theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

3 අවම කියවීම
තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?

ඔබේම ව්‍යාපාරයක් පටන්ගන්නට පියවරෙන් පියවර එය ඉහළට ඔසවන්නට අපෙන් අත්වැලක්. ස්වෝත්සාහයෙන් නැගී සිටින දිරිය මවක් වන්නට අපි සැමදා ඔබට අතහිත දෙනවා

ඔබේම කියා ව්‍යාපාරයක් නැතහොත් ස්වයං රැකියා ලියාපදිංචිය ව්‍යාපාරයක් පටන් ගන්නා ආකාරය ගැනත් එලෙස පටන් ගත් ව්‍යාපාරය ටිකෙන් ටික ඔප් නංවා ගන්න ආකාරය ගැනත් අපි මින් පෙර ලිපි කිහිපයකින් විස්තර කලා. දැන් ඔබේ පුංචි ස්වයං රැකියා ව්‍යාපාරය ලියාපදිංචි කරන්න කාලය හරි නේද.
 
ඉතින් අද ලිපියෙන් අපි බලමු පියවරෙන් පියවර ඔබගේ සුළු ස්වයං රැකියාව ව්‍යාපාරය ලියාපදිංචි කර ගන්නේ කොහොමද කියලා.

දරුවන්ගේ වර්ධනය මාස 19

ඔබේ ඒක පුද්ගල ව්‍යාපාරය (ස්වයං රැකියා) ලියාපදිංචි කරගන්නා ආකාරය

  1. ඔබගේ ප්‍රදේශයට අයත් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට යන්න. එහි ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයෙට ගොස් ඒක පුද්ගල ව්‍යාපාරයක්  ලියාපදිංචි කිරීමට අවශ්‍ය ෆෝම් කොළ ඉලාගන්න. ඔබට ෆෝම් කොළ දෙකක් ඔවුන් ලබා දේවි. (ඒවාට මිලක් අය කෙරෙන්නේ නැහැ).
  2. මේ සමඟ ඔබ ප්‍රදේශයේ ග්‍රාමසේවක මහතා විසින් ඔබ පුරවාගත යුතු පෆෝම් කොළයක්ද ඔබට දෙනු ඇති.
  3. දැන් මෙම ෆෝම් කොළ වල ඇති විස්තර පුරවාගන්නට ඔබ විසින් මුලපිරිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. 
  4. ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන ලිපි ලේඛන හා පිටපත් මොනවාද?

    i. ඔබ ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ඉඩම් ඔප්පුවේ පත් ඉරුවක් ( මාස 6ක් ඇතුළත ලබාගත් එකක් විය යුතුයි ).
     
    ii. ඉහත සඳහන් කරන ලද භූමියේ හිමිකරු විසින්, ඔබ අදාල ස්ථානයේ අදාල ව්‍යාපාරය පවත්වාගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක්.
     
    iii. ඔබ ව්‍යාපාරය කරන ස්ථානය, අදාල ව්‍යාපාරය සම්බන්ධව පැහැදිලිව පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය වන නාම පුවරුවක් (Name Board එකක්) 
     
    iv. ජාතික හැඳුනුම්පතේ පිටපත් 2ක්
     
    v. උප්පැන්න සහතිකයෙ මුල් පිටපතත්
  5. මීළඟ පියවර වන්නේ පෙරකී උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්, ජාතික හැදුනුම්පතෙහි මුල් පිටපත් හා අතිරේඛ පිටපත් දෙකක් සහ ග්‍රාමසේවක මහතා විසින් පිරවිය යුතු ෆෝම් කොළය සමග ඔබේ ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතා හමුවීමට යාමයි.

    ස්වයං රැකියා

    ග්‍රාමසේවක තුමා/තුමිය, පරිසර සහ සංවර්ධන නිලධාරීන් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණේවි

