theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

5 අවම කියවීම
බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයිබිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

ලිංගිකව එක්වීම මහන්සිය නිසා බිරිඳ ප්‍රතික්ෂේප කෙරූ තරහට බිළිඳු පුතා මරා දැමූ තාත්තා

ගැබ් ගැනීම, දරු ප්‍රසූතිය සහ දරුවෙකු රැකබලා ගැනීම කියන්නේ වෙහෙසකර කටටයුතු සම්භාරයක්. මේ හේතුව නිසාම, අළුත් මව්වරුන් බ්ඳොහ්හෝ දෙනෙක්, ගැබ් ගැනීමෙන් පසුව – ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම – අවම වශයෙන් ටික කාලයකට හෝ කල් දැමීම පුදුමයට කාරණාවක් නොවේ.

කාන්තාවන් හෙම්බත් වන්නේ දරුවෙකු රැකබලා ගැනීමෙන් දැනෙන වෙහෙස නිසා පමණක් නොවේ.

ඇයගේ ශරීරයේ උච්චාවචනය වන, වෙනස්වන හෝමෝන ද ඇගේ ලිංගික ආශාවන් විනාශ කිරීමට බලපාන ප්‍රධාන සාධක වලට අයත්.

මෙම ක්‍රියාවලිය බොහෝ පියවරුන් තේරුම් ගන්නවා. නමුත් ඒ අතර ඊට හාත්පසින් වෙනස් මෙවන් පියවරුන්ද ඉන්නා බවට පසක් වනවා.

තම බිරිඳ ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කිරීම නිදහසට කරුණක් කරගෙන,  තම අසරණ අහිංසක ඝාතනය කිරීමට පවා සමත් පියවරුන් ඉන්න බව කණගාටුවට කරුණක්.

no sex after pregnancy

අළුත් මවක් සඳහා, ගැබ් ගැනීමෙන් පසු යම් කාලයක් යන තුරු ලිංගිකව හැසිරීමෙන් වැළකීම අසාමාන්‍ය දෙයක් නොවේ. අළුත් පියවරුන් මෙය තේරුම් ගත යුතුයි.

ඒ අවාසනාවන්ත රාත්‍රිය සිදුවූයේ කුමක්ද?

මාස හයක් වයසැති තම බිළිඳු පුතු ඝාතනය කළ තරුණ පියා ගැන වාර්තා පළ වී තිබුනා. ඒ සියල්ල සිදුවීමට හේතුව ඔහුගේ බිරිඳ ඔහු සමඟ ලිංගිකව හැසිරීම ප්‍රතික්ෂේප කළ නිසා බවයි.

මේ සාහසික, කම්පනසහගත අපරාධය සම්බන්ධයෙන් විසිපස් හැවිරිදි බ්‍රසීල ජාතික මේකන් සලුස්ටියානෝ සිල්වා පසුගිය දිනක අත්අඩංගුවට ගනු ලැබුවා.

බ්‍රසීලයේ ලුසියානියාවේදී ඔහුගේ 20 හැවිරිදි බිරිඳ ජෙනිෆර් සමඟ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහුගේම දරුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

තම පියාගෙන් එල්ල වූ ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබූ බිළිඳාව පැය දෙකකට පසුව රෝහලට ගෙන එන ලද බව වාර්තා වනවා.

කනගාටුවට කරුණක් නම්, එය ප්‍රමාද වැඩි ව්යී තිබීමයි. පිරිමි දරුවා මියගිය බව ප්‍රකාශ වුණා.

පවුලේ විසිත්ත කාමරයේ තිබී සොයාගත් සෝෆා පෑඩින් පිටුපස තිබී වෙඩි උණ්ඩ කිහිපයක් සහිත .22 පිස්තෝලයක් සඟවා ඇති බව පරීක්ෂණවලින් හෙළි වුණා.

