි අම්මේ ඒක තවම රහසක්, මම කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මගේ අම්මා මට ආදරෙයි නේද ?

පළමු නැවතුමට