theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෙල්ෆි ගන්න ඇබ්බැහි වෙලාද? මෙය ප්‍රභල මානසික රෝග ලක්ෂණයක් විය හැකියි

5 අවම කියවීම
සෙල්ෆි ගන්න ඇබ්බැහි වෙලාද? මෙය ප්‍රභල මානසික රෝග ලක්ෂණයක් විය හැකියිසෙල්ෆි ගන්න ඇබ්බැහි වෙලාද? මෙය ප්‍රභල මානසික රෝග ලක්ෂණයක් විය හැකියි

ඔබ දිනකට සෙල්ෆි හයකට වඩා ගන්නට පෙළඹෙනවා නම් ඔබත් මෙම රෝගයේ වඩාත් අවදානම් ලක්ෂණ දිස් කරනවා විය හැකියි.

2014 වසරේ ලොව පුරා පැතිරුනු ලිපි කතා අතරින් සෙල්ෆිටිස් නමැති අළුත් මානසික රෝගයක් ආශ්‍රයෙන් සෙල්ෆි ගැනීම මානසික රෝගයක් ලෙස හුවා දැක්වූ ලිපියක් මාධය හරහා සීග්‍රයෙන් සංසරණය වුනා.

උන්මත්තක ලෙස කෙලවරක්, තැනක් නොතැනක් නැතිව සෙල්ෆි පින්තූරු ගෙන සමාජ ජාල වල බෙදාහරින අය මෙම තත්වයෙන් පෙළෙන බව ඉන් කියැවුණා.

පසුව මෙම තොරතුරු අසත්‍ය බවට වාර්තා වුනත් ඒ පිළිබඳව නව සමීක්ෂණ සිදු කිරීමට එය පාදක වුනා.

මෙම සිදුවීමෙන් වසර තුනකට පසුව, මෙම තත්වය සැබෑ තත්වයක් බවට පත් වුනේ සෙල්ෆිටිස් යන රෝග තත්වය සත්‍ය රෝග තත්වයක් බවට තහවුරු කරමින්.
මින් පෙනී යන්නේ සෙල්ෆි ගැනීම හා මානසික රෝග අතර ස්ථාපිත වූ සම්බන්ධයක් ඇති බවයි.

සෙල්ෆිටිස් (Selfitis): සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

ඇමරිකානු මනෝචිකිත්සක සංගමය (American Psychiatric Association) APA  ඇත්ත වශයෙන්ම සනාථ කළේ සෙල්ෆි ගැනීම මානසික ආබාධයක් බවයි.
ඔවුන් එම තත්වය “සෙල්ෆිටිස්” ලෙස නම් කිරීම පවා ස්දු කලා.  APA එය මෙසේ අර්ථ දක්වනවා. “යමෙක් තමාගේ ඡායාරූප ගැනීම සහ ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම සඳහා ඇති උමතු ආශාව; තම ආත්ම අභිමානයේ ඇති හිස් බව පුරවාගැනීමේ මාර්ගයක් ලෙසය.
”ඔවුන් මෙම තත්වය මට්ටම් තුනකට වර්ග කර ඇත: සීමාවේ ( borderline), උග්‍ර (acute ) සහ නිදන්ගත (chronic).

සෙල්ෆි පින්තූරු ගැනීම ගැන කථා කරන විට, අවදි වූ මොහොතේ පටන් හෑම මොහොතක්ම, කට උල් කරන් යන යන තැන සෙල්ෆි ඡායාරූප ගන්නායහළු මිත්‍රයෙක් අප හැමෝටම ඉන්නවා නොඅනුමානයි.

යමෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ( Instagram) සෙල්ෆි වල කෙළවරක් නැති ඡායාරූප මාලාව දකින විට මෙහි යම්කිසි ගැටළුවක් ඇති ලෙස අපට පසක් වන්නට ගන්නවා.මෙය කනස්සල්ලට වඩා විනෝදජනක විය හැකියි.

ඔබේ තුළ ඇති සෙල්ෆිටිස් තත්වය කෙතරම් බැරෑරුම්ද?

ඉන්දියාවේ මධුරා හි ත්‍යාගරාජර් කළමනාකරණ පාසලේ සහ එක්සත් රාජධානියේ නොටින්හැම්හි නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් මානසික සෞඛ්‍ය හා ඇබ්බැහි වීමේ ජාත්‍යන්තර සඟරාවේ (International Journal of Mental Health and Addiction) (“An Exploratory Study of ‘Selfitis’ and the Development of the Selfitis Behavior Scale.” ) නව ලිපියක් ප්‍රකාශයට පත් කර තිබේනවා.

