ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

"ඊයේ රෑ මා සිහිනෙන් ඔහු හා ලිංගිකව හැසිරුණා... කාටත් කියන්නත් බෑ ලැජ්ජයි." මේ ඔබේ කතාවද?

ඔබ රෑ මැද්දේ අවදි වන්නේ සුරාන්තයක් අත්දකිමින්. ඔබේ රහස් ප්‍රදේශයත් තෙත් වෙලා. ඔබේ සිත තැති ගෙන ව්‍යාකූ වෙලා. මුලා වුනු තරමක නොමඟ ගිය බවකුත් දැනෙනවා වගෙයි. සිහිනයක් කියා හිතාගන්නවත් බැරි ලිංගික සිහින මොනවාදැය් බලමු

ඔබ සිතුවේ ඒ ඔබේ සැමියා කියායි. නමුත් ඔබ දකින්නේ අනෙක් පස හැරී ගොරවමින් නිදන ඔබේ සැමියාවයි.

මොහොතක් අරන් සිත එකලස් කරන්නට ඔබ උත්සාහ කරන්නේ වුනණේ මොනවාදැයි සිතාගන්නටත් බැරිවයි.

දැන් සිතට වරදකරුවකු වූවා වැනි හැඟීමකුත් මුසු වනවා.

“මගේ කලින් පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙනවා මා දුටුවේ ඇයි?” “මම සතුටින් විවාහය ගත කරනවා.

මොකද්ද මේ මා සිහිනෙන් දකින ලිංගික හැසිරීම් වල තේරුම?”

රිසි සේ රස විඳි අපූරු ලිංගික අත්දැකීමක් ඔබ සිහිනෙන් ලැබුවත්, වරදක් කලා යයි පසුබට වන්නට අවශ්‍ය නැහැ. ඔබ වරදක් කර නැහැ.

ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක ලිපි 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති ආචාර්ය ආචාර්ය ඩෙබී හර්බනික් පවසන්නේ මෙය සාමාන්‍ය දෙයක් බවයි.මෙවැනි සිහින සඳහා හේතු තිබෙනවා.

ලිංගික සිහින වල තේරුම: විශේෂඥයින් විසින් පැහැදිලි කරන ලද වඩාත් පොදු හේතු 6ක්

#1 සමලිංගික හවුල්කරුවන්ගේ සිහින

ලිංගික සිහින

ඡායාරූප| Pixabay

නැත, ඔබ ලිංගිකව ව්‍යාකූලත්වයකට පත් වෙලා නැහැ. වෛද්‍ය හර්බනික් පවසන පරිදි ඇත්ත වශයෙන්ම මෙවන් සිහින බොහෝ අය විසින් බහුලව දකිනවා.

ඔබ සෘජු පුද්ගලයෙක් වුවත් ජීවිතයේ යම් අවස්ථාවක වෙනත් කාන්තාවක් සමඟ ලිංගිකව හැසිරෙන සිහින දකින්නට පුළුවන්.

මෙය සිදුවීමට එක් හේතුවක් වන්නේ කාන්තාවන් දෙදෙනෙකු රමණයේ යෙදීම වඩාත් උණුසුම් යැයි විශ්වාසයක් පොදුවේ මිනිසුන්  හට තිබෙන නිසායි.

නමුත් මේ අවස්ථාවේ දී, විෂමලිංගික කාන්තාවක් සමලිංගික හවුල්කරුවන් ගැන සිහින දකින විට, එයින් පෙන්වන්නේ ඔබ මානසිකව ශක්තිමත් කාන්තා ඇසුරක සිටින බවට ප්‍රකාශනයකි.

ඒ ඔබේ මිතුරියක් සමඟ සමීප බැඳීමක් බෙදා ගැනීමද වන්නට පුළුවන්.

මේනිසා, ඔවුන් චිත්‍රපටිවල ඔබ දකින දේ මෙන් නොව, ඔබේ සමීපතම මිතුරිය සමඟ ලිංගිකව හැසිරෙනවා සිහිනෙන් දැකීම, ඔබේ ලිංගිකත්වය ගැන කිසිවක් පවසන බව අදහස් කළ නොහැකිය.

#2 Sex Dreams with Your Ex

ලිංගික සිහින

ඡායාරූප | Pixabay

කාලයක් ගතවී ඇත. නමුත් ඔබේ ශරීරය තවමත් ඔහුව මතකයේ තබාගෙන ඇත්තේ ඇයි? නැවතත්, මෙය සාමාන්‍ය දෙයක් බව ආචාර්ය හර්බනික් පවසයි.

