පිරිමින් තුළ ලිංගික පිබිදීම අදියර 5 කින් සිදුවෙනවාලු

 පිරිමින් තුළ ලිංගික පිබිදීම අදියර 5 කින් සිදුවෙනවාලු

ලිංගික එක්වීමකදි පුරුෂයින් පසු කරගෙන යන අදියර 7 ක් ගැනයි ‌මේ.

ලිංගික හැඟීම් වයස හා වගකීම් එක්ක වයසට යනවාද? දරුවන් ලැබීමෙන් පසු ලිංගිකව හැසිරීම දිගටම යන්න ටිකක් අසීරුයි තමයි.

නමුත් ඔබේ සැමියා පිබිදීමේ උපරිම  අදියරට ගෙන ඒමට උත්සාහ කරන්න. 

සෙක්ස් නැතිනම් ලිංගිකත්වය කියන්නේ  විවාහයක වැදගත් අංගයක්. මුල් දිනවල එකට ලිංගිකව එකතු වීම බොහෝ දෙනා අතපසු කරන්නේ නැහැ.

නමුත්, කාලයත් සමඟ එය දුරස් වී යනවා. දරුවන් ලැබීමෙන් පසු, ලිංගිකව හැසිරීමට කාලය හා ශක්තිය සොයා ගැනීම වඩ වඩාත් දුෂ්කර වෙනවා.

ඒ වගේම මුල් දිනවල පැය ගණන් සරාගීව වෙලී සිටි ඔබ දෙපල දැන් සියල්ල විනාඩි දහයකින් අවසන් කරනවා. 

 පිරිමින් තුළ ලිංගික පිබිදීම අදියර 5 කින් සිදුවෙනවාලු

ලිංගික හැඟීම් පිබීදීම පෙන්වමින් ශිෂ්ණය ඍජු වීම

කාන්තාවනි මට ඔබට දෙයක් තදින් කියන්න අවශ්‍යයි. 

ඔබේ නොපෙනෙන තෘප්තිය ලබා දීමට පිරිමින් ගෙන් සැලකිය යුතු බහුතරයක්, ස්ත්‍රීන්ගේ ව්‍යුහ විද්‍යාව හා කායික විද්‍යාව වචනානුසාරයෙන් 'අධ්‍යයනය' කරනවා.

අපි සංවේදී ජී ස්පොට් (G spot) එක සොයාගන්න බොහෝවිට අසාර්ථක උත්සහයන් කිහිපයක් පසු කර යනවා.

නමුත් අපි අත්හරින්නේ නැත. ඔබෙන් කී දෙනෙකුට ඒ දේම  කරන්න පුළුවන්ද?

ඔබේ සැමියාට සරිලන ක්‍රමය සොයාගන්න උත්සහ කරන්න පුළුවන්ද? මේ මම ඔබට දොස් පවරනවා නොවේ සැබෑ යථාර්තය ඔබට පෙන්වා දෙනවා පමණයි.

පිරිමින්ගේ පිබිදීම ඇතුලු සියල්ල පැහැදිලියි. කෙසේ වෙතත්, උද්දීපනයන්  ඇති වී පසුව, උද්දීපනයන් ඇතිවෙනවා.

ඔබ මෙන්ම ඔබේ සැමියාටද විවිධාකාරයේ උද්දීපනයන් ඇතිබව කිව්වොත් ඔබට පුදුම හිතෙනවා නේද?

ඒ ගැන ඔබ පුදුම වනු ඇත. එය ක්‍රියාත්මක කරන  හා ක්‍රියා විරහිත වන්නක් පමණක් නොවේ.

ශිෂේණය ඍජු වීම යනු පිබිදීම පෙන්වන්නක්ද වෙනවා. එනම් ඔබේ සැමියා සම්පූර්ණයෙන්ම පිබිදී සිටිනවා.

ශිෂ්ණය ඍජු වීම පුරුෂයෙකුගේ පිබිදීමේ අදියර හතෙන් දෙවැන්නයි.

පුරුෂයෙකුගේ ලිංගික හැඟීම්  පිබීදිමේ අදියර 7

 පිරිමින් තුළ ලිංගික පිබිදීම අදියර 5 කින් සිදුවෙනවාලු

මෙහි ඇති කාරණා විද්‍යාත්මක සොයාගැනීම් මත පදනම් වී නැහැ. මේ සෙසු පියවරුන් හා කතා බහ කර එකතු කර ගත් තොරතුරු සමුහයක්. 

පිබිදීමේ අදියර 7 ක් පමණ ඇති අතර ඒවා පිබිදවීමේ යන්නේ ඉංග්‍රීසි වචනය වන AROUSAL යන්න මත පදනම් වී තියෙනවා.