එහි මාතෘකාව “සෙල්ෆිටිස්” පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක් සහ සෙල්ෆයිටිස් චර්යා පරිමාණයේ වර්ධනය. ” යනුයි.

මෙම පර්යේෂකයින් සෙල්ෆිටිස් චර්යා පරිමාණයක් (Selfitis Behavior Scale (SBS)) නිර්මාණය කළා.

මෙය තම සෙල්ෆි ගන්නා අයගේ ඇබ්බැහි වීමේ බැරෑරුම්තාව පෙන්වන මට්ටමකට වර්ගීකරණය කළා. 

ඉන්දියාවේ මධුරා හි ත්‍යාගරාජර් කළමනාකරණ පාසලේ සහ එක්සත් රාජධානියේ නොටින්හැම්හි නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් මානසික සෞඛ්‍ය හා ඇබ්බැහි වීමේ ජාත්‍යන්තර සඟරාවේ (International Journal of Mental Health and Addiction) නව ලිපියක් ප්‍රකාශයට පත් කර තිබේනවා.

පළමුවෙන්ම, පර්යේෂකයන් විසින් සාධක කිහිපයක් ඉදිරිපත් කරන ලදී:

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

ඉන්දීය විශ්ව විද්‍යාලවල දෙකක සිසුන් 225 දෙනෙකු සොයාගෙන ඔවුන් සීමාවේ, උග්‍ර හා නිදන්ගත ලෙස වර්ගීකරණය කර ඇත.

සහභාගී වූවන්ගෙන් 34% ක් සීමාවේ ඛාන්ඩයට අයත් වූ අතර, 40.5% ක් උග්‍ර සහ 25.5% නිදන්ගත කාණ්ඩ වලට අයත් වූහ.
කාන්තාවන්ට සාපේක්ෂව මේ තත්වයට මුහුන දුන් පිරිමින්ගේ ප්‍රමාණය වඩා ඉහළ අනුපාතයකි.

පිළිවෙලින් 42.5% ට සාපේක්ෂව 57.5%. වයස අවුරුදු 16-20 අතර තරුණයින් ද වඩාත් අවදානමට ලක් විය.

සහභාගි වූවන්ගෙන් 9% ක් දිනකට සෙල්ෆි 8 කට වඩා ගෙන ඇති අතර 25% ක් අවම වශයෙන් එම සෙල්ෆි 3 ක්වත් සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇත.

සෙල්ෆි සහ මානසික රෝගාබාධ අතර සම්බන්ධය

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්

ඔබත් මෙම රෝගයේ ගොදුරක්ද? ගොදුරක් නම් එම තත්වයේ බැරෑරුම්තාව කෙතරම්ද? පහත නිදසුන් වලින් එය තීරණය කරගත හැකිය.

  1. ඔබ දිනකට සෙල්ෆි ඡායාරූම තුනක් ගන්නවා. නමුත් ඒවා සමාජ මාධ්‍යවල පල කරන්නේ නැහැ. එසේ නම් ඔබ සීමාවේ සිටින ඛන්ඩයට අයත් සෙල්ෆිටිස් රෝගියෙකි.
  2. දිනකට ඔබ අවම වශයෙන් සෙල්ෆි ඡායාරූම තුනක්වත් සමාජ ජාල වල පළ කරනවා. එසේ නම් ඔබ සෙල්ෆිටිස් රෝගයේ උග්‍ර ඛාංඩයට අයත් රෝගියෙකි.
  3. ඔබ දිනකට ඡායාරූප හයක් ගැනීමටත්, ඒවා සමාජ ජාල වල පළ කිරීමටත් පාලනය කළ නොහැකි ආශාවක් අත්විඳිනවා. ප්‍රතිඵලයට සූදානම්ද? මේ ඔබේ ස්වභාවය නම්, ඔබ නිදන්ගත සෙල්ෆිටිස් රෝගයෙන් පෙලෙන්නෙකි.

