දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව හැසිරුණේ කෙසේදැයි නිවුන් දරුවන්ගේ පියා පවසයි

දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව හැසිරුණේ කෙසේදැයි නිවුන් දරුවන්ගේ පියා පවසයි

දරු ප්‍රසූතියෙන් පසු පිරිමි ලිංගික සතුට, ඔබට සහ ඔබේ සහකරුට නැවත නැවතත් අමුතු හැඟීමක් ඇති කළ හැකිය. තාත්තා, ඉයන්, මේ සමීප අත්දැකීම් සියල්ල බෙදා ගනී.

දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව හැසිරීම ඔබේ සහකරුට දැනෙන්නේ කෙසේදැයි ඔබ කී දෙනෙක් කල්පනා කර තිබේද? පිරිමි ලිංගික සතුට, ඇත්තටම එහි අලුත් වෙනස් කම්, ගොඩක් වෙලාවට දරුවන් ලැබුණු පසු කතා කිරීමට මඟ හැරෙන දෙයක්.

ඔව්, අපි කවුරුත් විශ්වාස කරනවා ඔහු ඉතා කෘතඥ වන බව. නමුත් එය පමණක් ම ද සිතිය යුත්තේ?

මක්නිසාද යත්, අප අප සමඟත්, අපගේ ශරීරත් සමඟත්, හෝමෝන නිසා අපට ඇතිවන චිත්තාවේග ගැනත් ඔවුන් පරෙස්සම් විය යුතු බව අප දන්නවා.

එබැවින්, අපගේ කුතුහලය සංසිඳුවීමේ උවමනාව මත, මම පියෙකු වෙත ගොස් ඔබ වෙනුවෙන් වඩාත් අමුතු යැයි හැඟෙන ප්‍රශ්න ඇසුවෙමි.

මා වඩාත් හොඳින් අරමුණ ඉටුකරගත් බව තහවුරු කර ගැනීම සඳහා, මම නිවුන් දරුවන් ලද පියෙක් මේ සඳහා තෝරා ගතිමි.

පිරිමි ලිංගික සතුට

පිරිමි ලිංගික සතුට : නිවුන් දරුවන්ගේ පියෙක් උපතින් පසු ලිංගිකත්වය කෙබඳු වේදැයි අවංකව පැහැදිලි කර ඇත.

නෝනාවරුනි, මේ සහන් ගේ අත්දැකීමයි!!

සහන් සහ ශානිකා නිවුන් දරුවන් ලද පසු නැවත ලිංගිකව හැසිරීමට මාස තුනක් පමණ බලා සිටියහ. එය හරියටම සරාගී ලෙස නොවූවත්, එය යුවළට අවශ්‍ය යැයි හැඟුණු දෙයක් වූ අතර ඒ සඳහා දෙදෙනාම සූදානම්ව සිටියහ.

සහන් පවසන ආකාරයට, ශානිකාට නම් මෙම අත්දැකීම “ජීව විද්‍යාත්මක ප්‍රතිපෝෂණයක්” බව විස්තර කරයි.

එය ඇගේ ශරීරයේ සීමාවන් පරීක්ෂා කිරීම, ඇයට කළ හැකි හා කළ නොහැකි දේ දැන ගැනීමේ සහ තක්සේරු කිරීමේ මාධ්‍යයකි.

“අපි ගොඩක් වෙහෙසට පත් වෙන්න ඇති. දරුවන් ලබන්නට පෙර මෙන් රළු, ලිංගික ඇසුරක් ලෙස පැය තුනක් හෝ හතරක් ගත කිරීමට ලද කාලය මෙන් නොවේ – එය ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. ඇය තවමත් වේදනාවෙන් හා සැකයෙන් යුක්ත යි. (නිවුන් දරුවන් ලැබීමෙන් පසු ලිංගිකව හැසිරීමේ විපාක ඇගේ මනසෙහි තිබී ඇත) මට අවශ්‍ය වූයේ ඉතා පරිස්සම් වීමයි. ”

පිරිමි ලිංගික සතුට: ඉතින්… එදා ඇත්තටම මොන වගේද?

හරි, පැහැදිලිව කිවහොත්, එය හරියටම විනෝදජනක ලිංගික එක්වීමක් නොවේ.  මෙවැනි අවස්තාවක සම්බන්ධ වන කිසිවෙකු එය එසේ වේ යැයි බලාපොරොත්තු නොවේ.

ඒ වෙනුවට අත්දැකීම් වෙනස් ආකාරයෙන් වර්ණවත් කරන ප්‍රවේශම්කාරී ගතියක් සහ මෘදු බවක් තිබුණි.