  • A for accords - පිබිදීමේ මූලික අදියරයි. මෙහිදි පුරුෂයා තමන් පෙළඹෙන දේ ගැන සිතන අතර ඔහුගේ මනස එයට එකඟ වේ හෝ ඒ සඳහා සූදානම් වෙනවා (accords for it).
  • R for respond - මනස ඒ සදහා සුදානම් වු විට, ඔබේ සහකරුගේ ශරීරය එයට ප්‍රතිචාර දක්වනවා. ඔහුගේ හුස්ම ගැනීමේ වෙනසක්, ශරීර උෂ්ණත්වයේ සුළු වැඩිවීමක් සහ ශිෂේණය ඍජු වීමක් ඔබට මෙම දෙවන අදියරේදි දකින්න පුළුවන්.
  • O for open up - ඔහු ඍජු විය හැකි නමුත් ඊළඟ පියවර වන්නේ ඔහු විවෘත වීමයි. එහිදි ඔහු අන්යෝන්ය සතුට ගැන සිතන්න ගන්නවා.
  • U for urgency  - මෙහිදි ලිංගිකව හැසිරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති වෙනවා.  බොහෝ යුවළයන්, පූර්ව ලිංගික ක්‍රියා කාරකම් අවසන් කර ලිංගික ක්‍රියාව ආරම්භ කරන අතර කනගාටුදායක ලෙස එය අවසන් වෙනවා. මදක් බලා සිටීමෙන් හා ඔහුව තව තවත් අවදි කිරීමෙන් හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 
  • S for slows down - ඊළඟ අදියර වන්නේ සැමියාගේ වේගය අඩු කිරීමයි. මුලික ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ඔහුට වඩා වැඩි විනෝදයක් ගත හැකි බව ඔහු තේරෑම් ගනිවි.නැතහොත් ඔබ දැනටමත් ලිංගිකව හැසිරී ඇති නම්, ඔබ නිවැරදි ලෙස ක්‍රියා කළහොත්, ඔහු සුරාන්තය දක්වා ඉක්මනින් ගමන් නොකිරීමට වග බලා ගන්න.ඒ මගින් ඔබ දෙපළගේ  සතුට වැඩි කරගන්න පුළුවන්.
  • A  for Agony - මෙය ලිංගික පිබිදීමේ හයවන අදියර වෙනවා. මෙම අදියරේදී, දැනටමත් ශුක්‍රාණු පිට නොවූ පිරිමින්ට එය පාට වෙනවා. එහෙත් මෙය අවසාන අදියර නමි නොවේ.
  • L for life   - මේ අවසාන අදියර වෙනවා. උපායශිලීව ලිංගික ඇසුරේ යෙදෙන අය මෙම අදියරේදී  ජීවිතයේ සතුට සහ සියලු පැවැත්මන්හි අවසාන සතුට, කෙටි තත්පර කිහිපය තුළ තේරුම් ගන්නවා.

ලිංගිකව හැසිරීමට පෙර ලිංගික හැඟීම්  පිබිදීමේ අවසාන අදියරට ලගාවීම

ඔබේ සැමියා බොහෝ විට 2 වන අදියරෙන් ඔබ්බට දන්නේ නැහැ.

 ඔහු හිමාලය ගොස් බන භාවනා කරන්නේ නැතිනම් ඔහුට ඔබත් එම අදියරට ලගාවීම අවශ්‍ය වෙනවා.

  එනම් ඔබ ඔහු සමඟ සිටීමට තෝරාගත් නිසා පමණක් නොව ඔහු සදාකාලයටම නමස්කාර කරන දේවතාවිය වීමට ඔබට අවස්ථාවක් ලැබී තියෙනවා.

ක්‍රමවේදය හරිම සරලයි - පෙනීම, සුවඳ, ඇසීම, රසය සහ ස්පර්ශය යන ඔහුගේ සියලු සංවේදීතාවන් අවදි කිරීමට උත්සාහ කරන්න.

 ඔබ වෙනස් යමක් කරන්න අවශ්‍ය නැහැ. කරන දේවල් වෙනස් විදියට කරන්න. දේවල් වෙනස් විදියට කරන්න.

ඉතින් ඔබට විනාඩි 5 කින් ඒ සියල්ල කරන්න බැහැ නේද? ඒ නිසා ඔබට වේලාසනින් අවදි වීමට අවශ්‍ය නැති දිනයක උදේ අවදි වී උදෑසන ලිංගික ඇසුර භුක්ති විඳින්න.

