බබාට ලස්සන කොට්ට උරයක් මහමුද?

බබාට ලස්සන කොට්ට උරයක් මහමුද?

බබාට ලස්සන කොට්ට උරයක් මහන්නේ ම‌ෙහ‌ෙමයි.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

බබාට ලස්සන ‌කොට්ට උරයක් මහන්න කියා ‌දෙන්න අද එකතු ‌වෙන්න‌ේ අනූෂා ජවනී මහත්මියයි. ‌

ඒ සම්බන්ධය‌ෙන් ඇයගේ උපදෙස් ම‌ෙ‌ෙසේ ඔබ ‌වෙත ‌ගෙන එනවා.

කොට්ට උරයක් මහමු

මුලින්ම ඔයාලා ලඟ තියෙන කොට්ටේ සයිස් එක මැනගන්න. 

ඊටපස්සේ ඒ  මැනගත්තු ප්‍රමාණයට වඩා අඟල් එකාමාරක් ව් රෙදි කැබැල්ල වැඩියෙන් කපාගන්න.

මම එහෙම වැඩියෙන් කපාගන්න කිව්වේ වටෙ මහන්න ඕනෙ මැහුම් වාසි තියන්නයි.

 පිටිපස්සෙ පලුව බලමු. මම කොට්ට උරය මහලා පටි වලින් ගැට ගහන්න ආස නැහැ.

ඒ නිසා පිටිපස්සෙ පලුව කෑලි දෙකක් වෙන්න කපා ගන්න.

ඒ කොට්ටෙ දාන්න ඉඩක් ඕනෙ නිසායි. ඔයාලට කැමති විදියට පිටිපස්සෙ ජොයින්ට් එක කැමති තැනක තියාගන්න පුළුවන්.

මැද වුනාත් කමක් නැහැ. මම ටිකක් උඩට වෙන්න ජොයින්ට් එක තිබ්බා. පිටිපස්සෙ ජොයින්ට් එක එන තැන වාටිය මහගන්න.

වාටිය මහලා ඉවර වුනාට පස්සේ ‌මේ කෑලි දෙක එකක් උඩ එකක් තියලා කට්ටක් ගහගන්න. එහෙම නැත්නම් පොඩි මැහුමක් දාගන්න. (ලේසියටයි එහෙම කරන්න කිව්වේ)

ඔයාලට කැමති නම් රෙද්ද ටිකක් වැඩිපුර ඇතුලට තියලා මහගන්නත් පුළුවන්. එහෙම කරනවා නම් රෙදි කෑල්ල ටිකක් වැඩියෙන් කපාගන්න.

දැන් තිය‌ෙන්න‌ේ කොට්ට උර‌ෙයේ ඉස්සරහ පලුව හදන්න. පිටිපස්ස පලු⁣ව නම් ලෑස්තියි.

දැන් ඉලඟට කොට්ට උරරය  ටිකක් ලස්සන කරගමු. කොට්ට උරය මහගන්න කලින් ‌මේ වගෙ ඩිසයින් කරගන්න ඕනිි.  එතකොට ගොඩාක් පහසුයි.

මම කොට්ට උරෙ කැපුවෙ ප්ලෙන් රෙදි කෑල්ලකින් ඒත් දුව‌ෙගේ කොට්ට උරය නිසා  පාට ටිකක් ආවොත් හොඳයි කියලා මට හිතුනා. 

 එක උරයකට පාට 3 වෙන්න ගෙදර තිබුනු රෙදි කෑලි වලින් පාට තොරගත්තා. මම කොට්ට උ⁣ර දෙකක් මැහුවා.

මගෙ දුව හාට් වලට ගොඩාක් කැමති එ නිසා මම එයා කැමති විදියටම කොට්ටෙ උරය මහන්න කියලා හිතුවා.

කොට්ට උරය හැඩ කරමු

 හාට් කපාගමු. ගනකම් කොලයක් අරගෙන ⁣ලොකුවට හාට් එකක් කපාගන්න.

කිරිපිටි පෙට්ටි නම් ගොඩාක් හොඳයි. කපාගත් කොලෙ තියලා රෙදි කෑල්ල පැන්සලක් පාවිච්චි කරලා ඇඳගෙන එකින් එක කපාගන්න.

හැබැයි අඟලක් වගෙ වැඩිපුර තියලා කපාගන්න. දැන් කොගෙ අයින් කරලා ඇඳගත් පැන්සල් මාක් එක ලන්වෙන්න අඟලක් වෙන්න වටේම කපාගන්න.

පැන්සල් ඉර ඇතුලට නම් යවන්න එපා පිටට විතරයි කපන්න.( එහෙම අඟලෙන් අඟල කපා ගන්න කිව්වේ අයන් කරනකොට ගොඩාක් ලේසියෙන්ම අයන් කරගන්න පුළුවන් නිසයි .

අනිවාර්යයෙන්ම දැන් ‌මේ කපාගත් රෙදිකෑලි ටික අයන් කරගන්න ඕනේ. අයන් කරනකොට කපාගත් කඩදාසිය තියලා වටෙ අඟලෙන් අඟල කපාගත්තු ටික නමලා අයන් කරගන්න.

ඊට පස්සේ ඉස්සරහ පලුවට මෙ අයන් කරගත් හාට් රෙදිකෑලි 3 ඔයාලා කැමති විදියට කොට්ට උරෙට තියලා වටෙ කටු ගහගන්න. එහෙම නැත්නම් නුලක් ඇදගන්න.

දැන් තියෙන්නෙ හෙමින් හෙමින් අවුට් ලයින් කරගන්න කැමති විදියට.

දැන් ඉතින් ඉස්සරහ පලුවයි පිටිපස්සෙ පලුවයි එකට තියලා මහගන්න. කැමති නම් වටෙ ඕලොක් කරගන්නත් පුළුවන්. මෙ විදියට තමයි මම කොට්ට උර දෙක මහාගත්ත‌ේ.

බබාට ‌කොට්ට උරයක් මහගන්න එක අමාරූ නැහැ ‌නේද?

බබාට ලස්සන කොට්ට උරයක් මහමුද?

ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් ගොඩාක් කරණා බලාපොරොත්තු වෙමු