තමා මත්පැන් පානය කර මරිජුවානා පානය කරන බව ප්‍රකාශ කළ සිල්වා, “සිදුවූ දේ තමාට මතක නැති” බව ප්‍රකාශ කළේය.

විමර්ශකයින් සිතන දේ

මෙම නඩුව භාරව සිටින්නේ රහස් පරීක්ෂක ඩැනියෙල් මාටින් ෆෙරෙයිරායි. ඩේවිඩ්ට අනුව, මාස හයක් වයසැති මයිකල්ට, කෝපය පාලනය කරගැනීමට නොහැකි වූ සිල්වා වෙඩි තැබූ බවට පොලිසිය සැක කඛා.

“සැකකරු, ඔහුට අවශ්‍ය දේ නොලැබුණු මොහොතක, දෙමව්පියන්ගේ නිදන කාමරයේ යහනේ නිදා සිටි පුංචි පුතාගේ පපු ප්‍රදේශයට. කෙලින්ම වෙඩි පහර එල්ල කර වෙඩි තැබුවේය” යනුවෙන් ෆෙරෙයිරා පැහැදිලි කළේය.

කෝපය

ඔහු තවදුරටත් විස්තර කළේ, “තම ස්වාමිපුරුෂයා ඇයව අවදි කර ඔහු සමඟ ලිංගිකව හැසිරීමට පෙරැත්ත කෙරූ බව සිල්වාගේ බිරිඳ වාර්තා කළ බවයි.

ඇය වෙහෙසට පත්ව සිටින බැවින් එයට ‘අකමැති බව’ ප්‍රකාශ කළ බවත්‍  ය. ”

ඔවුන්ගේ ගැටුමෙන් අඩක් පමණ ගෙවී ගිය පසු, සිල්වා වතුර ලබා ගැනීම සඳහා පිටත්ව ගිය බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඔහු ආපසු පැමිණ තිබුනේ තුවක්කුවක් අතැතිවයි.

ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම

ඇය මරා දමන බවට ඔහු තර්ජනය කළේය. ජෙනිෆර් සිල්වාට අයාචනා කර සන්සුන් වන ලෙස ඉල්ලා සිටියාය. එහෙත්,  සිල්වාගේ කෝපය වඩ වඩාත් තියුණු වන්නට විය.

රහස් පරීක්ෂක ෆෙරෙයිරාට අනුව, ජෙනිෆර් “තම පුතුගේ පපු ප්‍රදේශයට තුවක්කුව දිගු කරමින් ඇගෙන් ඇසුවේ,. ඔහුට දරුවාට වෙඩි තැබීමට ධෛර්යයක් ඇතැයි ඇය විශ්වාස කරන්නේද යන බවයි.

එසේ කෑ ගසමින් ඔහු දරුවාට වෙඩි තැබූ බව කියැවෙනවා.”

අසල්වැසියන්ගෙන් ලැබෙන වාර්තා 

අලුයම 1.30 ට ජෙනිෆර්ගේ කෑගැසීම ඇසීමෙන් අසල්වාසීන් පොලීසිය ඇමතූ අවස්ථාවේදී ඒ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අදාළ යුවළගේ නිශ්චිත නිවස සොයා ගැනීමට පොලිසියට නොහැකි වූ බැවින්අ, සෙවීම අවලංගු කරන්නට තීරණය කර ඇත.

නිර්නාමිකව සිටීමට කැමති අසල්වැසියෙක් පවසා තිබුනේ, ශබ්දය හදිසියේම නතර වූ බවයි.

“ඇය (මව) හොඳටම ව්‍යාකූලවත් තැති ගෙනත් සිටි බව වාර්තා වනවා. ඇය දිගින් දිගටම කෑගසමින් සහ උපකාර ඉල්ලා සිටියා.

ක්ෂණයකින්, සියළු ශබ්ධ හදිසියේම නැවතුණා. සියල්ල නිහඬ වුනා” යනුවෙන් අසල්වැසියා පැවසීය.