වසර ගණනාවක් ගත වූ පසුත්, පවුල් පන්සල් වී ජීවිතය ගොඩනගාගෙන සිටියද, කාන්තාවන් අතීත පෙම්වතුන් ගැන සිහින දැකීම අසාමාන්‍ය දෙයක් නොවේ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඔහු තවමත් ඔබේ හදවතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නොමැති බවද? ආචාර්ය හර්බනික් පවසන පරිදි, මෙයින් අදහස් කරන්නේ ඔබ තවමත් ඔහුට ආදරය කරන බව නොවෙයි.

සිදුවන්නේ ඔබගේ මොළය පැරණි මතකයන් ආවර්ජනය කිරීමක් පමණයි.

ඒ ඈත අතීතයේ රසවත් මතකයන් අල්ප මාත්‍රයක් හෝ ඔබේ හදවතේ කොතැනක හෝ ගබඩා කර ඇති අතර ඒවායින් සිහින හරහා ආදර හැඟීම් සහ උද්දීපනයන් ඇති කළ හැකියි.

කෙසේ වෙතත්, තවත් විශේෂඥයෙකු දරන්නේ මේ පිළිබඳව වෙනස් මතයක්. මනෝචිකිත්සක සහ ආචාර්ය රොමැන්ස්, ටීනා බී. ටෙසිනා, පීඑච්ඩී සිතන්නේ මෙය යම් රතු කොඩියක් අදහස් කළ හැකි බවයි.

වර්තමාන අත්දැකීමක් ඔබගේ අතීතය ඔබට මතක් කර ඇති බවක් හෝ සමහර විට ඔබ එම අත්දැකීමෙන් ඔබ යමක් තේරුම් ගැනීමට උත්සාහ කරන බවක් එයින් අදහස් විය හැකිය.

සම්බන්ධතාවය දෙකඩ වූයේ මන්දැයි ඔබේ හිසෙහි අනතුරු ඇඟවීමේ සංඟා වැන්නක් විය හැකි බවයි.

නමුත් කුතුහලයෙන් වුවත් මෙම සිහින වලට ඔබව කිසියම් හෝ ගොදුරක් කරගන්නට ඉඩ දෙන්න ඒපා!

#3 මනංකල්පිත කෙනෙකු හා සම්බන්ධ ලිංගික සිහින!

ලිංගික සිහින

ඡායාරූප | Pixabay

‘දෙවියනේ මේ කවුද? මේ මොකද වෙන්නෙ?’ ඔබ හිතනවා ඇති! නමුත් ආචාර්ය හර්බනික් පවසන්නේ ඔබ සැබවින්ම පිළිකුල් කරන පුද්ගලයින් සමඟ වුවද මෙය සිදුවිය හැකි බවයි.

ඇයට අනුව, ලිංගික හැඟීම් විවිධාකාර චිත්තවේගයන්ගෙන් ඇවිලෙන්නට පුළුවන් (කෝපය ඇතුළුව) එය එක්තරා ආකාරයක ආශාවක්.

මෙම අර්ථයෙන් ලිංගික සිහින වල අර්ථය විස්තර කළ හැකි තවත් ක්‍රමයක් නම් සැබෑ ජීවිතයේ දී මෙම පුද්ගලයා කෙරෙහි සැබෑ කෝපය දැක්වීම බව වෛද්‍ය ටෙසිනා පවසනවා.

එමනිසා සිහිනය මගින් ඔබට තිත්ත බවක් ඇති කළත් දවස අවසානයේදී එය තවමත් සිහිනයක්ම විතරයි.

එය බියකරු සිහිනයක් යැයි සිතා අමතක කර දමන්න.

#4 ඔබේ මිතුරාගේ ස්වාමිපුරුෂයා හා සම්බන්ධ ලිංගික සිහින

meaning of sex dreams

ඡායාරූප | Pixabay

ඔබේ හොඳම මිතුරාට රිදවීමට ඔබේ හිතක කොනක හෝ අදහසක් නැතිව ඇති. ඒ නිසා ඔබ මේ ආකාරයේ සිහින දකින්නේ ඇයි?

මේ වගේ ලිංගික සිහින වල තේරුම කුමක්ද? එහිදී ඔබ ඔබේ ස්වාමිපුරුෂයාට වංචා කරන අතර ඔබේ හොඳම මිතුරාටත් ද්‍රෝහි වනවා!

ආචාර්ය ටෙසිනා සිතන්නේ මෙය හුදෙක් අහිංසක කුතුහලය නිසා යටි මනසේ උත්පාදනය වන හැඟීමක් නිසා පමණක් වන බවයි.

