සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

සී ‌සේරියන් සැත්කමින් පසු යලිත් ලිංගික ජිවිතය පටන් ගැනීමට උපදෙස්

ඔබ මෑතකදි මුහුණ දුන් සිසේරියන් එකට පසුව ලිංගික හැසිරීම ගැන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

ඇත්තට සීසේරියන් එකකට පසු ඔබට නැවත ලිංගික ජිවිතය පටන් ගන්න පුළුවන් කවදාද?

සාමන්‍ය දරු උපතකදි මෙන් ඉක්මනින්ම ඔබ සැමියා හා ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා සමහර විට ඔබ හිතනවා ඇති නේද?

මේ ඔබට දැනුම ලබා දීම ‌වෙනුවෙන් කරන සොයා යාමකි.

ඉස්සර සීසේරියන් සැත්කමක් කියන්නේ මීට දශක කිහිපයකට පෙර ලොකු අවදානමක් වුනා.

ඒත් දැන් වෙන විට සිරුරින් පහල අර්ධය පමණක් නිර්වින්දනය කර පියවි සිහියෙන් යුක්තව ඒ සැත්කමකට මුහුණ දෙන්න කාන්තාවන්ට පුළුවන් වෙලා තියෙනවා. 

ඒ නිසාම අද වෙන විට සිදු කරන සීසේරින් සැත්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා.

සිරුර විවෘත කරන දරු ප්‍රසුතිය එක්ක ඔබට යලිත් සාමාන්‍ය ලිංගික දිවිය පටන් ගැන්ම අභියෝගයක් වේවිද? නැතිනම් ඒ සදහා සුදුසු නියමිත කාලය කුමක්ද?

සිසේරියන් එකට පසුව ලිංගික හැසිරීමට පෙර යම් කාලයක් සිටිය යුත්තේ ඇයි?

වැජිනිස්මස් vaginismus

සාමාන්‍යයෙන් සීසේරියන් සැත්කමකින් පසු ඒ සදහා ඇති කරනු ලබන තුවාල සුව වී යථා තත්වය පත්වීමට සති 6 ක් පමණ ගත වෙනවා.

සති 6 කට පසු ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ්වයිෆ් මිස් විසින් ඔබේ තුවාල නිසි ලෙස සුව වී ඇති ද යන්න පරීක්ෂා කරනු ලබනවා

ඒ වගේම සැත්කමින් පසු යෝනි මාර්ගයෙන් සිදු වු රුධිර වහනය නතර වී ඇති දැයි පරීක්ෂා කරනු ලබනවා.

බොහෝ කාන්තාවන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් සීසේරියන් සැත්කමක් සිදුවු වහාම සිය සුපුරුදු ලිංගික ජිවිතය ආරම්භ කල හැකියැයි සිතනවා.

එයට හේතුව වන්නේ සීසේරියන් සැත්කමකදි ගර්භාෂය තුල ඇති රුධිරය ඉවත් කරන නිසා පසුව රුධිර ගැලීමක් සිදුනොවේ යැයි ඔවුන් විශ්වාස කරන නිසයි.

නමුත් සත්‍ය ඉන් ටිකක් දුර ඈතයි.  වැදෑමහ ගර්භාෂයට සවි වි තිබු ස්ථානයෙන් රුධිර වහනයක් සිදුවෙනවා.

දරුවා බිහිකල ආකාරය කුමක් වුවත් මේ රුධිර වහනය සිදුවෙනවා.

ගර්භාෂයේ අභ්‍යන්තරය සුව වීමට සහ නැවත ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම වැසී යාමට සාමන්‍යයෙන් සති හයක් පමණ ගත වෙනවා. 

මේ නිසාම සියලුම කාන්තාවන්ට දරු ප්‍රසුතියෙන් සති 6 ක් ඉක්මවන තුරු ලිංගික හැසිරීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දෙනු ලබනවා.

වැළකිය යුතු ලිංගික ඉරියව්

සාමාන්‍යයෙන් සති හයකට පසු  ඔබ හා ඔබේ සහකරුට නැවත ලිංගක ජිවිතය ආරම්භ කිරීමට පෙර දැන ගත යුතු කරුණු හා සලකා බැලිය යුතු සාධක කිහිපයක් තියෙනවා. 

උදාහරණයක් ලෙස ඔබේ කැපුම් තුවාල තවමත් මෘදු නම් නම්, මිෂනාරි ඉරියව්වෙන් එම තුවාලය මත අධික ලෙස පීඩනය යෙදෙනවා.

ඒ නිසා එය හානිකර යැයි වේ යැයි ඔබ කනස්සල්ලට පත්වෙන්න පුළුවන්.

මෙම තුවාලය හා ඍජුව සම්බන්ධ වීම වළක්වා ගැනීම සඳහා කාන්තාව ඉහලින් සිටින ඉරියව්ව හෝ  පිටුපසින් ප්‍රවිෂ්ට වීමේ ඉරියව්ව ඔබට භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

බොහෝ කාන්තාවන්ට සති හයෙන් පසු කැපුම් සලකුණ සුව වී ඇති නමුත්, ඒ මත පීඩනය ඇතිවෙන විට හිරිගතියක් ඇතිවීම තවමත් අවස්ථාවක් තිබෙනවා.

ඔබට දැඩි වේදනාවක් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

ගුද සංසර්ගය

සිසේරියන් එකට පසුව ලිංගික හැසිරීම හා යෝනි ලිහිසි කිරීම

ශේෂයෙන් මව්කිරි දීම හෝ හෝමෝන උපත් පාලනය කිරීම කරන බොහෝ මව්වරුන්ට ලිහිසි කිරීම සම්බන්ධයෙන් යම් ගැටළු තියෙන්න පුළුවන්.

මේ නිසා වේදනාවෙන් තොර ලිංගික එක්වීමක් සදහා  ඔබට යෝනි ලිහිසිකාරක අවශ්‍ය වෙන්න පුළුවන්.

ඇත්තටම ඔබ මිලදී ගන්නා ලිහිසි තෙල් භාවිතා කිරීමට අමතරව, ඔබේ ශරීරය ස්වභාවිකව නිපදවන ලිහිසිකරණ ප්‍රමාණය වැඩි කිරීමට කල හැකි ‌දේවල් ඔබ දන්නවාද?

ඒ සදහා ලිංගික හැසිරීමකට පෙර සිදුවෙන ක්‍රියාකාරකම් උදව් වන බව මතක තබා ගන්න.

ඒ නිසා වැළඳගැනීම්, සිපගැනීම්, සම්බාහනය සහ තවත් බොහෝ දේ ඔබගේ ලිංගික ජිවිතය තුලට ඇතුල් කරගැනීමට වග බලා ගන්න.

අලුත උපන් දරුවෙකු සදහා ඔබට වැඩි කාලයක් වැය කරන්න වෙනවා තමයි, නමුත් දවස පුරා ඔබේ සහකරු ස්පර්ශ කිරීම වැනි ක්‍රියාකරකම් වලින් ඔහු හා සම්බන්ධ වෙනන් උත්සාහ කරන්න.

ඇවිදින විට අත් අල්ලා ගැනීම, රාත්‍රී ආහාර වේලෙහි කකුල් ස්පර්ශ කිරීම හෝ ඔබ දරුවාට මව්කිරි දෙන අතරතුර දෙදෙනා සෝෆාව මත තුරුලු වී නිදා ගැනීම මේ සදහා උදාහරණයි.

මේ පුංචි පුංචි  දේවල් ඔබගේ ආදරය හා සහයෝගය පිළිබඳ හැඟීම් වලට උපකාරී වන අතර ලිහිසිකරණය වැඩි කිරීමට උපකාරී වෙනවා.

සිසේරියන් එකට පසුව ලිංගික හැසිරීම පියයුරු වලින් මව්කිරි වෑස්සිම

ඔබ මව්කිරි දෙන මවක් නම්, ලිංගික හැසිරීමේදි හා පුර්ව ක්‍රියාකාරකම් වලදී මව්කිරි වෑස්සෙන්න පුළුවන්.

මෙය සාමාන්‍ය දෙයක් වන අතර එය ඔබේ කිරි සැපයුමට බලපෑම් කරන්නේ හෝ මව්කිරි නරක් වන්නේ නැහැ. 

සමහර අය බොහෝ අයට බොහෝ මව්කිරි කාන්දුවීම නිසා අපහසුතාවයට පත්වීමට සිදුවෙන්න පුළුවන්.

ඒ සදහා බ්‍රා සහ පියයුරු පෑඩ් පැළඳීමට පුළුවන්. ඔබ මව්කිරි නොදෙන්නේ නම්  මෙය සිදුනොවන නමුත් ක්‍රියාශීලීව දරුවකුට මව්කිරි දෙන කාන්තාවන් තුළ මෙය බහුලව දක්නට ලැබෙනවා.

කාන්දු වන පියයුරු පාලනය කර තබා ගන්න.

උපත් පාලනය අමතක නොකරන්න

සීසේරින් සැත්කමකට පසු ලිංගිකව එකතුවෙන්න පුළුවන් කවදාද?

දරුවෙකු ලැබීම නිසා ගැබ් ගැනීමෙන් ඔබව ආරක්ෂා නොවේ. ඔබට සීසේරියන් සැත්කමක් කර තිබේ නම් මෙය බොහෝ දුරට සිදුවෙන්න පුළුවන්.

ඔබට තවමත් ඔබේ ඔසප්වීම සිදුනොවුවද ඔබේ  ඩිම්බ මෝචනය සිදුවෙන්න පුළුවන්. උපත් පාලනය ඉතා වැදගත් වන්නේ මේ නිසා යි.

ඔබගේ සති 6 කට පසු වෛද්‍යවරයා මුණගැසුන විට උපත් පාලනය පිළිබඳ හොඳම ආකාරය ගැන උපදෙස් ලබාගන්න. 

දරු ප්‍රසුතියෙන් පසු ලිංගික එක්වීම සඳහා කාලය සහ ඉවසීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න.

ඔබ ලිංගික ජිවිතය නැවත ආරම්භ කල පසු වේදනාව හෝ ලේ ගැලීම වැනි අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ටිකක් විවෘතව කතා කරන්න මැලි වෙන මාතෘකාවක් වුනත් දරු ප්‍රසුතියෙන් පසු ලිංගික එක්වීම ගැන බොහෝ දෙනෙක්ට ගැටලු බොහොමයක් තියෙනවා.

ඒ නිසාම ඒ ආශ්‍රිත ලිපියක් ඇසුරෙන් ගෙන ආ තොරතුරු ඔබට යම්කිසි අත්වැලක් වේවි කියා අපි හිතනවා.

මුලාශ්‍ර - www.verywellfamily.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

nimnadhi

කතන්දර ලිපි