පොලිසියට දැනුම් දී පැය දෙකකට පමණ පසු ගිලන් රථයක් පවුලේ නිවසට පැමිණුනා.

“දරුවා වෙනුවෙන් ගිලන් ටථය කැඳවීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයිදැයි අපි නොදනිමු. නමුත් වෙඩි තැබීමෙන් පසු මවට කලාන්තය  ඇති වූ බවත්, කොපමණ කාලයක් ඇයට සිහි ණතිව සිටියාදැයි නොදන්නා බවත් මියගිය දරුවාගේ මව පැවසූවා.”

“ජෙනිෆර් පැවසුවේ ඇය කෑගැසූ බව ඇයට මතක නැති බවත්, ඇය කම්පනයකට පත්ව සිටින්නට ඇති බව ඇය විශ්වාස කරන බවත්‍ ය.

ඇයට සිහිය ආ පසු ඇය වටා සිදු වූ දේ වටහාගෙන හදිසි සේවා කැඳවූ නමුත් ඇගේ දරුවා ඒ වන විටත් මිය ගොස් සිටියා” ඔහු වාර්තා කලා.

පුංචි මයිකල් ඔවුන්ගේ පළමු දරුවා වුණා.

මින් පෙර අපරාධ වාර්තාවක් නොමැති සිල්වා අත්අඩංගුවට ගෙන මිනීමැරීම සහ නීති විරෝධී ලෙස ආයුධයක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ගැබ්ගැනීමෙන් පසු ලිංගික ආශ්‍රය එපා: ඇලුත් මවකගේ ඉදිරි දර්ශනයක් ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම

මෙම ලිපියේ ආරම්භයේදීම පැවසූ පරිදි, දරුවෙකුගේ උපත මගින් කාන්තාවකගේ චිත්තවේගීය, . ශාරීරික හා හෝමෝන වෙනස්කම් පෙන්නුම් කරයි.

මේ සියල්ල සමඟ මුසු වූ ශාරීරික වේදනාව, මැහුම් සුව වන තුරු ශාරීරික වේදනාව (සහ වෙනත්ත) එකට සංයෝජනය වීමෙන් සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ ලිංගික ආශාව නැති වී යනවා.

සමහර කාන්තාවන්ට මෙම ලිංගික උද්දීපනය හීන වීම පවතිනුයේ සති කිහිපයක් පමණි.

තවත් සමහරු එය වසර ගණනාවක් තිස්සේ අත්විඳිති. එය සාමාන්‍ය දෙයකි. පියවරුන් මෙය තේරුම් ගත යුතුයි.

අළුත් මවක් සඳහා ලිංගිකව හැසිරීම පහත හේතූන් නිසා වේදනාකාරී විය හැකි බව ඔවුන් තේරුම් ගත යුතුය.ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම

  • යෝනි වියලි බව
  • වේදනාකාරී විනිවිද යාම
  • ලිංගික සංසර්ගය අතරතුර වේදනාව
  • ඉන්ද්‍රිය ගෝචර වේදනාව
  • යෝනි තද බව
  • යෝනි ලිහිල් බව
  • ලිංගිකව එක්වීමෙන් පසු ලේ ගැලීම හෝ යෝනි ප්‍රදේශයෙ වේදනාව හෝ කැසීම

කුඩා දරුවෙකුගේ මරණය මේ පිළිබඳ ඛේදජනක ආරංචියත් සමඟම, නව මව්වරුන් මුහුණ දෙන පශ්චාත් ප්‍රසව ගැටළු පිළිබඳව වැඩි දැනුවත් කිරීමක් අවශ්‍ය බව පැහැදිලිය. නව තාත්තලා අතර ද මෙම දැනුවත්භාවය ඇති කළ යුතුය.

මූලාශ්‍ර: Journal of Family Health, Mirror

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි
බෙදාගන්න :
  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

    අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

    ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

  • අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

    අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it