එබැවින් එය තහනම්, වැරදිසහගත දෙයක් වුවත්, ඉන් ඔබට ලිංගික උද්දීපනයක් ඇති කලා විය හැකියි. මේ නිසා සිත විශාල ලෙස ව්‍යාකූල කළ හැකියි.

නමුත් ඔබගේ ලිංගික ජීවිතය පරීක්ෂා කර බලන්න මෙය අවස්ථාවක් විය හැකියි. ඇතැම් විට ඔබේ ලිංගික ජීවිතය අඩපණ වී ඇති. එයට නැවුම් බවක් එක් කරන්නට කාලය දැන් වෙන්නට පුළුවන.

#5 ඔබේ ස්වාමිපුරුෂයා සමඟ ලිංගික සිහින දකින නමුත් වෙනස් කටහඬක්/ශරීරයක්/මුහුණක් සමඟ විය හැකියි

meaning of sex dreams

ඡායාරූප | Pixabay

ඔබ එක් වී සිටින්නේ ඔබේ ස්වාමිපුරුෂයා සමඟ බව ඔබට විශ්වාසයි. නමුත් හදිසියේම ඔබට දැනෙන්නේ ඔහු මනා පෞරුෂයකින් යුත්, කටහඬ ගැඹුරු වූ වඩාත් සරාගී වී ඇති පුද්ගලයෙක් වී ඇති සෙයකි. මෙයින් අදහස් කරන්නේ ඔබට ඔහුව එපා වී ඇති බවක්ද?

ආචාර්ය හර්බනික් පවසන පරිදි, මෙය සම්බන්ධතාවයක වැඩි කුතුහලයක අවශ්‍යතාවය සංඟා කළ හැකි බවයි. මෙතරම් කාලයක් එකට සිටීමෙන් පසුව, සමහර විට සහකරුවන්ගේ ඒකාකාරී බව නිසා එකිනෙකා සමඟ උදාසීන වී ඇති. එකිනෙකාව ඇති තරම් දන්නා බව නිසා එකිනෙකා උත්තේජනය කරන්නට උනන්දුවක් නොදක්වති. මේ නිසා සම්බන්ධතාවයද හීනවී යනු ඇත.

ඔබ දෙදෙනාම ජීවිතය, සිහින හා ආශාවන් ගැන අවසන් වරට කතා කළේ කවදාද? මතක මංතීරුව දිගේ ඇවිදගෙන ගොස් නැවත එකිනෙකා සොයා නොගන්නේ ඇයි?

#6 ඔබේ සිහින කුමරා සමඟ ලිංගිකව හැසිරීම

ලිංගික සිහින

තමගේම කරගෙන ආදරයෙන් බැඳී සල්මන් කාන් සමඟ ඇලී ගැලී එකතු වෙන්න කවුද අකමැති?

අඩුම තරමින් සිහිනෙන් හෝ ඔබ සිතූ පැතූ ධනය පෞරුෂය තිබෙන ඔහු හා ඇති තරම් ඔබේ සියල්ල දෙන්න ඇතිනම් කෙතරම් අගනේද?

එය ඔබගේ සිහිනය තුළ කෙතරම් පරිපූර්ණද කියනවා නම් ඔබ යථාර්ථයට අවදි වන විට සිහින ලෝකයකින් පියවි ලොවට පොල්ලෙන් ගැසුවා සේ ආවා වගේ වෙන්නට අති.

ඉතින් ඔබේ මන්ංකල්පිත කුමාරයා සමඟ ලිංගිකව එක්වන සිහින වල තේරුම කුමක්ද?

ඔබගේ සැබෑ ජීවිත සම්බන්ධතාවයේ යමක් නැති වී ඇති බවට ඔබේ සිහිනය ඔබව සංඟා කරනවා වන්නට පුළුවන්.

සහකරුවන් බොහෝ විට ලිංගික සම්බන්ධකම් වල මානසික, හැඟීම් හා චිත්තවේගීය පැතිකඩ නොසළකා හරිනවා.

ඔබ දකින මෙවන් සිහින වලින් කෙරෙන විශාල මෙහෙවරක් වන්නේ  ඔබව යථාර්ථයෙන් තාවකාලිකව හෝ ගලවාගැනීමයි. මේ නිසා දෙදෙනා එකමුතුව මේ සුන්දර සිහින යථාර්ථයක් බවට පත් කරන්නට ක්‍රියා කරන්න.

 

මූලාශ්‍ර: The Jung Page, Psychology Today

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි