ගර්භණී සමයේ වේදනා අතරින් කොන්දේ වේදනාව බොහෝ මව්වරුන් අත්දකින තත්වයක්. ඉතින් මොකද්ද මේ පහළ කොන්දේ වේදනාව?
ඉතින් මේ තුනටිය වේදනාවට හේතු වන්නේ කුමක්ද කියාත්, එය සිදුවන්නේ ඇයි කියාත් ඊට කළ හැකි ප්‍රතිකාර මොනාවද කියාත් වැඩි විස්තර විමසා බලමු.
ගර්භණී සමයේ වේදනා: කොන්දේ වේදනාව
ගර්භණී සමයේදී යටි කොන්දේ වේදනාව බහුලව දක්නට ලැබෙන අතර බොහෝ විට තුන්වන ත්‍රෛමාසිකයේදී මෙය අත්දකින්නට ලැබෙනවා. මෙම වේදනාවට හේතුව සාමාන්‍යයෙන් සිම්ෆයිසිස් පියුබිස් ඩිස්ෆන්ෂන් නොහොත් symphysis pubis dysfunction (SPD) ලෙස හැඳින්වෙනවා.
Pubis symphysis නැතහොත් යූනිකාස්ථියෝගය යනු කාන්තාවගේ යූනිකාස්ථි දෙක ඉදිරිපසින් එකට බැඳී ඇති අස්ථිබන්ධයයි. ගර්භනී අවධියේ පසු කාලයේදී ශරීරය ලිහිල් කරන හෝමෝනයක් වන රිලැක්සින් (relaxin) හෝමෝනය ඉහළ මට්ටමකින් නිපදවනු ලබනවා. මෙය ගැබිනි මවගේ සන්ධි සහ අස්ථි කොටස් මෘදු කිරීමට, ලිහිල් කිරීමට උපකාරී වනවා. මේ දරු ප්‍රසූතිය සඳහා මවගේ ශරීරය සූදානම් කිරීමේ ක්‍රියාවලියෙන් කොටසක්.
කෙසේ වෙතත්, මෙය ශ්‍රෝණියෙහි සන්ධි අසමාන ලෙස චලනය වීමට හෝ මාංශපේශි ක්‍රියා කරන ආකාරයෙහි වෙනස්කම් ඇති කිරීමට හේතු වන්නට පුළුවන්.
පින්තූරය: WIKIPEDIA
ගර්භණී සමයේ වේදනා: යටි කොන්දේ වේදනාවේ රෝග ලක්ෂණ
ගර්භණී සමයේදී යටි කොන්දේ වේදනාවේ වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ:
- ශ්‍රෝණි පෙදෙසෙහි සහ තුනටියේ වේදනාව
ඇඳෙන් නැගිටීම, පඩි පෙළ ඉහළට හෝ පහළට ඇවිදීම, එක් කකුලක් මත සිටගෙන සිටීම (නිදසුනක් වශයෙන්, ඔබේ කලිසම ඇඳීමට) හෝ දෙපැත්තට පෙරළීම වැනි චලනයන් දුෂ්කර හා වේදනාකාරී විය හැකිය. රාත්‍රියේදී වේදනාව තවත් උග්‍ර විය හැකිය.
-
යූනිකාස්ථි ප්‍රදේශයේ ඉදිමීම
-
යටි කොන්දේ එක් පසක් හෝ දෙපසේම වේදනාව
-
ඔබේ යෝනි මාර්ගය සහ ගුදය අතර පෙදෙසෙහි වේදනාව (perineum)
-
ඇවිදින විට පැද්දීම (ශ්‍රෝණි අස්ථි ලිහිල් වීම හේතුවෙන්)
-
ඔබ ඇවිදින විට හෝ චලනය වන විට ශ්‍රෝණි ප්‍රදේශයේ ඇඹරෙන ආකාරයේ වේදනාවක් සහ සංවේදීතාවයක් ඇති වේ
-
කලවා වල ඇතුළත හෝ කකුල් දෙක අතර වේදනාව.