  6. මෙහිදී ග්‍රාමසේවක මහතා ඔබගේ ලිපි ලේඛන වල අඩුපාඩු බලා සියල්ල පැහැදිළි වූ පසු ඔබගේ ව්‍යාපාරික ස්ථානය නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණේවි. මෙහිදී ඒ පෙර කී කැමැත්ත ප්‍රකාශ ලකල ලිපිය ග්‍රාමසේවක මහතා ඉදිරිපිට (භූමියේ අයිතිකරු විසින්) අත්සන් කර සහතික කරවාගත හැකියි.
  7. මීළඟට පත්ඉරු, උප්පැන්න සහතිකයේ පිටපත්, ජාතික හජාතිකයන් හැඳුනුම්පත් පිටපත් සහ සම්පූර්ණ කරන ෆෝම් කොළ සමග යළිත් ප්‍රාදේශීය කාර්‍යාලයට යන්න. සියළු ලියකියවිලි මනාව සම්පුර්ණ නම් තවත් ෆෝම් කොළ 3ක් ඔබට දෙනු ඇති.
  8. මේ එක් ෆෝම් කොළයක් එක ග්‍රාම නිලධාරී තුමාට/තුමියටම පමණක් දිය යුතුයි.
  9. තවත් ෆෝම් කොළයක් ඔබේ පරිසර නිලධාරී තුමාට/තුමියට පමණක් දිය යුතුයි.
  10. අනෙක් ෆෝම් කොළය ඔබේ සංවර්ධන නිළධාරී තුමාට/තුමියට පමණක් දිය යුතුයි.
  11. පරිසර සහ සංවර්ධන නිලධාරීන් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණේවි. ඒ අනුව වර්තාවක් සකසා ඔබගේ ප්‍රාදේශීය ලේකම් තුමාට යවනු ඇති. පසුව මෙය  ව්‍යාපාර නාම ලියාපදිංචි නිලධාරියා වෙත ලැබෙනු ඇති. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඔබට දැනුම් දෙන කාල සීමාව අනුව සියළු පියවර සම්පුර්ණ වී ඇත්දැයි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් විමසා බලන්න.
  12. අඩුපාඩු නැතිනම් අදාළ මුදල් ගෙවන ලෙස ඔබට දැනුම් දේවි. ඔබේ ව්‍යාපාරයේ ආයොජන මුදල අනුව ගෙවන් මුදල් ප්‍රමානය වෙනස් වේවි. ඔබට දෙන රිසිට්පත අනුව ගෙවී කවුලුවෙන් අදාල ගෙවීම කරන්න.
  13. ස්වයං රැකියා ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා අය කෙරෙන ගාස්තු

    ප්‍රාග්ධන අයෝජනය රු.300,000/- දක්වා වන ව්‍යාපාර සඳහා රු.500/-
    ප්‍රාග්ධන ආයෝජනය රු300,001/- සිට රු.500,000/- දක්වා වන ව්‍යාපාර සඳහා රු.1,000/-
    ප්‍රාග්ධන ආයෝජනය රු.500,000/-ට වැඩි ව්‍යාපාර සඳහා රු.2,500/
    • අයෝජනය කරනු ලබන ප්‍රාග්ධන මුදල සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් දිව යුතු වේ 
  14. මුදල් ගෙවීමෙන් පසු ඔබට තවත් රිසිට්පතක් ලැබෙනු ඇති. එය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට සම්බන්ධ නිලධාරියාටම බාර දෙන්න.
  15. ප්‍රාෙද්ශීය ලේකම් තුමා/තුමිය විසින් විනාඩි කිහිපයකින් ඔබේ ව්‍යාපාරය ලියාපදිංචිය තහවුරු කෙරෙනු ඇති. 

වයසට යාම

ඉතින් ඔබ ටිකෙන් ටික දියුනු කරගත් ඔබේ ස්වයං රැකියා ලියාපදිංචිය කෙරෙන ආකාරය පියවරෙන් පියවර  කෙරෙනුයේ ඔය ආකාරයටයි. මේ ගැන වැඩි විස්තර පළාත් ව්‍යාපාර නාම දෙපාර්තමේන්තුවෙන්ද දැනගත හැකියි.  
 
ඔබත් ඔබේම ව්‍යාපාරයක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින නමුත් කුමක් පටන් ගන්නටදැයි දෙගිඩියාවෙන් සිටින මවක් නම් ඔබේ කුසලතා අනුව ඔබට අදාල ව්‍යාපාරයක් පටන් ගන්නට අවශ්‍ය මගපෙන්වීම අප ලබා දෙනවා. එසේ නම් නොපමාව අඳුරට එළියක් පිටුව තුළින් හෝ 077-8381498 හරහා අප හා සම්බන්න වන්න. 
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මූල්‍ය
  • /
  • තමන්ගේම සුළු ව්‍යාපාරයක් ලියාපදිංචි කරගන්නේ කොහොමද?
බෙදාගන්න :
  • ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

    ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

  • ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

    ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

  • ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

    ගෘහණියකට සීමා නොවී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද?

  • ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

    ඉගෙන ගන්නා වයසේ දරුවන් තුල වර්ධනය කල යුතු ආත්ම ශක්තිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it