ඔබේ සහකරුට උපරිම තෘප්තියක් ලබා දීමට ඔහුව අවදි කරන ආකාරය මෙන්න

 පිරිමින් තුළ ලිංගික පිබිදීම අදියර 5 කින් සිදුවෙනවාලු

1.ඔහුගේ නාසය උත්තේජනය කරන්න. ජලයේ ගිලි ස්නානය කර ඔබේ ශරීර සුවඳ එක්ක ස්වභාවිකව යන සුවඳ වර්ග කිහිපයක් භාවිතා කරන්න.

පුරුෂයන් පැඟිරි හා ඔෂන් සුවඳ වලට කැමතියි. හැකි නම්, මල් සුවද භාවිතා කරන්න එපා.

ඒවා ස්වාභාවිකවම මිනිස් ඇපොක්‍රීන් ස්‍රාවයන් සමඟ මිශ්‍ර වෙන්නේ නැහැ.

2.ඔහු ඉදිරියේ පෙනී සිටින්න.

ඔබ ඔබේ ශරීරය  ගැන නොසංසුන්තාවයක් ඇතිනම් සහ විදුලි පහන් නිවා දමා සම්බන්ධතාවය පවත්වන්නේ නම් ඔබ ඔබේ සැමියාගේ දර්ශන උත්තේජනය අහිමි කරනවා.

ලේස් සහ දිලිසෙන දේවල් සිත් ඇදගන්නා සුළු වෙනවා.

ඔබ ප්‍රසුතියෙන් පසු තවම බර අඩු කර නොමැති නම්, අඳුරු වර්ණ තෝරා ගන්න.

ඔබ ප්‍රමාණයෙන් කුඩා නම්, ලා වර්ණ භාවිතා කරන්න. ඇදුම් වලින් සැරසෙන්න ඔබ ඉන් ඔබ්බට සතුට සොයා යන විට නිරුවත් වෙන්න.

3.රස බලන්න ඉඩ දෙන්න.  ඔහුගේ දිවෙන් ඔබව ගවේෂණය කිරීමට ඔබේ සහකරුව දිරිමත් කරන්න.

ඔහු සවන් යොමු කරන්නේ නම් , ඔහු ඔබට  කුමක් කිරීමට අවශ්‍යදැයි පවසමින් ඔහුට මඟ පෙන්වන්න.

එසේ නොවේ නම්, ඔබේ ශබ්දය ඔහුට මග පෙන්වාවි. ඔහු එසේ කිරීමට මැළිවන්නේ නම් ඔබට රසකාරක ලිහිසි භාවිතා කරන්න පුළුවන්.

ඔබව අවදි කිරීමේ ක්‍රියාව ඔහුව අවදි කරනවා.

4.ස්පර්ශ කරන්න.

ඔබේ ඇඟිලි තුඩු සහ නියපොතු හොදින් භාවිතා කරන්න.

කලවා ඇතුලත, වෘෂණ කෝෂය, ශිෂේණය ඍජු පැත්ත සහ ශිෂ්ණ මුණ්ඩය ස්පර්ශය කරන විට සංවේදී වෙනවා.

මේ සදහා තොරතුරු ලබා දුන් පියවරු කිහිප දෙනෙක් ඔවුන්ගේ හවුල්කාරියන් විසින් සැටින් දක්ෂ ලෙස භාවිතා කිරීම ගැන පැවසුවා.

ඇත්තටම මෙහිදි මෘදු වන්න. විශේෂයෙන් ශිෂ්ණ මුණ්ඩයට දත් භාවිතා කරන්න එපා.

5. ඇසෙන්න දෙන්න - ඊළඟ අදියරට යන්න නම් ශබ්ද සගවා ගන්න එපා.

මේ නිවස අවදි කරන්න, හෝ ව්‍යාජ ශබ්ද නගන්න කියනවා නොවෙයි.

නමුත් ඔහුගේ ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වීමට අවංක වන්න. ඔහු කැමති නම් නරක වචන කීම හෝ අවශ්‍යතාවය ඔහු සමග පැවසීම කරන්න.

ඔබ ලිංගිකව හැසිරෙන විට, කිසිම දෙයකට ඉක්මන් වන්න එපා. සරාගීත්වය යනු එකිනෙකාගේ ඇඳුම් ඉරා දැමීම පමණක් නොවේ.

ඔබේ සහකරු හදිසි වෙන අවස්ථාව පසු කරන තෙක් බලා සිට ලිංගිකව හැසිරෙන්න.

ඉන්පසු  ඔබ නැවත කිසි දිනෙක එකම පැරණි කම්මැලි ලිංගික එක්වීමකට නම් යන එකක් නැහැ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.

Written by

Anay Bhalerao