ගර්භණී සමයේදී ඔබට ඇතිවිය හැකි යටි කොන්දේ වේදනාව වැඩි වීමට හේතු:
- කලින් වතාවේ ගැබිනි සමයේදීද තුනටිය වේදනාව
- ඔබට ලැබෙන්නට ඉන්නේ නිවුන් දරුවන් නම්
- මෙය ඔබේ පළමු දරුවා නොවේ නම්
- ගැබ් ගැනීමට පෙර ඔබ අධික බරින් යුක්ත වී නම්
- ඔබේ දරුවා පමණට වඩා විශාල නම්
- ඔබට මීට පෙර ඔබේ ශ්‍රෝණි ප්‍රදේශයට හානි වී ඇත්නම්
ගර්භණී සමයේදී කොන්දේ වේදනාව සඳහා ප්‍රතිකාර
- ඔබේ කොඳු ඇට පෙළ, උදරය, ශ්‍රෝණි ඉඟටිය, උකුල සහ ශ්‍රෝණි මාංශපේශි ශක්තිමත් කිරීමට ව්‍යායාම උපකාරි වේ.
ඔබේ ශ්‍රෝණි මාංශපේශි සඳහා ව්‍යායාම කරන්නේ කෙසේද:
- සුවපහසු ස්ථානයක ඔබට සුවපහසු ආකාරයෙන් වාඩි වී, සිටගෙන හෝ හාන්සි වී සිටින්න.
- ඔබේ ශ්‍රෝණි මාංශපේශි මිරිකා ගන්න. මෙය සිදුකරන්නේ ඔබ මුත්‍රා පහකරමින් සිටියදී එය නවත්වාගන්නට එම මාංශපේෂි මිරිකාගන්නා ආකාරයෙනි.
- මේ ආකාරයෙන් තත්පර 10ක් දක්වා මාංශපේෂි මිරිකාගෙන සිටින්න. ඉන්පසු ලිහිල් කරගන්න. මෙය නැවත නැවතත් 10 ගමනක් කරන්න.
- මෙම අභ්‍යාසය දිනකට තුන් හතර වරක් කරගන්න. හුස්ම අල්ලාගෙන හෝ කකුල් එකට මිරිකීමෙන් තොරව මෙම ව්‍යායාම කට්ටලය පහසුවෙන් කරගත හැකියි.

දිගු කාලයක් හිටගෙන සිටීමෙන් වළකින්න. මෙය ශ්‍රෝණිය මත අමතර පීඩනයක් ඇති කරයි. ඇවිදින විට පැතලි, ආධාරක සහිත සපත්තු පළඳින්න.
රාත්‍රියේදී වේදනාව වැඩි වනවා නම්, ඔබේ කකුල් අතර කොට්ටයක් තබාගෙන පැත්තට හැරී නිදා ගැනීමට උත්සාහ කරන්න.
- ඔබට හැකි සෑම විටම විවේක ගන්න. ඔබේ සහකරු, පවුලේ අය සහ මිතුරන්ගෙන් ගෙදර දොරේ වැඩ සඳහා උදව් ලබා ගන්න. විශාල ගමන් මළු හෝ කුඩා දරුවන් ඉසිලීමෙන් වළකින්න.
බොහෝ අවස්ථාවන්හීදී, තුනටිය වේදනාව දරු ප්‍රසූතියෙන් ටික කලකට පසු පහව යනු ඇත. නමුත් කලක් යන තුරු වේදනාව පවතී නම් සහ සුවයක් දැනෙන්නේ නැත්නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුය. ඔබේ වෛද්‍යවරයා එක්ස් කිරිඅණ මගින් ඔබව තවදුරටත් නිරීක්ෂණය කර ශ්‍රෝණි මාංශ පේශි තවත් ශක්තිමත් කිරීම සඳහා අතිරේක ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කළ හැකිය.
(මූලාශ්‍ර: NHS, VeryWellFamily)
පරිවර්තනය: නිලූෆ පෙරේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.