ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

මේ ඉඟි කිහිපය අනුගමනය කර ඔබේ දරුවා ප්‍රීතිමත්, ධෛර්ය සම්පන්න, අහියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් දියණියක් කරන්න උත්සාහ කරන්න.

එදා වගේ නොවුනත් අද ගැහැණු දරුවන්ට බොහෝ අවස්ථාවන් උදාවෙලා. ඒ වගේම ඔවුන්ට ඇති අභියෝගයන් වලත් සීමාවක් නැහැ. කාන්තාවන්ට ලැබුණු ශක්තිය සමගින් ගැහැණු දරුවන් ඔවුන්ට කළ නොහැකි දෙයක් නැති බව වටහාගෙන අවසන්. නමුත් සමහර විට ඔවුන්ට ඇති වගකීම් හා කාර්යයන් ඔවුන්ව වෙහෙසට පත් කරනවා.

මේ මොහොතේ තමයි දෙමාපියන්ගේ උදවු ඔවුන්ට අවශ්‍ය වන්නෙ. දියණියන්ගේ ආත්ම ශක්තිය වැඩි කිරීම තුළින් ඇයට ඇගේ උපරිමය කරා ළඟා වෙන්න පුළුවන්. ඔබේ දක්ෂ, කැපී පෙනෙන දියණියට ඉදිරියට යන්න ඔබේ උදවුව හා ශක්තිය ලබාදීම වැදගත්. මේ ඉඟි කිහිපය අනුගමනය කර ඔබේ දරුවා ප්‍රීතිමත්, ධෛර්ය සම්පන්න, අහියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් දියණියක් කරන්න උත්සාහ කරන්න.

ආත්ම විශ්වාසය ඇති දියණියක් දායාද කරන්න

1. ඇගේ රුචිකත්වයන්ට රුකුල් දෙන්න

ඇය කැමති ආස කරන දේවල් හඳුනාගෙන ඊට ඔබේ සහයෝගය හා ධෛර්යය ඇයට ලබාදෙන්න. ඒවා තවත් හොඳින් ඉටු කරගෙන යන්න ඇයට උදවු වෙන්න.

2. තීරණ ගැනීමේදී ඇයවත් සම්බන්ධ කර ගන්න

ඇය තාමත් කුඩා දරුවෙකු නිසා ඇයව හරි මාවතට යොමු කිරීම ඔබේ වගකීමක්. නමුත් ඇය තුළ විශ්වාසය ගොඩනගාගන්න නම් ඇයට තීරණ ගැනීමේ නිදහස ලබාදෙන්න. එය ඇයට ඇගේ ඇඳුම් තෝරාගැනීමට දීම වගේම ඇයට යමක් කිරීමට කොතරම් කාලයක් ගතවේදැයි තීරණය කිරීමට ඉඩදීම වැනි දේවල් වන්නට පුළුවන්.

3. ආත්ම විශ්වාසය ඇති දියණියක් හදන්න නම්, ඇයට ඇගේ වටිනාකම වටහා දෙන්න

මුල් අවධියේ සිටම ඇයට ඇගේ දෙපයින් නැගී සිටීමටත්, ස්වාධීන වීමටත් අවස්ථාවක් ලබාදීමෙන් ඇය ජීවිත කාලය පුරාවට එම ශක්තිය ලබා ගන්නවා. ඇයට ඇගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කතාකරන්නත්, මිතුරියන් අතර කෙලින් සිට ගැනීමටත් ඇගේ පෞර්ෂය හදාගැනිමටත් ශක්තියක් දීම වැදගත්. ඉන් අදහස් වන්නේ ඇයට දැනෙන කාරණාව හා කනස්සල්ලත් ප්‍රකාශ කිරීමට ඇයට ශක්තිය තිබිය යුතු බවයි.