“මට ඕන වුණේ හරිම මෘදු වෙන්න. ඒ වගේම මම – තරමක් ලජ්ජා සහගත තත්වයකට පවා පත්වුණා, ”ඔහු සිහිපත් කරයි. “මම උත්සාහ කළේ ඇයට හානියක් නොවන ලෙසට හැසිරෙන්නයි.

ඇයට කළ හැකි හා කළ නොහැකි දේවල් තිබුණි. නිදසුනක් ලෙස පියයුරු සම්පූර්ණයෙන්ම සීමාවෙන් ඔබ්බට ගොස් ඇත, එබැවින් අපි මීට පෙර ලිංගිකව හැසිරෙන විට යා යුතු පළමු ස්ථානය නොවිය යුතු සිරුරේ වෙනත් ප්‍රදේශ ගැන සිතීමට උත්සාහ කිරීම.

ඇගේ පියයුරු දෙපසින්, ඉළ ඇට වටා, ඇගේ පහළ පිටුපසට හා ඉණ වටා. අපි ඒ වන විට මුඛ ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ; ගොඩක් ස්පර්ශ කිරීම් තමයි සිදු කළේ. ”

තමාට අවදි බවක් දැනෙද්දී, අතිශයින්ම පරෙස්සම් වීම නිසා ඔහු අත්දැකීම් දෙස බ්වැලුවේද පරිස්සම් සහගත ලෙස වීම සහන් සිහිපත් කරයි.

එය තරමක් විහිලු සහගත වුණු බව සහන් මතක් කළා. ඇගේ පියයුරු වලින් කිරි විදීමට පවා පටන් ගත්තා. එය ටිකක් කාමුක යැයි මම සිතුවත් (ඇය ට එසේ නොවිණි!), එයද එක්තරා ආකාරයකින් විනෝදජනක විය – ඔබ කාමුක හැඟීම් ඇති කර ගැනීමට උත්සාහ කරන අතරතුර කිරි ඇසට වැටීමක් බඳුයි.”

පිරිමි ලිංගික සතුට

එහි (ඇගේ රහස්‍ය ප්‍රදේශයේ) ඇති වෙනස ඔබ සිතන දේ නොවේ

ශානිකා තුළ සිටියදී ඔහුට දැනුණු සුළු වෙනස ගැන සහන් පුදුමයට පත්වුණා. “මාර්ගය වඩාත් පුළුල් වනු ඇතැයි මම සිතුවෙමි, නමුත් ප්‍රතිරෝධයේ ප්‍රමාණය ගැන මා පුදුමයට පත් වූ බව මට මතකයි.”

“එය වෙනස් වී තිබුණා. නිවුන් දරුවන් ළද පසු වසරක් පමණ යනකල් එය යථා තත්ත්වයට පත්ව ඇතැයි මම නොසිතමි.

ඇය තුළ සිටීම, ඇගේ යෝනි මාර්ගය පිළිබඳ හැඟීම, එය හරියටම විස්තර කරන්නේ කෙසේදැයි මම නොදනිමි.

යම් ආකාරයක වෙනසක් සිදුවී ඇති බවක් නිසැකවම දැනේ. හරියට මාංශ පේශීන් වෙනස් ව ඇත්තාක් මෙන්.

පිරිමි ලිංගික සතුට: යන්නට පෙර ඥානවන්ත වදනක් කිව හැකි ද?

පුරුෂයින්ගේ ලිංගික අවශ්‍යතා සම්බන්ධයෙන් ආත්මාර්ථකාමී නොවීම දුෂ්කර බව සහන් දනී.

නමුත් මේ වගේ අත්දැකීම් නිසා ඔහු විශ්වාස කරන්නේ පිරිමින්ට සැබවින්ම වර්ධනය වීමට ඉඩ දිය යුතු බවයි.

“ඔබේ පුරුෂයාට දරුවෙකු ලැබීමෙන් පසු ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ගැන ඉවසීමක් නොමැති නම් ඔහු තරමක් අසතුටට පත්වනු ඇත.

නමුත් ඔහුගේ සහකාරිය ගේ අවශ්‍යතා සහ දරුවන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට ඉගෙන ගත හැකි නම්, අනාගතයේදී ඔහුගේ පෞද්ගලික සතුට බොහෝ සෙයින් වැඩි වනු ඇත.

දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව හැසිරුණේ කෙසේදැයි නිවුන් දරුවන්ගේ පියා පවසයි

“කිසිවක් විනිශ්චය නොකරන්න,” ඔහු පවසයි. “ඔබට ඔබේ ශරීරය හෝ සහකරු හෝ ඔබට හැඟෙන ආකාරය හෝ සිදුවීමට යන්නේ කුමක්ද යන්න විනිශ්චය කළ නොහැක.

නම් ගම් මනංකල්පිතය.

මූලාශ්‍ර: KidSpot

පරිවර්තනය: බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

bosandun

කතන්දර ලිපි