ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

"ආත්මශක්තියෙන් යුතු දරුවා සමාජයට තිළිනයකි..."

ආත්ම ශක්තියෙන් යුතු දරුවා සමාජයට තිළිනයකි. සමාජය තුල සුරැකෙන්න ඉගෙන ගන්නා දරුවා සමාජයට දයාදයකි.ඒ සදහා දරුවාට අවශ්‍ය ශක්තිය කුඩා කල සිට වර්ධනය කිරීම දෙමාපියන්ගේ වගකීමකි .

 "දන්නවාද වැඩක්..අර එහා ගෙදර ළමයා ඩ්‍රග්ස් ගන්න පුරුදු වෙලා"

" නෑ අපරාදේ..මෙච්චර ඉගෙන ගෙනත් මේ ළමයි කරන මෝඩ වැඩ "

" ළමයා මේ පාර කැම්පස් අවුට් වෙච්ච කෙනෙක් .නරක යාලුවන්ගේ ආශ්‍රය නිසා තමයි "

" ඇයි එච්චර මෝඩ වැඩක් කරන්නේ"

අන්න ඒක තමයි අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ...

මෙවැනි  පුවත් දකින අනෙක් දෙමාපියන් අනේ අපොයි කියමින් ශෝක වෙමින් සිටින මොහොතක මම මදකට ඉන් ඔබ්බට යමින් යමක් එකතු කල යුතුයැයි සිතමි.

මානසික වර්ධනයට සෙල්ලම් කිරීම

සමාජයේ ස්වාධීන වෙන දරුවා

කුඩාකල සිට ආදරයෙන් රැකවරණයෙන් හදන ඔබේ දරුවා වයසින් වැඩෙත්ම නිවසින් මහා සමාජය වෙත පිය ඔසවයි.

එතැන් සිට ඔවුන් දෙමාපියන්ගෙන් ස්වාධීන වෙන්නට උත්සහ කරයි. දිනකදි අපිටත් නොදැනී සුරක්ෂිතභාවයේ නූල අප අතින් ගිලිහෙනු ඇත.නමුත් බොහෝ දෙමාපියන් එය වටහා ගන්නා විටත් ප්‍රමාද වැඩි විය හැක.

දරුවෝ ඇයි එච්චර මෝඩ වැඩ කරන්නේ

බොහෝ සුන්දර ලෙස අප දුටුවත් අද සමාජය රැවටිලි වලින් බහුල ස්ථානයකි. දෙමව්පියන් ගෙන් ස්වාධීනව මහා සමාජය තුල තනිවෙන දරුවා විවිධ සම්බන්ධතා ගොඩ නගාගනියි. එම සම්බන්ධතා හෝ ඒවායේ බිද වැටීම් දරුවා ජීවිතය තුල අසරණ කරයි.

එහිදි එක් කොටසක් ඒවාට සාර්ථක මූණ දෙන අතර තව කොටසක් පරාජිත ස්වරූපයට පත් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, විවිධ වැරදි ක්‍රියා වලට යොමු වීම වැනි ක්‍රියා වලට යොමුවිය හැක.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආත්ම ශක්තිය නැති කමය.

ආත්ම ශක්තිය නැමති ගුණාංගය වර්ධනය කරමු

දරුවන්ට ලැබෙන රජයේ සහන

දරුවෙකුට ප්‍රශ්න වලට මුහුණ දීමට හුරු කල යුත්තේ කුඩා සිටය. මනා ආත්මශක්තියෙන් යුත් දරුවා ප්‍රශ්න සදහා සාර්ථකව මුහුණ දෙයි.

ආත්ම ශක්තිය දරුවා තුල ගොඩ නැගිය හැක්කේ කෙසේද ?

ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

  •  දරුවාට තමා ගැනීම විශ්වාසක් ඇති කල යුතුය .
  •  ඕනැම අවස්තාවකදි දරුවන්ට සුරැකෙන්න කියා දෙන්න .
  • ජයග්‍රහණයේදි මෙන්ම පරාජයේදීද දරා ගන්න දරුවාට කියා දෙන්න .
  • පුංචි පුංචි ගැටලු විසදන්න දරුවාව හවුල් කර ගන්න .
  • දරුවා වයසින් වැඩෙත්ම විවිධ වැරදි  හා ඒවායේ විපාක කියා දෙන්න .
  •  දරුවාගේ යහලුවන් ගැන සොයා බලන අතර නිවැරදි මිත්‍රයින් තෝරා ගන්න දරුවාට කියා දෙන්න .

මේ දරුවාගේ ආත්ම ශක්තිය වර්ධනයට ගත හැකි පියවර කිහිපයක් පමණි .

 

කතන්දර ලිපි