4. ඇයට ඕනෑම දෙයක් කළහැකි බව කියන්න

නිතරම ඇයව ඔබ විශ්වාස කරන බව කියන්න. ඇය සිතන පතන හැමදෙයම ඇයට ඉටු කර ගත හැකි බව කියන්න. ඔබ තුළ ඇය කැමති ඕනෑම දෙයක් ළඟා කර ගැනීමට එය ශක්තියක් වනු ඇත.

5. ශුභවාදී ප්‍රතිබිම්භයක් වෙන්න

ඔබේ දියණිය නිරතුරුවම ඔබ කරන කියන දේවල් හා ඇයට ඔබ කියන දේවල් වලට සවන් දීමෙන් ඔබව අනුගමනය කරනු ඇත. ඇය, ඇය ගැන සිතන බොහෝ දේවල් වලට ඔබ දරණ ආකල්ප පදනම විය හැකියි. නිතරම ධනවාදී ආකල්ප ඇය තුළ ආරෝපණය කිරීමෙන් ඇය, ඇය ගැන ශුභාවදිව සිතනු ඇත.

6. ඇගේ ගැටළු ඇයටම විසඳා ගන්න ඉඩ දෙන්න

විවිධ අවස්ථාවන්ට ඊට ගැලපෙන ලෙස ක්‍රියාකිරීමට හැකියාව ඇයට ඇගේ ගැටළු තනිව විසඳා ගන්නට ඉඩක් ලබාදීමෙන් හැකිවනු ඇත. මේ මගින් ඇයට ඇගේ ජීවිතය ගැන වගකීමක් හා ඇය ගන්න තීරණ වලට පාලනයක් ඇතිවනු ඇත.

7. ඇයට නිදහස්ව කැමති ලෙස ක්‍රීඩාවන් වල නිරත වෙන්න ඉඩ දෙන්න

 ගැහැණු දරුවන්ට නිදහසත් එළිමහනේ සෙල්ලම් කරන්න, ගස් නගින්න, පනින්න, කැම්ප් යන්න වැනි දේවල් වලට ඉඩදීම තුළින් ඇයට ඇති හැකියාවන් ඇයටම වටහා ගන්න ඉඩ ලැබෙනවා. ක්‍රීඩාවක නියැලීම නිසා ඇගේ ශරීර සුවතාවය, ශක්තිය වර්ධනය වන අතර විශ්වාසයද වැඩිවෙනවා. 

8. ඇයට වෙනසක්, විවේකයක් අවශ්‍යයි

රෝස පාට ගැහැණු දරුවන්ට විතරක් නොවෙයි. නිල්පාට පිරිමි දරුවන්ට විතරකුත් නෙමෙයි. ඉතින් කුමාරිකාවන්, බෝනික්කන් සමග සෙල්ලමට යාම විතරක් ඇගේ සීමාව වියයුතු නැහැ. ඇයට ඊට වඩා ඕනෑම සෙල්ලමක් කරන්න ඉඩ දෙන්න.

9. ඇගේ හැඟීම් ගැන සිතන්න

හැම විටම ඔබ ඇය කියන දේ පිළිපැදිය යුතු නැතත් ඔබ ඇයට ඇහුම්කන් දෙන බවත් ඇගේ සහයට නිතරම ඔබ සිටින බවත් හඟවන්න. ඇගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක් ඇයට සිටින බව දැනීමෙන් ඇය තුළ විශ්වාසය ඇති වෙන අතර ඇය ඇගේ හැඟීම් සීමා කරගන්නේ නැහැ. ඇයගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩදීම මගින් ඇයට ඒ ගැන වැටහීමක් අවබෝධයක් ලබාගන්න පහසු වෙනවා.