“සාමාන්‍යයෙන්, මෙම තත්වය ඇති අය ආත්ම විශ්වාසයේ හීනතාවයෙන් පෙළෙන අතර ඔවුන් අවට සිටින අය සමඟ ‘සම වීමට ’උත්සාහ කරන අතර ඒ නිසා මෙම ඇබ්බැහි වීම හා සමාන වෙනත් හැසිරීම් වලටද නතු වන්නට පුළුවන්. ,”

බාලක්‍රිෂ්ණන් නිව්යෝක් පෝස්ට් (New York Post)  පුවත්පතට පැවසූවේ; “දැන් මෙම රෝග තත්වය සත්‍යයක් බවට සනාථ වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

දැන් මෙම උමතු හැසිරීම මිනිසුන් තුළ වර්ධනය වන්නේ කෙසේද යන්න ගැනත් මින් වඩාත් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා කළ හැකි දේ ගැනත් පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ”

සෙල්ෆි ගැනීම මානසික රෝගයක්. මෙම සෙල්ෆිටිස් රෝගයෙන් වළකින්නේ කෙසේද?

සාමාන්‍යයෙන් මනෝචිකිත්සකයින් මානසික රෝගීන්ට සලකන්නේ ඇබ්බැහි වීමකට ලක්වූ රෝගීන්ට සලකන ආකාරයටමය.

එහිදී ඇබ්බැහි වීමට නිරාවරණය වීම අවම කිරීම සහ ඇබ්බැහි වීම මත යැපීම බිඳ දැමෙනවා.

මෙහිදී ජීවිතයේ යථාර්ථය පරීක්ෂාවට ලක් කිරීමක් කෙරෙනවා. ඩිජිටල් ඇබ්බැහි වීම් වලින් මිදීමට උපකාර වනවා.

සමාජ මාධ්ය සමඟ ජීවත් වීම මිසක් සමාජ මාධ්ය මත්තේ ජීවත් නොවීමට උපකාර වනවා.

ඔබේ මනෝචිකිත්සකයින් විසින් නිශ්චිත කාල පරිඡේද හා පරාස වලදී ඔබේ දුරකථනය ඔවුන් භාරයට ගන්නවා.

මුලින් මෙය විහිළුවක් සේ පෙනේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පළමුව මිනිත්තු 10කට පසුව, පසුව විනාඩි 30 කට පසුව. එය ඇත්තෙන්ම එතරම් අපහසු ද?

නමුත් ඔබ ඒ ගැන සිතීමට විරාමයක් ගත් විට, ඔබේ දුරකථනය ස්පර්ශ නොකර පැයක් හෝ දෙකක් (හෝ විනාඩි 10 ක්) අවසන් වරට ගියේ කවදාද?

සෙල්ෆි උමතුව ගැන මෙම ප්‍රකාශය හොඳින් සාරාංශගත කරනවා: මේ මොහොත හොඳින් විඳගන්න. ඔබේ වටිනා කාලය වටිනාකම වැඩි දේවල් වෙනුවෙන් වැය කරන්න.

ජනේලයෙන් පිටත බල්ලන්. ජීවිතය ගැන මෙනෙහි කරන්න.

එමනිසා ඔබ නිරායාසයෙන්ම කැමරා කාචය හරහා ජීවිතය ගසාගෙන යන බවක් පෙනේ නම්, නව ඉදිරිදර්ශනයක් එකතු කරගන්න.
සමාජ මාධ්‍ය වල අවම කාලයක් ගත කිරීමට උත්සාහ කරන්න.

අන් අයගේ අනුමැතිය හෝ විවරණය ලබා නොගෙන ජීවිතයේ හොඳම අවස්ථාවන් ගත කරන්න ඔබම තෝරාගන්න. ඔබේම ජීවිතය ඔබම වර්ධනය කරගන්න - අන් අයගේ ඇස් ඉදිරිපිට එම ඇස් පිනවීම වෙනුවෙන් ජීවත් නොවන්න.

මූලාශ්‍ර: Telegraph UK

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මානසික ගැටළු
  • /
  • සෙල්ෆි ගන්න ඇබ්බැහි වෙලාද? මෙය ප්‍රභල මානසික රෝග ලක්ෂණයක් විය හැකියි
බෙදාගන්න :
  • දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කල යුත්තේ කෙසේද ?

    දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කල යුත්තේ කෙසේද ?

  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

  • දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කල යුත්තේ කෙසේද ?

    දරුවාගේ මානසික අසහනය සමග කටයුතු කල යුත්තේ කෙසේද ?

  • පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

    පසු-ප්‍රසව විශාදය (Postnatal Depression) නිසා ඔබත් කනස්සල්ලෙන්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it