10. කොයිතරම් පරිපූර්ණ දැයි බලන්න

ලෝකය විසින් එකිනෙකට වෙනස් සීමාවන් තීරණය කරගෙන තිබෙනවා. එය රූපයට, ස්ත්‍රිත්වයට වන්නට පුළුවන්. නමුත් මුලින් ඇයටම ඇය ආදරය කළයුතු බව කියන්න. ඇය ඇගේ පෙනුම හා බර මත නොව ඇයටම අවේනික වූ ලස්සන හැකියාව මත සිදු වන්නක් බව කියන්න.

11. අවංකව ඇයව අගයන්න

ඔබේ දියණිය කරන හැමදේම හොඳයි කියන්න උවමනා නැහැ. නමුත් ඇය කරන සමහර වටිනා දේවල් ඇගයීම ඇයට විශ්වාසය ගෙන දෙන්නක්.

12. ඉගෙනීම වැදගත්

ඔබේ දියණිය නටන්න, ගයන්න, ක්‍රීඩාවට ඇති දක්ෂකම ඇයට ඒ වගේම ඉගෙනීමත් වැදගත් බව කියාදෙන්න. ඇගේ පාසල් කටයුතු පැවරුම්, ගෙදර වැඩ, පුහුණුවීම් හා පාසලේ කටයුතු සමග ඔබත් එක් වෙන්න. ඇගේ ජීවිතයේ කිසිදු ඉසව්වක් අතපසු විය යුතු නැහැ.

13. මහන්සියෙන් වැඩ කිරීමේ ප්‍රතිලය

ඇයට අමාරු දේවල් මගහරින්න ඉඩ දෙන්න එපා. ඇයට ගෙදර වැඩට උදවු වීමත් ඒවාට පිළිතුරු සොයා දෙන්න යන්න එපා. ඇයට හැකි ලෙස ඒවා කරගන්න ඉඩදී බලා සිටින්න. ඇයට පාසලෙන් පැවරුන ප්ලේන් එක හදන එක හරි අමාරු කාර්යයක් බව කිව්වත් අමාරුවෙන් වෙහෙස මහන්සියෙන් කරන දේවල් වලින් ඇගේ විශ්වාසය තහවුරු වන බව මතක තබා ගන්න.

14. ඇයට වගකීම් දෙන්න

ඇයට විශේෂ වගකීමක් පවරන්න. ඇය ඉතා කුඩා වුවත් ඇගේ අතින් එය ඉටුවීම ඉතා වැදගත් ප්‍රයෝජනවත් දෙයක් බව හඟවන්න. ඇගේ කාමරය අස් කරන්න. ගෙදරට ගෙන ආ යුතු බඩු ලැයිස්තුව සකසන්න ඇයට පවරන්න පුළුවන්.

15. ලිංගිකත්වය ගැන ඇයව සුදානම් කරන්න

ඇය ඇගේ පරිකල්පනයන් තුළ ජීවත්වන අවස්ථා තුළ හැකි තරම් මාධ්‍යයෙන් ඇයව ඈත් කරන්න. ඇයට, ඇයව    අගයන්නත් මාධ්‍යය ලවා හුවාදක්වන දේවල් හා ගතානුගතික දේවල් ගැනත් අවබෝධයක් ලබා දෙන්න.

 

16. ධනාත්මක කාන්තා චරිතයක් වෙන්න

කුඩා කල පටන්ම ඇයට ආදර්ශයට ගත හැකි කාන්තා චරිතයක් ආදර්ශයට දෙන්න.  ක්‍රීඩිකාවක්, වෛද්‍යවරියක්, ව්‍යාපාරිකාවක් පොත්පත් වලින් සොයාගන්න තොරතුරු ඇය සමග බෙදාගනිමින් කළනොහැකි දෙයක් නැති බව ඇයට කියාදෙන්න.

දුවට මවක් මිස ඇගේ ශක්තිය වන්නට කිසිවෙකුටත් බැහැ. ඉතින් ඔබට ඒ ශක්තිය ලබා දෙන්න ඔබේ හොඳම මිතුරිය  theAsianparent Sri Lanka සිතුවා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